ආදරයේ උල්පත....

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    25fllib.jpg


    කොළඹ මහ රෝහල අසලින් මහරගම පිහිටි තම බෝඩිමට යාමට බස්රථයට ගොඩ වූ තරුණයින් දෙපලකි...

    එක් තරුණයෙක්ගේ මව රෝහල් ගත කර තිබෙන නිසා ඇය බැලීමට මේ දෙපල පැමිණ තිබින...

    බසයට නැගුනු තරුණ දෙපල එකම අසුනකට බර වී කතාවක් නැතුවම දැන් මහරගම වෙත ගමන් කරයි..ඒ වෙන කවුරුත ‍නොව වික්ටර් රත්නායක හා ප්‍රේමකිර්ති ද අල්විස් විය.

    ප්‍රේමකීර්ති තම මවට පණ මෙන් ආදරය කලේය..
    ඇය රෝහල් ගත කොට සිටීම මොහුට ඉතාමත් දුක්බරිත ‍අවස්ථාවක් විය.. නමුත් එය මව සුව වීම සදහ අවශ්‍ය විය..

    තම මව වෙනුවෙන් ඕනම අවස්ථාවන ප්‍රේමකීර්ති කදුලු සැලුවේය.
    වික්ටර්ට එක්වරම අදහසක් පහළ විය..මක් නිසාද යත් මේ මොහොත ප්‍රේමගේ සංවේදීතම අවස්ථාවක් නිසාවෙනි.

    වික්ටර් - "මචං ප්‍රෙම් සිංදුවක් ලියපන්කෝ"
    ප්‍රේම් - "උඹට පිස්සුද බං අම්ම හොස්පිටස් එකේ උ‍ඹ මෙතන මගුලක් කියනවා"
    වික්ටර් - "මම දන්නවා බං, මම උඹට කිව්වේ අම්ම ගැන ලියපං"
    ප්‍රෙම් - "හ්ම්.."

    එලෙස සිදුවූ දෙබසින් අනතුරුව ප්‍රේම්ගේ අතින් බස් ටිකට් එක මත වචන එකින් එක ගැලපෙන්නට විය

    ආදරයේ උල්පත වූ අම්මා - මා ඔබගේ පුතු වූ
    ඔබ මතු බුදුවන දවසේ
    මා රාහුල කුමරුන් සේ
    සෙවණ පතා අද මෙන් පැමිනෙන්නෙමි
    සුළැගිල්ලේ එල්ලී

    මේ ආකාරයට තවත් මවු ගුණ ගීයක් බිහිවෙන්නට විය..

    වික්ටර් තරුණයා මෙයට අපූරු තනුවක් එක් කොට ඇසින් කදුලු පනින ස්වරයකින් ගායනා කලේය.

    ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන් ගීත රචනයේ කෙල පැමිනි " හිත හොද මිනිහෙක් " විය..
    ඔහුගේ බොහෝ ගීත සත්‍ය සිද්ධි අනුසාරයෙන් නිර්මාණය වූ ඒවා විය...

    මෙය ලියන මා කුඩාකලදීම ප්‍රේම් නම් ඒ සත්‍යවාදී අසහාය " හිත හොද මිනිසා " කුරිරු ලෙස ඝාතනය කර දමන ලදි.

    ප්‍රේම් අපි නුඹට සදා ණයගැතියි !

    හසිත හෙරත්

    Got From Email..
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    මෙය ලියන මා කුඩාකලදීම ප්‍රේම් නම් ඒ සත්‍යවාදී අසහාය " හිත හොද මිනිසා " කුරිරු ලෙස ඝාතනය කර දමන ලදි

    ai maruwe??? kawudha maruwe???
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,506
    405
    83
    ”ඒ කාලේ මට ඕන කරලා තිබුණා ප්‍රේම්ට කියල අම්මා ගැන ගීයක් ලියව ගන්න. ඒ වෙනකොට පේ‍්‍රම්ගෙ අම්මා ඇස් ඔපරේෂන් එකකට රෝහල් ගතකරලා හිටියේ. ඔහු හිටියේ හිතේ අමාරුවෙන්. ප්‍රේම්ගෙ පවුලේ හිටියේ අක්කයි ඔහුයි පමණයි. පේ‍්‍රම් මට කිව්වා ඔයා අම්මා බලන්න ආවොත් අම්මා සතුටු වේවි කියලා. අපි ගුවන් විදුලියේ ළඟින් ඩබල් ඩෙකර් එකක නැගලා ඇස් රෝහලට ගියා. ඒ යනකොට අම්මගේ ඇස් දෙකම වහලා තිබුණේ ප්‍රේම් අම්මට කිව්වා “අම්මේ මේ දෙව්රම් වෙහෙරෙ සන්දුව කියන කෙනා” කියලා.

    ප්‍රේම් කිව්වා වගේම අම්මා සතුටු වුණා. මම ඔහුට කිව්වා “ප්‍රේම් මට අම්මා ගැන ගීතයක් අවශ්‍යයයි” කියලා.

    ඊට දවස් දෙකකට පස්සේ ඔහු මට “ආදරයේ උල්පත වූ අම්මා” ගීතය ලියලා ගෙනැත් දුන්නා. මට මගේ ජීවිතයේ රත්නෙ කියලා කතා කරපු දෙන්නයි හිටියේ. එක්කෙනෙක් මගෙ බිරිඳ චිත්‍රා. අනෙක් කෙනා ප්‍රේම්. ඔහු මට ‘රත්නෙ’ කිව්වා. මම ඔහුට ‘ප්‍රේම්’ කිව්වා.”

    ”මම අත්දැකීමෙන් දන්නා දෙයක් තමයි කුමක් හෝ සිදුවීමකින් දුකකට තැවීමකට පත්වූ වෙලාවක තමයි ප්‍රේම් අතින් අපූරු නිර්මාණ බිහිවී තිබෙන්නේ. ප්‍රේමයේ රස විඳින අතරතුර ‘කුරුල්ලන්ට ගී ගයන්න’ මගේ ගී ලියපු ඔහුම තමයි ප්‍රේමයේ විප්පයෝගයේදි “තනිතරුවේ ඔබ දෙතොල් පෙති ලිහි...” ආදී ගී ලියන්නෙත්. ඔහුට හරි අපූරු ආකල්ප තිබුණා.



    - සංගීතවේදී වික්ටර් රත්නායක

    :yes::yes::yes::yes:
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,506
    405
    83
    මෙය ලියන මා කුඩාකලදීම ප්‍රේම් නම් ඒ සත්‍යවාදී අසහාය " හිත හොද මිනිසා " කුරිරු ලෙස ඝාතනය කර දමන ලදි

    ai maruwe??? kawudha maruwe???

    Hm.. have stories machan, bt take a luk @ diz -->>

    http://premakeerthini.blogspot.com/

    n there are sum scanned images of a buk, n read it if u really interested in da matter,, :yes::yes:

    elas..