ආත්මය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,906
    1
    43,154
    113
    බුද්ධාගමේ කියනවනෙ ආත්මයක් නෑ කියල
    කමක් නෑ මේ වචනෙ මේ කතාව කියන්ඩ මට යොදාගන්ඩ වෙනව

    නිවන් දැකල ආත්මය නැති කරල දාන්ඩ පුලුවන්
    ඒත් අපේ ආත්මයන් කවද බිහි වෙන්ඩ ඇතිද

    අවුරුදු 1000කට කලිං ?
    10 000 කට කිලිං ?
    100 000කට කලිං ?
    1000000000000000000000000000 කලිං..
    කියල ඉවරයක් කරන්ඩ බෑ නේද..

    එතකොට “කාලය“ කියල අපි හදාගෙන තියෙන්නෙ වැරදි සංකල්පයක්ද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,906
    1
    43,154
    113
    කාලය ගත්තම පටන් ගැනීමක් අවසානයක් හොයන්ඩ බෑ..
    ඒ නිසා කාලය කියන්නෙ මායාවක්

    අවකාශය ගත්තාමත් කෙලවරක් දකින්ඩ බෑ..
    ඒ නිසා ඒකත් මායාවක්..
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    කාලය ගත්තම පටන් ගැනීමක් අවසානයක් හොයන්ඩ බෑ..
    ඒ නිසා කාලය කියන්නෙ මායාවක්

    අවකාශය ගත්තාමත් කෙලවරක් දකින්ඩ බෑ..
    ඒ නිසා ඒකත් මායාවක්..

    Love you bro
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,906
    1
    43,154
    113
    එතකොට දැනට බල්ලො පූසො නරි කොටි වානරයො වෙලා ඉන්න ආත්ම අපිට පස්සෙද මේ විශ්වයට බිහි වුණේ, එයාලත් ඉස්සරහට මිනිස්සු වෙලා ඉපදෙනවද ?
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    owa hithanna epa machan.
    ubata niyama buddagama ona nam kisi deyak ganuwa hithanne nathuwa hitapan.
    ethakota nikanma manasa sahallu wenawa.
    karanna patta amarui. habai karanna wenawa
     

    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    බුද්ධාගමේ කියනවනෙ ආත්මයක් නෑ කියල
    කමක් නෑ මේ වචනෙ මේ කතාව කියන්ඩ මට යොදාගන්ඩ වෙනව

    නිවන් දැකල ආත්මය නැති කරල දාන්ඩ පුලුවන්
    aathmayak nathnam ape aya nawata ipadenawa kiyanne mokadda?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,906
    1
    43,154
    113
    aathmayak nathnam ape aya nawata ipadenawa kiyanne mokadda?

    ඒක තමා බං... එක පාරක් මගේ ත්‍රෙඩ් එකක මාර වාදයක් ගියා ඕක බේරුම් කරගන්ඩ ගිහින්..
    ආත්මයක් නැහැ කියල මෙයාල කියන්නෙ, අපේ හිත් හැමතිස්සෙම වෙනස් වෙන නිසා.. (එක අතකට ඒක හරි)
    ලබන භවයෙ මේ ඉපදිල ඉන්නෙ ඉස්සර හිටපු මෙයා තමා කියන්ඩයි, සම්බන්දෙ දක්වන්ඩ විතරයි, මම ආත්මය කියන වචනෙ පාවිච්චි කරන්නෙ
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    owa hewwata uththara nathi nisane hoyanna epa kiyala thiyenne.. uththara athi eth apita buddhi gochara wenne nane..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,906
    1
    43,154
    113
    aathmayak nathnam ape aya nawata ipadenawa kiyanne mokadda?

    සරලවම උත්තරේ දුන්නොත් උඹ වෙනස්ම කෙනෙක් වෙලා ඉපදෙනව කියන එක.. ගෑනු පිරිමි වෙන්ඩ පුලුවන්, මිනිස්සු සතෙක් වෙලා ඉපදෙන්ඩ පුලුවන්. අද හොඳට ඉන්න එකා ලබන භවයෙ උන්මන්තකයෙක් වෙලා ඉපදෙන්ඩ පුලුවන්.. හැම දේම වෙනස් වෙනව.. ස්ථිරව මගෙයි කියල රැඳෙන දෙයක් නෑ.. එක පාර වෙනස් නොවේවි.. අවුරුදු දාස් ගණන් භවයෙන් භවයට ගෙවිල යද්දි 100%මත් වෙනස් වෙලා, තව එහාට ගිහින් චරිත තුන හතරකුත් රඟපාල තියේවි ;)
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Athmaya kiyala buddagame kiyanne natte siyalu sanskarayo wenas wena sulu hinda.Mekai athme kiyala pennana permanant deyak nethi hinda.athmaya kiyanne panchas kandayan ekathu wela hadena hema mohothema wenas wena deyak hariyata iti pandam della wage.dellata athmayak kiyala 1ka deyak ne,della kiyanne heat+air+earth wala ekathu wak.e della wena itipandamakata transfer karanawa wage ekakata thama rebirth kiyanne.eka hinda buddagame unique athmayak kiyala deyak ne.tiyenne panchaskadnawala tempory,mohothen mohotha wenas wena ekathuwak wetcha deyak witarai.


    time eka kiyanne illusion ekak :yes: time eka athi wenne gravity eka hinda.time kiyana eke experiance eka sathwayegen sathwayata wenas wenawa.minihata 1 day kiyana eka kubiyekta uge life time eken 50 years wenna puluwan.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,762
    40,403
    113
    ගොඩක් අය ආත්මය කියන වචනය අනිත් දේවල් එක්ක පටලවාගෙන ඉන්නේ. බුදු දහමේ ත්‍රිලක්ෂනය තමයි අනිච්ච, දුක්‍ඛ, අනත්‍ථ. සිංහලෙන් කියනව නම් අනිත්‍ය, දුක, අනාත්මය.

    අනිච්ච/අනිත්‍ය: උදාහරනයකට කෙස් ගහක් ගත්තොත්, තරුන කාලේ තිබ්බ කෙස් ගහ වයසට යද්දි විපරිනාමයෙන් විපරිනාමයට පත් වෙලා සුදු වෙලා යනවා. කවදා හරි පොලවට පස් වෙනවා. යමක නිත්‍ය නොවන ස්වභාවට අනිත්‍ය කියලා හඳුනවනවා.

    දුක්‍ඛ/දුක : කායික හෝ මානසිකව ඇති වෙන දුක. කළුවට තිබ්බ කෙස් ගස් සුදු වෙනකොට කාට කාටත් දුකක් ඇති වෙනවා. කෙස් ගස් හැලෙනකොටත් දුකක්.

    අනත්‍ථ/අනාත්මය : තමන්ගේ වසඟයේ නොමැති කම. තමන්ගේ වසඟයේ පවතින දෙයක් නම්, සුදු කොන්ඩය තමන්ට සිතු පමණින් කළු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. කොන්ඩය යන එකත් නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ. ඒත් එහෙම බෑ. මේවා තමන්ගේ වසඟයේ නෑ. ඒ නිසා අනත්‍ථයි. අනාත්මයි. ආත්මීය ස්වරූපයක් නොමැති නිසා. ආත්මයක් නැහැ කියලා සරල සිංහල භාශාවෙන් කාටත් තේරෙන්න කතා කරාට. භවයයි, ආත්මයයි පටලවා ගන්න හොඳ නෑ. ගොඩක් බෞද්ධයෝ මේවා පටලාවාගෙන තියෙන නිසා නැති ප්‍රශ්ණ ඇති කරගෙන.

    භික්ෂු, භික්ෂුනී, උපසක, උපාසිකා යන සිව්වනක් පිරිසම ධර්මදර නිසා බුදු හාමුදුරුවො පිරිණිවන් පාපු බව අමතක කරන්න එපා.