කොළඹ මහ රෝහල අසලින් මහරගම පිහිටි තම බෝඩිමට යාමට බස්රථයට ගොඩ වූ තරුණයින් දෙපලකි...
එක් තරුණයෙක්ගේ මව රෝහල් ගත කර තිබෙන නිසා ඇය බැලීමට මේ දෙපල පැමිණ තිබින...
බසයට නැගුනු තරුණ දෙපල එකම අසුනකට බර වී කතාවක් නැතුවම දැන් මහරගම වෙත ගමන් කරයි..ඒ වෙන කවුරුත නොව වික්ටර් රත්නායක හා ප්‍රේමකිර්ති ද අල්විස් විය.
ප්‍රේමකීර්ති තම මවට පණ මෙන් ආදරය කලේය..
ඇය රෝහල් ගත කොට සිටීම මොහුට ඉතාමත් දුක්බරිත අවස්ථාවක් විය.. නමුත් එය මව සුව වීම සදහ අවශ්‍ය විය..
තම මව වෙනුවෙන් ඕනම අවස්ථාවන ප්‍රේමකීර්ති කදුලු සැලුවේය.
වික්ටර්ට එක්වරම අදහසක් පහළ විය..මක් නිසාද යත් මේ මොහොත ප්‍රේමගේ සංවේදීතම අවස්ථාවක් නිසාවෙනි.
වික්ටර් - "මචං ප්‍රෙම් සිංදුවක් ලියපන්කෝ"
ප්‍රේම් - "උඹට පිස්සුද බං අම්ම හොස්පිටස් එකේ උඹ මෙතන මගුලක් කියනවා"
වික්ටර් - "මම දන්නවා බං, මම උඹට කිව්වේ අම්ම ගැන ලියපං"
ප්‍රෙම් - "හ්ම්.."
එලෙස සිදුවූ දෙබසින් අනතුරුව ප්‍රේම්ගේ අතින් බස් ටිකට් එක මත වචන එකින් එක ගැලපෙන්නට විය
ආදරයේ උල්පත වූ අම්මා - මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිනෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී
මේ ආකාරයට තවත් මවු ගුණ ගීයක් බිහිවෙන්නට විය..
වික්ටර් තරුණයා මෙයට අපූරු තනුවක් එක් කොට ඇසින් කදුලු පනින ස්වරයකින් ගායනා කලේය.
ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන් ගීත රචනයේ කෙල පැමිනි " හිත හොද මිනිහෙක් " විය..
ඔහුගේ බොහෝ ගීත සත්‍ය සිද්ධි අනුසාරයෙන් නිර්මාණය වූ ඒවා විය...
මෙය ලියන මා කුඩාකලදීම ප්‍රේම් නම් ඒ සත්‍යවාදී අසහාය " හිත හොද මිනිසා " කුරිරු ලෙස ඝාතනය කර දමන ලදි.
ප්‍රේම් අපි නුඹට සදා ණයගැතියි !
හසිත හෙරත්
Got From Email..
