කොහොම හරි කියපු දවසේම අලුත් company එකට join වෙන්න බැරි උනා ..ඊට මාසෙකට පස්සේ තමයි අලුත් තැනට වැඩට එන්න කිවුවේ ..කොහොම හරි කොරෝනා case එක නිසා ගෙදර ඉදන් වැඩ කරන්න chance එක ලැබුණා ..ඒක නිසාම මමත් සදමලිගේ ගෙදර දිගටම හිටියා ..බබාගේ වැඩ වලටත් සැහෙන්න උදවු කලා ..මේ හිටපු කාලය තමයි මම තේරුම් ගත්තේ සදමාලිගේ පවුල කොහොමද කියලා ..මම normally උදේ පාන්දර නැගිටින්න පුරුදු කෙනෙක්. හැබයි එයාලා උදේට නැගිටින්නේ 7-8 වෙලා ...උදේට කෑම කන්නේ 10 ට විතර ..ගොඩක් දවස් වලට දවල්ට කෑම හදන්නේ නැහැ ..දවල්ට biscuits කාල කිරි එකක් බීලා රැට ගොඩක් වෙලාවට කන්නේ බත්..ඒකත් ගොඩක් වෙලාවට ගෙවල් ළග තියෙන chinese රෙස්ටුරන්ට් එකකින් order කරනවා ..වවුලගේ ගෙදර ගියා නම් ඒ විදියට හිටු කිවුව වගේ මමත් ඒ system එකට අකමැති උනත් හුරු උනා ..හැබැයි ඉවසන්නම බැරි දේ උනේ ගෙදර ඉන්න හැම මිනිහටම හොස්ස ලගින් මැස්ස යන්න බැහැ ..මහා හයියෙන් බැන ගන්නවා ..සදමලිවත් එයාගේ අක්කවත් අම්මව සතේකට ගණන් ගන්නේ නැහැ ..ඒ මනුස්සය පොඩි වැරද්දක් කලත් ඇති මේ දෙන්න බනිනවා ..අ මදිවට සමහර දවස් වල මේ දෙන්නත් රණ්ඩු ..රැට කෑම කළා භාජන සොදන්නේ නැහැ..කුස්සියේ එහෙනමම තියල තියෙනවා ඉදුල් ගද ගගහ උදේ වෙන කම්ම ...සදමලිගේ තාත්තා ගෙදර වැඩ ගැන කිසිම දෙයක් හොයල බැලුවේ නැහැ...ඔක්කොම කරන්නේ එයාගේ අම්මයි අක්කයි ..හැබැයි පොඩ්ඩ වැරදුනාද සදමලිගේ තාත්ත බනිනවා අනිත් අයට ..හැබැයි සදම්ලිගේ අම්ම සතේකට ගන්න ගන්නේ නැහැ එයාගේ තාත්තාව ..මේ දේවල් නිසා ඒ ගෙදර ඉන්න එක මට ඇති උනා ..ඒ එක්කම මගේ හිතට ආපු දේ තමයි මේ මිනිස්සුගේ චර්යාවම තමයි සදමලිටත් බල පාල තියෙන්නේ කියලා ...සදමලිගේ ගෙදර හිටපු කාලය තුල බබාගේ වැඩ වලට සදම්ලිගේ වැඩ වලට කොච්චර උදවු කලත් එයාට එකේ වටිනා කමක් තිබ්බේ නැහැ ...බබා නැති උනත් එකේ කේන්තිය පිට කලේ මගෙන් ...මුලින්ම හිතුවා මේ පසු ප්‍රසව මානසික අවපිඩනය වෙන්න ඇති කිඅල. මොඅකද ඒක samaniya දෙයක් නිසා .කොහොමෙන් හරි බබා ලැබිලා මාස 6 විටරම සදමලිගේ දිහා හිටිය නිසා අපේ ගෙදර යන්න ලෑස්ති උනා ..හැබැයි ඒකට සදම්ලිගේ ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ ...