ආදි වාසීන්ගේ ගැටයට අහුවෙන්න එපා

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    ආදි වාසීන්ගේ ගැටයට අහුවෙන්න එපා
    = = = = = = =

    සජීව විජේවීරගේ පිටුවෙන් උපුටා ගැනීමකි

    කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු කිහිප දෙනකු ආදිවාසී ගම්මාන සම්බන්ධයෙන් කරපු දීර්ඝකාලීන පර්යේෂණයකට පොඩි දායකත්වයක් දෙන්න අවසන් කාලයේ ඊට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාවක් ලැබුණා.
    මේ නිසා මම ආදිවාසී ගම්මානවල විශේෂයෙන් ම දඹානේ දින ගණාවක් ගත කළා.
    ඒත් මගේ දරුවන් මේ ආදිවාසී ගම්මානවලට ගිහින් තිබුණේ නෑ. ඒ නිසා අපි පසුගිය දවසක දඹානේ ආදි වාසී ගම්මානයට ගියේ දරුවන්ට මේ ස්ථාන පෙන්විය යුතු නිසා. ආදිවාසීන් ගැන පාසල් විෂය නිර්දේශයේ තියෙන කරුණු විතරක් නෙවෙයි, මම කියපු කතා නිසා ම ඔවුන්ට දැඩි උනන්දුවක් තිිබුණා මේ ගම්මාන දැකබලාගන්න.
    ඒත් එහි යනවිට අපිට දැකගන්න ලැබුණු දෙයක් තමයි. ආගන්තුකයන්ට අටවපු උගුල් කිහිපයක් ම තියෙනවා. මම මේ සටහන ලියන්නේ ආදිවාසී ජන කොට්ඨාසයට අගෞරවයක් අපහාසයක් වෙන්න නෙවෙයි. ඔවුන් දැකබලාගන්න යන ඔබට අපහසුතාවකයකින් තොරව එන්න අවස්ථාව ලබාදිය යුතු නිසා.
    ආදිවාසී ගම්මානයට හැරෙන තැනම ත්‍රී රෝද රථ කිහිපයක් තියාගත්තු අය ඉන්නවා. රැවුල් වවාගෙන ඉන්න කිහිප දෙනෙක් අපි යන වාහනයට අත දාලා නවත්වන්නේ පාර හරස් කරලා.
    වැදි භාෂාවෙන් කතා කරනවා. පොජ්ජ දදා
    “ඔය ඇත්තෝ ගම්මාන පොජ්ජට ගච්ඡනවානම්, මේ ඇත්තෝ ගම පොජ්ජ නැරඹුම් කරවන්නම්. වාහන පොජ්ජ මෙතනින් නැවතුම් කරලා මේ ඇත්තොත් එක්ක ගම්මාන පොජ්ජට ගච්ඡන්න කොදුයි. එහෙම නොකළොත් ගම්මාන පොජ්ජ බලන්න අපාසුයි.”
    පළවෙනි එක්කෙනාට මම හොඳ සිංහලෙන් කතා කළා.
    “නෑ මේ වාහනේ ගමට යන්න පුළුවන්නේ. අපි යන්නේ වනියලඇත්තෝ හමුවෙන්න. ගම බලන්න නෙවෙයි.”
    ඊට පස්සේ එයාට වැදි භාෂාව අමතක වුණා.
    “ආ.. එහෙම ද වන්නියලඇත්තෝ ගම ඇතුළේ ඉන්නේ. ගොඩක් දුරයි‍ නේ. මම එක්ක යන්නම්.”
    “ නෑ.... අවශ්‍ය නෑ. මම ගෙදර දන්නවා”
    එහෙම කිව්වම එයා අයින් වුණා.
    ඊට පස්සේ අපි ගම්මානය අසළම ඇති රථ ගාල දෙසට යන අතරමඟ පාරෙදි ආදි වාසී දෙන්නෙක් ම වාහනය නතර කළේ මාර්ගය මැදට පැනලා. මේ අය ගැන අවබෝධයක් නැති කෙනෙක් නම් ඇත්තටම බය වෙනවා.
    “ගම්පොජ්ජට, ගච්චන්න ඕන මේ ඇත්තොත් එක්ක. නැතිව ගච්ඡන්න බෑ. මේ ඇත්තෝ තමයි ගම්පොජ්ජ පෙන්නුම් කරන්නේ. නැතිව ගච්ඡන්න බෑ”
    මම එක්කෙනකුට හොඳ සිංහලෙන් සහ අනිත් එක්කෙනාට වැදි භාෂාවෙන් උත්තර දුන්නා. දෙන්න ඕන විදියට. දෙන්නම අයින් වුණා.
    ගමට අඩි 50ක් විතර තියෙද්දී තව එක්කෙනෙක් අත දැම්මා.
    “මේ ඇත්තොන්ව ඔය වාහන පොජ්ජට දා ගන්න. ගම්පොජ්ජට යන්න.”
    මගේ පුතා කිව්වා ඉඩ නෑනේ කියලා.
    එතකොට ආදි වාසියා දැක්කා මම පිටිපස්සේ ඉදන් වීඩියෝ කරනවා.
    පාරෙන් අයින් වෙන ගමන්
    “ආ... හරි හරි. ෆිට් තමයි” කියාගෙන එයා ගියා.
    “මේ නිකන් බොරු කියන්න එපා. අපිට යන්න ඔයා ඕන නෑ. මේ වාහනේට කවුරුවත් ගන්නේ නෑ. පාරෙන් අයින් වෙලා ඉන්න” කියාගෙන අපි ගියා
    වාහනය නවත්වලා බහින්න හදනොටම තව කෙනෙක් එනවා. එයා අපිත් එක්ක අනාර‍ාධනයෙන් ම ගමට යන්න හදන්නේ.
    මම එයාට ළඟට කතා කළා. කනට කරලා මෙන්න මෙහෙම කිව්වා.
    “ඔය බොරු වැදි භාෂාව කතා කරන්න ඕන නෑ. ඔහෙලට හොඳට සිංහල කතාකරන්න පුළුවන් බව මම දන්නවා. මේ ගමේ කෞතුකාගාරය හදද්දී කැලණිය කැම්පස් එකෙන් මමත් ආවා. මම මේ ගමේ සතියක් විතර නතර වෙලත් හිටියා. අපිට ඔහේ ඕන නෑ ගමට යන්න. ඒ නිසා තමන්ගේ වැඩක් කරගෙන ඉන්න. අපි යන්නම්. පස්සෙන් ආවට සතයක්වත් දෙන්නේ නෑ”
    මනුස්සය වැදි භාෂාව පැත්තකට දාලා මෙහෙම කිව්වා.
    “ආ... මහත්තයා අපේ ගුණවර්ධනගේ යාලුවෙක්නේ එහෙනම්. කොහෙද ඉතින් මම දන්නේ නැහැනේ. එහෙනම් යන්න. වන්යලැත්තොත් ගෙදර ඇති.”
    අපි ගම්මානයට ගියා. ආදි වාසී කෞතුකාගාරය නිවි සැනසිල්ලේ බලලා ආවා. ආදිවාසීන්ගේ නිෂ්පාදන කිහිපයක් සිහිවටන එකක් හෝ ගන්න හිතාගෙන හිටියත්, ආරම්භයේ දී ම සිදු වූ අප්‍රසන්න හැඟීම නිසා ඒක වැඩක් නෑ කියලා හිතාගෙන ආවා.
    වැදි ජනතාවගේ කිරිකොරහ නැටුමත්, ඔය වගේම දෙයක්.
    අපේ රටේ ආදිකාලේ ඉදල පැවත ආපු සංස්කෘතික දේවල් අපි ආරක්ෂා කරන්න ඕන. ඒවට ගරු කරන්න, ඒවා පවත්වාගෙන යන්න ඕන. 2004-2008 කාලයේ දී කිරි කොරහ සම්බන්ධයෙන් මම වැඩකටයුතු කිහිපයක් ම කළා. නමුත් ඒක දැන් ව්‍යාපාරික නාට්‍ය අංගයක් විතරක් වෙලා.
    මේවා ඇත්තටම නිවැරදිව සංරක්ෂණය කරන්න ඕනෑ.
    (මේ කතා පොජ්ජ කුරු කුරු පෝජ්ජ කළේ දඹාන ඇත්තන්ට අපහාස පොජ්ජ කරන්න නොවෙයි. සිදාදියේ ඇත්තන්ට දැනුම් පොජ්ජ මන්දු කොරන්න)
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    1703774244636.png
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    මේක අද ඊයෙ උන දෙයක් නෙමේ සමහරවිට. සෙලිග්මාන්ලගෙ රිසර්ච් එකේ නිගමන අස්සෙ එයාල බාගෙට වගෙ ඉදිරිපත් කරන හයිපොතිසිස් එකක් තමා ඔය දැන් ඉන්න වැදි ජනතාව මුලින් පොළොන්නරු යුගය ඉවරවෙද්දි වගේ සිංහල ගම්වලට අවශෝෂණය වෙලා හැබැයි පස්සෙ උඩරට රාජධානිය කාලෙ ආපහු වෙන්වෙලා කැලේට ගිය කට්ටියක් බව. අපේ ඇබොරිජීන් ලා ගෙ අඛණ්ඩතාවයක් නෑ. ඒක නිකන් කොලෝනියල් සුද්දොන්ට පේන්න හදාගත්ත ව්‍යාජ සංස්කෘතියක් බව. තව ගනනාත් කාලෙක ඉඳන් ඔහොම දෙයක් කියනව.
     
    • Like
    Reactions: Solo Rider

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ආදි වාසීන්ගේ ගැටයට අහුවෙන්න එපා
    = = = = = = =

    සජීව විජේවීරගේ පිටුවෙන් උපුටා ගැනීමකි

    කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු කිහිප දෙනකු ආදිවාසී ගම්මාන සම්බන්ධයෙන් කරපු දීර්ඝකාලීන පර්යේෂණයකට පොඩි දායකත්වයක් දෙන්න අවසන් කාලයේ ඊට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාවක් ලැබුණා.
    මේ නිසා මම ආදිවාසී ගම්මානවල විශේෂයෙන් ම දඹානේ දින ගණාවක් ගත කළා.
    ඒත් මගේ දරුවන් මේ ආදිවාසී ගම්මානවලට ගිහින් තිබුණේ නෑ. ඒ නිසා අපි පසුගිය දවසක දඹානේ ආදි වාසී ගම්මානයට ගියේ දරුවන්ට මේ ස්ථාන පෙන්විය යුතු නිසා. ආදිවාසීන් ගැන පාසල් විෂය නිර්දේශයේ තියෙන කරුණු විතරක් නෙවෙයි, මම කියපු කතා නිසා ම ඔවුන්ට දැඩි උනන්දුවක් තිිබුණා මේ ගම්මාන දැකබලාගන්න.
    ඒත් එහි යනවිට අපිට දැකගන්න ලැබුණු දෙයක් තමයි. ආගන්තුකයන්ට අටවපු උගුල් කිහිපයක් ම තියෙනවා. මම මේ සටහන ලියන්නේ ආදිවාසී ජන කොට්ඨාසයට අගෞරවයක් අපහාසයක් වෙන්න නෙවෙයි. ඔවුන් දැකබලාගන්න යන ඔබට අපහසුතාවකයකින් තොරව එන්න අවස්ථාව ලබාදිය යුතු නිසා.
    ආදිවාසී ගම්මානයට හැරෙන තැනම ත්‍රී රෝද රථ කිහිපයක් තියාගත්තු අය ඉන්නවා. රැවුල් වවාගෙන ඉන්න කිහිප දෙනෙක් අපි යන වාහනයට අත දාලා නවත්වන්නේ පාර හරස් කරලා.
    වැදි භාෂාවෙන් කතා කරනවා. පොජ්ජ දදා
    “ඔය ඇත්තෝ ගම්මාන පොජ්ජට ගච්ඡනවානම්, මේ ඇත්තෝ ගම පොජ්ජ නැරඹුම් කරවන්නම්. වාහන පොජ්ජ මෙතනින් නැවතුම් කරලා මේ ඇත්තොත් එක්ක ගම්මාන පොජ්ජට ගච්ඡන්න කොදුයි. එහෙම නොකළොත් ගම්මාන පොජ්ජ බලන්න අපාසුයි.”
    පළවෙනි එක්කෙනාට මම හොඳ සිංහලෙන් කතා කළා.
    “නෑ මේ වාහනේ ගමට යන්න පුළුවන්නේ. අපි යන්නේ වනියලඇත්තෝ හමුවෙන්න. ගම බලන්න නෙවෙයි.”
    ඊට පස්සේ එයාට වැදි භාෂාව අමතක වුණා.
    “ආ.. එහෙම ද වන්නියලඇත්තෝ ගම ඇතුළේ ඉන්නේ. ගොඩක් දුරයි‍ නේ. මම එක්ක යන්නම්.”
    “ නෑ.... අවශ්‍ය නෑ. මම ගෙදර දන්නවා”
    එහෙම කිව්වම එයා අයින් වුණා.
    ඊට පස්සේ අපි ගම්මානය අසළම ඇති රථ ගාල දෙසට යන අතරමඟ පාරෙදි ආදි වාසී දෙන්නෙක් ම වාහනය නතර කළේ මාර්ගය මැදට පැනලා. මේ අය ගැන අවබෝධයක් නැති කෙනෙක් නම් ඇත්තටම බය වෙනවා.
    “ගම්පොජ්ජට, ගච්චන්න ඕන මේ ඇත්තොත් එක්ක. නැතිව ගච්ඡන්න බෑ. මේ ඇත්තෝ තමයි ගම්පොජ්ජ පෙන්නුම් කරන්නේ. නැතිව ගච්ඡන්න බෑ”
    මම එක්කෙනකුට හොඳ සිංහලෙන් සහ අනිත් එක්කෙනාට වැදි භාෂාවෙන් උත්තර දුන්නා. දෙන්න ඕන විදියට. දෙන්නම අයින් වුණා.
    ගමට අඩි 50ක් විතර තියෙද්දී තව එක්කෙනෙක් අත දැම්මා.
    “මේ ඇත්තොන්ව ඔය වාහන පොජ්ජට දා ගන්න. ගම්පොජ්ජට යන්න.”
    මගේ පුතා කිව්වා ඉඩ නෑනේ කියලා.
    එතකොට ආදි වාසියා දැක්කා මම පිටිපස්සේ ඉදන් වීඩියෝ කරනවා.
    පාරෙන් අයින් වෙන ගමන්
    “ආ... හරි හරි. ෆිට් තමයි” කියාගෙන එයා ගියා.
    “මේ නිකන් බොරු කියන්න එපා. අපිට යන්න ඔයා ඕන නෑ. මේ වාහනේට කවුරුවත් ගන්නේ නෑ. පාරෙන් අයින් වෙලා ඉන්න” කියාගෙන අපි ගියා
    වාහනය නවත්වලා බහින්න හදනොටම තව කෙනෙක් එනවා. එයා අපිත් එක්ක අනාර‍ාධනයෙන් ම ගමට යන්න හදන්නේ.
    මම එයාට ළඟට කතා කළා. කනට කරලා මෙන්න මෙහෙම කිව්වා.
    “ඔය බොරු වැදි භාෂාව කතා කරන්න ඕන නෑ. ඔහෙලට හොඳට සිංහල කතාකරන්න පුළුවන් බව මම දන්නවා. මේ ගමේ කෞතුකාගාරය හදද්දී කැලණිය කැම්පස් එකෙන් මමත් ආවා. මම මේ ගමේ සතියක් විතර නතර වෙලත් හිටියා. අපිට ඔහේ ඕන නෑ ගමට යන්න. ඒ නිසා තමන්ගේ වැඩක් කරගෙන ඉන්න. අපි යන්නම්. පස්සෙන් ආවට සතයක්වත් දෙන්නේ නෑ”
    මනුස්සය වැදි භාෂාව පැත්තකට දාලා මෙහෙම කිව්වා.
    “ආ... මහත්තයා අපේ ගුණවර්ධනගේ යාලුවෙක්නේ එහෙනම්. කොහෙද ඉතින් මම දන්නේ නැහැනේ. එහෙනම් යන්න. වන්යලැත්තොත් ගෙදර ඇති.”
    අපි ගම්මානයට ගියා. ආදි වාසී කෞතුකාගාරය නිවි සැනසිල්ලේ බලලා ආවා. ආදිවාසීන්ගේ නිෂ්පාදන කිහිපයක් සිහිවටන එකක් හෝ ගන්න හිතාගෙන හිටියත්, ආරම්භයේ දී ම සිදු වූ අප්‍රසන්න හැඟීම නිසා ඒක වැඩක් නෑ කියලා හිතාගෙන ආවා.
    වැදි ජනතාවගේ කිරිකොරහ නැටුමත්, ඔය වගේම දෙයක්.
    අපේ රටේ ආදිකාලේ ඉදල පැවත ආපු සංස්කෘතික දේවල් අපි ආරක්ෂා කරන්න ඕන. ඒවට ගරු කරන්න, ඒවා පවත්වාගෙන යන්න ඕන. 2004-2008 කාලයේ දී කිරි කොරහ සම්බන්ධයෙන් මම වැඩකටයුතු කිහිපයක් ම කළා. නමුත් ඒක දැන් ව්‍යාපාරික නාට්‍ය අංගයක් විතරක් වෙලා.
    මේවා ඇත්තටම නිවැරදිව සංරක්ෂණය කරන්න ඕනෑ.
    (මේ කතා පොජ්ජ කුරු කුරු පෝජ්ජ කළේ දඹාන ඇත්තන්ට අපහාස පොජ්ජ කරන්න නොවෙයි. සිදාදියේ ඇත්තන්ට දැනුම් පොජ්ජ මන්දු කොරන්න)
    Ketiyen kiyapan, anthimedi mokakda une?
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වැද්දො මූට ගහලා වාහනෙත් කුඩු කරලා.

    Ketiyen kiyapan, anthimedi mokakda une?
    වැද්දො මූට ගහලා වාහනෙත් කුඩු කරලා.
    ------ Post added on Dec 28, 2023 at 8:44 PM
     
    • Like
    Reactions: Solo Rider

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    දැන් දඩයම් කරලත් ජීවත් වෙන්න බැරි එකේ ඔහොම හරි ගේමක් ගහලා ජීවත් වෙන්න එපැයි.
     
    • Haha
    Reactions: Solo Rider