සමහරවිට එයා ආදරය කරන කෙනෙක් ඉන්වද දන්නෙත් නැහැනෙ. එහෙමත් නැත්තම් එයාට ඔයා එයාට කැමතියි වගේ දැනිල ඔයාගෙ හිත රිදවන්න බැරි නිසා හිමින් සැරේ ඈත්වෙනන හදනවද දන්නෙත් නෑ. එහෙමත් නැත්තම් ඔයාට එයා ගැන ආදරයක් හෝ කැමැත්තක් ඇතිවීම නිසා එයා හැම වෙලේම ඔයා එක්ක එක විදියට කථා කරනන් ඕන කියන එක හිත කියනව වෙන්නත් පුළුවන්. එයා ඇත්තට ම මොනව හරි වැඩක් නිසා මේ දවස්වල් කාර්ය බහුලනම් ඔයාට අර විදියට දැනෙන්න තියන ඉඩකඩ වැඩියි. ඒ දේවල් කොහොම වුණත් ඕක ඔයාගෙ අනාගතය හා ජීවිතයට සම්බන්ධ එක ගැටලුවක්. ඒක නිසි හැඟීම්වලට ම යට වෙලා තීරණයක් ගන්න එක සුදුසු නෑ.
එයා ඔයාට කැමති හෝ අකමැති වුණත් ආදරයක් තිබුණ කියල ම ජීවිතේ අපට ගෙනයන්න හැකියාවක් නැහැනෙ නේද? මොකෝ ආදරයට භාහිර බලපෑම් එල්ලවෙනව වැඩියි. ඒ දේවලින් අපේ හිතට වුණත් බලපෑමක් වෙන්න පුළුවන්. ඒක නිසා ගොඩක් පරිසමින් හිතල බලල තමයි තීරණය කරන්න වෙන්න. අනිත් දේ තමයි ඔයා එයා ගැන කොච්චර දන්නවද කියන එක. තාම මාස 6 නෙ දැනගෙන. හිතෙන් විතරක් නෙමෙයි බුද්ධියත් පාවිච්චි කරල බලන්න. එතකොට ඔයාට යම් අදහසක් ගන්න පුළුවන් වෙයි.
oya kiyana katawa atte...



