ආනාපානාසති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන අය මෝඩයි...
විදර්ශනාව කරන්න පුළුවන් සෝවාන් කෙනාගෙන් එහාට විතරයි....
සෝවාන් කෙනා ලෝකෝත්තර ධ්‍යානයේ ඉඳන් අරමුණු විදර්ශනා කරලයි ඉතුරු මාර්ගඵල ලබන්නේ.
-----------------------------------------------------------
ලෞකික ධ්‍යාන වල ඉඳන් විදර්ශනා කරන්න බෑ...
ධ්‍යාන පාදකකොට විදර්ශනාව කියන්නේ ලෞකික ධ්‍යානයක ඉඳන් විදර්ශනා කරන එක නෙවෙයි. සෝවාන් නොවී විදර්ශනා කරන්න බෑ.
ලෞකික ධ්‍යාන ලාභියා ඒ ධ්‍යානයයි විදර්ශනා කරන්න ඕනේ.
අපිට කාම අරමුණ, ව්‍යාපාද, හිංසා විතර්කයයි අරමුණුයි විදර්ශනා කරන්න තියෙන්නේ
-----------------------------------------------------------
ලෝකෝත්තර ධ්‍යාන වැඩෙන්නේ සෝවාන් වුනාට පස්සෙයි...
පොතේ තිබුනට කාම, භව, විභව කියලා තණ්හා 3ක් අපිට නැති කරන්න නෑ..
කාම තණ්හාව යට කරලා ලෞකික ධ්‍යාන වැඩුවේ නැත්නම් භව තණ්හාවක් නෑ...
"අත් හැරීම" කියන්නේ වතු පිටි ගෙවල් දොරවල් පංසලට පූජා කරන එකට නෙවෙයි, රූප අරමුණේ තණ්හාවයි.
-----------------------------------------------------------
බුදුන්වහන්සේ වර්ණනා කලේ "සුචිං සමාධි"ය හෙවත් "ආනන්තරික සමාධිය"යි.
ඒක තියෙන්නේ ලෝකෝත්ත්තර ධ්‍යාන වල විතරයි.
බණ දන්නේ නැතුව කරන භාවනා වලින් ලැබෙන්නේ "අසුචිං සමාධියි.
සිවුරක් ඇඳන් කළත් ඒවා බමුණන්ගේ භාවනා..
-----------------------------------------------------------
අද කාලේ ඇහෙන බොහෝ ලෞකික ධර්ම දේශනා අතරේ "ලෝකෝත්තර අර්ථයෙන්" ධර්මය දේශනා කරනා මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් ප්‍රඥා TV නාලිකාව ඔස්සේ දිනපතා විකාශනය වන ධර්ම දේශනා වලින් උපුටාගන්නා ලදි.
සසුන්ගතවී වසර 40ක කාලයක් පාලි ත්‍රිපිටකය ඔස්සේ ධර්ම ගවේශනයේ යෙදුණු මුන්වහන්සේ උපසම්පදාවෙන් වසර 35ක් සපුරා තිබේ
සියළු දෙනා වීඩියෝ වල උන්වහන්සේ පවසන දේ ශ්‍රවණය කර කමෙන්ට් කිරීම මැනවි.
-----------------------------------------------------------
අනෙකුත් සැබැඳි
1. සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි
2. භාවනා මධ්‍යස්ථාන වසංගතයෙන් අද රට පිරිලා
3. ආර්‍ය සත්‍යයේදී පිනත් පාපයයි, පවත් පාපයයි
4. සතර සතිපට්ඨානය දේශනා කළේ සෝවාන් වුන කෙනාටයි
5. ආනාපානාසති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන අය මෝඩයි
6 "අනිච්ච නම් දුකයි" කියන්නේ වැරදි පරිවර්තනයක්. අනිච්ච කියන්නේ දුකින් මිදීමයි
Last edited:


