ආණ්ඩුව ෆේස්බුක් තහනම් කිරීමේ සූදානමක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ආණ්ඩුව ෆේස්බුක් තහනම් කිරීමේ සූදානමක්

    ආණ්ඩුව ෆේස්බුක් තහනම් කිරීමේ සූදානමක්

    ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් හා ලමා පරපුර හා සංස්කෘතියේ මතු ආරක්ෂාව සඳහා යැයි සුරංගනා කතා කියමින් ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය තහනම් කිරීමේ සූදානමක් පවතින බව මෑත කාලයේදී නොයෙක් දෙනාගේ කථා බහට ලක්වූ මාතෘකාවකි. එහි සත්‍ය අසත්‍යතාවය ගැන ආණ්ඩුව තවමත් නිල වශයෙන් කිසිවක් පවසා නැති මුත් හදිසියේ ෆේස්බුක් සමාජ ජාලය ලංකාව තුල තහනමකට ලක්වුව හොත් වෙබ් අඩවි තහනම් කිරීමේ තාක්ෂණික ක්‍රමවේද අභිබවා ෆේස් බුක් වෙත නැවත කිසිඳු බාධාවකින් තොරව පිවිසෙන ආකාරය ඔබට කියා දීම මාගේ අරමුණයි. මෙය කියවා අවසන් වූ විට ශ්‍රී ලංකාවේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය දූෂිත නූගත් චෛරයෙකුට වුවමනා ආකාරයට වාරණය කල නොහැකි බව ඔබට පැහැදිලි වනු ඇත.
    තාක්ෂණික ක්‍රමවේද භාවිතා කර ෆේස්බුක් තහනම් කල හොත් ඔබට සාමාන්‍ය ආකාරයට ෆේස්බුක් වෙත පිවිසීමට නොහැකි වනු ඇති අතර ඒ වෙනුවට මා ඔබට වෙනත් ක්‍රමයකි ඉදිරිපත් කරමි. එනම් tor ජාලය භාවිතා කිරීමයි.


    Tor ජාලය යනු කුමක්ද

    Tor ජාලය යනු ලොව පුරා සිටින පරිගණක පරීශීලකයන්ට සිය පුද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් සහ අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් කරා කිසිඳු බාධාවකින් තොරව ඇතුලු වීමට ඉඩ සලසා දෙන පරිගණක ජාලයකි. මෙය මුල් අවධියේ භාවිතා කෙරුනේ ඇමරිකානු නාවික හමුදාවේ සන්නිවේදන කටයුතු ආරක්ෂාකාරීව කර ගැනීම සඳහා පමණක් වුවත් අද වන විට ලොව ඕනෑම පරිගණක පරීශීලකයෙකුට නොමිලේ Tor ජාලය භාවිතා කිරීමේ හැකියාව ඇත. ජාලයේ නිල වෙබ් අඩවිය වනුයේ - www.torproject.org වේ. අවශ්‍ය නම් එම වෙබ් අඩවිය වෙත පිවිස Tor ජාලය ගැන වැඩිදුර ඉගෙන ගැනීම කල හැක.

    Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී සිදු වන්නේ කුමක්ද


    Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී ඔබගේ සේවා සපයන්නා (SLT, Dialog, Mobitel, Etisalat, Airtel, Hutch වැනි) හරහා ඔබ ප්‍රථමයෙන්ම පිවිසෙන්නේ Tor ජාලය වෙතය. පසුව Tor ජාලය විසින් ඔබව ලොව පුරා විසිර ඇති Tor ජාලයට අයත් කිහිපයක් පරිගණක හරහා ඔබව ෆේස්බුක් වෙබ් අඩවිය වෙත යොමු කරයි. මෙහිදී සත්‍ය වශයෙන්ම ඔබගේ සේවා සපයන්නා හට පෙනෙන්නේ ඔබ Tor ජාලය වෙත පමණක් සම්බන්ධ වනවා යැයි කියාය. එනිසා සේවා සපයන්නා විසින් කර ඇති කිසිඳු අන්දමේ තහනම් කිරීමකින් ඔබට බාධාවක් ඇති නොවේ. එනිසා ෆේස්බුක් පමණක් නොව සේවා සපයන්නා තාක්ෂණික වශයෙන් අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් වෙත මෙම Tor ජාලය හරහා පිවිසිය හැක.

    ආණ්ඩුවට Tor ජාලයට පිවිසීමත් අවහිර කල හැකිද ?


    නැත. Tor ජාලය විසින් භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේදයන් නිසා Tor ජාලය කිසිවෙකුට සම්පූර්ණයෙන් තහනම් කිරීම සිදු කල නොහැක. මේ බව ඔවුනගේ වෙබ් අඩවියේ පැහැදිලව දැක්වේ.

    ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමට අවශ්‍ය වන්නේ මොනවාද ?


    මේ සඳහා ඔබට Tor ජාලය විසින් සකස් කරන ලද Tor Browser Bundle මෘදුකාංගය අවශ්‍ය වන අතර එය ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වන www.torproject.org මඟින් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක.
    ඒ සඳහා එම වෙබ් අඩිවයට පිවිස එහි ඇති Download Tor මත ක්ලික් කර ලැබෙන වෙබ් පිටුවේ Download මත ක්ලික් කිරීමෙන් ඔබට මෙය නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක.


    1619222_605265629555063_1003594757_n.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    Tor browser එක අන්තර්ජාලයේ මත්ද්‍රව්‍ය වෙළදාමට භාවිතා කරනවා, මේ ලගදී ලොකුවටම මේ
    වැඩේ කරපු පොර ටෙස්ටින් පාරකට නිකන් browser එකකින් log වෙලා බඩු අතේ මට්ටු වෙලා :lol::lol:
     

    inoj77

    Junior member
  • May 23, 2012
    292
    21
    18
    What you are saying is 100% correct machan. but wt i think is restricting facebook is not like restrictinga porn site. mokada uba kiwwawage yanna uwamanawak thiyena kena kohomahari yayi. but oya suicide karagaththa type girlsla proxy server ekak through fb yanawa kiyana eka wena ekak naha. coz neither they have a technical knowledge nor they are bothered. again those who are accessing it through tor or wt ever proxy site , wt they are doing is illegal. ithin mokak hari wechcha gaman egollo thamai weradi.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    fb ban karanna ba bn anduwata.
    habai un mara widiyata baya wela inne fb eke jvp eka prasiddha wena eka gana
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,157
    2,415
    113
    onama deka hoda naraka thiyenawa
    eka pawichchi karana atage athe thamai thiyenne
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ෆේස්බුක් හරියට භාවිතා කරන්න දන්න මිනිහාට කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ කිව්වට ෆේස් බුක් එක නිසා ඇතිවෙන ප්‍රශ්න නම් දවසින් දවස වැඩි වේගෙනයි යන්නේ! මේකට මූලික හේතුව සල්ලි වෙනුවෙන් මිනිස්සුන්ගේ පුද්ගලිකත්වය නැති කරන මාර්ක් සකර්බර්ග්ගේ සංකල්පයයි! මේ ගැන අදහසක් ගන්න ෆේස් බුක් සෙටින්ග්ස් පිටුවට ගොස් ඔබට වෙනස් කල හැකි සෙටින්ග්ස් දිහා මෝහතකට බලන්න. අපේ පුද්ගලිකත්වය රකින්න කරන්න ඕන සෙට්ටින්ග්ස් වටේ ගිහිල්ලයි අපිට ෆේස් බුක් හරහා හදාගන්න සිද්ද වෙලා තියෙනෙන්! කොච්චර අමාරු වෙලා ප්රයිවසි සෙටින්ග්ස් හැදුවත් ඇප් එකක් ඉන්ස්ටෝල් කරනකොට ඇප් එක මගින් සෙටින්ග්ස් වෙනස් කරන වෙලාත් තියෙනවා. එහෙම වෙනස් වෙච්ච සෙටින්ග්ස් ආයි වටේ ගිහිල්ලයි හදාගන්න වෙන්නේ. අද මිනිස්සු හිතන් ඉන්නේ මිනිහෙකුට පණිවිඩයක් දෙනවනම් දෙන්න ඕන ෆේස් බුක් වැනි සමාජ ජාලයකින් කියලා. ඒ මතේ වැරදි! අපිට පුළුවන් ඉන්ස්ටන්ට් මෙසෙන්ජස් හරහා මෙසේජස් යවන්න. ෆේස් බුක් එකේ අයිති කාරයා හරිම කපටියි! ඉන්ස්ටන්ට් මෙසෙන්ජස් භාවිතා කරන අයව ෆේස් බුක් එකට අද්ද ගන්නයි මිනිහා ෆේස් බුක් චැට් ඔප්ෂන් එක ෆේස් බුක් වෙබ් අඩවියට එකතු කරේ. දවසින් දවස ෆේස් බුක් එකේ බලය මේ ලෝකේ වැඩි වේගෙනයි එන්නේ. ඉස්සර අන්තර්ජාලයේ වෙබ් අඩවි මුල් තැන දුන්නේ මිනිහෙකුගේ පුද්ගලිකත්වයට! උදාහරණයක් විදිහට මේ එළකිරි ෆෝරම් එකේ වුනත් මිනිහෙකුට ඒ නිදහස තියෙනවා! ඕනෙම කෙනෙකුට ඕනෙම නමකින් ඇවිල්ලා මෙතන කමෙන්ට් කරන්න පුළුවන්! බ්ලොගර් වැනි බ්ලොග් අඩවි වලත් ඔහොම තමයි! මේ සංස්කෘතිය නැති කරේ ෆේස් බුක්! අද සමහරක් සයිට්ස් වලට ලොග් වෙන්නත් ෆේස් බුක් අහනවා! මේ තත්වය නැති විය යුතුයි! අපි කරන හැම දෙයක්ම ෆේස් බුක් හරහා මුළු ලෝකෙටම පෙන්නගෙන කරන්න ඕනේ නැහැ! අපි ලොග් වෙන සයිට්ස්, අපි ගහන වෙබ් ගේම්ස් සහා අපි පත්තර සයිට්ස් වල ගහන කමෙන්ට්ස් අනුන්ට පෙන්න පෙන්න කරන්න ඕන නැහැ! මේවා නම් අපි නොදැන පබ්ලික් වෙන දේවල් කියමුකෝ! දැන් අපි කල්පනා කරමු අපි දැන දැන ෆේස් බුක් එකට දාන දේවල් ගැන! ට්‍රිප් ගිය ෆොටෝස් , එදිනෙදා ජීවිතියේදී ගත්තු ෆොටෝස් , ගෙදර බල්ලාගේ ෆොටෝස් , මගුල් ෆොටෝස් , පාරේ ගත්තු ෆොටෝස් ඇයි අපි ෆේස් බුක් එකට දාන්නේ ? ඇත්තටම අපි අපේ පුද්ගලික ජීවිතේ සිද්ද වෙන දේවල් ෆේස් පිටුවට දාන්නම ඕනෙද ? මේ සංකෘතිය ඇති කරේ ෆේස් බුක්! එළවලු බෑග් එකක් ගන්න බැරි ලයික් වෙනුවෙන් සහා හාල් කිලෝ එකක් ගන්න බැරි කමෙන්ට් වෙනුවෙන් ඇයි අපි අපේ පුද්ගලික ජීවිතයේ ගත්තු ෆොටෝස් සමාජ ජාල සයිට්ස් වල දාන්නේ ? දැන්වත් තේරුම් ගන්න මේ සමාජ ජාල සයිට්ස් හදලා තියෙන්නේ ඇඩ්ස් වලින් සල්ලි හම්බ කරන්න මිසක් සමාජයට හොඳ දෙයක් කරන්න නෙවෙයි. සමාජය කොච්චර පිරිහුනත් මේ අයට කිසි ගානක් නැහැ! අද අධි තාක්ෂණික දැනුමක් තියෙන කෙනෙකුට වුනත් ෆේස් බුක් එකේ ප්‍රයිවසි සෙටින්ග්ස් හොය හොය ඉන්න ලොකු කාලයක් යනවා. ගොඩාක් සෙටින්ග්ස් සයිට් එක හාරලයි හොයන්න ඕනේ! කොච්චර සෙටින්ග්ස් දැම්මත් පුංච් වරදින් විස්තර ටික එලියට යන්න පුළුවන්. තාක්ෂණික දැනුම තියෙන අයට මෙහෙම නම් කිසි තාක්ෂණික දැනුමක් නැති අයට කොහම ඇත්ද ? මේ වගේ පිටරට සයිට්ස් වලට පුද්ගලික විස්තර දාන එක දැන්වත් නවත්තන්න. පුළුවන් තරම් ෆේස් බුක් වැනි සමාජ ජාලා සයිට්ස් වලින් මිදී සිටීමට උත්සහා කරන්න