2020 පත්වුණු වත්මන් ආණ්ඩුව, හල හැප්පීම් එක්ක දැන් අවුරුද්දක් විතර දුවල.
කොරෝනා හින්ද ආර්ථිකේ වහගෙන සල්ලි එන්න තිබුණු මාර්ග ඔක්කොම අහුරුණු නිසා ආණ්ඩුවට ආර්ථිකේ පැත්තෙන් ලොකුම කෙලවිම සිද්ද වුනා.
තෙල් ප්‍රශ්න, ගෑස් ප්‍රශ්න, එකතුවෙලා ලොකු කුණු ගොඩක් හැදිලා තියෙන්නේ.
දේශපාලන වාසිය, ජේවීපෙ පැත්තට යන්නේ දැන් ආණ්ඩුවට බැරි නිසා වෙන කරන්න කෙනෙක් නැති හන්ද.
කිසිම විකල්පයක් නැති රටේ රැඩිකල් විකල්පයක් ගැන හිතන්න පටන්ගන්නේ ඔන්න ඕක නිසා.
චන්ද්‍රිකා 2001 එකේ පරිවාස ආණ්ඩුව හදනකොට තමන්ගේ මිනිහව වෙඩිතිලය මරපු ජේවීපෙ පක්ෂේ සහයෝගය ගන්නේ එදා යුඇන්පි එක පරද්දන්න තිබුණු එකම විකල්පේ ඒක නිසා.
පරිවාස ආණ්ඩුවේ ඇමතිකම් ජේවීපෙ ට ලැබුන.
වැඩිකල් ජේවීපෙ එකට ආණ්ඩුව එක්ක ඉන්න බැරිවුනා සමහර පට්ටම් බර වැඩි හින්දද මන්ද ජේවීපෙ එක ආණ්ඩුවෙන් අයින් වුණා.
දැන් ආයෙත් රටේ විකල්පයක් නැති නිසා මිනිස්සු කොටසක් ජේවීපෙ පැත්ත බලනවා. සමාජ මාධ්‍ය වල ජේවීපෙ එකට වැඩිපුර ලකුණු වැටෙනවා.
1982 ඉඳන් චන්ද වලට සෙට්වුණු ජේවීපෙ එක 2022 වෙනකල් ආණ්ඩුවක් තියා පුටු 15ක් වත් ගන්න බැරුව හිටියේ.
මිනිස්සුන්ට විකල්පයක් නැති තැන ඔන්න ඕන පුපක් කියල ජේවීපෙ එකට දෙමු කියල තව අවුරුදු 3ක් විතර ඉන්න වෙනවා.
පසුගිය සතියේ කොළඹ විශ්වවිද්‍යාලයේ තිබුණු උපාධි උත්සවේ රැඩිකල් තරුණ කිහිපදෙනෙක්, මුරුත්තෙට්ටුවේ හිමි මග ඇරලා ගිහින් ලොකු කලබලයක් රටේම පෙන්නුවා. හැබැයි ලකුණු 100ක් ගන්න කරන්න තිබ්බ වැඩේ ලකුණු 35ක් විතර වැටිලා යන්තම් පාස් කරගන්න විදිහට වැඩේ වුනේ. මොකද කරන වැඩේ කැත නැතුව කරගන්න මොලේ තිබ්බේ නැහැ උන් සෙට් එකට, එහෙම නැත්නම් එක එක ගොබිල දේශපාලුවෝ නිසා වැඩේ චෝර විදිහට කරගත්තේ.
දැන් තත්වේ අනුව, කැපුවත් කොළ, නිල් සෙට් එක වෙනස් වෙන්න නම් ඉතින් බැරි සීන්. හැබැයි පාවෙන චන්ද ජේවීපෙ එක පැත්තට හැරිලා තියෙන්නේ.
ගිය සතියක අනුර කුමාර රතු ඉරට ඇවිත් ආර්ථික ප්‍රශ්නවලට කියපු විසඳුම් ඉතාම ප්‍රාථමික තත්වේ. ඒක නොකිය ඉඳල වෙන විදිහකට කිවුවනම් ඔන්න රටේ වියාපාරික කට්ටිය හරියටම අල්ලගන්න තිබ්බ.
තවම 2022, මේ ගැම්ම ජේවීපෙ එක වෙත ඉතුරුවෙලා තියේවිද?
තියෙන අවුරුදු 3 දිවත් යමක් ඉගෙනගෙන රටක් පාලනය කරන විදි ඉගෙනගන්න එක ජේවීපෙ ට වටිනවා.
මොකද කුණු හොයනවා වගේ, කියවනවා වගේ, කරවන එක ලේසි නැහැ.
මොකෝ මේ රටේ ඉන්න මිනිස්සු ආයෙත් මරල, වෙඩිතියල, තුන්ඩු දීල මට්ටු කරන්න හෝ වැඩගන්න ජේවීපෙ ට බැහැ.
බලමු ඉතුරු 3 අවුරුද්දේ, ජේවීපෙ අය 3 ඉදිරියට අරන් ගිහින් ආණ්ඩුවක් ගන්න තරම් දියුණුවෙන හැටි.