~ආදරයේ විරහව~

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    16531017936515541862410.jpg
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හිරු නැගෙන අඩ පැයේ
    දෝරෙ ගිය රන් එළිය
    එවන් විකසිත පැයක
    දිටිමි ඔබෙ මුව කමල

    කදුළු මැද තනිවූ හද
    කදුළු දිය සිදී ගොස්
    සුවඳ පිරි වසන්තය
    හදවතට එලැබුනා

    නෙත් කෙවෙනි සැර විදා
    සරා ගී සිනාවෙන්
    පුබුදු කල හද පියුම
    මිලින නොකරන් කිසිදින

    කල්පයේ ඉම තෙක්ම
    බව සසර සැරිසරණ
    අනන්ත වූ ආත්මයක්
    පතමි මම ඔබේ එළිය.....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිත සතන් වූ උණුසුමින්
    නෙත් පහන් වූ සිසිලසින්
    අවදිව මා හද ඔබේ ලතාවට
    මුව පුරා සිනාවට
    හද පුරා දයාවට
    පිරී ඉතිරී අන්ද මන්ද
    වී මසිත
    අවදිව ඇත ප්‍රේමයෙන්
    හද තුටින් අත්වැල් බැඳ
    පා නඟන්නට පෙලින් පෙල
    අන්න බලන්සකි
    මල් පිපිලා වසන්තයේ
    සුවදයි සුවදයි
    ප්‍රේමය එපා වෛර කරන්න
    කුමකටද මෛත්‍රිය
    ඇයිද අනුකම්පාව
    එපා මට කිසිවක් ඔබෙන්
    කියන්න..........................
    මුව පුරා සිනාවෙන්
    හද පුරා දයාවෙන්
    එකම එක වරක් මට
    ආදරේ යැයි කියා........
    :yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තරු පොකුරු කඩා හැලෙන
    නිශ්චල රාත්‍රියක
    අදුරු නුඔ ගැඹේ දකින
    සොදුරු සිහිනය ඔබයි
    නිදි නොමැති රෑ පුරාවට
    ගලා හැලුනු සිතුවිලි වැල්
    කොදුරන්නයි ඔබේ කනට
    ඉන්නේ මං මඟ බලාන
    නැවුම් පැතුම් පොදි බැඳගෙන
    හෙට හිමිදිරි පාන්දරම
    මගෙ රන්කඳ පිළිගන්නම්
    උණුසුම් හාදුවක් එක්ක....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නෙතේ කඳුළු නැතේ....

    හදේ පැතුම් ඉකිබිදිනා රාවය
    සවනත නොගැටී සිදී ගියාවේ
    ආදරයෙන් හද ගැහෙනා රාවය
    මතුදා ඔබහට නොම හැඟුනාවේ

    ලොව නිදිගත් සද නිදි එළවූ සිත
    ඔබ හමුවන්නට ඉගිල නොඒ නම්
    කඳුළින් මා නෙත යලිදු පිරෙනු නැත
    නොලැබෙන සෙනෙහස ගැන සිතලා

    කඳුලු නැතේ යලි නෙතට හඬන්නට
    හදවත උතුරන තැවුල් නිවන්නට
    අවසර දෙමි ඔබහට සමු ගන්නට
    යන්නට ඔබගේ සිහින ලෝකයට

    සසර පුරා පැතු පැතුම් ගිලිහිලා
    නොසිතූ විලසින් අප හමු වීලා
    ඒ හමුවීමේ පව මට දීලා
    ඔබ පිටවෙනු මැන මගෙන් මිදීලා

    නිදහස් වන්නට ඉඩ නොලැබෙන ලෙස
    අප හදවත් වට පවුරු බැදී නැත
    දෙපිය නඟන්නට සවි නැති වන ලෙස
    දෑතට දෙපයට විලංඟු ලා නැත

    කඳුළින් සුසුමින් හදවත පුරවා
    මෙතුවක් හැඬුමුත් පලයක් නොවුනිය
    සුළගේ දැවටී ඉවත ගියා මිස
    එහඬ ඇසුනු කිසිවෙක් ලොව නොවුනෙය.....
    :(
     
    Last edited:

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    කවුරුත් බලන්නෑ වගේ මචන්.කමක්නෑ අපි දෙන්න දිගටම පෝස්ට් කරමු.හිතටත් හොදයිනේ....:):):):)

    Elakiri machan:)
    කට්ටිය නම් Tread එක බලනවා මචන්. ඒත් වැඩිය කව්රුවත් Comment කරන්නෙ නැහැ.