ආදරණීය නේරංජනා

lilman

Well-known member
  • May 10, 2009
    40,904
    54,456
    113
    Colombo
    ආදරණීය නේරංජනා :love:

    මම ආසම ගීතයක්.මුල්ම රේකොඩින් එක හම්බ උනා.ඔරිගීනල් CD රිප් එකක් දන්න යද්දී යුටියුබ් සෙට් උනා. අහල බලන්න කොච්චර ලස්සනද , ඒ වගේම රුප රචනයක් නැතුව අහද්දී සිතේ කෙතරම් ලස්සනට චිත්ත රුප මැවෙනවද කියල.... ප්‍රේමකීර්ති ද අල්විස් ගේ මැජික් එකක් :love:






    ආදරණීය නේරංජනා
    ආදරණීය නේරංජනා
    ආදරණීය නේරංජනා
    ආදරණීය නේරංජනා
    ආදරණීය නේරංජනා
    ආදරණීය නේරංජනා

    ඔබ මුදු මදහස් රැළි මාලාවේ
    වෙලී බැදුණු දින රඟ ශාලාවේ
    තුන් හිතකින්වත් නොසිතූ විලසින්
    යළි ඔබ දැකුමට ආ වේලාවේ
    අප හමු වූ ගෙවුයන් සීමාවේ
    එක මොහොතක් පමණකි තනි වූයේ
    මටම ම පුදුමයි අදහන්නට බෑ
    මම ම නොවේ යළි ඉන් පිට වූයේ

    කවුදෝ මා පසු පස එනු දැනුණා
    පාළු වීදියේ තනිකම මැකුණා
    ජීවමාන කිසිවකු සිටියේ නෑ
    එනමුදු කවුදෝ ඇති බව වැකුණා
    නිදියහනේ මා නින්දට වැටුණා
    ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා
    එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ
    මගේ සිතම මට මුමුණනු ඇසුනා

    ආදරණීය නේරංජනා //

    පසුබිම් කතාව

    සෙනසුරාදා දවසක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා සහ ප්‍රියා සූරියසේන මහතා කොල්ලුපිටියේ මුහුදු වෙරළට වෙලා කාලය ගත කරමින් ඉන්නවා. මුහුද දෙස බලා සිටි ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට ගීතයක් ලියන්න ඕනේ කියා අදහසක් එනවා. "මොකක් හරි තනුවක් කියපන්" කියූ විට ප්‍රියා සූරියසේනයන්, මේ ගීතයේ අද අපි අහන විදියට ම එවේලේ හිතට නැගුණ තනුව ලා..ලලලා...ලා....ලා...... වශයෙන් මුමුණනවා. ඒ තනුවට සාවධානව කන් දුන් ප්‍රේමකීර්ති මහතා "හෝව්! හෝව්!! හිටහං!!! හිටහං!!! මං ලියන්නං" කියා "ආදරණීය නේරංජනා.." යනුවෙන් ක්ෂණිකව කඩදාසි කැබැල්ලක ලියනවා. "ඔව් අපි දැන්ම මේක ගෙනිහින් Record කරමු". "අනේ ප්‍රේමකීර්ති අයියේ? අද සෙනසුරාදානේ. අද වාදක මණ්ඩලයෙත් ගොඩක් අය නෑනේ." "ආ ඒ ඕන නෑ මට මොකක් හරි එක භාණ්ඩයක් තිබුණොත් හොඳටම ඇති." එසේ කියූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා, ප්‍රියා සූරියසේනවත් ඇදගෙන මොරිස් මයිනර් ටැක්සියක නැගී කොල්ලුපිටියේ සිට ටොරින්ටන් හි පිහිටි ගුවන්විදුලි සංස්ථාවට එනවා. ඒ කාලයේ ඒ දුරට ටැක්සි මීටර ගාස්තුව රුපියල් 25/- ක් පමණයි. ගුවන් විදුලි සංස්ථාවට යනවිට ඔවුන් දෙදෙනාට හමුවෙනවා, අද අපි අතර නැති සැක්සෆෝන් සහ බොක්ස් ගිටාර් වාදක රංජිත් පෙරේරා මහතා. "රංජි අයියා, මේ පොඩී ගීතයක් තියෙනවා. බැරිද ගිටාර් එක පොඩ්ඩක් ගහන්න එන්න?" යැයි ප්‍රේමකීර්ති මහතා අසනවා. මේ අතරේම එවකට ගුවන් විදුලියේ, ශබ්ද පරිපාලකයෙක් ලෙස කටයුතු කල, ප්‍රවීණ නළු යූ. ආරියවිමල් මහතාත් 12:301:00 ට වැඩ අවසන් කරලා යන්න හදන්න ඉන්නේ. "විමල්, පොඩි ගීතයක් තියෙනවා Record කරගන්න බැරිද?" කියලා ඔහුගෙනුත් ප්‍රේමකීර්ති මහතා අහනවා. "හරි හරි, අපි කරමු." කොහෙන්දෝ පොඩි ටේප් කැබැල්ලක් අරගෙන විත් දැන් පටිගත කරන්නට සූදානම් වුණා. "ප්‍රියා, හරි දැන් උඹ අර තනුව කියපන්" කිව්වාම, ප්‍රියා සූරියසේන මහතාත් මුමුණනවා. රංජිත් පෙරේරා මහතාත් බොක්ස් ගිටාරයෙන් වයනවා. ඒ අතරේ ප්‍රේමකීර්ති මහතාත් ඉතිරි පද වැල සම්පූර්ණ කරනවා. "හරි! හරි!! උඹ ආදරණීය නේරංජනා කියන එක හතර පස් සැරයක් කියපන්" ඉතින් ඒ වචන ටික එහෙම්ම Chorus එක බවට පත්වුණා. ඒ අතරේම අනික් පද ටිකත් ලියවුණා. යූ. ආරියවිමල් මහතාත් මේ අතරේ පටිගත කරගත්තා. ප්‍රේමකීර්ති මහතාත් ගිහින් අහලා බැලුවාම අපූරුවට ගීතය පටිගත වෙලා තියෙනවා. ඒක නෙමෙයි ප්‍රේමකීර්ති අයියේ, දැන් පරීක්ෂක මණ්ඩලයෙන් අනුමත කරලා නෑනේ මේ ගීතය? කොහොමද ප්‍රචාරයට දාන්නේ?" යනුවෙන් ප්‍රියා සූරියසේනයන් අසනවා. "හරි හරි ප්‍රශ්නයක් නෑ. අපි සංගීත පාලකතුමාට මේක දාලා බලමු. අපි කියමු මේක අවසරයෙන් තොර එකක්. මේ නිකං පටිගත කරා විතරයි කියලා කියමු." එවකට ගුවන් විදුලියේ සංගීත පාලකව සිටියේ, පී. ඩන්ස්ටන් ද සිල්වා මහතායි. එතුමාගේ අවසරය නැතිව එකල ගීතයක් ගුවන්විදුලියේ ප්‍රචාරය කරන්න බෑ. වහා දිවගොස් එතුමාට මේ බව සැලකරන ප්‍රේමකීර්ති මහතා, ගීත පටිගත කර ඇති පටිගබඩාවට එතුමාව කැඳවාගෙන එනවා. "සර් මේක පොඩ්ඩක් අහලා බලන්න." "හ්ම්!!! දාන්න බලන්න". ගීතය ඇසූ එතුමා "හරි හරි මේක වාදනය කරන්න" කියා අනුමැතිය දෙනවා. දින 4ක් විතර මේ ගීතය ප්‍රචාරය වෙනවා. අවසානයේ අදටත් ඉල්ලුමක් ඇති අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත්වී තිබෙනවා.

    (Copied මාධව විජේසේකර)
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මමත් හරිම ආස සිංදුවක්.

    හැබැයි කොච්චර ඇහුවත් මේකෙ තේරුම ගැන හරි අදහසක් ඔලුවට ඇවිල්ල නෑ..

    මට තේරුණ විදිහටනං,
    වේදිකාවේදී පමනක් දැක තිබෙන නිළියකට සිතින් ප්‍රේම කිරීමක් වගේ දෙයක් වෙන්න ඕනෙ.
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    පට්ට නේ බං.
    ඔය 70, 80 දශකවල මාරම සෙට් එකක් ලංකාවෙත්, ලෝකෙමත් ඉදලා තියනවා. මම හිතන්නේ ඒ මිනිස්සුන්ගේ හිත්වල තිබුන නිදහස නිසා වෙන්න ඇති ඔහොම ලස්සන වචන, තනු එලියට ආවේ. ප්‍රේමකීර්තිද අල්විස්ව නොමැරුවානම් තව කොච්චර ලස්සන සිංදු ලියවෙන්න තිබුනද.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පට්ට නේ බං.
    ඔය 70, 80 දශකවල මාරම සෙට් එකක් ලංකාවෙත්, ලෝකෙමත් ඉදලා තියනවා. මම හිතන්නේ ඒ මිනිස්සුන්ගේ හිත්වල තිබුන නිදහස නිසා වෙන්න ඇති ඔහොම ලස්සන වචන, තනු එලියට ආවේ. ප්‍රේමකීර්තිද අල්විස්ව නොමැරුවානම් තව කොච්චර ලස්සන සිංදු ලියවෙන්න තිබුනද.

    70s 80s nidahas? Amu kawilada ban?

    71 JVP karalla
    70-77 Haal polla miris polla. Kanna mukuth naha.
    83 kalu juliya
    87-88-89 Bishana yugaya.
    83 indan koti karadara
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මමත් හරිම ආස සිංදුවක්.

    හැබැයි කොච්චර ඇහුවත් මේකෙ තේරුම ගැන හරි අදහසක් ඔලුවට ඇවිල්ල නෑ..

    මට තේරුණ විදිහටනං,
    වේදිකාවේදී පමනක් දැක තිබෙන නිළියකට සිතින් ප්‍රේම කිරීමක් වගේ දෙයක් වෙන්න ඕනෙ.

    හොල්මනක් ගැන කියන්නේ 👇👇 :lol:

    කවුදෝ මා පසු පස එනු දැනුණා
    පාළු වීදියේ තනිකම මැකුණා
    ජීවමාන කිසිවකු සිටියේ නෑ
    එනමුදු කවුදෝ ඇති බව වැකුණා
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    පට්ට නේ බං.
    ඔය 70, 80 දශකවල මාරම සෙට් එකක් ලංකාවෙත්, ලෝකෙමත් ඉදලා තියනවා. මම හිතන්නේ ඒ මිනිස්සුන්ගේ හිත්වල තිබුන නිදහස නිසා වෙන්න ඇති ඔහොම ලස්සන වචන, තනු එලියට ආවේ. ප්‍රේමකීර්තිද අල්විස්ව නොමැරුවානම් තව කොච්චර ලස්සන සිංදු ලියවෙන්න තිබුනද.
    ජේවීපී යක්කු හොඳ මිනිස්සු කීයක් මැරුවද
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ප්‍රේමකීර්ති ද අල්විස් ගේ මැජික් එකක් :love:
    ප්‍රියා සූරියසේනගෙ ඔරිජිනල් ඇල්බම් එකක් හොයා ගන්න නැතිවෙයිද? අතනවත් නැති වෙයිද?
     
    • Like
    Reactions: AWeranga