ආදරණිය සනත්...

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
ආදරණිය සනත්.. අහ නැ සනත් අයියා...
සනා ක්‍රිකට් වලින් සමු අරන් අදට වසර දෙකයි.. අනේ මන්ද කොහොම කියන්නද තේරෙන්නෙත් නැ... අදටත් අපි රසවිදින්නේ ඉස්සර සනා හතර වටේටම පිටිය සිසාරා ඒ ගහපු පහරවල්..
උඹ 2011 ගියත් අපිට 2008 ඉඳන්ම උඹේ අඩුව දැනෙනවා... මොකද තවමත් අපි උඹ ගියාට පස්සේ ගත්තු එක ලෝක මට්ටමේ කුසලානයක් නැති නිසා...
කොච්චර දේවල් ක්‍රිකට් වලින් මේ රටට කරාද...
කොහොම කරත් කි දෙනෙක් උඹව එලවන්න වලි කාවද කියල දන්නෝ දනිති..
එත් ඒ හැම වෙලාවේම උඹේ පිත්ත කතා කරලා ඒවාට උත්තර දුන්නා...
අදටත් තව සනත් කෙනෙක් අපිට හොයාගන්නවත් තියා පෙන තෙක් මානෙක නැ.. තාක්ෂණයෙන් පරිපුර්ණ වුන්ව ඕන තරම් හොයාගන්න පුළුවන් එත් උඹල වගේ රටට ආදරෙන් බොක්කෙන් තරඟ තනිව කරට අරන් දිනවන්න පුළුවන් තව ඉන්නවද කියන එක සැකයි...
සමු අරන් යන මොහෙත් ඇඩුව හැටි තාමත් මතක් වෙනවා...
උඹ ගියාට පස්සේ අපිට අහිමිවී ගිය ඒවා බොහෝ තියනවා බන්.. එත් ඒවා දැන් වැඩක් නැ..අපි උඹල අපිට දුන්නු දේවල් ගැන පුරසාරම් කියෝ කියෝ ඉන්නවා මොකද අදටත් හෙටටත් අපිට ඉතුරු වෙන්නේ ඒ උඹ කරපුව විතරයි...
කව්රු වාර්තා කැඩුවත් ඒ වාර්තා කඩන්න කලින් මුලින්ම ලියුනේ උඹේ නම නැ ලංකාවේ අපේ නම...
ජය ශ්‍රී සනා..


998349_612423102115188_555619565_n.jpg


මේ තියෙන්නේ සනා තියපු වාර්තා වලින් කිහිපයක්... තව ඒවා මේ යට click කරන්න

1. එක්දින තරගවල වැඩිම ලකුණු ලබාගත් 3වෙනි ක්‍රීඩකයා (13430)
2. එක්දින තරග 400 ක්‍රීඩා කල ලොව පළමු ක්‍රීඩකයා
3. වැඩිම එක්දින තරග ගණනක් ක්‍රීඩා කල ක්‍රීඩකයන් අතර 2වෙනි ස්ථානය (445)
4. එක්දින ලකුණු 13000+ ක් හා එක්දින කඩුලු 300+ ක් ලබා ගත් ලොව පළමු හා එකම ක්‍රීඩකයා
5. එක්දින තරගවල වේගවත්ම අර්ධ ශතකය (පන්දු 17)
6. පිට පිටම එක්දින තරග 2ක දී ලකුණු 150+ ක් ලබා ගත් පළමු හා එකම පිතිකරුවා
7. එක්දින තරගවල ලකුණු 150+ සීමාව වැඩි වාර ගණනක් පසු කල එකම පිතිකරුවා (189,151,152,157)
8. එක්දින තරගවල වැඩිම 6 පහර ගණනක් එල්ල කල පිතිකරුවන් අතර 2වෙනි ස්ථානය (6 පහර 270)
9. එක්දින තරගවල වැඩිම 4 පහර ගණනක් එල්ල කල පිතිකරුවන් අතර 2වෙනි ස්ථානය (4 පහර 1500)


Official fan page of Sanath Jayasuriya
 
  • Like
Reactions: rcccc

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    සහතික ඇත්ත .අද රට වෙනුවෙන් ක්‍රීඩා කරන උන අඩුයි .සල්ලිවලට තමයි සේරම ..ලංකාවේ ක්‍රිකට් වලටත් දෙයියන්ගේම පිහිටයි . (ipl වන්දනාවේ යන එක නැවත්තුවේ නැත්නම් )
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සනා එළ කොල්ලා..සනාව කෑවේ මහින්දයා.මහින්දට ඕන උගේ අම්මව හරි දාල චන්ද ගන්න.කපටි රජෙක් ඕකා.:angry:
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    සිරා මචන් සනා කාට නැතත් ඉන්දියාවට ගැහුවා. එත් අද අපි ඉන්දියාවට ගූ බයයි ..
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Sira kathawa machan. Ada team eke innawa da genuine match winner kenek. Godak un thama thamanta runs tikak gaha ganna witharai balanne. Rata wenuwen hithala gahan un ne. Thamange lakunu 50,100, average gena hithala gahana un thamai wedipura inne. Team eka gena hithala risk aran gahan un match deka thunak fail un gaman eliye. Hemadam ball kaka lakunu 20 30 gahana un athule.