ඔන්න පොඩි කතාවක් ... අවුරුදු 16 අම්මා කෙනෙක් වුන ගැනියෙක් ගැන ..
කෙල්ල තමයි කතාව කියන්නේ :-
එයා හිටියේ අපේ ගෙදරට උඩ ගෙදර මම හැමදාම එයාගේ ගෙදර ගියා අපි අසල්වැසියෝ නිසා ප්‍රශනයක් තිබුනේ නැ ..
අපි දෙන්නා අතර ආදර සම්බන්දයක් ඇති උනා මට එයා දකින්නේ නැතුව ඉන්න බැරි උනා එතර අපි ලිංගිකව එකතු උනා මේ ගැන දැනගෙන අපේ ගෙවල් වලින් කතා කරලා අපිව නීතිවිරෝදී විදිහට බන්දලා දුන්නා..
මට අවුරුදු 16න් බබා ලැබෙන්න ලං වුනා ඩොක්ටර්ස්ලා කිව්වේ ළමයෙකුට ළමයෙක් ලැබුනා කියලා..
මේ අතරේ මගේ සුවාමියාට රැකියාවක් නැ එයටත් වයස අවුරුදු 17යි මම එයාගේ ගෙදර පදිංචි වෙලා හිටියේ..
ළමයා බලාගත්තේ අම්මා ඉතිං මට ඒ හැටි වැටහීමක් නැ කාලය ගෙවිලා ගියා එයාට සල්ලි ඕන උනා රැකියාවක් නැ අන්තිමට එයා අරබිකරයට ගියා .. එයා ගියාට පස්සේ මට ලොකු තනිකමක් දැනුනා ඊටවඩා අවශ්‍යතාවයක් ඒ නිසා මම වටේ යන්න පටන් ගත්තා අම්මා ළමයා බලාගන්න නිසා මම විවිද මිනිස්සු ඇසුරු කළා ළමයා මොන්ටිසෝරි යවනකාලේ මට අක්කලා කිහිප දෙනෙක් හදුනාගන්න ලැබුනා අපි අතර සම්බන්දතා ගොඩ නැගුනා.. මේ අතරේ එයාත් රට ගිහිං ගැනු එක්ක අයුතු ඇසුරු පවත්වාගෙන යනවා කියලා දැනගන්න ලැබුනා ඒ නිසා මට හිතුනේ නැ මම කරන දේ වැරදි කියලා .. මට අවුරුදු 22 වෙනකොට ලිංග ආශ්රිත රෝගයක් වැලදුනා..මුල් වරට .. එතනින් එහාට හිතාගනින් ආදරේ නොදැන කලොත් කොහොමද කියලා ...
ආදරේ කොයිතරම් අන්දද කියලා දැන් තේරුම් ගන්න පුළුවන්නේ ..
ආදරෙයි ලිංගිකත්වයි ගැන ලංකාවේ මිට වඩා දැනුවත් කිරීමක් තිබිය යුතුයි ..
මේ කතාව මට කිව්වේ ඩොටේක් මේ වගේ කෙස් අනන්තවත් එනවාලු උන් ලගට..