ආණ්ඩුව ගෙන යන ආකාරය ගැන තෘප්තිමත් ද ...???

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඒත් මං ආසම එක තමයි අර බුර්කාව ගලෝලා ඔක්කොම මුස්ලිං ගෑනුන්ට ලමාසාරි අඳින්න වැඩේ සෙට් කරපු එක
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    TNA එක නම් ගිය ආණ්ඩුවේ හිටියේ නෑ නේද මම දන්න විදිහට නම් ...??
    යහපාලන ආණ්ඩුවට කලින් තිබ්බ ආණ්ඩුවෙත් බදියුදීන්ලා හකීම්ලා හිටියනේ මචන්..ඒ කාලේ උන් සම්බන්ධ කරගෙන ආණ්ඩු හදපු ඒවත් විවේචනය කරන්න ඔනි එහෙම බැලුවොත්..මොකද ඒ කාලේ තමයි බදියුදීන් උසාවි වලට ගල් ගහලා නිදහසේ ගිය කාලේ..ඒ කාලෙ තමයි නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය හරහා විල්පත්තුවේ ජනාවාස ඇති කලේ..හකීම් අධිකරණ ඇමති විදිහට මුස්ලිම් උන්ව වැඩියෙන් ලෝ කොලේජ් යැව්වේ..

    මම නම් හිතන්නේ නෑ මේ අන්ඩුවෙන් උනත් ආපහු රිෂාඩ්ව හිර කරන්න හදයි කියලා..මුස්ලිම් උන්ව වලලන්න දෙන්න ගියපු ආන්ඩුවනේ..

    මම දුන්නේ මහේෂ් සේනානායකට මචන්..මම දන්නවා ඌ දිනන්නේ නෑ කියලා..ඒ උනාට ප්‍රධාන දේශපාලම ප්‍රවාහයන් දෙකම එපා කියලා මතයක හිටපු නිසා මහේෂ්ට දුන්නා ..

    TNA eka andu pakshe parliment eke hitiye nathi wunata unofficially hitiyane. Ranil eliyata dapu welewe eka hondata theruna. Sumanthiran ranil against hitapu manthree kenek goda daganna gedaratama gihilla tibba CCTV tibba. TNA e kale anduwe hitiye na kiyawanam eka wihiluwak. Sajiya hitiya nam oyata thambi wala dana eka gana katha karanna wennet na.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අපෝ නෑ 17යි 19යි ඊට ගොඩක් වෙනස්. 17න් කරේ ස්වාදීන කොමිශන් සභා ඇතිකරල ජනාධිපතිගේ බලතල regulate කරනව වගේ වැඩක් මිසක් ජනාධිපති බලතල වලින් කොටසක් අගමැතිට දීපු එක නෙමෙයි. 17 ගෙනාව කියල ජනාධිපතිට අගමැති පත්කිරීම, අමාත්‍යවරු පත් කිරීම, අමාත්‍යාංශ තමන් යටතේ තබාගැනීමට නොහැකි උනේ නෑ.

    19න් උනේ රටට නායකයො දෙන්නෙක් ඇතිවෙච්ච එක. කාගෙ ප්‍රතිපත්ති උඩද රට යන්නෙ කියල තිරණය කරන්න බැරි උනා. ඉතින් රට එකතැන හිටිය. පාර්ලිමේන්තුවට ජනාධිපතිගෙ බලය දුන්න කියල බලය විමද්‍යගත වෙන්නෙ නෑ බන් ඒකෙන් වෙන්නෙ මද්‍යගත බලය තනි පුද්ගලයෙක්ගෙන් ව්‍යුහයකට හුවමාරු වෙන එක. ඒත් බලය මද්‍යගත තමයි. බලය විමද්‍යගත කරනව කියන්නෙ බන් අපි උදාහරණයකට මෙහෙම හිතමු, රටේ ඉඩම් පිලිබද තීරණ ගැනීමේ බලය තියෙන්නෙ මද්‍යම රජයට, ඒක පලාත් සභාවලට දුන්න කියල හිතමු. අන්න ඒකට කියන්නෙ බලය විමද්‍යගත කිරීම. උබ බලය විමද්‍යගත කරනව කියල හිතාගෙන ඉන්න එක වැරදී. ඒ කෙසේවෙතත් බලය ව්‍යුහයකට හුවමාරු වෙන එක හොඳයි හැබැයි ඒ ව්‍යුහය මේ පාර්ලිමේන්තුව නම් ඒක යක්ශ හිසක් හා දේව ශරීරයක් වැනි දෙයක්.

    පාර්ලිමේන්තුවේ වෙබ් සයිට් එකේ තියෙනවා සංශෝධනයන් ඔක්කොම මචන් බලපන්කෝ..
    ඉතින් 19න් කරෙත් ආපහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඇති කරපු එක තමයි 17 , 18 , 19 සංශෝධන වල 41 වගන්තිය බලපන්..
    17 න් ගෙනාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් තමයි කමිෂන් සභාවල ස්වාධීනත්වය ඇති කරේ.උදාහරණයක් විදිහට කියනව නම් ජනාධිපතිට් ඕන කෙනෙක්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් විදිහට පත් කිරීමේ බලය 17 න් අයින් කලා..17 ට අනුව විනිසුරුවරයෙක් පත් කරන්න ඕනෙ උනාම ජනාධිපතිවරයා විසින් විනිසුරුකමට සුදුසුයි කියලා හිතෙන අයගේ නම් ලිස්ට් එකක් ව්ව‍යස්ථා සභාවට දෙනවා..එතකොට ව්‍යවස්ථා සභාව ඒ ලිස්ට් එක සලකලා බලලා ඒකට සුදුසුයි කියලා හිතන කෙනෙක්ව පත් කරනවා..ඒ ලිස්ට් එකේ ගැලපෙන කෙනෙක් නෑ කියලා හිතුනොත් සභාවට ඒ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන්න පුලුවන්.
    18 න් ඕක අහෝසි කරලා පාර්ලිමේන්තු සභාවක් කියලා එකක් ගෙනාවා..ඒකෙදි කලේ මචන් අර වගේ විනිසුරු කෙනෙක් පත් කරද්දි ජනාධිපති කරන්න ඕනි පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ ලබා ගැනීම පමණයි..ඒ නිරීක්ෂණ පිළිපදින්න ජනාධිපතිවරයා බැදිලත් නෑ..ඔන්න ඔය සංශෝධනය මත තමයි මචන් මහින්දලා එයාගෙ බත් බැලයෙක් උන මොහාන් පීරිස්ව අගවිනිසුරු කරන්නේ ශිරාණි මැඩම්ව පන්නලා දාලා. 19 න් ඒ පාර්ලිමේන්තු සභාව අයින් කරලා ආපහු පරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගෙනාවා..
    පක්ෂ විපක්ෂ භේදයකින් බලපුවාම මචන් මේ 17 යි 19 යි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයකට වැදගත් වෙන ධනාත්මක ලක්ෂණ.ඒකෙන් ජනාධිපති ධූරයේ බලතල අඩු වෙනවා කියලා ඒ සංශෝධන වැරදියි කියනව නම් ඒ මනුස්සයෝ ජීවත් වෙන්න තිබ්බේ වර්තමානයේ නෙවෙයි රජකාලේ..

    19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිගේ අමාත්‍යවරු පත් කිරීම අගමැති පත් කිරීම වගේ වගේ බලතල වලට කිසිම හානියක් උනේ නෑ..එහෙම බලතල අයින් කලා නම් මෛත්‍රී කොහොමද ඔක්කොටම හොරෙන් මහින්දව අගමැති කලේ..19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පැහැදිලිව බලය දීලා තියෙනවා ඇමතිවරු පත් කරන්න.
    උබට සමහරවිට මතක නැතුව ඇති මයිත්‍රීපාල ජනාධිපති වෙලා ඉද්දි පරිසර ඇමතිකමත් දැරුවා කියලා..

    බලය විමධ්‍යගත කරනවා කියන්නේ උබ කියන එකම තමයි මචන්..හැබැයි ඔය තර්කයම ජනාධිපතිවරයා සතු අධිකතර බලතල පාර්ලිමේන්තුව වෙත බෙදලා දෙන එකත් විමධ්‍යගත කිරීමක් තමයි...
    ගිය ආණ්ඩුවේ අවුල උනේ මචන් ජනාධිපති එක පක්ෂෙක අගමැති තව පක්ෂෙක උන් දෙන්නා දෙපැත්තට ඇද්දා..හරියට හරක් දෙන්නෙක්ව දෙපැත්තෙන් ගැට ගහපු කරත්තයක් වගේ..

    මම පහුගිය ආණ්ඩුවේ දැකපු ධනාත්මකම ලක්ෂ්ණය තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මචන්..ඒකෙන් උබලා හිතාගෙන ඉන්න තරමේ හානියක් රටට උනේ නෑ..
     
    • Like
    Reactions: viribus

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    මන් හිතුවෙ ගොටාබයට එයාගෙම දැක්කමකින් වැඩ කරයි කියලා නමුත් දැන් වෙන්නෙ මහින්දලගෙ බැසිල්ලගෙ කාලකන්නි වැඩ වල ඉත්තෙක් වෙලා ගොටා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මන් හිතුවෙ ගොටාබයට එයාගෙම දැක්කමකින් වැඩ කරයි කියලා නමුත් දැන් වෙන්නෙ මහින්දලගෙ බැසිල්ලගෙ කාලකන්නි වැඩ වල ඉත්තෙක් වෙලා ගොටා

    ඒකටනෙ තොපිටන් කිව්වෙ ගෝඨා ට චන්දෙ දෙන්න එපා කියල.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ඒකටනෙ තොපිටන් කිව්වෙ ගෝඨා ට චන්දෙ දෙන්න එපා කියල.

    අපිත් හිතනවා බන් මෙ රට කලින්ට වැඩිය හොදක් වෙයි කියලා නමුත් එහෙම නැ ලන්කාවෙ මිනිස්සු අවුල් ඉතින් පාලකයොත් අවුල්
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    පොලිටික්ස් කියන්නේ ගේම් එකක්. එච්චරයි.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    TNA eka andu pakshe parliment eke hitiye nathi wunata unofficially hitiyane. Ranil eliyata dapu welewe eka hondata theruna. Sumanthiran ranil against hitapu manthree kenek goda daganna gedaratama gihilla tibba CCTV tibba. TNA e kale anduwe hitiye na kiyawanam eka wihiluwak. Sajiya hitiya nam oyata thambi wala dana eka gana katha karanna wennet na.
    ඔව් ඒක ඇත්ත..උන් මහින්ද එනවට කැමති නෑනේ..ඒ නිසා මහින්දලාව බලයට එන එක නවත්තන්න ඕන දෙයක් කරනවා..
    සජිත් කියන්නේ විකල්පයක් නෙවෙයි බන්..ඒක මමත් පිළිගන්නවා..;)
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    පාර්ලිමේන්තුවේ වෙබ් සයිට් එකේ තියෙනවා සංශෝධනයන් ඔක්කොම මචන් බලපන්කෝ..
    ඉතින් 19න් කරෙත් ආපහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඇති කරපු එක තමයි 17 , 18 , 19 සංශෝධන වල 41 වගන්තිය බලපන්..
    17 න් ගෙනාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් තමයි කමිෂන් සභාවල ස්වාධීනත්වය ඇති කරේ.උදාහරණයක් විදිහට කියනව නම් ජනාධිපතිට් ඕන කෙනෙක්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් විදිහට පත් කිරීමේ බලය 17 න් අයින් කලා..17 ට අනුව විනිසුරුවරයෙක් පත් කරන්න ඕනෙ උනාම ජනාධිපතිවරයා විසින් විනිසුරුකමට සුදුසුයි කියලා හිතෙන අයගේ නම් ලිස්ට් එකක් ව්ව‍යස්ථා සභාවට දෙනවා..එතකොට ව්‍යවස්ථා සභාව ඒ ලිස්ට් එක සලකලා බලලා ඒකට සුදුසුයි කියලා හිතන කෙනෙක්ව පත් කරනවා..ඒ ලිස්ට් එකේ ගැලපෙන කෙනෙක් නෑ කියලා හිතුනොත් සභාවට ඒ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන්න පුලුවන්.
    18 න් ඕක අහෝසි කරලා පාර්ලිමේන්තු සභාවක් කියලා එකක් ගෙනාවා..ඒකෙදි කලේ මචන් අර වගේ විනිසුරු කෙනෙක් පත් කරද්දි ජනාධිපති කරන්න ඕනි පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ ලබා ගැනීම පමණයි..ඒ නිරීක්ෂණ පිළිපදින්න ජනාධිපතිවරයා බැදිලත් නෑ..ඔන්න ඔය සංශෝධනය මත තමයි මචන් මහින්දලා එයාගෙ බත් බැලයෙක් උන මොහාන් පීරිස්ව අගවිනිසුරු කරන්නේ ශිරාණි මැඩම්ව පන්නලා දාලා. 19 න් ඒ පාර්ලිමේන්තු සභාව අයින් කරලා ආපහු පරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගෙනාවා..
    පක්ෂ විපක්ෂ භේදයකින් බලපුවාම මචන් මේ 17 යි 19 යි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයකට වැදගත් වෙන ධනාත්මක ලක්ෂණ.ඒකෙන් ජනාධිපති ධූරයේ බලතල අඩු වෙනවා කියලා ඒ සංශෝධන වැරදියි කියනව නම් ඒ මනුස්සයෝ ජීවත් වෙන්න තිබ්බේ වර්තමානයේ නෙවෙයි රජකාලේ..

    19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිගේ අමාත්‍යවරු පත් කිරීම අගමැති පත් කිරීම වගේ වගේ බලතල වලට කිසිම හානියක් උනේ නෑ..එහෙම බලතල අයින් කලා නම් මෛත්‍රී කොහොමද ඔක්කොටම හොරෙන් මහින්දව අගමැති කලේ..19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පැහැදිලිව බලය දීලා තියෙනවා ඇමතිවරු පත් කරන්න.
    උබට සමහරවිට මතක නැතුව ඇති මයිත්‍රීපාල ජනාධිපති වෙලා ඉද්දි පරිසර ඇමතිකමත් දැරුවා කියලා..

    බලය විමධ්‍යගත කරනවා කියන්නේ උබ කියන එකම තමයි මචන්..හැබැයි ඔය තර්කයම ජනාධිපතිවරයා සතු අධිකතර බලතල පාර්ලිමේන්තුව වෙත බෙදලා දෙන එකත් විමධ්‍යගත කිරීමක් තමයි...
    ගිය ආණ්ඩුවේ අවුල උනේ මචන් ජනාධිපති එක පක්ෂෙක අගමැති තව පක්ෂෙක උන් දෙන්නා දෙපැත්තට ඇද්දා..හරියට හරක් දෙන්නෙක්ව දෙපැත්තෙන් ගැට ගහපු කරත්තයක් වගේ..

    මම පහුගිය ආණ්ඩුවේ දැකපු ධනාත්මකම ලක්ෂ්ණය තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මචන්..ඒකෙන් උබලා හිතාගෙන ඉන්න තරමේ හානියක් රටට උනේ නෑ..
    ~උබට සමහරවිට මතක නැතුව ඇති මයිත්‍රීපාල ජනාධිපති වෙලා ඉද්දි පරිසර ඇමතිකමත් දැරුවා කියලා..~

    උබ මේ කියපු කතාවෙන් හිතාගන්න පුලුවන් උබ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරියට කියවල නෑ කියන එක. ඒක 19න් මෙයිත්‍රීට විතරක් දීපු අනාගතයේ වෙන කිසිම ජනාධිපති කෙනෙක්ට නොදුන්නු විශේෂ වරප්‍රසාදයක්. 19 පැහැදිලිව ඒක ලියල තියෙනවා.

    මම පාර්ලිමේන්තුවට බලය ගේනවට කිසිසේත්ම විරුද්ධ නෑ හැබැයි එහෙටත් නැති මෙහෙටත් නැති hybrid system එකකට මම විරුද්ධයි. ඔය දැන් උබ කියන හෙන ස්වාදීන ව්‍යවතාදායක සභවෙ වැඩි බලතල තියෙන්නෙ ආන්ඩු පක්ශයට තමයි බන්. ඒ කියන්නෙ විනිසුරුවරු පත්වෙන්නෙ උන්ගෙ ඕනෑවටම තමයි. ඕක ස්වාදීන කරනවනම් නාගානන්ද යෝජනා කරන system එක කියවල බලපන්.

    අනිත් එක ජනාධිපති දූරයේ බලතල අඩු වෙනවට විරුද්ධ වීමක් නෙමෙයි මම කියල තියෙන්නෙ පවතින මැතිවරණ ක්‍රමය තුල පාර්ලිමේන්තුවෙ බලතල වැඩි කිරීමෙන් වෙන අගතිය. ඒ කාරණා දෙකම එකට ගන්නෙ නැතුව උත්තර දීමෙන් පලක් නෑ.
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඔ්නම ආණ්ඩුවක් ආවම මජර වැඩ කරන්න වෙනවා ඒ උන්ට කඩේ ගියපු එවුන්ගෙ මනදොල සපුරන්න. තාම මේ ආණ්ඩුවට වැඩි වයසක් නෑ. මුන් කරන්න හදන්නෙ මුල් කාලෙම බැණුම් අහගෙන ඔය ඩස්ප වැඩටික කරගෙන අන්තිම අවුරුදු 2-3 වගේ වෙද්දි පට්ට ගේමක් ගහන්න. වෙන විකල්පයක් නෑ මේකම හොදයි කියල මිනිස්සුන්ට ඒත්තු යන ගානට මුන් ගේමක් ගහනවා. කොරෝනාවත් මුන් ආශිර්වාදයක් කරගන්නවා. බලපන්කො වෙන වැඩේ.
     
    • Haha
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ~උබට සමහරවිට මතක නැතුව ඇති මයිත්‍රීපාල ජනාධිපති වෙලා ඉද්දි පරිසර ඇමතිකමත් දැරුවා කියලා..~

    උබ මේ කියපු කතාවෙන් හිතාගන්න පුලුවන් උබ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරියට කියවල නෑ කියන එක. ඒක 19න් මෙයිත්‍රීට විතරක් දීපු අනාගතයේ වෙන කිසිම ජනාධිපති කෙනෙක්ට නොදුන්නු විශේෂ වරප්‍රසාදයක්. 19 පැහැදිලිව ඒක ලියල තියෙනවා.

    මම පාර්ලිමේන්තුවට බලය ගේනවට කිසිසේත්ම විරුද්ධ නෑ හැබැයි එහෙටත් නැති මෙහෙටත් නැති hybrid system එකකට මම විරුද්ධයි. ඔය දැන් උබ කියන හෙන ස්වාදීන ව්‍යවතාදායක සභවෙ වැඩි බලතල තියෙන්නෙ ආන්ඩු පක්ශයට තමයි බන්. ඒ කියන්නෙ විනිසුරුවරු පත්වෙන්නෙ උන්ගෙ ඕනෑවටම තමයි. ඕක ස්වාදීන කරනවනම් නාගානන්ද යෝජනා කරන system එක කියවල බලපන්.

    අනිත් එක ජනාධිපති දූරයේ බලතල අඩු වෙනවට විරුද්ධ වීමක් නෙමෙයි මම කියල තියෙන්නෙ පවතින මැතිවරණ ක්‍රමය තුල පාර්ලිමේන්තුවෙ බලතල වැඩි කිරීමෙන් වෙන අගතිය. ඒ කාරණා දෙකම එකට ගන්නෙ නැතුව උත්තර දීමෙන් පලක් නෑ.

    :lol::lol::lol:

    ඉතින් ඒක වෙන්නේ කොහොමද කියලා හරියට පැහැදිලි කරලා දීපන්කෝ..ඇත්තටම මම දැනන් හිටියේ නෑ ඒක මයිත්‍රීට විතරක් හිමි uන වරප්‍රසාදයක් කියලා..අනිත් එක ජනාධිපතිට තියෙන වැඩ කන්දරාව මදිවටද තව අමාත්‍යංශ ඕන කරන්නේ..??එහෙම අමාත්‍යංශ දරන්න බැරි නම් ඒක තවත් හොදයි.
    හයිබ්‍රිඩ් සිස්ටම් එකක් තිබ්බේ නෑ මචන්..ප්ලීස් උබ කියනව නම් ඒකට හේතු හා උදාහරණ එක්ක දක්වපන්..නැත්නම් නිකන් බයිලයක් විතරයි දෙපැත්තෙන්ම යන්නේ..
    මම කියන්නේ නෑ ඒ ස්වාධීන කමිෂන් සභා 100%ක් ස්වාධීනයි කියලා..නමුත් 17 ට කලින් තිබ්බ විදිහට සහ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබ්බට වඩා ස්වාධීනයි..
    උදාහරණයක් විදිහට 18 යටතේ ක්‍රියාත්මක උන පාර්ලිමේන්තු සභාවේ සංයුතිය උනේ
    අගමැති
    කථානායක
    විරුද්ධ පක්ෂ නායක
    අගමැති හා විපක්ෂනායක වෙන වෙනම නම් කරන ලද මන්ත්‍රීවරු දෙකක්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය
    අගමැති
    කථානායක
    විරුද්ධ පක්ෂ නායක
    ජනාධිපති පත් කරන අයෙක්
    ජනාධිපති හා විපක්ෂ නායක යන දෙදෙනාගේම යෝජනා මත පත් කරන පස් දෙනෙක්
    ජනාධිපති හා විපක්ෂ නායක අයත් නොවන පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ වල මංත්‍රීවරුන්ගේ බහුතර එකඟතාවය මත ජනාධිපති පත්කරන අයෙක් ..

    ඔය දෙකේ සංයුතිය බලපුවාම ඕන කෙනෙකුට තේරෙනවා මචන් යම් තරමකට හෝ ස්වාධීනත්වයක් ඇති වෙන්න පුලුවන් මොකෙන්ද කියලා..

    මචන් රාජ්‍යක ප්‍රධාන ආයතන තුන තමයි විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය..ඔය තුන සංවරණ හා තුලන පාලන ක්‍රමයක් යටතේ පවතින්න ඕනි කියලා තමයි ලෝකයේ පිලිගත් සම්මුතිය...චෙක් ඇන්ඩ් බැලන්ස් කියලා හොයලා බලපන්කෝ ගූගල් එකේ..ලංකාව වගේ පසුගාමී මානසිකත්වයක් තියෙන රටවල උන් තමයි රජවරු වගේ පාලකයෝ බලාපොරොත්තු වෙන්නේ..සංවරණ හා තුලන පාලන ක්‍රමයක් යටතේ කිසිදු ආයතනයක් සුපිරි බලයක් සහිතව නිර්මාණය නොවෙන්න වග බලා ගන්න එක තමයි කරන්නේ..ඒවා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ධනාත්මක ලක්ෂණ..
    ජනාධිපතිට හිතුමනාපෙට විනිසුරුවරු පත් කරන්න පුලුවන් නම් අධිකරණයක ස්වාධීනත්වයක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද ..??
    ජනාධිපතිට ඕන වෙලාවක පාර්ලිමේන්තුව විසුරවන්න පුලුවන් නම් ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වය බලාපොරොත්තු වෙන්නේ කොහොමද ..??
     
    Last edited:
    • Like
    Reactions: Jack_Sparrow

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ඔව් ඒක ඇත්ත..උන් මහින්ද එනවට කැමති නෑනේ..ඒ නිසා මහින්දලාව බලයට එන එක නවත්තන්න ඕන දෙයක් කරනවා..
    සජිත් කියන්නේ විකල්පයක් නෙවෙයි බන්..ඒක මමත් පිළිගන්නවා..;)

    danata wipakshaye sajith nathiwa wena wikalpayak na. lankawe solid chanda base dekai tiyenne. ekak mahinda anith eka premadasa. eken sajiyata premadasa chanda tika yana nisa wena wikalpayak danata na. danata me anduwa ain karanna taram trend ekak na. giya anduwa taram wrong side yanne na. balamu tawa awurudu 5kin mokada wenne kiyala.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඒත් මං ආසම එක තමයි අර බුර්කාව ගලෝලා ඔක්කොම මුස්ලිං ගෑනුන්ට ලමාසාරි අඳින්න වැඩේ සෙට් කරපු එක, සරියා නීතී, කාති උසාවි නැති කරපු එකත් සෝක් අනේ.. තෘප්තිය සමහර වෙලාවට... ඉතිං... නෑ ඕනේ නෑ එක්කෝ..
    :lol::lol::rofl::rofl:
     
    • Like
    Reactions: ewijesekara

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    danata wipakshaye sajith nathiwa wena wikalpayak na. lankawe solid chanda base dekai tiyenne. ekak mahinda anith eka premadasa. eken sajiyata premadasa chanda tika yana nisa wena wikalpayak danata na. danata me anduwa ain karanna taram trend ekak na. giya anduwa taram wrong side yanne na. balamu tawa awurudu 5kin mokada wenne kiyala.
    එනව නම් එන්න ඉන්නේ පාඨලී විතරයි මචන්..මම පැහැදිලිව දන්නවා මචන් ගොඩක් යූඑන්පී මධ්‍යම පාන්තිකයෝ කැමති නෑ සජිත්ට..උන් සජිත්ට චන්දෙ දෙන්නේ රනිල් එක්ක තියෙන ඇරියස් එකට.