ආදරණිය අම්මා සමග මා ....

sam@

Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ආදරණිය අම්මා සමග මා ....

    motherlove1644460712181.jpg


    අහස අම්මාට සම කරන්න පුලුවන්ද...විශ්වයට සම කරන්න පුලුවන්ද .. දේවතාවියකට සම කරන්න පුලුවන්ද ...

    එදා ...

    සබරගමුවට වැස්ස නුපුරුදු නැත...ගේ දොරකඩ ඉදන් මම කළු කරපු අහස දිහා බලාගෙන සිතල සුළගේ පහස වින්ද...ඉස්සරහ රබර් ගස් යායම සිතල සුළගේ පහස විදිනවා සෞම්‍ය විදියට.

    කළුවර නැති කරමින් ගෙදර සාලේ මේසේ උඩ චිමිනිය පත්තු වෙනවා..බුදු පහනෙන් එන සෞම්‍ය ආලෝකය චිමිනියෙන් එන ආලෝකයට එකතු වෙලා පින්බර හැගීමක් ගේ පුර මවල තිබුනා ..



    අම්ම කුස්සියට වෙලා රෑට උයනවා ..ලිපේ රස්නෙට ලාවට දාඩිය බින්දු අගේ නළල් තලය පුරාම පැතිරිලා..මෙතුවක් කල් මගේ ජිවිතයේ දුටු පින්බරම රූපය...කුස්සියේ ලිපේ දුම නිසා කහින අගේ හඩ මගේ දෙසවනට වැටෙනවා ...බත ඉදෙන සුවද හමන්නේ අම්මගේ අත් ගුනේ එක්කද කියල හිතෙනවා..ඒ තරම්ම සුවදයි ...හාල්මැස්සෝ බැදුමක් එක්ක පරිප්පුයි බතුයි.අම්මාට කොහෙන්ද සල්ලි..

    එදා දවල් ...1.30

    ඉස්කෝලේ ඉවරවෙලා හවසට ශිෂ්‍යත්ව පන්ති...ළමයි ඔක්කොම කෑම කනවා ..අම්මලා කට්ටියකට කවනවා ..හැමදාම වෙලාවට
    කලින් බත් එක අරගෙන වෙනදට අම්මා එනවා .අද තාම නෑ ..මාව දකිනකොට ඇගේ මුනේ ඇදෙන්නේ හරිම ආදරණීය හිනාවක් ..තාමත් මම ඒ හිනාවට ආදරෙයි ..කල්පනාවේ ඉන්නකොට සම්පත් ඇවිත් මට කෑම එකක් දුන්නා ..
    "අම්මා ඇවිත් දීලා ගියද "
    "නෑ ,අපේ අම්ම දුන්නේ දෙන්න කියලා "සම්පත් කිව්වා ..
    පන්ති පටන් ගන්න ලග නිසා කෑම කෑවා ...පන්තියට යන්න කලින් ආයිමත් පාර දිහා බැලුවා .ඇය තාමත් නැත ...

    එදා හවස 3.00 ට විතර ....
    "(මගේ නම )පුතේ,අන්න අම්මා ඇවිල්ලා "ගුරුතුමිගේ කට හඩ මගේ හදවතේ රිද්මය පොඩ්ඩක් වෙනස් කළා ..
    මුළු පන්තියම මා දිහා බලනවා ..
    "ගිහින් එන්න පුතේ " ඒ ගුරුතුමිය ..
    විඩාබර මුහුණෙන් යුතුව අම්මා පන්තිය ගාව කුඩයකුත් ඉහිලගෙන ඉන්නවා ..
    ඇගේ සුපුරුදු හිනාව මා දුටු විගසම..
    "පුතා බඩගිනි ඇතිනේ ..මම බත් ගේනවා "
    "ඇයි අම්මා පරක්කු,බස් නැද්ද,සම්පත් බත් එකක් දුන්න "
    "කමක් නෑ ,අත හෝදගෙන ඉක්මනටම කන්නකෝ "
    ඇගෙන් දහදිය පෙරෙන්නේය ..මුහුණ බසයේ ආවට වඩා විඩාබරය ..
    "බස් එකේ එන්න සල්ලි හොයා ගන්න බැරි වුණා..ඒ නිසා පයින් ආවේ "
    මට කමින් සිටි බත් කට පවා හිරවුනි ..මගේ හදවත සැනින් ඇය කෙරේ අසීමිත ස්නේහයෙන් ..ගෞරවයෙන් පිරි ඉතිරි ගියේය..දෑස කදුලින් බර වුනි..
    "අම්මත් කමු..මට මේ වැඩියි " මට කියන්න පුළුවන් වුනේ එපමණයි..
    "යන්න මගේ ගාව බස් එකට තියෙන රුපියල් දෙක දෙන්නද අම්මට ..රුපියලක් හොයාගන්න පුලුවන්ද,මම පයින් එන්නම් "
    "ඕනේ නෑ පුතේ ..මම චරිත් ඇන්ටිගෙන් ඉල්ල ගන්නම් ."
    මාව නැවත පන්තියට යාවා ඇය ගියාය .

    එදා වර්තමානය ..
    හවස පන්ති ඇරිලා මම එනකොට කලේ බස් එකේ ඉස්සරහම සීට් එකේ ඉදන් මම බහින තැනට තියෙන කිලෝ මීටර් කණු ගාන ගණන් කරපු එක..ප්‍රතිපලය කිලෝ මීටර් 6.5 ක් පමණ..මගේ අම්ම කෙරේ සිතට දැනුන භක්තිය ....කදු පල්ලම් පහු කරගෙන බත් එකත් අරගෙන මහා දවල් අව්වේ ආවේ ,ඇය මා කෙරේ වන අසීමිත පුතු ස්නේහය නිසා..පුළුවන් තරම් ඉක්මනට එන්න ඇති .. මම විභාගය සමත් වෙන හැටි ඇගේ සිතින් දකින්නට ඇති ...ඒ සිහින අගේ විඩාබර දෙපා දිරිමත් කරන්න ඇති..ආදරණිය අම්මා....

    "පුතේ වහිනවනේ..දොර වහල ඇතුලට එන්න"
    "අම්මට එන්න සල්ලි හම්බවුනද"
    "ඔව් ..චරිත් ඇන්ටිගෙන් ඉල්ලා ගත්ත"
    "එතකොට මේ උයන්න හාල් තුනපහ"
    "මට ලයනල් මාමලාගේ ගෙදර මිරිස් කූඩු පැකට් කරන්න එන්න කිව්වා හෙට ඉදන්.එන ගමන් එහෙට ගිහිල්ල ආවෙ.අත්තිකාරම් මුදලකුත් ඉල්ලා ගත්තා.හෙට ඉදන් වැඩ.නැත්නම් බැනේ පුතේ "

    අම්මල එහෙමය..සිතන්නේ අප ගැනමය...

    එදා මම ශිෂ්‍යත්වයෙන් උඩින්ම සමත් වුන..ඒ අම්මගෙයි අප්පච්චිගෙයි කැපවීම නිසා..කවදාවත් තරවටු කරලා අපිට පාර පෙන්නුවේ නෑ..හැමවෙලේම කලේ ඇයි අපි විබාගේ සමත් වෙන්න ඕනේ කියල අපේ හදවතට දන්වපු එක..අම්ම බත් එක අරන් පයින් ආපු දවසෙම මගේ හිතට ආවේ මේ විභාගේ සමත් වෙන්නම ඕනේ කියල...ප්‍රතිපල ආපු දවසේ ඇගේ දෑසින් සතුටු කදුළු වැටුණා..අප්පච්චිගේ මුහුණ ආඩම්බරයෙන් පිරිලා තිබ්බ..මුළු ගමම මගේ ප්‍රතිපලය කතා වුන..
    මගේ ඊලග නැවතුම රටේ නමගිය පාසලක ..

    සාමාන්‍ය පෙළ ප්‍රතිපල බලන දවසේ උදේ..
    අම්මා මගේ සමර්ථ පිළිබද උඩින්ම විස්වාසය තබා තිබිණි..
    ඒ ඇය දින කිහිපයකට කලින් දුටු සිහිනයකි ..
    ඇය සිහිනයෙන් 'සුදු අශ්වයෙකු දොළ පහරකින් එගොඩ කර ඇත '
    ඉන්ට(ර්)නෙට් එකෙන් ප්‍රතිපල බලන්නට අම්මත් සමග මට නගරයට යන්නට විය .
    "මෙච්චර වෙලා බලපු එකක්වත් වැඩක් නෑ ,එකෙක්වත් ඉස්කෝලේ ගිහින් ඉගෙන ගෙන නෑ වගේ"කඩේ හිටපු අක්ක අම්මට කියපුදේ .
    අම්මගේ මුනේ හිනාවක්.."අපි මේක බලමුකෝ නංගි " අම්ම විබාගේ අංකය දුන්න..
    සී ආර් ටි මොනිටරයේ දිස්වූයේ මගේ ප්‍රතිපලය ...විශිෂ්ට සමර්ථ ...විශිෂ්ට සමර්ථ..විශිෂ්ට සමර්ථ...විශිෂ්ට සමර්ථ.............ඔක්කොටම විශිෂ්ට සමර්ථ.....
    "සුබ පැතුම් මල්ලි "කඩේ අක්කා ..
    අම්මගේ ඇස්වල කදුළු ...ප්‍රින්ට් අවුට් එකත් අරගෙන එලියට ආව විතරයි මුළු ටවුම මැද්දෙම මාව තුරුල් කරගෙන අඩනවා..ඇගේ අලංකෘත වූ ස්නේහයේ සතුටු කදුළු..
    "ඔයා අපිට ණය නෑ මගේ පුතේ "ඒ අම්මගේ උදාන වාක්‍යය..

    ඔය තම අම්මත් එක්ක මගේ බැදීම වැඩි කල මම ආදරේම සිදුවීම්...

    අද ..

    කාලය අපව දුප්පත් කමෙන් ඉවත් කරලා ඉහලින් ඔසවල තිබ්බ ..මගේ ශිෂ්‍යත්වය ඉවර වෙලා ටික කාලයකට වාසනාව අයිමත් අපිව සොයාගෙන ආවා.අම්මට රජයේ රැකියාවක් ලැබුණා.ඇය උගත් කාන්තාවක්. ඇය රජයේ ගෞරවනීය නිලධාරිනියක්..මුළු ගමම අද ඇයට ගෞරව කරනවා ..

    මේ පුතු ඇයට කාටවත් වඩා ගෞරව කරනවා ..ඒ එවැනි මවක් ලබන්නට මම කොතරම් පින් කර ඇතිදැයි සිත ගත නොහැකි නිසා මෙන්ම ඇගේ ස්නේහය මා තුල ආදරණීය මිනිසෙකු නිර්මාණය කල නිසාය ..අවසන සංසාරය පුරාවට ඇය මගේ මව වේවා මගේ ඒකායන පැතුම නොවන්නේද ....

    නිමි නැත..

    සම්පුර්ණ අයිතිය කතෘ සතුයි


    ආදරයේ උල්පත වූ අම්මා..
    මා ඔබගේ පුතු වූ..
    ඔබ මතු බුදුවන දවසේ..
    මා රාහුල කුමරුන් සේ..
    සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි,
    සුළඟිල්ලේ එල්ලී..

    සඳ දියකොට කිරි වතුරෙන්,
    ඒ දියරෙන් මුව දෝවා..
    දිව මතුරක් වන් නැළැවිලි ගීයක,
    මතකයි මා නැළැවූවා..
    ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී..
    ඒ ජීවිතයට දිරි දී පණ දී..
    මා දැඩි කල අම්මා..

    තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා,
    නිදි ගන්වා යහන් ගැබේ..
    සිහිනෙන් ගෑ මුදු සුවඳක් මෙන්,
    සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ..
    දවසින් දවසට සෙනෙහස ලබැඳී..
    ගෙනදී දිවියට නව පණ ලැබදී..
    මා දැඩිකල අම්මා..

    පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය/ගායනය - කරුණාරත්න දිවුල්ගනේ


    sam@ Creation
    May 2013
     
    Last edited:

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඇහැට කඳුලක් ආවා. දෙමව්පියෝ අපි වෙනුවෙන් කැප කිරීම ලියන්න වචන නැහැ. +
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    TFS
    Rep 6+
    ස්තුතියි යාළුවා
    ගොඩක් දවසකින් මල්ලිව දැක්කෙ...
    ස්තූතියි ලිපියට
    ඔව් අය්යේ ටික කාලෙකින් ආවේ ..ස්තුතියි ප්‍රතිචාරයට
    ඇහැට කඳුලක් ආවා. දෙමව්පියෝ අපි වෙනුවෙන් කැප කිරීම ලියන්න වචන නැහැ. +
    ස්තුතියි යාළුවා
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ඇහැට කඳුලක් ආවා.
    නිර්මාණශීලිව පොඩ්ඩක් හදවතට දැනෙන්න ලිව්වා ..කොහොමත් පුතාල ආදරේ අම්මට නේ ...ස්තුති යාළුවා
    api jevitha wala niyama theruma ammai thattai..!!!!
    අනිවාර්යන්ම ..අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්නම අපිට එකේ වගකීම තේරෙන්න ..ස්තුති යාළුවා
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Mulo lokema wenas unath wenas nowena ekama kena tamae machan amma.. Paayana thuru idi piyawara hitiya oba amme kiyala gunadaasa mahathmaya kiyanneth ekae..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ශිෂ්ට සමාජයක මවකගෙන් ඉටු වන ප්‍රධාන කටයුතු පස් ආකාරය. එනම් මහා සම්පත් පහක් ඇය සතු ය. එහි මුල් තැන ලබන්නේ ආදරයයි. ජීවිතයේ විවිධ අවස්ථාවන්හි විවිධ අයගෙන් අපි ආදරය ලබමු. එහෙත් අප වෙනුවෙන් නොවෙනස් වූ, නොසංසිඳෙන ආදරයක් උපදින්නේ මවක ගේ ලයෙහිම පමණි. සිය කුසින් බිහි කළ දරුවා හොඳක් කළත්, නරකක් කළත්, සමාජයේ ඉහළ ම තැනක සිටියත් පහළම තැනක සිටියත්, ධනය ඇතත්, ධනය නැතත්, ඇය ගේ ආදරය නොවෙනස් ය. මුළු මහත් සමාජයක් ම ප්‍රතික්ෂේප කරන්නේ වුව ද ඇය තම දරුවා ආදරයෙන් තුරුළට ගන්නීය. සනසන්නී ය.

    දෙවැනි මහා සම්පත ආරක්ෂාව ය. සමාජයීය ජීවිතයේ දී අපි බොහෝ දෙනාගෙන් ආරක්ෂාව රැකවරණය බලාපොරොත්තු වෙමු. එහෙත් විපතක දී පිහිට වන්නේ ඒ අතරින් ඉතාමත් සුළු පිරිසකි. ඒ ද තමන්ට කරදරයක් බලපෑමක් නොවන්නේ නම් පමණි. එහෙත් දිවි දෙවැනි කොට අප ආරක්ෂා කරන්නී අම්මා ය. ඒ ආරක්ෂාවට සම කළ හැකි ආරක්ෂාවක් වෙනත් පුද්ගලයකු වෙතින් නොලැබෙන්නේ ය.
    කුස හොත් දා පටන් අප පෝෂණය කරන්නී ද අම්මා ය. මෙලොව බිහි වූ මොහොතේ සිට ම රතු ලේ කිරට හරවා පොවා අප කුස පුරවන්නී ද අම්මා ය. කිරි වැරූ දා පටන් මුළුතැන්ගෙයි පිසෙන හොඳම ආහාර වෙන් කරන්නේද ඇය සිය දරුවන් වෙනුවෙනි. විශේෂයෙන් දරුවන් රකින්නට දවස පුරා ම ගත වෙහෙස වන, දරදිය අදින ගම්බද දිළිඳු අම්මාවරුන් ගේ ආහාරය දංකුඩයට පමණක් සීමා වන අවස්ථා බොහෝ ය. ඒ, තමන් කුසගින්නේ සිටියත් දරුවන් ගේ කුස හිස් කරන්නට ඇයට කිසිවිටෙකත් නොහැකි නිසා ය. අම්මා අපේ ජීවිතයෙන් කවර කලෙකත් වෙන් කළ නොහැකි චරිතයක් වන්නේ එහෙයිනි. ඇය පිසූ රසවත් ආහාර, මෙන් ම තමන් පෝෂණය කරන්නට දැරූ වෙර වීරිය කලගුණ දන්නා දරුවකුට කිසි කලෙකත් අමතක කළ නොහැකි ය.

    මවකගෙන් හිමිවන සිව්වැනි මහා සම්පත අධ්‍යාපනය ය. මේ ලෝකය දකින්නට අපට මුලින් ම ගුරු හරුකම් දෙන්නේ අම්මා ය.

    බුදු දහමේදී, මවුපියන් දරුවන්ගේ පූර්වාචාර්යවරුන් ලෙස ගෞරවයට පාත්‍ර වේ. බහ තෝරන දා පටන්, ජීවිතය පිළිබඳ හොඳ නරක, ආහාර පාන ගන්නා සැටි අඳින පලඳින සැටි, බෙදා හදා ගන්නා සැටි, අන්‍යයන් සමඟ සාමකාමීව ජීවත් වන සැටි ආදී අනේක විධ වූ දෑ අපි ඉගෙන ගන්නේ අම්මා කේන්ද්‍ර කරගනිමිනි. සරලව පැහැදිලි කරනවා නම් අධ්‍යාපනයේ ආරම්භය ඇයයි. ජීවිතයේ විවිධ ස්ථරවල දී, අප විවිධ මට්ටම්වලට පිවිසෙන්නේ (දොස්තරවරුන්, ගුරුවරුන්, ඉංජිනේරුවන්, ඈ ආදී) ඒ මූලික අධ්‍යාපනය පදනම් කරගෙනයි.

    විශේෂයෙන් අප මවකගෙන් ලබන අවිධිමත් අධ්‍යාපනය නව ඉලක්කයන් කරා යාමට ප්‍රබල මඟ පෙන්වීමකි. විධිමත් අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් වූ ඇයගේ කැපවීම ද අමතක කළ නො හැකි ය. කුඩා කල අප අතින් අල්ලාගෙන පාසලට ඇරලවන ඇය පාසල නිම වී නිවෙසට පැමිණෙන තුරුත් මඟ බලා සිටින්නී ය. අප අධ්‍යාපන කටයුතුවල නිරත වෙද්දී ඇඳුම් සෝදා පිරිසිදු කර දෙමින් ජීවිතයේ කුදු මහත් කටයුතුවලට ශක්තියක් වන්නීය.

    ජීවිතයේ වැදගත් අවස්ථාවන් හි දී මෙන් ම අනේකවිධ වූ දුක් කරදර, කම් කටොළුවල දී නොපෙනෙන බලවේගයන් ගේ ආශිර්වාදය පතා අපි බොහෝ පුද පූජා පවත්වමු. එහෙත් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බඹ විහරණ ගුණ ඇති මවකගෙන් ලබන ආශිර්වාදයට ඒ සියලු බලවේගයන් පරදින්නේ ය. අම්මා ගේ ආශිර්වාදය අපගේ මනසට, ජීවිතයට මහා ශක්තියකි. වාචිකව ප්‍රකාශ නොවුණ ද දරුවන් වෙනුවෙන් ඇය ආශිර්වාද කරන හඬ අපට ඇසේ. එය අම්මාගෙන් අප ලබන පස්වැනි මහා සම්පතයි.

    ආදරය, ආරක්ෂාව, ආහාර, අධ්‍යාපනය, ආශිර්වාදය ආදී මේ මහා සම්පතින් ප්‍රකාශ වන්නේ ‘අ’ යන්න මුල් කරගෙන ය. මේ නිසා ම ‘අම්මා’ යන නාමයට මෙන් ම ‘අ’ යන්නට ද හෙළ සංස්කෘතියේ මුල් තැනක් හිමි වේ.

    අපි හෝඩිය අරඹන්නේ ‘අ’ යන්නෙහි. බුද්ධ චරිතයේ බෝසත් උපත සිහිපත් කරන්න. සිදුහත් කුමාරෝත්පත්තිය සිදුවූ මොහොතේ සිදුහත් කුමරු.
    ‘අග්ගෝ හමස්මි ලෝකස්ස’ යනුවෙන් අභීත සීහනාද කළ අවස්ථාවේ මුල් වූයේ ‘අ’ යන්න ය. තථාගත බුදුපියාණන් වහන්සේ ගේ ‘අනේක ජාති සංසාරං’ යන ප්‍රථම බුද්ධ වචනයට ආරම්භය දුන්නේ ද ‘අ’ යන්නයි.

    ‘අප්පමාදෙන සම්පාදේත’ දුකින් පෙළෙන මේ ලෝක යේ පුහුදුන් මිනිසුන්ට අප්‍රමාදීව කුසල් රැස් කරන ලෙස දුන් වටිනා පණිවුඩය අන්තර්ගත බුද්ධ වචනයට මුල් වූයේ ද ‘අ’ යන්නයි. අප මෑණියන්ට ‘අම්මා’ යන නාමය හිමි වූයේද ඈ කෙරෙහි අප්‍රමාණ ගුණ සමුදාය නිසයි.

    මේ නිසා සෑම දරුවකුම ඇයට නමස්කාර කරන්නට ඇය ආදරයෙන් සෙනෙහසින් රැක බලාගන්නට, වචනයකින් හෝ අම්මා නොරිදවන්ට ඒකායන අරමුණක් ඇති කරගත යුතු ය. බොහෝ විට ගතින් ළඟ නැතත් සිතින් ඇය නිරන්තරයෙන් ම අප ළඟ ය. ඇය ගේ අනුපමේය ආදරය, සෙනෙහස, ආශිර්වාදය ජීවත්වන තුරා අප ළඟය. දොසක් නොකියා කැත කුණු අත ගා හැදූ වැඩූ සිරුරක් අපට තිබේ.
    ඒ උතුම් ගුණ ඇති මෑණිවරුන්ට ආදරණීය දරුවන් වන්නට අපට හැකි නම්, ඒ උතුම් ගුණ ඇති මවක් වන්නට සෑම කාන්තාවකටම ශක්තිය හා ධෛර්ය, ඕනෑකම තිබේ නම් අපි ජීවත්වන සමාජය වඩාත් යහපත් වනු නොඅනුමානය. එවිට වසරකට දිනක් නොව වසරේ තුන්සිය හැටපස් දාම අම්මාවරුන් ගේ ගුණ දරුවන් ගේ හදවත් හි රැව් පිළිරැව් දෙනු ඇත.

    රමණී සුබසිංහ

     
    • Like
    Reactions: sasliit