ආදරේ කියන්න අලුත් විදිහක්…

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ආදරේ කියන්න අලුත් විදිහක්…

    linda11-610x250.jpg




    මිනිස්සු ආදරය ප්‍රකාශ කරන්නේ ඒ ඒ අයට ආදරේ දැනෙන විදිහට කියන එක අපි හැමෝම දන්න දෙයක්නේ. මේකත් ඒ වගේ ආදර කතාවක්නම් තමයි හැබැයි ටිකක් විතර වෙනස්.ආදරේ කියන්න සමහරු ලියුම් ලියද්දී තවත් සමහරු කෙළින්ම ගිහින් කියනවා. මොන මොන උප්පරවැටිට් දැම්මත් අන්තිමේ දී කොහොම කොහොම හරි කරලා තමන්ගේ ආදරය දිනා ගන්නනේ කවුරුත් උත්සහ කරන්නේ.ඉතින් මේ ආදර කතාව අපිට ආරංචි වෙන්නේ එංගලන්තයේ ඩර්හම් කියන ප්‍රදේශයෙන්.සුදු පාට VW වෑන් එකක් ජෝර්ජ් රෙනෝල්ඩ් කාර්මික ජනපද ප්‍රදේශයේ නවත්තලා තිබිලා. හැබැයි ඒ වෑන් එකනම් හරි පුදුම විදිහේ එකක්. මුළු වෑන් එක පුරාම එක එක දේවල් ලියලා තියෙනවා.ඒකේ වැඩියෙන්ම ලියලා තියෙන්නේ “ලින්ඩා මට සමාවෙන්න” කියලයි. සුදු පාට වෑන් එකේ රතු පාටින් තමයි ලියලා තියෙන්නේ. ඒ නිසා හොඳට කැපිලා පේනවා.

    “මං මෝඩයෙක්. කරන්නෙත් මෝඩ වැඩමයි”

    “හැබැයි මං ඔයාට ඇත්තටම ගොඩක් ආදරෙයි. අනේ! ඔයා ගෙදර එනවද?”

    “මට ඔයා නැති පාළුව හුඟක් දැනෙනවා”

    “මට ඔයාව ඕන හැමදාටම. ඔයා මාව බඳිනවා නේද?”

    මේක දැක්කම හැමෝටම පුදුමයි. ආදරේ කරන අය කොච්චරනම් ලෝකේ ඉන්නවද? ඒත් ඉතින් කොච්චර හිටියත් කවුද මේ ව‍ගේ ප්‍රසිද්ධියේ යෝජනා ගේන්නේ.??? ඒ හින්දමද කොහෙද දකින දකින හැමෝම එතන නැවතිලා ෆොටෝ අරගෙන තියෙන්නේ. තමන්ගේ ආදරය ගැන මේ තරම්ම වද වෙන කෙනා කවුද කියලාවත් මේ තරම් වද වෙන හේතුව මොකක්ද කියලාවත් කවුරුත්ම හරියට දන්නේනම් නෑ.මේ නියම ආදරවන්තයා ගැන හැමෝම කතාවෙන්නේ එයා ආදරේ අනිත් අයට වඩා වෙනස් විදිහට කියන හින්දා වෙන්න ඇති‍. කො‍හොම හරි කමක් නෑ හැමෝගෙම කතාබහට ලක්‍ වුණු මේ ආදරවන්තයාගේ බලාපොරොත්තුව ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලායි අපේනම් ප්‍රාර්ථනාව..........!!!!!

    fmderana/blog/
    හොදනම් සලකල යන්න:)
     
    Last edited by a moderator: