ආදරණිය අම්මා සමග මා ....
අහස අම්මාට සම කරන්න පුලුවන්ද...විශ්වයට සම කරන්න පුලුවන්ද .. දේවතාවියකට සම කරන්න පුලුවන්ද ...
එදා ...
සබරගමුවට වැස්ස නුපුරුදු නැත...ගේ දොරකඩ ඉදන් මම කළු කරපු අහස දිහා බලාගෙන සිතල සුළගේ පහස වින්ද...ඉස්සරහ රබර් ගස් යායම සිතල සුළගේ පහස විදිනවා සෞම්‍ය විදියට.
කළුවර නැති කරමින් ගෙදර සාලේ මේසේ උඩ චිමිනිය පත්තු වෙනවා..බුදු පහනෙන් එන සෞම්‍ය ආලෝකය චිමිනියෙන් එන ආලෝකයට එකතු වෙලා පින්බර හැගීමක් ගේ පුර මවල තිබුනා ..
අම්ම කුස්සියට වෙලා රෑට උයනවා ..ලිපේ රස්නෙට ලාවට දාඩිය බින්දු අගේ නළල් තලය පුරාම පැතිරිලා..මෙතුවක් කල් මගේ ජිවිතයේ දුටු පින්බරම රූපය...කුස්සියේ ලිපේ දුම නිසා කහින අගේ හඩ මගේ දෙසවනට වැටෙනවා ...බත ඉදෙන සුවද හමන්නේ අම්මගේ අත් ගුනේ එක්කද කියල හිතෙනවා..ඒ තරම්ම සුවදයි ...හාල්මැස්සෝ බැදුමක් එක්ක පරිප්පුයි බතුයි.අම්මාට කොහෙන්ද සල්ලි..
එදා දවල් ...1.30
ඉස්කෝලේ ඉවරවෙලා හවසට ශිෂ්‍යත්ව පන්ති...ළමයි ඔක්කොම කෑම කනවා ..අම්මලා කට්ටියකට කවනවා ..හැමදාම වෙලාවට
කලින් බත් එක අරගෙන වෙනදට අම්මා එනවා .අද තාම නෑ ..මාව දකිනකොට ඇගේ මුනේ ඇදෙන්නේ හරිම ආදරණීය හිනාවක් ..තාමත් මම ඒ හිනාවට ආදරෙයි ..කල්පනාවේ ඉන්නකොට සම්පත් ඇවිත් මට කෑම එකක් දුන්නා ..
"අම්මා ඇවිත් දීලා ගියද "
"නෑ ,අපේ අම්ම දුන්නේ දෙන්න කියලා "සම්පත් කිව්වා ..
පන්ති පටන් ගන්න ලග නිසා කෑම කෑවා ...පන්තියට යන්න කලින් ආයිමත් පාර දිහා බැලුවා .ඇය තාමත් නැත ...
එදා හවස 3.00 ට විතර ....
"(මගේ නම )පුතේ,අන්න අම්මා ඇවිල්ලා "ගුරුතුමිගේ කට හඩ මගේ හදවතේ රිද්මය පොඩ්ඩක් වෙනස් කළා ..
මුළු පන්තියම මා දිහා බලනවා ..
"ගිහින් එන්න පුතේ " ඒ ගුරුතුමිය ..
විඩාබර මුහුණෙන් යුතුව අම්මා පන්තිය ගාව කුඩයකුත් ඉහිලගෙන ඉන්නවා ..
ඇගේ සුපුරුදු හිනාව මා දුටු විගසම..
"පුතා බඩගිනි ඇතිනේ ..මම බත් ගේනවා "
"ඇයි අම්මා පරක්කු,බස් නැද්ද,සම්පත් බත් එකක් දුන්න "
"කමක් නෑ ,අත හෝදගෙන ඉක්මනටම කන්නකෝ "
ඇගෙන් දහදිය පෙරෙන්නේය ..මුහුණ බසයේ ආවට වඩා විඩාබරය ..
"බස් එකේ එන්න සල්ලි හොයා ගන්න බැරි වුණා..ඒ නිසා පයින් ආවේ "
මට කමින් සිටි බත් කට පවා හිරවුනි ..මගේ හදවත සැනින් ඇය කෙරේ අසීමිත ස්නේහයෙන් ..ගෞරවයෙන් පිරි ඉතිරි ගියේය..දෑස කදුලින් බර වුනි..
"අම්මත් කමු..මට මේ වැඩියි " මට කියන්න පුළුවන් වුනේ එපමණයි..
"යන්න මගේ ගාව බස් එකට තියෙන රුපියල් දෙක දෙන්නද අම්මට ..රුපියලක් හොයාගන්න පුලුවන්ද,මම පයින් එන්නම් "
"ඕනේ නෑ පුතේ ..මම චරිත් ඇන්ටිගෙන් ඉල්ල ගන්නම් ."
මාව නැවත පන්තියට යාවා ඇය ගියාය .
එදා වර්තමානය ..
හවස පන්ති ඇරිලා මම එනකොට කලේ බස් එකේ ඉස්සරහම සීට් එකේ ඉදන් මම බහින තැනට තියෙන කිලෝ මීටර් කණු ගාන ගණන් කරපු එක..ප්‍රතිපලය කිලෝ මීටර් 6.5 ක් පමණ..මගේ අම්ම කෙරේ සිතට දැනුන භක්තිය ....කදු පල්ලම් පහු කරගෙන බත් එකත් අරගෙන මහා දවල් අව්වේ ආවේ ,ඇය මා කෙරේ වන අසීමිත පුතු ස්නේහය නිසා..පුළුවන් තරම් ඉක්මනට එන්න ඇති .. මම විභාගය සමත් වෙන හැටි ඇගේ සිතින් දකින්නට ඇති ...ඒ සිහින අගේ විඩාබර දෙපා දිරිමත් කරන්න ඇති..ආදරණිය අම්මා....
"පුතේ වහිනවනේ..දොර වහල ඇතුලට එන්න"
"අම්මට එන්න සල්ලි හම්බවුනද"
"ඔව් ..චරිත් ඇන්ටිගෙන් ඉල්ලා ගත්ත"
"එතකොට මේ උයන්න හාල් තුනපහ"
"මට ලයනල් මාමලාගේ ගෙදර මිරිස් කූඩු පැකට් කරන්න එන්න කිව්වා හෙට ඉදන්.එන ගමන් එහෙට ගිහිල්ල ආවෙ.අත්තිකාරම් මුදලකුත් ඉල්ලා ගත්තා.හෙට ඉදන් වැඩ.නැත්නම් බැනේ පුතේ "
අම්මල එහෙමය..සිතන්නේ අප ගැනමය...
එදා මම ශිෂ්‍යත්වයෙන් උඩින්ම සමත් වුන..ඒ අම්මගෙයි අප්පච්චිගෙයි කැපවීම නිසා..කවදාවත් තරවටු කරලා අපිට පාර පෙන්නුවේ නෑ..හැමවෙලේම කලේ ඇයි අපි විබාගේ සමත් වෙන්න ඕනේ කියල අපේ හදවතට දන්වපු එක..අම්ම බත් එක අරන් පයින් ආපු දවසෙම මගේ හිතට ආවේ මේ විභාගේ සමත් වෙන්නම ඕනේ කියල...ප්‍රතිපල ආපු දවසේ ඇගේ දෑසින් සතුටු කදුළු වැටුණා..අප්පච්චිගේ මුහුණ ආඩම්බරයෙන් පිරිලා තිබ්බ..මුළු ගමම මගේ ප්‍රතිපලය කතා වුන..
මගේ ඊලග නැවතුම රටේ නමගිය පාසලක ..
සාමාන්‍ය පෙළ ප්‍රතිපල බලන දවසේ උදේ..
අම්මා මගේ සමර්ථ පිළිබද උඩින්ම විස්වාසය තබා තිබිණි..
ඒ ඇය දින කිහිපයකට කලින් දුටු සිහිනයකි ..
ඇය සිහිනයෙන් 'සුදු අශ්වයෙකු දොළ පහරකින් එගොඩ කර ඇත '
ඉන්ට(ර්)නෙට් එකෙන් ප්‍රතිපල බලන්නට අම්මත් සමග මට නගරයට යන්නට විය .
"මෙච්චර වෙලා බලපු එකක්වත් වැඩක් නෑ ,එකෙක්වත් ඉස්කෝලේ ගිහින් ඉගෙන ගෙන නෑ වගේ"කඩේ හිටපු අක්ක අම්මට කියපුදේ .
අම්මගේ මුනේ හිනාවක්.."අපි මේක බලමුකෝ නංගි " අම්ම විබාගේ අංකය දුන්න..
සී ආර් ටි මොනිටරයේ දිස්වූයේ මගේ ප්‍රතිපලය ...විශිෂ්ට සමර්ථ ...විශිෂ්ට සමර්ථ..විශිෂ්ට සමර්ථ...විශිෂ්ට සමර්ථ.............ඔක්කොටම විශිෂ්ට සමර්ථ.....
"සුබ පැතුම් මල්ලි "කඩේ අක්කා ..
අම්මගේ ඇස්වල කදුළු ...ප්‍රින්ට් අවුට් එකත් අරගෙන එලියට ආව විතරයි මුළු ටවුම මැද්දෙම මාව තුරුල් කරගෙන අඩනවා..ඇගේ අලංකෘත වූ ස්නේහයේ සතුටු කදුළු..
"ඔයා අපිට ණය නෑ මගේ පුතේ "ඒ අම්මගේ උදාන වාක්‍යය..
ඔය තම අම්මත් එක්ක මගේ බැදීම වැඩි කල මම ආදරේම සිදුවීම්...
අද ..
කාලය අපව දුප්පත් කමෙන් ඉවත් කරලා ඉහලින් ඔසවල තිබ්බ ..මගේ ශිෂ්‍යත්වය ඉවර වෙලා ටික කාලයකට වාසනාව අයිමත් අපිව සොයාගෙන ආවා.අම්මට රජයේ රැකියාවක් ලැබුණා.ඇය උගත් කාන්තාවක්. ඇය රජයේ ගෞරවනීය නිලධාරිනියක්..මුළු ගමම අද ඇයට ගෞරව කරනවා ..
මේ පුතු ඇයට කාටවත් වඩා ගෞරව කරනවා ..ඒ එවැනි මවක් ලබන්නට මම කොතරම් පින් කර ඇතිදැයි සිත ගත නොහැකි නිසා මෙන්ම ඇගේ ස්නේහය මා තුල ආදරණීය මිනිසෙකු නිර්මාණය කල නිසාය ..අවසන සංසාරය පුරාවට ඇය මගේ මව වේවා මගේ ඒකායන පැතුම නොවන්නේද ....
නිමි නැත..
සම්පුර්ණ අයිතිය කතෘ සතුයි
ආදරයේ උල්පත වූ අම්මා..
මා ඔබගේ පුතු වූ..
ඔබ මතු බුදුවන දවසේ..
මා රාහුල කුමරුන් සේ..
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි,
සුළඟිල්ලේ එල්ලී..
සඳ දියකොට කිරි වතුරෙන්,
ඒ දියරෙන් මුව දෝවා..
දිව මතුරක් වන් නැළැවිලි ගීයක,
මතකයි මා නැළැවූවා..
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී..
ඒ ජීවිතයට දිරි දී පණ දී..
මා දැඩි කල අම්මා..
තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා,
නිදි ගන්වා යහන් ගැබේ..
සිහිනෙන් ගෑ මුදු සුවඳක් මෙන්,
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ..
දවසින් දවසට සෙනෙහස ලබැඳී..
ගෙනදී දිවියට නව පණ ලැබදී..
මා දැඩිකල අම්මා..
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය/ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
sam@ Creation
May 2013

Last edited: