~ ආදරේ හිස්තැන් තිබ්බම ඒවා අස්සට යක්කු රිංගනවා ~
ඝරසරප ෆිල්ම් එකේ මට ගොඩක්ම හිතට වැදුන දෙබස ඒක.
මං දන්නෑ මොන හේතුවක් නිසා ඒ දෙබස දැම්මද කියලා.. ඒත් මන් දන්නවා එක දෙයක්, ඒ කතාව සම්පූර්ණ ඇත්තක්...
මට මේක තේරුනෙ මගේ ජීවිතේ පළවෙනි වතාවට අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යාතනයට එහෙමත් නැත්නම් හැමෝම දන්න විදියට කිව්වොත් පිස්සන් කොටුවට ගිය දවසෙ...
එතනට ගියොත් ආදරේ හිස්තැන් තිබුන අය ගොඩක් බලාගන්න පුළුවන්. දැන් තමා එතනට හරිම නම දාලා තියෙන්නෙ, ඇත්තටම ඒක විද්‍යාතනයක්. එතන ඉන්න හැමෝම අපේ ජීවිතවලට ලොකු පාඩමක් කියාදෙනවා...
එක තැනක අවුරුදු ගානක් ආදරේ කරපු ආදරවන්තිය දාලා ගිය කෙනෙක්, තව තැනක සමාජෙට පොරක් වෙන්න හිතාගෙන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුන කෙනෙක්, තවත් තැනක පොඩිකාලෙ අම්මගෙ තාත්තගෙ ආදරේ නොලැබුන නිසා දැන් අම්මා තාත්තාවවත් පෙන්නන්න බැරුව මනස අසනීප වුන පුතෙක්...
මේ හැමෝම හෙව්වෙ ආදරය. ඒත් එයාලට හම්බුනේ හිස්තැන් තිබුන ආදරයක්... ඒ හිස්තැන් වලට රිංගපු යකා සමාජෙට තවත් එක පිස්සෙක් එකතු කළා...
ආදරේට නිර්වචන දෙන්න කාටවත් බැරි වුනත් ඕනම කෙනෙක්ට ආදරේ කරන්න පුළුවන්... ඔය හිත්වල පිරිලා තියන ආදරය අඩුවක් නැතුව බෙදන්න... කොයිම මොහොතකවත් ඒ ආදරේ හිස්තැනක් ඉතුරු කරන්න එපා...
මේක කියවන ඔයා අම්මෙක් හරි තාත්තෙක් හරි නම් ඔයාගෙ දරුවට හිත පිරෙන්න ආදරේ දීලා එයාලට නිදහසේ වැඩෙන්න ඉඩදෙන්න...
ඔයා ආදරවන්තියක් හරි ආදරවන්තයෙක් හරි නම් ඔයා ආදරේ කරන කෙනාට හිස් තැන් නැතුව ආදරේ කරන්න....
ඔයාගෙ වයසක අම්මට තාත්තට අඩුවක් නැතුව ආදරේ දෙන්න... නැත්තන් ඒ ආදරේ ඇතුළටත් යක්කු රිංගයි...
ජීවත් වෙලා ඉන්න ටික කාලෙදි ඔය හිතේ පිරිලා තියන ආදරේ ලෝභ නැතුව බෙදන්න... ඒකට ඔයාට එක රුපියලක්වත් වියදම් වෙන්නෙ නෑ...
මේ කතාව කියෙව්වට පස්සෙත් ඔයාට හිතෙන්නෙ අංගොඩ ඉන්නෙ පිස්සො කියල නම්, ඔයා වැරදියි...
එතන ඉන්න බහුතරයක් ආදරේ නිසාම අසරණ වුන අහිංසකයො... කය ලෙඩ වුනාම බෙහෙත් අරන් සනීප කරගන්න තරම් ලේසියෙන් හිතේ ලෙඩ සනීප කරගන්න අමාරුයි.....