වතු කම්කරැ වැටුප් වැඩි කිරිමේ බොරැව!
මේ තමයි තවත් කල නොහැකි වැඩක්.ලංකාවෙ වතු ක්ෂේතුයෙ කම්කරැවන් 318,674 ක් ඉන්නව.(පිරිමි 101,617 ක් සහ කාන්තා 217,956 ලෙස)සාමාන්‍යයෙන් කම්කරැවෙක් මාසෙකට දින 25 ක් සේවය කරනව.ඒ කියන්නෙ දවසකට රැපියල් 200 බැගින් ගෙවනවනම් මාසෙකට රැපියල් 5000 යි වසරකට රැපියල් 60,000ක් යනව.මේ විදියට ගෙවන්නනම් රැපියල් මිලියන් 19,120 ක් අවශ්‍යයි.නමුත් අයවැයෙන් වෙන් කරල තියෙන්නෙ මිලියන් 5000යි.ඒ මුදලින් රැපියල් 200 බැගින් ගෙවන්න පුලුවන් කම්කරැවන් 83,333දෙනෙකුට විතරයි.එහෙම නැතිව සියලුම වතු කම්කරැවන්ට ගෙවනවනම් අවුරැද්දකට 15690යි දෙන්න පුලුවන්.ඒඅනුව දිනකට රැපියල් 52 ක වැටුප් වැඩිවිමක් පමණයි කලහැකි.මෙය පැහැදිලි කිරිමට ඇවිදින පුස්තකාලයකට අවස්ථාව තියෙනව.