ආදරේ සුන්දරයි - Season 02

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,827
    31,014
    113
    මේ දේවල් ඔක්කොම අස්සේ සදමාලි pregnant උනා ...ඒක මුලින්ම දැන ගත්ත දවසේ පුදුම සතුටක් හිතට ආවේ ..ඒ හැගීම වචන වලට පෙරලන්න අමාරුයි. එදා ඉදන්ම අපි දෙන්නා ලෑස්ති උනේ අපේ පවුලට එන අමුත්තව පිළිගන්න ...මේ වෙනකොට අපේ ගෙදර අම්මගේ වත් තාත්තගේ වත් කිසිම අමනාපයක් තිබුනේ නැහැ සදමාලි එක්ක ..එයාට කන්න ඕනි හැම දෙයක්ම අපේ අම්මා හදල දුන්නා ..බබාව ලැබෙන්න කිට්ටු වෙනකොට සදමාලි එයාලගේ අම්මගේ ගෙදර ගියා ..මමත් හැම වීක් එන්ඩ් එකේම එහෙ හිටියේ ..කොහොමෙන් හරි අදාල දවසට හොස්පිටල් එකට ඇතුළු උනා ...මමයි සදමල්යි එයාගේ අමම්යි නතර වෙන්න බලාගෙනම හොස්පිටල් එකට ගියා ..නොර්මල් delivery එකකට ready වෙලා ගියත් අන්තිම මොහොතේ doctors ලගේ උපදෙස් පිට C-section යන්න උනා ...බබාව මුලින්ම දැකල තුරුළු කර ගත්ත මොහොත තාම මතකයි ...මමත් දැන් තාත්තා කෙනෙක් කියන හැගීම හොදටම දැනෙන්න ගත්තා ..කොහොම උනත් සමහර report වල ප්‍රශ්න නිසා අපිට දවස් 4ම හොස්පිටල් එකේ ඉන්න උනා ..ඒ දවස් 4ම හරියට නින්දක් තිබ්බේ නැහැ ..සදමාලිගේ අම්මත් වයස නිසා මම සදමලිගේ රෙදිත් සේදුවා ..බබාට අරන් ගිය nappy මදි උන නිසා ඒවත් සෝදා සෝද පාවිච්චි කලා ...හොස්පිටල් එකෙන් කෙලින්ම ගියේ සදමලිගේ ගෙදර.පලවෙනි මාස 3 මාර කට්ටක් කන්න උනේ ..හැබැයි අදටත් ඒක මතක් වෙනකොට සුන්දරයි .. ඔය අතරේම office එකෙ තිබ්බ ප්‍රශ්න නිසා මම එතනින් අයින් උනා ..වෙන තැනකට join වෙන්න බලාගෙන ..වෙන තැනක් සෙට් වෙලා තිබ්බේ ජොබ් එකට.. මමත් හැම වීක් එන්ඩ් එකේම සද්මලිගේ ගෙදර නතර වෙලා හිටියේ ..ඔය අස්සේ තමයි කොරෝන case එකට රටම lock කලේ ..දැන් මට ගෙදර යන්න විදියකුත් නැහැ.කොරේ පිටට මරේ කියල අලුතින් join වෙන්න හිටපු තැනින් කතා කරලා කියපි මේ situation එකේ අලුතින් ගන්න බැහැ කියලා ..මම එයාලත් එක්ක මුකුත් sign කරලා නොතිබ්බ නිසා මට කරන්න දෙයක් තිබ්බෙත් නැහැ ...
    අලුතෙන් යන්න යන කම්පැනි එකෙන් එපොයිමන්ට් ලෙටර් එකක් ගන්නෙ නැතුවද කලිං එකෙන් අයින් උනේ? අනේ යකෝ තෝ වගේ අමු ගවයෙක් 🤮 ගෑනි හිටියනං තමා පුදුම
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    කොහොම හරි කියපු දවසේම අලුත් company එකට join වෙන්න බැරි උනා ..ඊට මාසෙකට පස්සේ තමයි අලුත් තැනට වැඩට එන්න කිවුවේ ..කොහොම හරි කොරෝනා case එක නිසා ගෙදර ඉදන් වැඩ කරන්න chance එක ලැබුණා ..ඒක නිසාම මමත් සදමලිගේ ගෙදර දිගටම හිටියා ..බබාගේ වැඩ වලටත් සැහෙන්න උදවු කලා ..මේ හිටපු කාලය තමයි මම තේරුම් ගත්තේ සදමාලිගේ පවුල කොහොමද කියලා ..මම normally උදේ පාන්දර නැගිටින්න පුරුදු කෙනෙක්. හැබයි එයාලා උදේට නැගිටින්නේ 7-8 වෙලා ...උදේට කෑම කන්නේ 10 ට විතර ..ගොඩක් දවස් වලට දවල්ට කෑම හදන්නේ නැහැ ..දවල්ට biscuits කාල කිරි එකක් බීලා රැට ගොඩක් වෙලාවට කන්නේ බත්..ඒකත් ගොඩක් වෙලාවට ගෙවල් ළග තියෙන chinese රෙස්ටුරන්ට් එකකින් order කරනවා ..වවුලගේ ගෙදර ගියා නම් ඒ විදියට හිටු කිවුව වගේ මමත් ඒ system එකට අකමැති උනත් හුරු උනා ..හැබැයි ඉවසන්නම බැරි දේ උනේ ගෙදර ඉන්න හැම මිනිහටම හොස්ස ලගින් මැස්ස යන්න බැහැ ..මහා හයියෙන් බැන ගන්නවා ..සදමලිවත් එයාගේ අක්කවත් අම්මව සතේකට ගණන් ගන්නේ නැහැ ..ඒ මනුස්සය පොඩි වැරද්දක් කලත් ඇති මේ දෙන්න බනිනවා ..අ මදිවට සමහර දවස් වල මේ දෙන්නත් රණ්ඩු ..රැට කෑම කළා භාජන සොදන්නේ නැහැ..කුස්සියේ එහෙනමම තියල තියෙනවා ඉදුල් ගද ගගහ උදේ වෙන කම්ම ...සදමලිගේ තාත්තා ගෙදර වැඩ ගැන කිසිම දෙයක් හොයල බැලුවේ නැහැ...ඔක්කොම කරන්නේ එයාගේ අම්මයි අක්කයි ..හැබැයි පොඩ්ඩ වැරදුනාද සදමලිගේ තාත්ත බනිනවා අනිත් අයට ..හැබැයි සදම්ලිගේ අම්ම සතේකට ගන්න ගන්නේ නැහැ එයාගේ තාත්තාව ..මේ දේවල් නිසා ඒ ගෙදර ඉන්න එක මට ඇති උනා ..ඒ එක්කම මගේ හිතට ආපු දේ තමයි මේ මිනිස්සුගේ චර්යාවම තමයි සදමලිටත් බල පාල තියෙන්නේ කියලා ...සදමලිගේ ගෙදර හිටපු කාලය තුල බබාගේ වැඩ වලට සදම්ලිගේ වැඩ වලට කොච්චර උදවු කලත් එයාට එකේ වටිනා කමක් තිබ්බේ නැහැ ...බබා නැති උනත් එකේ කේන්තිය පිට කලේ මගෙන් ...මුලින්ම හිතුවා මේ පසු ප්‍රසව මානසික අවපිඩනය වෙන්න ඇති කිඅල. මොඅකද ඒක samaniya දෙයක් නිසා .කොහොමෙන් හරි බබා ලැබිලා මාස 6 විටරම සදමලිගේ දිහා හිටිය නිසා අපේ ගෙදර යන්න ලෑස්ති උනා ..හැබැයි ඒකට සදම්ලිගේ ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ ...
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ආදරේ සුන්දරයි කතාව ලියන්න ගත්තේ මීට අවුරුදු 4ට කලින්..කතාව ඉවර උනේ මගෙයි සදමලිගෙයි විවාහයෙන් ...අපේ ගෙදර දැඩි අකමැත්ත කමත්තකට හරවාගෙන හදහන බලපු තැන් 4න් 3ක්ම කරන්න එපා කියද්දී මගේ යාලුවෝ සදමාලිව මට ගැලපෙන්නේ නැහැ කියද්දී අපි දෙන්න එක වහලක් යටට උනේ ..මුලින් කතාව කියවන්න ගොඩක් අය එකතු උනා වගේම ඒකෙම දෙවැනි කොටස කියවන්නත් කට්ටියම එකතු වෙයි කියල හිතනවා ..මේක ලියනවද නැද්ද කියල ගොඩක් කල්පනා කලා ..අන්තිමට හිතුවා එළකිරියේ යාලුඔව්ත් එක්ක share කර ගන්න ..ප්‍රදානම හේතුව මනසට දැනෙන සැහැල්ලුව ...

    අතුරු කතාවකින් එහෙනම් ආරම්බය ගන්නම් මම. මේක මම පලවෙනි කොටසේදී කිඋවේ නැහැ ...මේක වෙන්නේ සදමාලි මගෙයි
    wedding එක වෙන්න අවුරුද්දකට කලින් වගේ ...එතකොට සදමාලි මමයි අතරේ රණ්ඩු උපරිමයි .. එයාගේ නම නිමේෂි ..නිමේෂි ගම දකුණේ ..වැඩ කලේ කොළඹ ..එයාගේ නැන්දගේ ගෙදර තමයි එයා නතර වෙලා හිටියේ ..එයාගේ නැන්ද හිටියේ අපේ ගෙවල් ලග ..ඒක නිසා එයාලගේ නැන්දලයි අපේ ගෙදර අයයි අතරේ ලොකු හිතවත් කමක් තිබ්බ ..අපි දෙන්න අතරෙත් හිතවත් කමක් විටරක් තිබ්බ ..ඒ වෙනකොටත් අවුරුදු 5ක ආදරේකින් පැරදිලා නැවත විවාහ වෙන්නේ නැහැ කියන අදහසින් නිමේෂි හිටියේ ..නිමේශිට පුළුවන් උනා අපේ ගෙදර අයගේ හිත දිනා ගන්න ..අපේ අම්ම නම් වැඩි කැමැත්තක් නොතිබ්බත් තාත්තා ගොඩක් හොද තමයි නිමේශිගේ කිඋවේ ..මගෙයි සදමාලි අතර ප්‍රශ්න වැඩි නිසා හිතවත්කමට මම ඒවා නිමේෂි එක්ක share කර ගත්ත ..නිමේශිත් එයාගේ පරණ කතාව මට කියල තිබ්බේ ...දන්නෙම නැතුව අපි දෙන්න අතරේ ලොකු හිතවත්කමක් ගොඩ නැගුනා ..

    හෙට පෝය නේ ..අපි පන්සල් යමුද ...මට හරි ආසයි ඔයත් එක්ක පන්සල් යන්න ..
    හ්ම්ම් ..යමු ..අපි දෙන්නට පන්සලකට යන්නම බැරි උනානේ ..

    පස්සේ දවසේ අපි දෙන්නම් පන්සල් ගියා ...

    මාර සැහැල්ලුවක් දැනෙන්නේ අයියේ ...මහේෂ් එක්කත් මම ඉස්සර කළෙම පෝයට වරද්දන්නෙ නැතුව පන්සලකට ගිය එක ...එන්න අයියේ අපි පොල්තෙල් දාලා පහන් පත්තු කරමු ...

    හයියෝ මගේ අතත් පිච්චුවනේ ..ඉන්න බැහැ දැවිල්ලයි ..

    අනේ sorry අනේ ..මම හිතල කලේ නැහැනේ ...එන්න අපි ටැප් එකට අල්ලලා වතුර ටිකක් දාමු ..දැවිල්ල නැතුව යන්න ..

    ඕනි නැහැ ..ඒක එචර ගානක් නැහැ ...කොහොම හරි පලවෙනි දවසෙම පන්සල් ඇවිත් මගේ අතත් පිච්හුව නේද ..

    හ්ම්ම්ම් ..අපි දෙන්නටම ඒක මතක සටහනක් වෙයි නේද..හැමදාම මතක් වෙඉ මුලින්ම පන්සල් ඇවිත් අත පුච්චපු එක ..

    එන්න අයියේ අපි බෝදියටත් පැන් කලයක් දාමු ..

    අපි දෙන්නම එදා මාර සැහැල්ලුවෙන් හිටියේ ..කොහොමෙන් හරි සදමලිගේ ප්‍රශ්න ගැන ඔක්කොම දේවල් නිමේෂි දැනන් හිටිය වගේම දන්නෙම නැතුව මමයි නිමේෂි ගොඩක් ලං උනා
    4750083-nick-young-png-images-nick-young-clipart-free-download-nick-young-png-310_308_preview.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    ටික දවසකින් අනුරාධපුර අක්කගේ සිද්දියත් අපි හැමෝටම අමතක වෙලා ගියා ..සදමලිත් ඒක අමතක කරලා දැම්මා කියලා මම හිතුවා ..සුපුරුදු විදියට අපේ ජිවිත ගමන ගලාගෙන ගියා ..ඔය අතරේ අපේ අම්මගේ අතේ හිරි වැටෙන ඇගිලි නවන්න බැරි අසනීපයක් ආවා ..අම්මා කොච්චර කිවුවත් සිංහල බෙහෙත් ගන්න තමයි කැමැත්ත ..අනුරාධපුරේ හොද වෙද මහත්තයෙක් ඉනවලු කියලා අදුරන කෙනෙක් කියලා තිබ්බා ..
    අනුරාධපුර අක්කා කිව්වේ ඥානක්කා ද?

    උඹ මේ කතාව අවුරුදු කීයක් තිස්සේ ලියනවද බන්. අපිට දැන් මුල මතකත් නෑ. ලියන උඹටවත් මතකද මුල?
     
    • Haha
    Reactions: Satan_at_Hell

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,014
    113
    කොහොම හරි කියපු දවසේම අලුත් company එකට join වෙන්න බැරි උනා ..ඊට මාසෙකට පස්සේ තමයි අලුත් තැනට වැඩට එන්න කිවුවේ ..කොහොම හරි කොරෝනා case එක නිසා ගෙදර ඉදන් වැඩ කරන්න chance එක ලැබුණා ..ඒක නිසාම මමත් සදමලිගේ ගෙදර දිගටම හිටියා ..බබාගේ වැඩ වලටත් සැහෙන්න උදවු කලා ..මේ හිටපු කාලය තමයි මම තේරුම් ගත්තේ සදමාලිගේ පවුල කොහොමද කියලා ..මම normally උදේ පාන්දර නැගිටින්න පුරුදු කෙනෙක්. හැබයි එයාලා උදේට නැගිටින්නේ 7-8 වෙලා ...උදේට කෑම කන්නේ 10 ට විතර ..ගොඩක් දවස් වලට දවල්ට කෑම හදන්නේ නැහැ ..දවල්ට biscuits කාල කිරි එකක් බීලා රැට ගොඩක් වෙලාවට කන්නේ බත්..ඒකත් ගොඩක් වෙලාවට ගෙවල් ළග තියෙන chinese රෙස්ටුරන්ට් එකකින් order කරනවා ..වවුලගේ ගෙදර ගියා නම් ඒ විදියට හිටු කිවුව වගේ මමත් ඒ system එකට අකමැති උනත් හුරු උනා ..හැබැයි ඉවසන්නම බැරි දේ උනේ ගෙදර ඉන්න හැම මිනිහටම හොස්ස ලගින් මැස්ස යන්න බැහැ ..මහා හයියෙන් බැන ගන්නවා ..සදමලිවත් එයාගේ අක්කවත් අම්මව සතේකට ගණන් ගන්නේ නැහැ ..ඒ මනුස්සය පොඩි වැරද්දක් කලත් ඇති මේ දෙන්න බනිනවා ..අ මදිවට සමහර දවස් වල මේ දෙන්නත් රණ්ඩු ..රැට කෑම කළා භාජන සොදන්නේ නැහැ..කුස්සියේ එහෙනමම තියල තියෙනවා ඉදුල් ගද ගගහ උදේ වෙන කම්ම ...සදමලිගේ තාත්තා ගෙදර වැඩ ගැන කිසිම දෙයක් හොයල බැලුවේ නැහැ...ඔක්කොම කරන්නේ එයාගේ අම්මයි අක්කයි ..හැබැයි පොඩ්ඩ වැරදුනාද සදමලිගේ තාත්ත බනිනවා අනිත් අයට ..හැබැයි සදම්ලිගේ අම්ම සතේකට ගන්න ගන්නේ නැහැ එයාගේ තාත්තාව ..මේ දේවල් නිසා ඒ ගෙදර ඉන්න එක මට ඇති උනා ..ඒ එක්කම මගේ හිතට ආපු දේ තමයි මේ මිනිස්සුගේ චර්යාවම තමයි සදමලිටත් බල පාල තියෙන්නේ කියලා ...සදමලිගේ ගෙදර හිටපු කාලය තුල බබාගේ වැඩ වලට සදම්ලිගේ වැඩ වලට කොච්චර උදවු කලත් එයාට එකේ වටිනා කමක් තිබ්බේ නැහැ ...බබා නැති උනත් එකේ කේන්තිය පිට කලේ මගෙන් ...මුලින්ම හිතුවා මේ පසු ප්‍රසව මානසික අවපිඩනය වෙන්න ඇති කිඅල. මොඅකද ඒක samaniya දෙයක් නිසා .කොහොමෙන් හරි බබා ලැබිලා මාස 6 විටරම සදමලිගේ දිහා හිටිය නිසා අපේ ගෙදර යන්න ලෑස්ති උනා ..හැබැයි ඒකට සදම්ලිගේ ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ ...
    අඩෝ බදින්නත් සිරාවට බය හිතෙනවා බං උබේ කතා සෙට් එක කියෙව්වම 🤮 ඇත්ත කියහන් උබට අර එමියොසාගෙ no wife no kids no worries NGO එකෙන් ගෙවනවානේද සිංහලු බය කරලා බදින එක නවත්තන එකට @Emios
     
    • Haha
    Reactions: Satan_at_Hell

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    tahudu. aye liyanawa menna
    hikz..aye liyanna hituna..
    අනුරාධපුර අක්කා කිව්වේ ඥානක්කා ද?

    උඹ මේ කතාව අවුරුදු කීයක් තිස්සේ ලියනවද බන්. අපිට දැන් මුල මතකත් නෑ. ලියන උඹටවත් මතකද මුල?
    hikz...meka liyanne hetuwak athuwa ban...
    අඩෝ බදින්නත් සිරාවට බය හිතෙනවා බං උබේ කතා සෙට් එක කියෙව්වම 🤮 ඇත්ත කියහන් උබට අර එමියොසාගෙ no wife no kids no worries NGO එකෙන් ගෙවනවානේද සිංහලු බය කරලා බදින එක නවත්තන එකට @Emios
    hehe..na ban...mata hituna aye meka liya iwarayak karanna...oni kenekta kamati deyak kiyanna puluwan...
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    hikz..aye liyanna hituna..

    hikz...meka liyanne hetuwak athuwa ban...

    hehe..na ban...mata hituna aye meka liya iwarayak karanna...oni kenekta kamati deyak kiyanna puluwan...
    පරණ සිද්දි උනත් උබට එවාගේ පොඩි පොඩි පොයින්ට්ස් එහෙමත් මතකයිනේ. නැත්තම් උබ ඒ කාලේම ඔවා පුස්තකාරූඩ කරාද?
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    පරණ සිද්දි උනත් උබට එවාගේ පොඩි පොඩි පොයින්ට්ස් එහෙමත් මතකයිනේ. නැත්තම් උබ ඒ කාලේම ඔවා පුස්තකාරූඩ කරාද?
    :rofl::rofl::lol::lol:

    කොහොමහරි බබාව ලැබිලා මාස 7න් පස්සේ අපි දෙන්නම අපේ ගෙදර ආවා ..සදමලිත් ආයෙත් වැඩට යන්න ඕනි නිසාත් මමත් ජොබ් එක කරන නිසාත් අපේ අම්මලට දරුවාව බලන්න කරදර කරන්න අකමැති නිසාත් බබාව බලන්න කෙනෙක් කතා කර ගත්ත උදේ ඇවිත් හවස යන්න ගෙවල් ලග අක්ක කෙනෙක් ...ඔහොම ටික දවසක් ගෙවිලා ගියා ...බබාව බලන්න ගෙන්න ගත්ත අක්කට මාසයක් යනකනුත් බබාගේ වැඩ ටික හරියට කරන්න බැරි උනා ...විශේෂෙන්ම බබාට මොන විදියකටවත් කවා ගන්න බැරි උනා ඒ අක්කට ..මම ජොබ් එක කලේ ගෙදර ඉදන් නිසා බබාගේ වැඩ ගොඩක් කලේ මම ..ඉතින් මම තමයි හැම වේලක්ම බබාට කැවුවේ ..සැහෙන්න වෙලාවක් යනවා ඕකට ..බබාව නාවන එකත් සමහර දවසට කරන්න උනා අක්කට බබාව හුරු නැති නිසා ..අන්තිමට office එකේ මිස් වෙච්ච වැඩ සදමාලි වැඩ ඇරිලා ගෙදර ආවට පස්සේ රෑ වෙනකම් කලා ...කොහොම හරි තේරුන එකම දේ තමයි බබාව බලන්න කෙනෙක් වැඩට ගත්තට එයාට වඩා මමයි වැඩ කලේ බබාගේ ..ඒ අක්කට මුකුත් කියන්නත් බැරුව හිටියේ අපේ ගෙවල් ලගම කෙනෙක් නිසා ..office එකේ වැඩත් balance කරන්න ඕනි නිසා මහා රෑ වෙනකම් වැඩ කරන්න උනා ..සදමාලී උදේට වැඩට යන්නේ බබාට ඕනි කරන කෑම හදලා .. සදමාලිට තනියම වැඩ කරන්න අමාරු නිසා අපේ අම්මත් උදවු වෙනවා කෑම හදන්න ..මම කිරි හදලා සදමලිට ගෙනියන්න කෑම එකත් බෙදල පාර්සල් කරලා දෙන්නේ වෙලාව ඉතුරු කර ගන්න ඕනි නිසා ..ඊට පස්සේ අම්මට බබව බලන්න දීලා මම සදමාලි ව office ට්‍රාන්ස්පෝර්ට් එකට එක්කන් යනවා .සදමාලි කොහොමත් වැඩ ඇරිලා ගෙදර එනකොට 6 විතර වෙනවා .අම්ම කොහොමත් රෑට අපි ඔක්කොටම කෑම හදනවා .ඒක නිසා සදමලිට තිබ්බේ බබාව නිදිකරවන්න විතරයි ...කොච්චර හොදට නිදා ගත්තත් පාන්දර කිට්ටු වෙලා නැගිටිනවමයි ..එහෙම නැගිට්ටම පැය 2 -3 යනකම් නිදි කරවනවා කියන්නේ බොරු වැඩක්..එක්කෝ අඩනවා ..එක්කෝ එයා සෙල්ලම් කරනවා ...

    බලන්නකෝ අනේ ..දැන් ආයෙමත් බබා පාන්දර නැගිටින්න පුරුදු වෙලානේ ..අඩනවා අඩනවා ඉවරයක් නැහැ ..හරි අමරුයි නිදි කරවන්න ..මම පාන්දර නැගිටලා වැඩට යනන්ත් ඕනි ..ඔයාටත් කිසිම ගානක්වත් නැහැ ..ඔයාගේ අම්ම බබා අඩනවා කියල නිකමටවත් එන්නේ නැහැනේ බලන්න ..කිසිම හැගීමක් නැති මනුස්සයෙක් ..ඔයාට මතකනේ ..අපේ අම්ම නම් යන්තන් අඩනව ඇහුනත් දුවගෙන එනවා ..නිදි කරවන්න අමාරු වගේ නම් අම්මා හරි නිදි කරවල දෙනවා ..ඔයාගේ අම්මට කිසිම ගාණක් නැහැ ..අපේ අම්ම දරුවා වෙනුවෙන් කරනවා වැඩ්යි ..ඔයාටත් එකයි කිසිම අගයක් නැත්තේ ..

    අනේ මේ පිස්සු කියවන්න එපා..කාගෙවත් නෙමෙයිනේ අපේ නේ ළමයා ..එයා ව බලාගන්න අපි දැන ගන්න ඕනි ..වෙන මිනිස්ස්සුන්ට කරදර කරන්න ඕනි නැහැ ..අනික අඩන ලමයව නලවල නිදිකර්වගන්න බැරි නම් ඇති වැඩකුත් නැහැනේ ..

    ඔව්.ඔව්..ඔයාටත් අපේ අම්ම කරන කම් හොදයි ..ඔයාගේ අම්ම නිකන් තියන්නයි ඕනි..මහා පුදුම මිනිස්සු ඔග්ගොලෝ නම් ...

    ගොඩක් දවස් වලට බබා පාන්දර නැගිටලා අඩන වාරයක් ගානේ අපි දෙන්නගේ රණ්ඩුව යනවා ...සද්මලිට නිදි කරවන්න බැරි උනාම මම බබාව නිදි කරවනවා ...

    ට්‍රාන්ස්පෝර්ට් bus එක මිස් උනොත් අපේ තාත්ත සදමලිව ගෙනිහින් office එකටම දානවා ...ගෙවල් ලග අක්කා දවස දෙක එන්නේ නැතුව හිටපු ගමන් සදමාලි එයාගේ අක්කට කතා කරලා බබාව එක්කන් යනවා එයාලගේ අම්මගේ ගෙදර ..ඕකට මගේ ලොකු කැමත්තක් තිබ්බෙත් නැහැ ..ඒ කොහොම උනත් හැම වීක් එන්ඩ් එකටම බබාව අරගෙන සදමලිගේ මහා ගෙදර යන්න ඕනි උනා ..

    මොකක්ද මේකේ තේරුම ..හැම වීක් එන්ඩ් ම ගෙදර ගියාම අපේ ගෙදර වැඩක් කරන්නේ සුද්ද කරගන්නේවත් කොහොමද ..

    මාසෙකට සැරයක් ගියාම මදිද ...

    මාර වැඩක්නේ මේක ..අපේ ගෙදර මිනිස්සුත් ආසයි ළමය එක්ක හුරතල් බලන්න ..අනික එයාල තමයි ළමය ඉපදිච්ච දවසේ ඉදන් බැලුවේ ..ඔයාට ඒවා අමතකද ...

    ඔහොම පොඩි පොඩි රණ්ඩු නිතරම උනා අපි දෙන්න අතරේ ..හැම වෙලාවේම එයා highlight කලේ එයාගේ ගෙදරින් ළමය වෙනුවෙන් ගොඩක් දේවල් කලා කියන එක ..අපේ ගෙදරින් මුකුත් කලේ නැහැ කියන එකමයි ..ඕකම ලොකු රණ්ඩුවකට මුල ...

    ඔය අතරේම ගෙවල් ලග අක්ක එන එක නතර උනා ..අ වෙනුවට වෙන කෙනෙක් හොයා ගන්න පුළුවන් උනා ..ඒ අක්ක ළමයාගේ හැම දේම කරන්න පුළුවන් උනා ..specially කෑම කවන එක පවා ...ඒ අක්ක වැඩට ආවත් හරි මට මාරම නිදහසක් දැනුනේ ..මොකද office වැඩ කරන්න time එක තිබුන නිසා රෑ නිදි මරන්න උවමන්වක් තිබ්බේ නැහැ ..බබත් ඒ අක්කත් එක්ක එකතුයි ...ඔය කාලේ covid ටිකක් වැඩි නිසා office ට්‍රාන්ස්පෝර්ට් එකේ වත් සදමාලි නොයවා උදේටයි හවසියි දෙකේම මම car එකේ සදමලිව office එක්කන් ගියා ...

    ------ Post added on Jul 26, 2022 at 2:41 PM

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ------ Post added on Jul 26, 2022 at 4:18 PM
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    අලුතින්'වැඩට'ආපු අක්කත් හරිම හොදයි ...බබාගේ ඔක්කොම වැඩ ටික හොදටම කලා ..ලොකුම දේ උනේ කෑම කවන එකත් හරියටම කලා ..ඒක මට මාරම පහසුවක් උනා ..ළමය පොඩ්ඩක් හරි අඩුවෙන් කෑවොත් අක්කට මාරම අවුල් ..හැම දෙයක් ගැනම හොයල බැලුවා ...ළමයාගේ පලතුරු කෑම ජාති ඉවර වේගෙන යනවා නම් කලින්ම මට කියනවා ..මොනවා උනත් හම්බ වෙච්ච හොදම් කෙනා අපිට ලමයව බලා ගන්න ...covid ප්‍රශ්නෙත් නිසා මම සදමාලිව උදේ හවස office එක්කන් ගියා car එකේම ...හැබැයි ඒකත් එයා දැක්කේ එයා ගැන හිතනවට වඩා මම අපේ අම්ම තාත්තා ගැන හිතල කරන දෙයක් කියල ...ඕකටත් නිතරම අපි අතරේ රණ්ඩු උනා ....

    ඔයා මාව car එකේ එක්කන් එන්නේ මට ඇති ආදරේකට නෙවෙයි ...ඔයාගේ අම්මටයි තාත්තටයි covid හැදෙයි කියලනේ ..

    ඔයාට ඕනි විදියකට හිතා ගන්න ..මට හොදයි කියල හිතෙන දේ කරන්නේ ...

    ඔයාට හොදයි කියල හිතෙන එක නෙමෙයි ..ඔයාගේ අම්මගේ තාත්තාගේ covid හැදෙයි කියලා බයට මාව car එකේ එක්කන් එන්නේ ...

    තමුසෙට නම් තියෙන්නේ බලුම බලු කටක් ..මොනවා කලත් හොදක් නැහැ ...

    ඔව් මගේ විතරයි කට හොද නැත්තේ ..ඉස්සර ඔයාගේ තාත්තා අපිට බනිනකොට ඒවා හොදයි ...

    හැමතැනදීම මම දැක්ක දේ තමයි මම මොනවා කලත් සදමාලිට ඒකේ වටිනාකමක් දැක්කේ නැහැ ..ඒ වෙනුවට මගෙන් හරි ගෙදර අයගෙන් පොඩි දෙයක් උනත් ඒක ලොකුවටම දැක්කා .
     
    • Sad
    Reactions: Heshan Daminda

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502

    උඹේ වැරැද්ද. මුල ඉඳන් සද්දෙ දාලා ගෑනිව හදාගන්න තිබුනා.
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    ඔහොම කාලය ගෙවිල ගිය...අලුතින් ආපු අක්ක නිසා මටත් වැඩ වලට ලොකු පහසුවක් උනා ..ඒ අක්ක කලින් මැද පෙරදිග රටක වැඩ කරපු කෙනෙක් ..covid නිසා රට යන්න බැරුව හිටියේ ..මාරම කඩිසර කමක් තිබ්බේ දරුවාගේ වැඩ විතරක් නෙවෙයි ගෙදර වැඩ පවා කලා ..අක්කටත් තෙරිලයි තිබ්බේ wife වැඩිය අපේ අම්ම තාත්තට ලොකු ලෙන්ගතු කමක් නැහැ කියල ...ඔය අතරේ අපි අනුරාධපුරේ යන්න ලෑස්ති උනා ..ළමයට වෙලා තිබ්බ බාරේ ඔප්පු කරන්න . මේ ගමන් යන්න plan කලේ අපේ ගෙදර අයයි සදමලිගේ ගෙදර අයයි එයාගේ නැන්දලා ගේ ගෙදර අයත් එක්ක ..අපි හිතන් හිටියේ සිකුරාදා දවසක ජොබ් එකේ වැඩ ඉවර වෙලා හවස 6ට විතර ගෙදරින් පිටත් වෙලා රැට අනුරපුරේ බූක් කරපු place එකට ගිහින් උදෙන්ම ශ්‍රීමහා බෝදියට යන්න ..කොහොමෙන් කොහොම හරි යන දවසත් උදා උනා ...උදේම wife ව office එකට දාන්න යන්න හදනකොට තාත්තත් කතා කලා wife එක්ක .

    දුව වැඩ ඇරිලා අද කලින් එන්න වෙයි නේද ? හවස අපිට අනුරාධපුරේ යන්න තියෙනවනේ ..කලින් පිටත් වෙන්න තරමට හොදයි ඉතින් ..

    සුපුරුදු පරිදි තාත්තා සදමාලි එක්ක දොඩමලු උනා ...

    කලින් එන්න තියා යන්නවත් පුළුවන් වෙඉද දන්නේ නැහැ ..එච්චරටම වැඩ මට office එකේ ...

    ඉතින් නිවාඩුවක් ගත්ත නම් ලෙසෙඉනෙ ...

    අපිට ඕනි ඕනි වෙලාවට එහෙම නිවාඩු ගන්න බැහැ ..

    සදමලිගේ උත්තර වල තිබ්බේ කිසිම ලෙන්ගතු කමක් නෙමෙයි..නොක්කක්ඩු උත්තර ඒවා ..ඒත් තාත්තට ඒවා එචරටම තේරුනේ නැහැ ...

    කොහොමෙන් හරි වැඩ ඇරිලා ඇවිත් අපි අනුරාධපුරේ යන්න ලෑස්ති උනා ..

    මගේ අදහස තිබ්බේ ගියාට පස්සේ කඩෙන් කෑම කන්න ..ඒත් අපේ අම්ම ඒකට කැමති උනේ නැහැ ...

    ගෙදර ඉදන් උයන්න බදු උස්සන් යන්න ඕනි නැහැ අම්මේ ..අපි කඩෙන් කමු ..

    පිස්සුද බන්..නිකන් බොරුවට කඩ වලට සල්ලි පුජ කරන්න ...

    හරි හරි ..මමනේ සල්ලි වියදම් කරන්නේ ...

    කොහොම හරි යන්තන් අම්ම කැමති කරව ගත්තා .. .කොහොමෙන් හරි එක එක බඩු මුට්ටු වලින් car එකේ ඩිකිය පිරුනා ..

    සදමාලි ඕක දැකලා තරහෙ පුපුර හිටියේ ...

    මොනවද අනේ මෙච්චර බඩු ...නතර වෙන්නද යන්නේ ...

    ඔක්කොම ඕනි කරන දේවල්නේ ...මට ඔයාලගේ ගෙදරට කතා කරන්නවත් බැරි උනා ..එයාලට යන වෙලාවක් කිඋවද ...අපි ඉන්න තැනම රැට උදේට ඕනි කෑම order කරන්න පුළුවන් ...ඇහ්වුවද මොනවද උදේට කන්නේ කියල ..

    ඇයි මම හැම එකකටම කතා කරන්නේ ..ඔයාට කටක් නැද්ද ..කතා කරලා අහල බලන්නකෝ..

    හරි ..මම අහල බලන්නම්...කෙන්තියෙන්ම මම ගත්ත සදමලිගේ අක්කට call එකක් ..

    අක්කේ අපි මෙහෙන් 5 වෙනකොට එනවා ඔහෙට..මේ දේවල් ලෑස්ති කරගත්ත ..තව මොනවත් අඩු පාඩු තියෙනවද ...?

    හරි මල්ලි ..එනකොට call එකක් දෙන්නකෝ ..කිරිපිඩු උයන්න ඕනි කරන බදු ඔක්කොම ගත්තා ..පුළුවන් නම් ප්ලස්තික් පිගන් ටිකක් දාගෙන එන්නකෝ ..අපේ ගෙදර තියෙන ඒවා සවුථ්ථුඉ ..

    හරි අක්කේ මම අරන් එන්නම් ...කියලා phone එක තිබ්බ .

    සදමාලි ...plastic පිගන් ටිකක් ගන්නවද ගෙනියන්න ..අක්ක කිවුව අරන් එන්න කියල...

    එවලේම සදමාලී අක්කට call එකක් ගත්ත ...

    මේ ඔයා කිවුවද plastic පිගන් ගෙන්න කියල..?

    ඔව්..ඔව්..මම කිවුව ..

    තමුසෙට පිස්සුද ? මේ මිනිස්සුන්ට කියන්න පිගන් ගෙන්න කියල..ගෙදර තියෙන ඒවා ලෑස්ති කරගන්න ..අපිව හැල්ලු කරන මිනිස්සුන්ගෙන් බඩු ඉල්ලන්න තමුසෙට ලජ්ජත් නැනේ ...කියල phone එක cut කලා ..

    ඔයාට විකාරද සදමාලි...?අපි කවද්ද ඔයාලව හෑල්ලු කලේ...? අක්ක නැති දෙයක් ගෙන්න කිවුව ..එච්චරයි ..ඔය පුදුම මනුස්සයෙක්නේ ඇත්තටම ..නැති ප්‍රශ්න මවන්නේ ඔයා ...

    ඔව්..ඔව්..මම තමයි ප්‍රශ්න මවන්නේ ..ඔයාගේ ගෙදර අයනේ අපිව හැල්ලු කරන්නේ ...ඔයාට ඒවා පෙන්නේ නැහැ.

    කොහොම හරි අඩ දබර මැද්දේ අපි රෑ 10ට විතර ඉන්න නවාතැනට යන්න පුළුවන් උනා
     
    උබ පොන්නයෙක්ද යකෝ?? කන පැලෙන්න දෙකක් ගහලා පල හුත්ති ගෙදර කියලා එලෝලා දාලා ඩිවෝස් කරලා දාන්නනෙ තිබ්බෙ? ඇගේ මාලු නටනවා කියවනකොට
     
    • Like
    Reactions: windows_ubuntu

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    නවාතැනට එන අතරේදී එතන owner මට කතා කලා ..උදේට කෑම ලෑස්ති කරන්නද අහන්න ...(ඊට කලින් කීප සැරයක් සදම්ලිගෙන් උදේ කෑමට මොකද කරන්නේ කියල ඇහුවම මුකුත් කිවුඑ නැහැ...නන්දලගෙන් අහල කියන්න කිවුවත් මට හරියට උත්තරයක් දුන්නේ නැහැ ..)

    සදමාලි අපි උදේට කෑම වලට මොකද කියන්නේ ...ඔයා ammalagenui නන්නදගෙනුයි ඇහුවද ..

    නැහැ ..අහන්න ඕනි..

    මොනවද අනේ ඔයා තාම ඕක ඇහුවේ නැද්ද ..අර මනුස්සය මට කීප සැරයක් කිවුව උදේට කෑම වලට ඕනි මොනවද කියල ටිකක් කලින් කියන්න කියල ..ඇත්තනේ ඉතින් ..ලොකු hotel නෙවේනේ මේවා ..එක පාරට අපි ඉල්ලන එක දෙන්න ..කලින් කිවුවම ලේසිනෙ එයාලට ..ඔයාට ඕක අහල කියන්න බැහැනේ ..දැන්වත් පොඩ්ඩක් එයාලගෙන් අහන්නකො උදේට කෑම වලට මොනවද ඕනි කියල..

    හරි මම call එකක් දීලා බලන්නම් ..

    සදමාලි අක්කට කතා කරලා ඇහුවා ..

    මේ මාර වැඩේනේ වෙලා තියෙන්නේ ..නැන්දලා උදේට කෑම හදාගෙන කන්න බඩු ගෙනල්ලලු ...අපි ඉතින් කියමු කෑම ඕනි නැහැ කියලා නවාතැනේ owner ට ..

    හයිඕ ...ඔයත් මාර මනුස්සයෙක් ..උදේට නවාතැනෙන් කෑම order කරමු කියල කතා වෙලා මම ඒ මනුස්සයගෙන් කෑමත් ඕනි කියල දැන් කොහොමද ආයේ කියන්නේ කෑම එපා කියල ...

    මොනවා කරන්නද නවාතැනේ ownerta කතා කරලා අන්තිමට කෑම එපා කිවුවා ...10ට විතර නවාතැනට ආවා ..ඇවිත් wash දාල කට්ටියම කාල ඉක්මනට නිදාගන්න හැදුවේ පාන්දරින්ම නැගිටලා බාරේ ඔප්පු කරන්න යන්න ඕනි නිසා කිරිපිඩු උයලා ශ්‍රී මහා බෝදියට පුජ කරන්න ..

    වෙනද වගේම බබා නිදාගන්න ලස්තියක් නෑ විතරක් නෙවෙයි සදමාලි කොච්චර ට්‍රය් කලත් නිදාගන්න පාටක් නෑ විතරක් නෙවෙයි අඩනවත් එක්ක ..සදමලිගේ අම්මයි නන්නදැයි අක්කි\යි ඔක්කොමල ට්‍රය් කලා නිදිකරවන්න ..ඒත අඩන එකේ අඩුවකුත් නැහැ ..වෙනදට මොන විදියකින් හරි මට පුළුවන් කමක් තිබ්බ බබාව නලවල නිදිකරවන්න ...මොකක්දෝ මන්ද එදා මම දාපු කිසි සෙල්ලම්කින් බබාව නලව ගන්න බැරි උනා ..ඔය අතරේ අපේ අමම්ත් ඇවිත් බබාව වඩාගෙන නලවල නිදිකරවන්න ට්‍රය් කලා ..සදමලිට ඒක ට කැමැත්තකින් නෙවෙයි හිටියේ ... මට ඒක හොදටම තේරුණා ...විනාඩි 2-3ක් ගියේ නැහැ එක පාරටම සදමාලි තරහින් ගිහින් අපේ අම්මගෙන් බබාව අර ගත්තා. මමත් shock උනා ඒ කරපු වැඩේට ..මෙයාලගේ අම්මටයි nanadatayi සිද්දිය තේරුණා ..හැබැයි අපේ අම්මට ඒක ගානක් උනේ නැහැ ..අම්ම හිතුවා අම්මට නලවගන්න amarui කියල සදමාලි බබාව ගත්ත කියල ...

    මට මාර කේන්ති කරපු වැඩේට ..අන්තිමට කට්ටියම නිසදගන්න ගියා ..බබත් අමාරුවෙන් නිදි කරව ගත්ත ...

    මොකක්ද අනේ ඔයා කරපු අර බලු වැඩේ ..?

    මොකක්ද මම කලේ?

    ඇයි අපේ අමම්ගේ අතේ ඉන්නකොට බබාව අර ගත්තේ ..ගත්ත නෙමෙඉය්නෙ ..ඇදල ගට්ටනේ ...හොද වෙලාවට අම්මට ඒක තේරුනේ නැහැ ...

    අනේ මේ...? වෙනදත් මහා රැට දරුවා අදනකොට එනවද ලමයව බල්ලන්න ?නිදි කරවන්න ..? බොරුවට අනිත් මිනිස්සුන්ට පෙන්නනේ බබාව අතට ගත්තේ ..මම කැමති නැහැ ඔහොම රගපාන වැඩ වලට ..එකයි මම එහෙම කලේ ..

    තමුසේ මාර මනුස්සයෙකෙනේ..පලි ගන්නනේ වැඩ කරන්නේ ..

    තවත් ගැටුමකින් අනුරාදපුර ගමන ගිහින් ආවා අපි