ආදර ඇඳුම...

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,702
    7,895
    113
    මෙන්න මෙතන...
    ලේලි vs නැන්දම්මා

    හැන්දෑවෙ 5ට විතර ෂොපින් ගියපු නැන්දම්ම පුතා ගෙදර ඇවිත් ඇති කියල හිතාගෙන යන ගමන් පුතාගෙ ගෙදර පැත්තට කාරෙක හැරෙව්වා.
    ඉතින් දොරේ බෙල් එක එහෙම ගහල පුරුදු විදියට දොර ඇරගෙන ඇතුලට යනකොට මෙන්න බොලේ ලේලි පොඩ්ඩ ඇඟේ නූල් පොටක් නැතුව දොර මුල්ලෙ..

    “ඇයි හත්තිලව්වෙ මොකක්ද මේ කරන්නේ?” නැන්දම්ම ඇහුව.

    “අ….අ…………අ…නේ…නෑ අම්මේ මම මේ අරය වැඩ ඉවර වෙලා ගෙදර එනකම් ඉන්නෙ….”.

    “හරි බන් මම දන්නව එත් මොකෝ මේ ඇගේ නූල් පොටක් නැතුව??”.නැන්දම්මා ආයෙත් ඇහුවා.

    “මේ මගේ ආදරේට අදින ඇදුම අම්මේ” ලේලි බයෙනුයි
    ලැජ්ජාවෙනුයි ඇඹරි ඇඹරි හිමිහිට කිව්වලු.

    “ආදර ඇදුම?ඇයි යකො උඹ පොට්ට වෙලාද උඹ මේ උපන් ඇඳුමෙන්නෙ ඉන්නේ යොදියේ??????” ප්‍රශ්න කෝටියයි.

    “ඔව් අම්මෙ, එත් එයා කැමතී මම මේ ඇදුම ඇදන් ඉන්නවට…..” කියපු ලේලි පොඩ්ඩ,
    “අනේ අම්මෙ මම මේ වැඩකාරිත් ගමේ යවල බොහෝම අමාරුවෙන් තමයි මේ ඇදුම ඇද ගත්තේ,තව ටිකකින් එයා ගෙදර එයි අම්මා තරහ නැතුව වෙන දවසක එනවද?” කියල ආයෙත් අමාරුවෙන් කියගත්තා..

    “අනේ උඹලගෙ මනමාලකම්, හා හා ඕන දෙයක් එහෙනම් මෙන්න මම ගියා” කියල නැන්දම්ම ගෙදර එන්න ආවලු.

    ගෙදර යන ගමන් දැන් ගෑනිගෙ කල්පනාවම තමන්ගෙ ලේලි පොඩ්ඩගෙ ආදර බර ඇදුම ගැනමලු.
    ගෙදර ගියාම ගෑනිටත් ගණ දෙවි නුවණ පහලවෙලා නාල කරල, ලග තියෙන සුවදම සෙන්ට් කුප්පිය අරන් ඇගේ හැමතැනටම ඉහගෙන,පවුඩර් තලියකුත් මුනෙ උලාගෙන දොර මුල්ලට වෙලා ලේලිගෙ ඇඳුම් ඇඳන් හිටියා තමන්ගෙ මනුස්සය එනකම් ලේලිට පින් දිදී…

    ඉතින් ඔහොම ඉන්නකොට ඔන්න වයසක මාමන්ඩියත් වැඩ ඉවර වෙල ගෙදර ඇවිත් ගෙට ඇතුල් වෙනකොටම,ගෑනි ඇඟේ නූල් පොටක් නැතුව මිනිහ ඉස්සරහට පැන්නලු.

    “හත්වලාමයි මොකෝ බන් හාමිනේ මේ රෙදි ගලෝගෙන?” මාමන්ඩිය අහපි.

    “අනේ මොනාද අනේ,මේ තමයි මගේ ආදර ඇදුම…”

    ආයෙත් පාරක් තමන්ගෙ ගෑනි දිහා බලලා කින්ඩියට හිනාවක් දාල “ඉස්තිරික්ක කොරේ නැතෙයි??” කියපු මාමන්ඩිය හිමිහිට මාරු උනාලු…
    :P:P:P:P:P
     
    Last edited:

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    ඉස්තිරික්ක කොරේ නැතෙයි??

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    පට්ට යකෝ ..........නැන්දම්මාගේ ආදර ඇදුම දැක්කම මාමන්ඩිට එපා වෙන්න ඇති :P