ආදි වාසීන්ගේ ගැටයට අහුවෙන්න එපා
= = = = = = =
සජීව විජේවීරගේ පිටුවෙන් උපුටා ගැනීමකි
කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු කිහිප දෙනකු ආදිවාසී ගම්මාන සම්බන්ධයෙන් කරපු දීර්ඝකාලීන පර්යේෂණයකට පොඩි දායකත්වයක් දෙන්න අවසන් කාලයේ ඊට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාවක් ලැබුණා.
මේ නිසා මම ආදිවාසී ගම්මානවල විශේෂයෙන් ම දඹානේ දින ගණාවක් ගත කළා.
ඒත් මගේ දරුවන් මේ ආදිවාසී ගම්මානවලට ගිහින් තිබුණේ නෑ. ඒ නිසා අපි පසුගිය දවසක දඹානේ ආදි වාසී ගම්මානයට ගියේ දරුවන්ට මේ ස්ථාන පෙන්විය යුතු නිසා. ආදිවාසීන් ගැන පාසල් විෂය නිර්දේශයේ තියෙන කරුණු විතරක් නෙවෙයි, මම කියපු කතා නිසා ම ඔවුන්ට දැඩි උනන්දුවක් තිිබුණා මේ ගම්මාන දැකබලාගන්න.
ඒත් එහි යනවිට අපිට දැකගන්න ලැබුණු දෙයක් තමයි. ආගන්තුකයන්ට අටවපු උගුල් කිහිපයක් ම තියෙනවා. මම මේ සටහන ලියන්නේ ආදිවාසී ජන කොට්ඨාසයට අගෞරවයක් අපහාසයක් වෙන්න නෙවෙයි. ඔවුන් දැකබලාගන්න යන ඔබට අපහසුතාවකයකින් තොරව එන්න අවස්ථාව ලබාදිය යුතු නිසා.
ආදිවාසී ගම්මානයට හැරෙන තැනම ත්‍රී රෝද රථ කිහිපයක් තියාගත්තු අය ඉන්නවා. රැවුල් වවාගෙන ඉන්න කිහිප දෙනෙක් අපි යන වාහනයට අත දාලා නවත්වන්නේ පාර හරස් කරලා.
වැදි භාෂාවෙන් කතා කරනවා. පොජ්ජ දදා
“ඔය ඇත්තෝ ගම්මාන පොජ්ජට ගච්ඡනවානම්, මේ ඇත්තෝ ගම පොජ්ජ නැරඹුම් කරවන්නම්. වාහන පොජ්ජ මෙතනින් නැවතුම් කරලා මේ ඇත්තොත් එක්ක ගම්මාන පොජ්ජට ගච්ඡන්න කොදුයි. එහෙම නොකළොත් ගම්මාන පොජ්ජ බලන්න අපාසුයි.”
පළවෙනි එක්කෙනාට මම හොඳ සිංහලෙන් කතා කළා.
“නෑ මේ වාහනේ ගමට යන්න පුළුවන්නේ. අපි යන්නේ වනියලඇත්තෝ හමුවෙන්න. ගම බලන්න නෙවෙයි.”
ඊට පස්සේ එයාට වැදි භාෂාව අමතක වුණා.
“ආ.. එහෙම ද වන්නියලඇත්තෝ ගම ඇතුළේ ඉන්නේ. ගොඩක් දුරයි නේ. මම එක්ක යන්නම්.”
“ නෑ.... අවශ්‍ය නෑ. මම ගෙදර දන්නවා”
එහෙම කිව්වම එයා අයින් වුණා.
ඊට පස්සේ අපි ගම්මානය අසළම ඇති රථ ගාල දෙසට යන අතරමඟ පාරෙදි ආදි වාසී දෙන්නෙක් ම වාහනය නතර කළේ මාර්ගය මැදට පැනලා. මේ අය ගැන අවබෝධයක් නැති කෙනෙක් නම් ඇත්තටම බය වෙනවා.
“ගම්පොජ්ජට, ගච්චන්න ඕන මේ ඇත්තොත් එක්ක. නැතිව ගච්ඡන්න බෑ. මේ ඇත්තෝ තමයි ගම්පොජ්ජ පෙන්නුම් කරන්නේ. නැතිව ගච්ඡන්න බෑ”
මම එක්කෙනකුට හොඳ සිංහලෙන් සහ අනිත් එක්කෙනාට වැදි භාෂාවෙන් උත්තර දුන්නා. දෙන්න ඕන විදියට. දෙන්නම අයින් වුණා.
ගමට අඩි 50ක් විතර තියෙද්දී තව එක්කෙනෙක් අත දැම්මා.
“මේ ඇත්තොන්ව ඔය වාහන පොජ්ජට දා ගන්න. ගම්පොජ්ජට යන්න.”
මගේ පුතා කිව්වා ඉඩ නෑනේ කියලා.
එතකොට ආදි වාසියා දැක්කා මම පිටිපස්සේ ඉදන් වීඩියෝ කරනවා.
පාරෙන් අයින් වෙන ගමන්
“ආ... හරි හරි. ෆිට් තමයි” කියාගෙන එයා ගියා.
“මේ නිකන් බොරු කියන්න එපා. අපිට යන්න ඔයා ඕන නෑ. මේ වාහනේට කවුරුවත් ගන්නේ නෑ. පාරෙන් අයින් වෙලා ඉන්න” කියාගෙන අපි ගියා
වාහනය නවත්වලා බහින්න හදනොටම තව කෙනෙක් එනවා. එයා අපිත් එක්ක අනාරාධනයෙන් ම ගමට යන්න හදන්නේ.
මම එයාට ළඟට කතා කළා. කනට කරලා මෙන්න මෙහෙම කිව්වා.
“ඔය බොරු වැදි භාෂාව කතා කරන්න ඕන නෑ. ඔහෙලට හොඳට සිංහල කතාකරන්න පුළුවන් බව මම දන්නවා. මේ ගමේ කෞතුකාගාරය හදද්දී කැලණිය කැම්පස් එකෙන් මමත් ආවා. මම මේ ගමේ සතියක් විතර නතර වෙලත් හිටියා. අපිට ඔහේ ඕන නෑ ගමට යන්න. ඒ නිසා තමන්ගේ වැඩක් කරගෙන ඉන්න. අපි යන්නම්. පස්සෙන් ආවට සතයක්වත් දෙන්නේ නෑ”
මනුස්සය වැදි භාෂාව පැත්තකට දාලා මෙහෙම කිව්වා.
“ආ... මහත්තයා අපේ ගුණවර්ධනගේ යාලුවෙක්නේ එහෙනම්. කොහෙද ඉතින් මම දන්නේ නැහැනේ. එහෙනම් යන්න. වන්යලැත්තොත් ගෙදර ඇති.”
අපි ගම්මානයට ගියා. ආදි වාසී කෞතුකාගාරය නිවි සැනසිල්ලේ බලලා ආවා. ආදිවාසීන්ගේ නිෂ්පාදන කිහිපයක් සිහිවටන එකක් හෝ ගන්න හිතාගෙන හිටියත්, ආරම්භයේ දී ම සිදු වූ අප්‍රසන්න හැඟීම නිසා ඒක වැඩක් නෑ කියලා හිතාගෙන ආවා.
වැදි ජනතාවගේ කිරිකොරහ නැටුමත්, ඔය වගේම දෙයක්.
අපේ රටේ ආදිකාලේ ඉදල පැවත ආපු සංස්කෘතික දේවල් අපි ආරක්ෂා කරන්න ඕන. ඒවට ගරු කරන්න, ඒවා පවත්වාගෙන යන්න ඕන. 2004-2008 කාලයේ දී කිරි කොරහ සම්බන්ධයෙන් මම වැඩකටයුතු කිහිපයක් ම කළා. නමුත් ඒක දැන් ව්‍යාපාරික නාට්‍ය අංගයක් විතරක් වෙලා.
මේවා ඇත්තටම නිවැරදිව සංරක්ෂණය කරන්න ඕනෑ.
(මේ කතා පොජ්ජ කුරු කුරු පෝජ්ජ කළේ දඹාන ඇත්තන්ට අපහාස පොජ්ජ කරන්න නොවෙයි. සිදාදියේ ඇත්තන්ට දැනුම් පොජ්ජ මන්දු කොරන්න)