ආදාහනේදී_හූ_හූ කියති

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ආදාහනේදී_හූ_හූ කියති

    968782_386344778149607_642831754_n.jpg


    ගව ඝාතනයට එරෙහිව මහනුවරදී ගිනි තබාගෙන අපවත්වූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ආදාහනයේදී රාජ්‍ය පරිපාලන ඇමැති ජෝන් සෙනවිරත්න මහතාගේ කතාවට සිංහල රාවය සහ ජාතික සංවිධාන වල පිරිසක් හූ කියමින් බාධා කළහ.

    ආදාහනය පැවතියේ කහවත්ත පොරෝනුව ක්‍රීඩාංගනයේදීය. දැඩි පොලිස් ආරක්ෂාව යොදා තිබිණි.

    ඔබගේ කතාව මෙතනට ඕන නැහැ කියමින් ඔවුහු හූ කියන්නට වූහ.
    ඇමැතිවරයා කතාව මදකට නතර කළේය. හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ ඇමැතිවරයාට කතා කිරීමට ඉඩ දෙන ලෙසයි.

    ඇමැති යළිත් කතා කරද්දී හූ හඬ නැගී ආවේය.
    ඇමැති ඉක්මනින්ම කතාව අවසන් කළේය.


    ***********************************************

    ඇමතිවරුන්ට හු කිවුවොත් විතරක් ඇති. ළඟදීම මීට වැඩිය දේවලට මුහුණ දීමට සිදු වුනත් පුදමයක් නොවේ. කහවත්තේ මිනීමැරුම්.... හැමදාම මිනිසුන්ව රවටන්ද පුලුවන්ද? ඉස්සෙල්ලාම ගව ඝාතනය නතර කිරීමට නීති සම්පාදනය කරන්න. මේක සුළු වැඩක් අපේ ඇමතිවරුන්ට.:P:P:P

    ඇමති කරලා තියෙන්නේ හොද වැඩක්. ඉක්මනටම කතාව නවත්වලා. තව කතා කර කර හිටියා නම් තාමත් හූ තමා:P:P:P:P
     
    • Like
    Reactions: dimuthmike

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ හාමුදුරුවොත් අර මිනී මැරුම් එක දිගට වෙච්ච කහවත්තේ කෙනෙක් ද ? :confused:
    මේ ඇමති ගොන් තඩියා ඉතින් ...........
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මොනවා උනත් හාමුදුරු කෙනෙක්ගේ ආදාහනේදී එහෙම හැසිරෙන එක හොද වැඩක් නෙවෙයි :dull::dull::dull:
    .ඔන්න වෙන රැස්වීමකදී හු නෙවෙඉ කුණු බිත්තර ගැහුවත් කමක් නැ