ආණ්ඩුවේ සේනානායක හෙට එජාපයට !
ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා හෙට (27) එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට නියමිත බවට තොරතුරු වාර්තා වී ඇතැයි ආණ්ඩුවේ අමාත්‍යවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය. හෙට දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කර තමා ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් බව සේනානායක මන්ත්‍රීවරයා ඔහුගේ සමීපතම මිතුරන් හට පවසා ඇතැයි ද එම ඇමතිවරයා කියා සිටියේය.
ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබදව වසන්ත සේනානායක මහතාගෙන් පසුගියදා මාධ්‍ය කළ විමසීමකදී ඔහු පැවසූවේ මේ දක්වා ආණ්ඩුවෙන් ඉවත් වීමට තමන් තීරණය කර නැති මුත්, සන්ධාන නායකයන්ගේ ක්‍රියාකලාපය විසින් තමන් එතනට තල්ලු කළ හොත් නිසි පියවරක් ගැනීමට සිදු වන බවයි.
ශ්‍රිලනිපය සුරැකීමේ සංවිධානය :
අතර දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අය වැය විවාදය සිදුවන ඉදිරි සති කිහිපයේදී පියවරෙන් පියවරට ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ද ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
ශ්‍රිලනිපයෙන් ඉවත්වන එම මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට එක් නොවී 'ශ්‍රිලනිපය සුරැකීමේ සංවිධානය' ලෙස ස්වාධීනව කටයුතු කිරීමට තිරණය කර තිබේ. ශ්‍රීලනිප මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන් සැදුම්ලත් එම සංවිධානය මේවනවිට රහසිගතව ක්‍රියාත්මකවේ.

venava mcn
මූයි රුවන් විජේවර්ධනයි පහුගිය කාලෙක ඔය ඩී.ඇස් ගේ නෑකම බේරගන්න බැරිව වලියක් දා ගත්තා නේද?