ආතල්~ජොක්ස්(+)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගහට නොගොස්‌ කුරුම්බා බීම

    ගහට නොගොස්‌ කුරුම්බා බීම

    සිරිසේන හා පියසේන යන දෙදෙනා මානසික රෝහලේ ප්‍රතිකාර ලබන ගජමිතුරන් දෙදෙනෙකි. දිනක්‌ මේ දෙදෙනා මධ්‍යම රාත්‍රියේ වාට්‌ටුවෙන් පිටතට පැමිණ මුර කුටියට පැමිණි අතර ඒ වන විට ගේට්‌ටුව වසා දමා මුරකරුද තද නින්දේ පසුවිය.

    මුරකරුට නොදැනෙන සේ ඔහු ළඟ තිබූ කෑලි පහේ එවරෙඩි ටෝච් එකද ගෙන ගේට්‌ටුවෙන් එළියට පැනගත් සිරිසේන හා පියසේන පාර දිගේ මඳ දුරක්‌ ඉදිරියට පැමිණ ඉතා උස පොල්ගස්‌ කීපයක්‌ ඇති තැනක නතර විය.

    විදුලි පන්දම පොල් ගහේ කරටියට අල්ලා බැලූ ඔවුනට කුරුම්බා බීමට අදහසක්‌ ඇතිවිය. දෙදෙනාම සාකච්ඡා කළ ද ගහ උස බැවින් ගසට නැගීමට කෙනෙක්‌ නැති විය. මඳක්‌ කල්පනා කළ සිරිසේන හොඳ අදහසක් ගෙනාවේය. "මම මේ ටෝච්එක අරගෙන බිම වාඩිවෙලා හැඩේට හිටින්න කුරුම්බා ඉත්ත අල්ලගෙන ඉන්නවා. උඹ එළිය දිගේ දුවගෙන ගිහිල්ල ගෙඩි දෙකක්‌ කඩාගෙන දුවගෙන වරෙන්." මුලින් අදහසට කැමැති වූ පියසේන මඳක්‌ නිහඬව සිට ඊට විරුද්ධ විය. "අනේ පලයං යන්න මම උඹේ ගැට වලට අහුවෙන්නෙ නෑ. මම ගහට දුවල ගෙඩි දෙක කඩාගෙන එනකොටම උඹ ටෝච් එක නිව්වම මට මොකද වෙන්නෙ. දඩස්‌ගාල බිමට වැටිල අතපය කැඩිල යනවනෙ..." යි කීය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒක තමයි!

    ඒක තමයි!

    එක්‌තරා සෙබළකු අසාමාන්‍ය අන්දමින් හැසිරෙන අයුරු හමුදා ප්‍රධානියා දුටුවේය.

    සෙබළා කඩදාසි කැබලි අහුලා ඒ දෙස බලා යමක්‌ කියවා, යළි ඒ දෙස රවා බලා "ඒක නෙවෙයි" යනුවෙන් පවසා විසි කරනු දුටු හමුදා ප්‍රධානියා ඔහුව මනෝ වෛද්‍යවරයකු වෙත යවා පරීක්‌ෂා කර බැලුවේය.

    ඔහු මානසික රෝගියකු බවත් සේවයට නුසුදුසු බැවින් සේවයෙන් ඉවත් කිරීම සුදුසු බවත් මනෝ වෛද්‍යවරයා වාර්තා කර තිබිණි.
    ඒ අනුව ඔහු සේවයෙන් ඉවත් කෙරෙන බැව් සඳහන් ලිපිය හමුදා ප්‍රධානියා ඔහු අතට පත් කළේය

    බිම වැටුණු එම ලිපිය අහුලා ගත් සෙබළා කලින් කළාක්‌ මෙන්ම ඒ දෙස බලා යමක්‌ කියවා යළි ඒ දෙස බලා රවා බලා "ඒක නොවෙයි" වෙනුවට "ඒක තමයි" යනුවෙන් උස්‌ හඬින් පැවසුවේය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉරද? හඳද?

    ඉරද? හඳද?

    මිතුරන් දෙදෙනකු මැදියම් රැය වනතුරු මත්පැන් හලක රැඳී සිට සිය නිවෙස්‌ බලා යැම සඳහා මහ මගට පැමිණියහ. මේ වනවිට වේලාව කීයට විතර ඇති දැයි කීමට දෙදෙනාගෙන් එක්‌ අයකුවත් දැන සිටියේ නැත.

    එක්‌ මිතුරකු අහස දෙස බලා අර තියෙන්නෙ ඉරද නැත්නම් හඳද? කියා ඇසුවේය.

    "මම දන්නෙ කොහොමද මම ජීවත්වෙන්නෙ මේ පළාතෙ නෙවෙයිනෙ" පදමට සූර්වී සිටි අනෙක්‌ මිතුරා පිළිතුරු දුන්නේය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපූරු උදව්ව!

    අපූරු උදව්ව!

    ධනවත් කාන්තාවක්‌ ගම්බද පාරක්‌ දිගේ සිය සුඛෝපභෝගී මෝටර් රථයේ ගමන් කරමින් සිටියාය.
    යෝධ බල්ලන් තිදෙනකු මුව අයාගෙන මිනිසෙකු පසුපස එලවන අයුරු ඇය දුටුවාය.

    දහදිය පෙරාගෙන දුවන මිනිසා මෝටර් රථයට නංවා ගතහොත් එහි කුෂන් කවර අපවිත්‍ර වන බැව් ඇයට සිතුනද, අසරණ මිනිසා බේරාගත යුතු යෑයි සිතූ ඇය වහාම මෝටර් රථය ඔහු ඉදිරිපිට නතර කළාය.

    "ඉක්‌මනට නගින්න"

    ඇය කාරුණිකව ඔහුගෙන් ඉල්ලා සිටියේය. "ඔබ නම් හරිම කරුණාවන්ත නෝනා මහත්මියක්‌. මට බල්ලො තුන් දෙනෙක්‌ ඉන්න බව දැක්‌කහම කිසිම කෙනෙක්‌ ලිෆ්ට්‌ එකක්‌ දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ" මිනිසා ස්‌තුති පූර්වකව කියාගෙන ගියේය.


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කප්පම

    කප්පම

    ඔහුට තර්ජනාත්මක දුරකථන පණිවිඩයක් ලැබිණ. ‘උඹ අපිට දශ ලක්ෂයක් එවන්න පොරොන්දු නොවුණොත් අපි උඹේ පවුල බලහත්කාරයෙන් පැහැරගෙන යනවා’. ඔහුගේ පිළිතුර වූයේ ‘අනේ සහෝදරයා මට ඒක නම් පොරොන්දු වෙන්න හැකියාවක් නෑ. ඒත් ඔයා ඔයාගේ පොරොන්දුව අකුරටම ඉෂ්ඨ කරනව කියලා මම බලාපොරොත්තු වෙනවා.’

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පරාජිත සැමියා

    පරාජිත සැමියා

    මිතුරා : මොකද යාළුවා දාහට අරං සීයට දීලා වගේ ඉන්නේ?
    ජයසෝම : මගේ පවුලත් එක්ක ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා. එයා මාත් එක්ක තරහ වෙලා දවස් තිහකට මාත් එක්ක කථා කරන්නේම නෑ කිව්වා.
    මිතුරා : ඉතිං ඒක සතුටට පත් වෙන්න කරුණක් නෙ.
    ජයසෝම : සතුටට පත් වෙන්නේ කොහොමද අද. අද ඒකේ අන්තිම දවසයි.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කන් බාබර්

    කන් බාබර්

    දවසක්, අපි කියමු සුනිල් කියල, ගියා කොණ්ඩෙ කපා ගන්ඩ,

    ඉඳගත්තා පුටුවෙ, ටික වෙලාවකින් බාබරය ආව පිටිපස්සෙ ඉඳල, කටත් එහෙම පිහදාල, කෙළ පාරකුත් මිදුලට ගහල කතුර එහෙම අරං පටං ගත්ත වැඩේ,

    කෙලිං ඉන්ඩ බෑ, නප්පියට ගහල, වැඩේ තියෙන්නෙ බාබර් සාප්පු එකමයි තියෙන්නෙ, කල් දාන්ඩත් බැහැ, සුනිලා පහුවදා යනව මණමාලියෙක් බලංඩ,

    දෙතුං පාරක් කතුරත් ඇනුන ඔලුවෙ, සුනිල් ඉතිං පණ බයේ පුටුව උඩම ඇඹරි ඇඹරි හිටියා, එක පාරක් ඕං සුනිලගෙ දකුනු කණ බේරුනෙ අනූනමයයි තුං කාලෙං,

    බාබරය වැනි වැනි ගිහිං දැළි පිහිය ගාන්ඩ පටං ගත්ත කර ගලේ,

    සුනිල් ඒ දිහා ඇස් දෙකත් නලලට අරං බලා ඉද්දි දැක්ක බාබර් සාප්පුවෙ දොර ගාව බුදියං හිටපු බල්ලා ලඟටම ඇවිත් ඉඳගෙන බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නව සුනිල් දිහාවෙ,

    දැලි පිහිය දිහාවෙ හොරැහින් බලන ගමන් සුනිල් ඇහුවා,
    ” මේ ඔහෙගෙ බල්ල හරි උනන්දුයි වගෙ නේද කොණ්ඩ කැපිල්ලට?”

    “ආ, මහත්තයො,මොන කොණ්ඩ කැපිල්ලක්ද, ඕකා ඔය බලාගෙන ඉන්නෙ කං කෑලි එහෙම කැපිල විසි වෙන කොට කන්ඩ නෙව”

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොරුන්ගෙන් වැඩ ගනී

    හොරුන්ගෙන් වැඩ ගනී

    “තෙනලිරාමා රාජ සභාවේ ලොකු බලවතෙක් නිසා ඔහු ළඟ හුගක් ධනය ඇති.” නගරයේ හොර මුළක් හිතුවා. එදා රෑ තෙනලිගෙ ගේ බිඳින්න හිතාගෙන ඔවුන් වත්තේ හැංගිලා හිටියා.
    කොයි වෙලාවක හරි තමන්ගේ ගේ බිඳින්න ඉඩ තියෙන බව තෙනලිත් දැනගෙන හිටියා. ඔහු එදා රෑ භාර්යාවට මෙහෙම කිව්වා.
    “මේ ඇහුණාද? දැන් මේ හැමතැනම හොරු. ඔය රත්තරන් බඩු ටික පොදි බැඳලා මට දුන්නා නම්.. ළිඳේවත් හංගන්න ඕනේ.”
    ඊට පස්සේ ගෙට ගිය තෙනලිරාමා ආපහු ඇවිත් ළිඳ ළඟට ගිහින් ලොකු පොදියක් ළිඳට දැම්මා. හොරු මැදියම් රැයේ ළිඳ වටේ රැස්වුණා. දැන් ඔවුන් හඬ නොනැගෙන විදිහට ගජරාමෙට ළිඳ ඉහිනවා. වත්ත පුරා ම වතුර ගලාගෙන යනවා. පහුවදා හිමිදිරිය වෙනකල් ම මේ වැඩේ කෙරුණා. ඒත් ළිඳේ වතුර තවම හිඳුණෙ නෑ.
    හිමිදිරි උදේ ම අවදිවුණු තෙනලිරාමා, ඇඟමැලි කඩමින් ළිඳ දිහාවට ගියා. “කොහොම හරි එළවළු පාත්ති ටිකටයි මල්පාත්ති ටිකටයි ඔය යස අගේට වතුර ටික වැටිලා තියෙන්නේ...”
    ජීවිතේ පළවෙනි වතාවට හොරු එදා පණ එපා කියලා දිව්වේ හිස් අතින් වගේ ම ලැජ්ජාවෙන්.


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තනි ප්‍රශ්නය

    තනි ප්‍රශ්නය

    දිනක් ක්‍රිෂ්ණදේව් රායි රජු බැහැ දැකීමට දුරබැහැර දේශයකින් මහා උගතෙක් පැමිණියා. ඔහු රජුගේ පුරෝහිත මණ්ඩලයට අභියෝග කළා. මම ඔබලාගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. ඔබලා කැමති තනි අමාරු ප්‍රශ්නයකට ද? නැතිනම් ලෙහෙසි ප්‍රශ්න සීයකටද?
    මේ අභියෝගය අනෙක් බමුණන්ට භාරදීමට රජු පැකිළුණා. ඒ නිසා ඔහු තෝරා ගත්තේ තෙනලිරාමාවයි. තෙනලි කෝකටත් කියා තනි අමාරු ප්‍රශ්නය තෝරා ගත්තා.
    විදේශයෙන් පැමිණි උගතා මෙහෙම ඇහුවා. “ඔබ මට කියන්න මුලින් ම මේ ලෝකයට බිහිවුණේ බිත්තරය ද කිකිළිය ද?
    කිකිළිනේ.... ඕක අහන්නත් දෙයක්යැ... ඕකද ඔබේ මහලොකු ප්‍රශ්නය? තෙනලිරාමා කිසි ගාණක් නැතිව උත්තර දුන්නා.
    “හහ් එහෙමද හිතන්නේ...? ඇයි මොකක්ද ඒකට හේතුව...?” උගතා පුරාජේරුවෙන් ඇසුවා.
    “මේ උන්නැහේ... මම උත්තර දෙන්නේ එක ප්‍රශ්නයකට විතරයි කියලා කලින්ම කිව්ව නේද?”
    ඒක තමයි තෙනලිරාමාගෙ පිළිතුර වුණේ.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වම්බටු කෑ හැටි

    වම්බටු කෑ හැටි

    ක්‍රිෂ්ණදේව් රායි රජු තමන්ගේ පුරෝහිත මණ්ඩලයට ප්‍රණීත භෝජන සංග්‍රහ පවත්වන කෙනෙක් විදිහට ප්‍රසිද්ධයි. වරක් ඔහු පවත්වපු එවැනි භෝජන සංග්‍රහයක රසම රස වම්බටු බැදුමක් තිබුණා. තෙනලිරාමා වම්බටු කන්න බොහොම පෙරේතයි. රජ ගෙදර භෝජනාගාරයේ දී රාජකීය වම්බටු බොජුනෙ, රස බැලුව ඔහුට තමන්ගේ හාමිනේගේ අතින් ඒ වම්බටු භෝජනය හදාගන්න කල් ඉවසීමක් නැහැ. එදා හවස තෙනලි ගෙදර ගියේ රාජකීය උද්‍යානයෙන් වම්බටු කිහිපයක් හොරකම් කරගෙන.
    වම්බටු බැදුම තෙනලිගෙ ගෙදර කුස්සියේ රජ බොජුනටත් වඩා රසවත් ලෙස හැදුණා. දැන් තෙනලිට එහි රස බලන කල් සුනංගු වෙන්නත් බැරි ගානයි. එහෙත් ලොකු ප්‍රශ්නයක්. තෙනලිරාමා පුතාගේ කටින් මේ ගැන රජතුමාට කියවෙන්න බැරි නෑ. එහෙම වුණොත් විසුම් හමාරයි. තෙනලි මේකට උපායක් යෙදුවා.
    රෑ බෝ වුණා ම තෙනලිරාමා පුතා ළඟට ගියා. පුතා හොඳට ම නිදි. ඔහු පුතාගේ ඇඟට වතුර බාල්දියක් හැලුවා. “ඔතන ඉන්න එපා. පුතාගේ ඇඟට හොඳට ම හිරිකඩ වැදිලා. යමු යමු ඇතුළට ගිහින් නිදාගනිමු” එහෙම කිව්ව තෙනලිරාමා, පුතා ව ඇහැරවගෙන ගේ ඇතුළට එක්කරගෙන ගියා. නිදාගන්න කලින් රසම රස වම්බටු භෝජනයේ රස බලන්නත් පුතාට අවස්ථාව ලබා දුන්නා.
    ඊළඟ දවසෙ රජගෙදර එක ම ගාලගෝට්ටියක්. රජතුමාගෙ උයනෙන් වම්බටු හොරකම් කරන්න තරම් නිර්භීත වුණේ කවු ද? මෙහෙම දෙයක් කරන්න තරම් බයනැති එකම කෙනා තෙනලි රාමා විතරක් බව ක්‍රිෂ්ණදේව් රායි රජ්ජුරුවො දන්නවා. ඒත් තෙනලි කපටියා. ඔහුගෙ කටින් නම් කවදාවත් ඇත්ත. එළිවෙන්නෙ නෑ. හැබැයි පොඩි ළමයි බොරු කියන්නෙ නැති බව හැමකෙනෙක්ම දන්නා දෙයක්නෙ. ඒ නිසා රජතුමා තෙනලිගෙ පුතාව රාජ සභාවට කැඳෙව්වා.
    “ඊයේ ඔය ළමයාග ගෙදර වම්බටු එහෙම කෑමට ඉව්ව ද?” රජතුමා ඇහුවා.
    “එහෙමයි රජතුමනි, ඊයේ රෑ අනෝරා වැස්සක් වහිද්දි තාත්ත මාව ඇහැරවගෙන එක්කරගෙන ගිහින් වම්බටු කන්න දුන්නා.” තෙනලිගෙ පුතා කිව්වා.
    “මොනවා...?” රජතුමා පුදුම වුණා.” මං හිතන්නේ මේ ළමයා හීනයක් දැකලා වගේ... ඊයේ රෑ වැස්සෙ නෑනෙ..” රජතුමා හිස කසමින් කල්ප

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොකෙන් බොන්න ද?

    මොකෙන් බොන්න ද?

    ‘දැන් මහ ලොකුවට වස කුප්පියක් අරගෙන කුස්සියට දිව්වේ වහ බොනවයි කියල. කෝ තවමත් ඔය වස කුප්පිය එහෙමම නෙ.’ යමුනා කුස්සියට එබී බලා එහි බංකුවක වාඩි වී සිටි දයානන්දට කීවේ සෝපහාසයෙනි.
    ‘වහ බොන්නේ මොකෙන්ද ගෑනියේ? කෝ, කුස්සියෙ තියෙන එක වීදුරුවක් වත් හෝදලා නැහැනෙ.’ දයානන්ද කීවේ කෝපයෙනි.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    විශේෂත්වය

    විශේෂත්වය


    පේ‍්‍රමදාස, සිරිපාල සමඟ තැබෑරුමට ගොඩ වී රා පොල්කටු දෙකක් එක හුස්මට බී අවසන් කොට සිරිපාල ගෙන් මෙසේ ඇසීය.
    “උඹ දන්නවද ‘රා’ වල තියෙන විශේෂත්වය.”
    “මොකද්ද බං විශේෂත්වය?” සිරිපාල ඇසුවේ රා මතින් අඩවන් වූ ඇස් අමාරුවෙන් අරිමිනි.
    “ඇයි බං, ‘රා’ එක අකුරෙන් ලියන්ඩ පුළුවන්. ඒ වගේ ම එක හුස්මට බොන්ඩත් පුළුවන් නෙ.” පේ‍්‍රමදාස කීය.


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පෙනීම දුර්වලයි

    පෙනීම දුර්වලයි

    ‘ඒයි මට හෙටම කණ්ණාඩි කුට්ටමක් ගන්ඩ වෙයි.’ වැඩ අවසන් වී නිවෙසට පැමිණි මෛත්‍රිපාල ඇඟපත සෝදා ගන්නට සූදානම් වෙමින් කීවේය.
    ‘ඒ මොකද වදේ මේ හදිස්සියෙම?’ බිරිඳ ඇසුවේ පුදුමයෙනි.
    ‘නෑ බං සුගුණවතී, මම සල්ලි ණයට ගන්න පොලීකාරයෙක් අද ළඟට එනකම්ම මම දැක්කෙ නෑනෙ.’ මෛත්‍රී සිනාවෙමින් කීය.

     
    • Like
    Reactions: DAMER