"ආදරේ" ගැන පොඩ්ඩක් වෙනස් ජාතියේ සින්දුවක්

LasithF

Junior member
  • Oct 21, 2020
    16
    29
    13
    www.youtube.com
    මචන් ලා, මම අද මගේ හතරවෙනි සින්දුව "ආදරේ" release කරා.

    මම මෙච්චර කල් කරපු හැම සින්දුවක් ම ඇවිත් Elakiri එකේ share කරල තියෙනවා, ඔගොල්ලොන් නොවරදවාම මට හැම සැරේම මරු support එකක් දීල තියෙනවා. ඒක ඇත්තටම මට ගොඩක් වටිනවා. මම සෑහෙන effort එකක් දෙනවා ලන්කාවේ music scene එකේ පොඩි වෙනස් විදිහෙ taste එකක් ලබා දෙන්න. හැබැයි කරන්න හදන්නේ වෙනස් දෙයක් හින්දත්, ලොකු budget නැති හින්දත්, සින්දුව අහල හිතට වදින කට්ටියගේ support එක තමා වැදගත් ම දේ.

    ඉතින් යාලුවනේ, ඔගොල්ලොන් නිවි සැනසිල්ලේ ඉන්න වෙලාවක මගේ අලුත් සින්දුවත් අහල බලන්න. හිතෙන දේ මට මෙතන හරි Yotube comments එකේ හරි කියන්න. මම නොවරදවාම හැම comment එකක් ම කියවනවා.


    සින්දුව ඔගොල්ලොන්ගේ හිතට වැදුනා නම්, සින්දුවෙන් පොඩි හරි ඔගොල්ලොන්ගේ ජීවිතයෙන් කතාවකට සමීප කතාවක් ඇහෙනවානම්, පුලුවන් විදිහට share කරල මට support එකක් දෙන්න. මම යන මේ ගමනට ඒක මට ගොඩක් වටිනවා, ඒක මට ලොකු හයියක්, සතුටක්.

    මීට,

    ලසිත්
     

    LasithF

    Junior member
  • Oct 21, 2020
    16
    29
    13
    www.youtube.com
    Lyrics:


    නෙතු මානින් වුවත්, ගිනි දැල්ලෙන් මා සිත රත් වෙන්නේ
    මහ දුරකින් වුවත්, වෙඩි හඬකින් මා හද ගැස්සෙන්නේ

    හැම වදනින් මගේ ලේ විසිරූවේ
    දුම් අළුවෙන් මහ රෑ කළුවූවේ
    මේ සටනට නෑ මා හුරුවූවේ
    යුද පිටියක් වූවාදෝ මේ ආදරේ?

    මගෙ මිතුරන් වුවත්
    මා තනිකර ඔබ වෙත දිව එන්නේ
    ඔබ නිහඬින් ඉඳන්
    මා හදවත ගිනිගන්නා බැලුවේ

    හැම වදනින් මගේ ලේ විසිරූවේ
    දුම් අළුවෙන් මහ රෑ කළුවූවේ
    මේ සටනට නෑ මා හුරුවූවේ
    යුද පිටියක් වූවාදෝ මේ ආදරේ?

    -Bridge-

    කෙඳිරි පියාපතින් තළා, ආකාසේ විසිවෙලා පියඹන්නම්
    දෙදරන වැහි පහර දරා කුණාටුවට මුසුවෙලා බිඳෙන්නම්



    -Solo-

    තනි මුරකින් නිදන්,
    හිම වැස්සක මා දැන් ගිලිහෙන්නේ
    ගිනි දියරක් මතින්
    සිඳලුනු මේ සිතුවිලි පාවෙන්නේ

    ගොම්මන් රෑ නෑ එළිවෙන්නේ
    වෙව්ලන මේ සිත නෑ නිදියන්නේ
    ඇයි ඔබ මේ සටනට හුරුවූවේ
    යුද පිටියක් වූවාදෝ මේ ආදරේ?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    1,062
    1,554
    113
    SOLID AF මචන්!!! 80's vibe එක හොදට ටච් වෙලා තියෙනවා. ලිරික්ස් වොකල්ස් පට්ට! Wish you a good luck!
     
    • Like
    Reactions: LasithF

    LasithF

    Junior member
  • Oct 21, 2020
    16
    29
    13
    www.youtube.com
    SOLID AF මචන්!!! 80's vibe එක හොදට ටච් වෙලා තියෙනවා. ලිරික්ස් වොකල්ස් පට්ට! Wish you a good luck!


    Ade thanks so much brother! 80s vibe eke thama magey heart aka thiyenne :D

    keep up bro. good luck(y)
    Thank you bro!
    ------ Post added on Jan 14, 2021 at 12:24 PM

    keep up bro. good luck(y)
    Thanks brother
    ------ Post added on Jan 14, 2021 at 12:29 PM