ආදරනීය මතකය....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරනීය මතකය....

    අප හා මේ බැදීම පටන් ගත්තේ මීට වසර හතරකට පමණ පෙර යයි මට යාන්තමට මතක ඇත. ඔබ මා වෙත ආ පළමු දවස් වල ඔබව ආදරයෙන් මා වැලදගත් ආකාරය තවමත් මට මතකය. ඔබව අතිං අල්ලාගෙන හිර කරගෙන හැම තැනම අරං යාම එකල මගේ සිරිතක්ව පැවතින. ඔබ නැති උන්ට මට ඇති දේ පෙන්වීමට මම මහත් ඇල්මක් දැක්වූයෙමි. ඔබේ ප්රමානයවත් ඔබේ දරා ගැනීමේ හැකියාව ගැනවත් එකල කිසිම ගැටළුවක් පැන නොනැගුනි. ඔබ මට අවශ්‍ය ඕනෑම විටක ප්ලග් ඇන්ඩ් ප්ලේ වී ටක් ගා ඕපන් වීම නිසා මා ඔබට ගරු කළෙමි.

    එවන් පිවිතුරු ගරුත්වයක් ඉද හිට එන ඔටෝරන් ,මහ සෝනා , ෆන් ඊ එක් සී, ඩොකියුමන්ට්ස් , පිස්සු , ආදී අනේකවිද වෛරස් වලට කිසිසේත්ම සිද දැමිය නොහැකි බවට මා අදටත් විශ්වාස කරමි. ඔබතුලින් මා තැන තැන ප්රවාහනය කලා වූ දහසක් දේවල් මාගේ අතීතය මටම ආවර්ජනය කර දෙයි. ආදර හසුන වෙනුවට අසැබි යමක් දමා පෙම්වතියට දී මාගේ පළමු පෙම විනාශ වූයේ ඔබ නිසා නොව මාගේ තුච්ච නොයිවසිලිවන්තකම නිසා බව මම බැහැපත් ලෙස පිළිගනිමි. :dull:

    අද දින මාගෙන් හා මාගේ සියළු වැඩකටයුතු වලින් ඔබ බැහැරව යන බව තවමත් මට විශ්වාස කළ නොහැකි ය. එනමුත් කමක් නැත. ඔබගෙන් ලද පන්නරයෙන් තෘප්තිමත්ව මා ඊ බේ එකෙන් ගෙන්වන ලද 16 ජීබී මතකය දැන් ඔබේ අඩුව මට එතරම් දැනෙන්නට ඉඩ නොදේ.. :dull:

    ඔබගේ සමුගැනීම නිමිත්තෙන් මම අද රෑට නොකා ඉන්නට තීරණය කළෙමි.
    නමුත් හවස හන්දියට ගොස් පරාටා 6ක් අනුභව කර ගෙදර පැමිණියෙමි.:rolleyes:

    අතීතය දෙස හැරී බලද්දී මතුවන දහසකුත් එකක් ආවර්ජනයන්ගෙන් හද පුරවාගෙන , හිතට නැගෙන සියුම් වේදනාවකින් යුතුව ‍ඔබට මෙලෙස සමු දෙමි...

    Kingston 512MB. ඔබට සියළු දෙවි පිහිටයි.
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ මොකක්ද බං මේ?
    මට තාම මීටර් නෑ වගේ

    නොදකිං.....
    ඕකට තමයි කියන්නේ ලැට් අස්සෙ රිංගලා සමනල්ලු බලලා මොලේ කොලොප්පං වෙලා.. :baffled:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මගේ Kingston 1 GB එකද දැනට මා අතැර ගොස් ඇත...........
    එය එකල ගත් මුදලින් අද 16 GB එකක් ගත හැකි යැයි මට හැ‍ඟේ.............
    අකර්මණ්‍ය වුනු නමුදු එය මා ලඟ සදාකල් සුරැකිව රැ‍ඳෙනු ඇත.......
    මන්ද යත් අතීත සැමරුම් එසමගින් බද්ධව ඇති හෙයිනි.......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ Kingston 1 GB එකද දැනට මා අතැර ගොස් ඇත...........
    එය එකල ගත් මුදලින් අද 16 GB එකක් ගත හැකි යැයි මට හැ‍ඟේ.............
    අකර්මණ්‍ය වුනු නමුදු එය මා ලඟ සදාකල් සුරැකිව රැ‍ඳෙනු ඇත.......
    මන්ද යත් අතීත සැමරුම් එසමගින් බද්ධව ඇති හෙයිනි.......
    :(:(:(:(:(