මගේ වැටුප් කප්පාදු කල බව දැනුම් දීලා
මේක අද මට ලැබුණ ලිපිය.

මට දුබලතා වැටුප රු.10000ක් හම්බ උනා.
මේ අවුරුද්දේ අප්ප්‍රේල් මාසයේ එම වැටුපෙන් රු.6000ක් කප්පාදු කරලා ඉතිරි රු.4000 හා විශ්‍රාම වැටුපටම එල්ලුවා.
රු 6000ක් වැටුපෙන් කප්පාදු කරලත් විශ්‍රාම වැටුපට ඒකා බද්ද කල දුබලතා වැටුපේ ඉතිරි රු.4000ත් මේ මාසෙ කප්පාදු කරනවා අවුරුදු දෙකක විතර කාලයකට.

එතකොට මට අහිමි වෙන වැටුප රු.10000ක් වෙනවා.එම අහිමි වෙන රු.10000න් රු.4000ක් මට නැවත වසර දෙකකට විතර පසුව ලැබෙනවා.
"ස"තමා හොදටම කරන්නෙ.

මම ආබාධිත රණ විරුවෙක්.වම් පාදය මගේ දන හිසට පහලින්ම නෑ.දකුණු පාදයේ අස්ථි බිඳිලා ඒක බට් කරලා තියෙන්නෙ අදටත් විදවනවා නමුත් රණ විරු ගාය එක්ක බලයට ආ ආණ්ඩුව රණ විරුවන්ට අරින ඇරිල්ල සුපිරි.

එදා පිටකොටුවේ රණවිරු අරඟලය වෙලාවේ දැන් ඉන්න ආරක්ෂක ලේඛම් තුමා එතනට ඇවිත් කිව්වේ මොකක්ද.?
"ස"බලයට ආවාම රණවිරුවන්ගේ සේරම ප්‍රශ්ණ විසදනවා කිව්වා."නියමයි කමල් ගුණරත්න මහත්තයෝ ආබාධිත මිය ගිය රණවිරුවන්ගේ ප්‍රශ්ණ විසදපු විදිහ.
සුපිරිම තමා.
ඔයා ලැජ්ජා වෙන්න.
ඔයත් ජනාධිපති තුමත් හිටපු රණ විරුවෝ දෙන්නෙක්.වින්ද දුක දන්නවා ඇති.කාපු කට්ට මතකයේ ඇති.මැරෙන උන්,ආබාධිත වෙන උන් ඕනෑ තරම් ඇස් දෙකට දැකලා ඇති.කන්න බොන්න අඩුම තරමේ ඇල් වතුර ටිකක් නැතුව LTTE එකට දින සති මාස ගණන් කොටු වෙලා හිටිය ටීම් අනන්තවත් දැකලා ඇති.එහෙම දැකපු ඔයාලම අද මෙහෙම කරන කොට ඇත්තටම මාරම දුකක් හිතට දැනෙන්නෙ.
යුද්ද කරන්න සල්ලිකාරයන්ගෙ දරුවො ගියේ නැහැ.ගියේ අහිංසක දෙමව් පියන්ගෙ දරුවෝ.
අද මේ සයිබරේ උනත් යුද්ධයට බයේ ඇඳන් යට හැංගි හැංගි ඉදලා යුද්ධය ඉවර උනාට පස්සෙ එලියට බැහැලා මේකෙ එක එකාට ගොට්ට අල්ලන ගමන් පොර ටෝක් දෙන එක පිංපියෙක් මම නම් ගණන් ගන්නෙත් නෑ.
නමුත් ගරු ජනාධිපති තුමාටත්.ගරු ආරක්ෂක ලේඛම් තුමාටත් කියන්න දෙයක් තියෙනවා.
ඉතා දුප්පත් පවුල් වල උන්න අපි තමා යුද්දයට ගියේ.ගෙවල් වල මිනිස්සු මළ ගෙයක් උනා වගේ අඬද්දි තමා යන්න ගියේ.
ඔබ තුමන්ලාගේ දරුවන්ට වගේ අපේ ජීවිත වලත් හීන තිබුණා.
මම යුධ හමුදාවට බැදුනෙ මගේ තාත්තා මිය ගිහින් වසර දෙකකට පසුව.එකොට අම්මට,මල්ලිලා දෙන්නට,මට ඉන්නවත් තැනක් තිබුන් නෑ.කියන්න ලැජ්ජත් නෑ
බයත් නෑ. අපි උන්නෙ කටු මැටි ගහලා
පිඳුරු වහපු ගෙදරක.

ලැබුණ වැටුපෙන් තමයි පවුල නඩත්තු කලේ.
මට හොදට මතකයි පඩි හෙටයි කියලා වීර ගහක් උඩ නැගලා හරි පළු ගහක් උඩ නැගලා හරි ලැබෙන පුංචි වෙලාවෙන් මම අම්මාට කතා කරනවා.ඒ කතා කරලා කියනවා.
"අම්මා හෙට පඩි හම්බ වෙනවා මම සල්ලි එවන්නම් මේ මාසෙ කඩේ බිල ගෙවලා ආයම බඩු ගන්න.කැමති දෙයක් අරන් කන්න කියලා."
එතකොට අම්මා කිව්වේ.
"ඇස් දෙකට මාරයා දැක දැක ජීවත් වෙන ගමන් උඹ ගන්න සල්ලි අපිට එපා.අපි පලා කොළයක් හරි කාලා ජීවත් වෙන්නම් උඹ පරිස්සමින් ඉදපන් මගෙ පුතා කියලා විතරයි.
"
නිවාඩුවට ගෙදර ඇවිත් යන් නැතුව ඉන්න තිබුණා.ඒත් අපේ හිත් හරි හයිය උනා වැඩි මහත්තයෝ.
මම එක තප්පරයක් ප්‍රමාද වෙලා ගිහින් නෑ.
මගේ එක රෙඩ් ලෙටර් එකක් ෆයිල් එකක ඇත්තෙත් නැහැ.පැවරුන රාජකාරිය අකුරටම කරලා ඇති.බොරුයි කියලා හිතනවානම් පරන ෆයිල් අරන් චෙක් කරලා බලන්න.
මේක මට විතරක් කල වැඩක් නෙමෙයිනෙ.
මේක සියලුම ආබාධිත රණවිරුවන්ට කල වැඩක්.
චුට්ටක් හිතන්න අපි කෝටි පතියන්ගෙ දරුවො නෙමෙයි.ඉතා දුප්පත් ඉන්න හිටින්නවත් තැනක් තිබුන් නැති පවුල් වල දරුවෝ.උන් තමා යුද්ද කලේ රට රකින්න සල්ලි කාරයන්ගෙ දරුවො නෙමෙයි.දුප්පත් දෙමව් පියන්ගෙ දරුවො රට රකින්න සටන් කරන කොට සල්ලිකාරයන්ගෙ දරුවො හිටියෙ ඇඳන් යට.
මම අපට කියලා ගෙයක් හදා ගත්තේ ආබාධිත උනාට පස්සෙ.එතන මල්ලිලා දෙන්නටයි අම්මටයි නිදහසෙ ඉන්න ඉඩ දීලා මම වෙනම ගෙයක් හදා ගත්තා.
ඔය සේරම දුටුව හීන වලට ටිකක් හරි ලං උනේ ලැබෙන වැටුප උකසට තියලා බැංකු ණයක් අරගෙන.
එහි කැපෙන වාරිකය අනුව අපි නිගමනය කලා මේ ගාන කැපුනට කමක් නෑ.යන්තම් හරි ජීවිතය ගොඩ දාන්නෙ.මේ ලැබෙන වැටුපෙන් ජීවිතය ගැට ගහගන්න පුලුවන් කියලා.

ඒකෙනුත් රු.10000කට ඇරිය ගමන් අපි කොහොමද ජීවත් වෙන්නෙ.ආබාධිත අපි කුලී වැඩ කරන්නද.?
මට දැන් ප්‍රශ්ණයක්ම නෑ කියන්නකො මොකද මම විවහා වෙලා නෑ.ළමයි පැට්ටු නෑ.මට යුතු කම් ඉටු කරන්න තියෙන්නෙ අම්මට විතරයි.ඒකත් මම කලා කියමුකො.
නමුත් ගෑණු දරුවො ඉන්න ආබාධිත රණවිරුවන්ට මේ පහර වැදුනාම උන් කොහොමද දරා ගන්නෙ.ඒ ළමයිට මොකද වෙන්නේ.රණවිරුවෙක් කියන ගෞරව නාමයත් ලබලා රට වෙනුවෙන් කැප වීමුත් කරලා ශරීරයේ අව යව අහිමි කරගෙනත් හිගා කන්නද කියන්නෙ.

තනිකඩ ආබාධිත රණවිරුවෝ උන අපේ වැටුප් ඔය තරම් කෙලෙහි ගුණ නොදත් හිත් තියෙන පාලකයෝනම් කප්පාදු කර ගන්න.නමුත් ගෑණු දරුවෝ ඉන්න ආබාධිත රණවිරුවන්ට නැවත ඔය කප්පාදු කරපු වැටුප ලබා දෙන්න කියා ඉල්ලනවා.
ඒ මන්ද ඔබ තුමාලගේ දරුවන්ගේ ජීවිත
ඔබ තුමාලා ලස්සන කරන්න කැමති වගේම
තමයි අපිත් අපේ එවුන්ගේ ජීවිත ලස්සන
කරන්න හීන දකින්නෙ.
එච්චරයි කියන්න තියෙන්නෙ.
ගොඩක් ස්තූතියි.
ගරු ජනාධිපති තුමාටත්.
ගරු ආරක්ෂක ලේඛම් තුමාටත්.
මේ රටේ අපි නිදහසේ හුස්මක් ගන්නේ උන් අපි වෙනුවෙන් කරපු අසීමාන්තික කැපකිරීම නිසා. උනුත් රස්සාවක් තමා කලේ ඒක නැත්තේ නෑ. ඒත් ඒක මේ 8ට ගිහින් 5ට එනවට වඩා අසීමාන්තික කැපකිරීමක්.. අපි කරනවා වගේ වෘතීය දැනුම මුදලට හරවනවට වඩා ලේ මස් වලින් කරපු කැපකිරීමක්.. එවැනි වීරයන්ගේ සුබසාදනය ජාතියේ යුතුකමක් සහ වගකීමක්..
කට්ට ඇනුන නංගිට නම් ෆුල් ස්කොල් එකක් සමග වියත්මගේ පුතෙක් එක්ක ඇමෙරිකාවට යන්න පුළුවන් වුනා.
දැන් හැමදාම රෑට රෑට වියත්මගේ කට්ට ඇනෙනවා කියන්නේ.