ආණ්ඩුව නිධන් හාරන්න ඕනි - පුරාවිද්‍යා චක්&#820

Rohana_Jeeth

Member
Apr 22, 2012
116
24
0
ආණ්ඩුව නිධන් හාරන්න ඕනි - පුරාවිද්‍යා චක්&#820

ellawalathero.jpg


අපේ රටේ පුරාවස්තු හා ඉපැරණි නිදන් වස්තු කොල්ලකෑම, හොරකම් කිරීම විශාල වශයෙන් වැඩිවෙලා. මේවා ආරක්ෂා කල යුතු අයම මේවා හොරකම් කරනවා. මේවට බලවත් පුත්ගලයන් සම්බන්ද බව කියනවා. ඔබ වහන්සේ පුරාවිද්‍යා චක්‍රවර්ති. ඒ වගේම ජාතික උරුමයන් ආරක්ෂා කිරීම ගැන කතා කරන අයෙක්. ඇයි මේ නිධන් කොල්ලය හා පුරාවස්තු සොරගනීම ගැන පාර්ලිමේන්තුවෙදිවත් කතා කරන්නේ නැත්තේ?

(ගරු ස්වාමීන්වහන්සේගේ දීර්ඝ පිළිතුරේ අවසන් කොටස පමණක් එළකිරි සාමාජිකයන් අතරේ බෙදා ගන්නෙමි.) ... මම කියන්නේ රටේ තියන පුරාවස්තු ජාතිය සතු දේවල් නිසා ඒවා ආරක්ෂා කල යුතුයි. නිධන් කියන ඒවා වෙනම ජාතියක්. පොලොව යට තියන සම්පත් ඒ කියන්නේ පොලොව යට තියන පූජනීය පුරාවස්තුවලට ඒවා අයිති නොවේ. මැණික් නිධානයක්. ඒවා පූජනීය පුරා වස්තු වලට අයිති නැහැ. මැණික්, රත්තරං, වගේ දේවල් පොලොව යට තියනවා නං මමනම් කියන්නේ රජය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා ඒවා රාජ්‍ය අදායමට එකතුකර ගත යුතුයි.

ඔබවහන්සේ කියන්නේ මේ නිධන් වස්තු වර්තමානයේදී ගොඩගන්න එක අවශ්‍යයි, ඒක සාධාරණයි කියලද?

මේ නිධාන්වස්තු හෝ පුරාවස්තු අතීතයේදී හෝ වර්තමානයේ හොරෙන් හාරනවා නම් ඒක නීති විරෝධියි, එකට දඩුවම් දිය යුතුයි. නමුත් පොලොව යට තියන සම්පත්වල අයිතිය තියෙන්නේ රජයට. ඒ නිසා මහජනතාව දැනුවත් කරලා පොලොව යට තියන සම්පත් රජය සතුකරගන්නවා නම් වඩා හොදයි කියලයි මා කියන්නේ. ඒක රජය නොකරන නිසා තමයි හොරුන් තැන තැන හාරලා මේ නිදන් වස්තු හොරකම් කරන්නේ. නිධන් කියන්නේ පොලොව යට තියන මැණික්, රත්‍රං, තෙල් වගේ ස්භාවික සම්පතක්.


උපුටා පල කිරීමකි. අයිතිය කතෘ සංජය දසනායක මහතා සතුය.
mainlogov.jpg

2012 මැයි 13 ඉරිදා.
 
Last edited:

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මේ කියන කථාව ඇත්තක් නම් මේ පරයා නැගෙනහිර කරක්ගහලා..හොයාගත්ත පුරා වස්තු නිදන් තියන තැන්වල ඔක්කොම විස්තර රජයට දෙයි වගේ...
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඔව් එතකොට රජයේ ඉන්න මති ඇමති වරුන්ට ලැම්බොගිනි වල යන්න පුලුවන් නෙ ඔය හාරල ගන්න මැනික් ටික විකුනල සල්ලි භාන්ඩාගාරෙට දුන්නම.. ආසියාවේ ආශ්චර්යය... තවත් දීපල්ල චන්දෙ ඕකුන්ට... අනේ අපොයි..
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අපේ හාමුදුරුවනේ .......:sorry:....... කොසොල් රජතුමා දැකපු සිහින නේද මේ සත්‍ය වෙන්නේ... මේකද අපේ හාමුදුරුවනේ ධර්ම රාජ්‍යය? :(

    හපොයි:no: :no:
     

    taruksl

    Member
    Mar 13, 2009
    2
    0
    0
    පින්වතුනි, ධර්මය අධර්මය වෙනවා පින්වතුනි, අපි වගේ එදා වේල නිකායේ ඇත්තෝ ධර්මය දේශනා කරන්නේ රජතුමාට ඕන විදිහට.