ආදායම් බදු​ ප්‍රශ්නයක්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    ආදායම් බදු​ ප්‍රශ්නයක්?

    මචං මේ පහල තියෙන්නේ http://www.ird.gov.lk/si/Type of Taxes/SitePages/Income Tax (IT).aspx?menuid=1201 එකේ නිර්වචනය. පහල මම රතු පාට කරල තියන රු.500000 වඩා කියන කොටස අදාල වෙන්නෙ වාර්ෂික ආදායම මත විතරද? එහෙමත් නැත්නම් සාමාන්‍ය ඉතුරුම් ගිණුමක රු.500000 වඩා තියනවනම් ඒවත් අදාලයිද?

    ආදායම් බදු​

    2007 අංක 10, 2008 අංක 9, 2009 අංක 19, 2011 අංක 22, 2012 අංක 8, 2013 අංක 18 සහ 2014 අංක 8 දරණ දේශීය ආදායම් (සංශෝධන) පනත් මගින් සංශෝධිත පරිදි, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන මත පදනම්ව ආදායම් බදු අයකරනු ලැබේ.

    සෑම තැනැත්තෙකුගේ හෝ හවුල් ව්‍යාපාරයක, 2006 අප්‍රේල් 01 දින හෝ එදිනට පසු ආරම්භ වන සෑම තක්සේරු වර්ෂයක් සඳහාම එම තැනැත්තාට ඉපැයූ හෝ උපයන ලාභ සහ ආදායම් මත ආදායම් බදු පනවා අයකර රැස්කිරීමට අවශ්‍ය නෛතික බලය සඳහා දේශීය ආදායම් පනත මගින් විධිවිධාන සලසයි.

    ලාභ සහ ආදායම් ප්‍රභව

    වෙළෙදාම, ව්‍යාපාර​, වෘත්තිය හෝ රක්ෂාවකින් ලබන ලාභ
    සේවා නියුක්තියකින් ලබන ලාභ
    ශුද්ධ වාර්ෂික වටිනාකම
    ලාභාංශ පොලී හෝ වට්ටම්
    අයවිම් හෝ වාර්ෂිකයන්
    කුලී, රාජ්‍ය ​භාග හෝ අධිමිළ
    ලොතරැයියකින්, ඔට්ටු ඇල්ලීමෙන් හෝ සූදූ ක්‍රීඩාවකින් දිනුම් ලැබීම
    රාජ්‍ය නොවන සංවිධානයක් සම්බන්ධයෙන් වන විට ප්‍රදාන, පරිත්‍යාග හෝ දායක මුදල් හෝ වෙනත් යම් ආකාරයකින් එම සංවිධානය වෙත ලැබෙන යම් මුදලක්
    අනියම් හා අනාවර්ත ස්වභාවයක ලාභ හැර වෙනත් ප්‍රභවයකින් ​​​​ලැබෙන ආදායම
    ශ්‍රී ලංකා‍වේ වාසිකයෙකු ලෙස සැලකෙන තැනැත්තෙකු සම්බන්ධයෙන් ඔහු ශ්‍රී ලංකාවේ දී උපයන ආදායම හෝ ශ්‍රී ලංකාවෙන් පිට ඔහු විසින් උපයනු ලබන ආදායම සම්බන්ධයෙන් ආදායම් බදු අයකරනු ලැබේ. එබැවින් ආදායම් බදු වගකීම ඔහුගේ සමස්ත ආදායම දක්වා ව්‍යාප්ත වේ. ශ්‍රී ලංකාවේ වාසික නොවන බවට සැලකෙන යම් තැනැත්තෙකුගේ ශ්‍රී ලංකාවෙන් උපයන හෝ උද්ගතවන ලාභ සහ ආදායම සම්බන්ධයෙන් පමණක් ආදායම් බදු අයකරනු ලැබේ.

    ශ්‍රී ලංකාවේ පුරවැසියන් සහ පුරවැසියන් නොවන වාසිකයන් සදහා රු. 500,000 ක බදු නිදහස් දිමනාවකට හිමිකම් ඇත.​​​

    නොදන්න මහත්තුරු bump කරන්න :yes:
     
    Last edited:

    thusitha1974

    Active member
  • Feb 25, 2012
    242
    22
    28
    Kurunegala
    If the bank deducted 8% or 10% from the interest earned, there will not be any tax on interest. However your tax is calculated on total earnings. I can help you if you PM me your income details.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    If the bank deducted 8% or 10% from the interest earned, there will not be any tax on interest. However your tax is calculated on total earnings. I can help you if you PM me your income details.

    buddy as an example, If it has more than 500000 LKR in my normal serving account? is that will take 8% tax from my account? any idea please?
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    මේකට උතරයක් නැද්ද කාගෙන්වත්? :frown:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    Podi Silva - පොඩි සිල්වා;19151412 said:
    umb mkadda krna wibage ??

    ශිෂ්‍යත්වය :P මේක විභාග ප්‍රශ්ණයක් නෙමේ බං. මේක දන්නවනම් කියපන්කො LOL
     
    Last edited:
    ශිෂ්‍යත්වය :P මේක විභාග ප්‍රශ්ණයක් නෙමේ බං. මේක දන්නවනම් කියපන්කො LOL

    ube account eke salli wlata newe
    eken ena income ekata gahanne
    eketh wht ghla thyenwa nm income tax na
    wht eka 8% hari 2% hari ghnwa

    ohoma thma mathaka
    dan wenas krlda danna hitan
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    Podi Silva - පොඩි සිල්වා;19151962 said:
    ube account eke salli wlata newe
    eken ena income ekata gahanne
    eketh wht ghla thyenwa nm income tax na
    wht eka 8% hari 2% hari ghnwa

    ohoma thma mathaka
    dan wenas krlda danna hitan

    ඒ කියන්නෙ මචං වාර්ෂික පොලිය 500000 වැඩි වුනොත්ද මේක කැපෙන්නේ? ඉතුරුම 500000 වුනොත් වදින්නෙ නැද්ද?
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    රු 500,000 හම්බ කලේ කොහොමද? ඒ එකවුන්ට් එකේ Interest Income එක ලාභාංශ පොලී හෝ වට්ටම් CAGE එකේ දාන්න ඕන, සේවින්ග් එකවුන්ට් එකට සල්ලි දාන්න කොහෙන්ද ඉපැයුවේ?:eek: රස්සාවක් කරලා හම්බ කළා නම් සේවා නියුක්තියෙන් ලද අදායම් එකේ දාන්න ඕන
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    රු 500,000 හම්බ කලේ කොහොමද? ඒ එකවුන්ට් එකේ Interest Income එක ලාභාංශ පොලී හෝ වට්ටම් CAGE එකේ දාන්න ඕන, සේවින්ග් එකවුන්ට් එකට සල්ලි දාන්න කොහෙන්ද ඉපැයුවේ?:eek: රස්සාවක් කරලා හම්බ කළා නම් සේවා නියුක්තියෙන් ලද අදායම් එකේ දාන්න ඕන

    කුඩු විකුණල :P යකෝ මට දැන ගන්න ඕන මේක පොලී ආදායමට මත ද අය වෙන්නේ? ඒ පොලී ආදායම 500000 ඉක්ම වුනාමද? එහෙමත් නැත්නම් සාමාන්‍ය තන්පතුවේ 500000 වැඩි නම් ඒ මතද?
     
    pathum90sri

    Active member
  • Jul 12, 2010
    552
    155
    43
    Sri Lanka
    කුඩු විකුණල :P යකෝ මට දැන ගන්න ඕන මේක පොලී ආදායමට මත ද අය වෙන්නේ? ඒ පොලී ආදායම 500000 ඉක්ම වුනාමද? එහෙමත් නැත්නම් සාමාන්‍ය තන්පතුවේ 500000 වැඩි නම් ඒ මතද?
    auruddakata api 5lks walata wediya upayanawanam anna e ganen aya wenne....mul 5lak nidahas mahinda unnehe oka 6lak kara dan aye adukaralada dan ne....
     
    sandeepasa

    Active member
  • Aug 31, 2007
    286
    57
    28
    පොලී අදායම මත තමා බදු ගෙවන්න ඔනි. ඒත් බැන්කුව උබ එකවුන්ට් එක පටන් ගන්නකොටම ෆොර්ම් එකක දෙනවා උබෙ ආදයම කීයද කියලා අහලා. එකේ උබ 500,000 ට අඩු කියන එක ටික් ක්ලොත් 2.5% හරි 500,000 ට වැඩි කියල එක ටික් කොලොත් 8%ක් හරි ටැක්ස් වදිනවා. වෙන මුකුත් ගෙවන්න ඔනි නෑ උබට Tax file එකක් නැත්තම්

    කියන්නෙ 6,000,000 ක් 10% පොලියට බැන්කුවෙ දෑම්මොත් අවුරුද්දකට 600,000ක් පොලී අදායම තියෙනවනි. හැබැයි උබට අතට ලැබෙන්නෙ 552,000ක් විතරයි.
     
    ඒ කියන්නෙ මචං වාර්ෂික පොලිය 500000 වැඩි වුනොත්ද මේක කැපෙන්නේ? ඉතුරුම 500000 වුනොත් වදින්නෙ නැද්ද?

    මන් දන්න විදියට මචන් ආදායම් බදු ගහන්නේ ආදායම මත නේ :P :P
     
    පොලී අදායම මත තමා බදු ගෙවන්න ඔනි. ඒත් බැන්කුව උබ එකවුන්ට් එක පටන් ගන්නකොටම ෆොර්ම් එකක දෙනවා උබෙ ආදයම කීයද කියලා අහලා. එකේ උබ 500,000 ට අඩු කියන එක ටික් ක්ලොත් 2.5% හරි 500,000 ට වැඩි කියල එක ටික් කොලොත් 8%ක් හරි ටැක්ස් වදිනවා. වෙන මුකුත් ගෙවන්න ඔනි නෑ උබට Tax file එකක් නැත්තම්

    කියන්නෙ 6,000,000 ක් 10% පොලියට බැන්කුවෙ දෑම්මොත් අවුරුද්දකට 600,000ක් පොලී අදායම තියෙනවනි. හැබැයි උබට අතට ලැබෙන්නෙ 552,000ක් විතරයි.

    මෙන්න දන්න එකෙක් කියලා තියෙන්වා විස්තරේ