ආනාපාන සති භාවනාව..
"දිනමිණ" පුවත්පතේ ලිපි තුනකින් පළවූ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි විසින් දේශනා කරන ලද ආනාපාන සති භාවනාව පිළිබඳව ලිපිපෙළ මෙයින් දිග හැරෙන්නේ මගේ හිතවත් සියළු එළකිරි සාමජිකයනිගේ හිත සුව පිණිසයි .. .
භාවනා ක්‍රම දෙකෙකි. ශමථ භාවනා, විදර්ශනා භාවනා වශයෙනි. ශමථ භාවනාවෙන් සිතේ එකඟ බව සංසුන් බව වැඩෙයි. කෙලෙස් යට පත් වෙයි. සමහර ශමථ භාවනාවකින් උපචාර සමාධි අවස්ථාව තෙක් ද, සමහරෙකින් රූපාවචර අපර්ණා සමාධි තෙක්ද, සමහරෙකින් අරූපාවචර සමාධි අවසන් කොට ද සිතේ එකඟ බව වැඩෙයි. විදර්ශනා භාවනාවෙන් ලොව යථාතත්ත්වය දක්නා නුවණ වැඩෙයි. කෙලෙස් තුනී වෙවී ගොස් සෝතාපත්ති ආදී මාර්ග ඵල අවස්ථාවලට සිත වැඩේ. අවසනැ සියලු කෙලෙස් නසා රහත් බව පැමිණෙයි.
ආවරණ තුන
භාවනාවෙන් උසස් ඵල ලැබිය හැකිකේ කර්මාවරණ , විපාකාවරණ, ක්ලේශාවරණ යන තුන් බාධකවලින් මිදුණු සැදැහැවත් නුවණැති උත්සාහවතා විසිනි.
කර්මාවරණ යනු මවු මැරීම්, පියා මැරීම් ආදී ආනන්තර්ය පාපයක් කර ඇති බවය.
විපාකාවරණ යනු ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් නො ලත් බවය. ද්විහේතුක අහේතුක ප්‍රතිසන්ධියෙකින් උපත ලත් අයට මෙ අත් බව්හි දී ධ්‍යාන මාර්ග ඵල කිසිත් ලැබිය නො හැකිය.
ක්ලේශාවරණයෙන් යුක්තයෝ නම් නියත මිත්‍යාදෘෂ්ටිකයෝත්, උභතෝව්‍යංජකයෝත්, නපුංසකයෝත්
පරිබෝධ
භාවනා වඩනු කැමැත්තහු විසින් පළමු කොට දශ පරිබෝධ (භාවනාව වැඩීමට බාධක ව සිටින කරුණු දහය) දුරු කට යුතු වෙයි.
ආවාස යනු වාසස්ථානයයි. බඩු බාහිරාදියෙන් පිරුණු ගෙය නොයෙක් සම්බාධ ඇති එකෙකි. එ වැනි තැන යෝගියාට වාසයට සුදුසු නොවේ.
කුල යනු නෑදෑ පිරිසය, උපස්ථායක (දායක) පවුල් ය. ඔවුන්ගේ සුව දුක් විමසමින් ඔවුන් ගේ කටයුතු සොයන්නට බලන්නට වීම ද යෝග කර්මයට බාධකයෙකි.
ලාභ යනු සිවුරු පිරිකර ආදී වශයෙන් ලැබෙන දැයි පින් ඇති ලාභී භික්ෂු නමට ගිය ගිය තැන් සත්කාර සම්මාන ලැබෙයි. උපාසක උපාසිකාවරු නානාවිධ පිරිකර ගෙනවුත් ඔහුට පිරිනමති. ගිහියාට ද නෑදෑ යහලු මිතුරන්ගෙන් නොයෙක් තෑගි බෝග ලැබේ. ඒවාට සැලකිල්ල දක්වන්නට ගියොත් භාවනාවට අවකාශ නො ලැබේ. යෝගියා ලාභ ලැබීමේ මං කෙරෙන් ඈත් විය යුතු.
ගණ යනු පිරිවර යි. පැවිද්දකුට නම් තමාගෙන් ඉගෙන ගන්නා සිසු පිරිසත්, නිතර පාහේ යම් යම් දෑ සඳහා සාකච්ඡාවට එන ගිහි පිරිසුත් ය. ගිහියාට සිය නෑදෑ පිරිස් ගනු දෙනු කරන්නෝ, මෙහෙකරු පිරිස් ආදීහු ය. ඉගැනුම් ආදිය සඳහා යම් යම් අය නිතර එන්නට වුවොත් යෝගියාට භාවනා අරමුණෙහි සිත රඳවා තබන්නට එය මහත් බාධකයෙක් වෙයි. පැවිද්දෙක් වී නම් සිය සිසුවන් අන් තෙර නමකට පවරා තමා එකලා විය යුතු. ගෘහස්ථයා ද දූ දරු ආදීනට තමා ගෙන් ඉටු වියැ යුතු දෑ සියල්ල සපුරා හෝ අන් සුදුසු කෙනකුට පවරා එකලා විය යුතු.
කර්මාන්ත යනු පැවිද්දකුට නම් විහාරයේ ප්‍රතිසංස්කරණ වැනි දෑය. ඒවා නිමවා හෝ අන් කෙනෙකුට පවරා පැවිදි තැන සියලු වගකීම් කෙරෙන් ඉවත් විය යුතුය. ගෘහස්ථයා ද තමාගේ රැකියා කටයුතු අන් අයෙකුට පවරා හෝ නිදහස් විය යුතුය.
ගමන් යනු තමාගේ හෝ අනෙකකු ගේ කටයුත්තකට ඈතකට යන්නට බැඳී සිටීමයි. එවැනි අවස්ථාවල දී ඒ ගමන් ගොස් කටයුත්ත නිමවා හෝ එය අන් කෙනෙකුට පවරා හෝ ඒ බරින් ද නිදහස් විය යුතු.
ඥාති යනු නෑදෑයෝ ය. මා පියෝ ආචාර්ය උපාධ්‍යායයෝ සහෝදර ආදීහුය. ඔවුනට තමා ගෙන් ඉටු විය යුතු ඇප උපස්ථාන සත්කාර උපකාර ඇතොත්, ඒවා සපුරාලීමට සුදුසු විශ්වාසී කෙනෙකුට පවරා තමා ඒ වග කීමෙන් නිදහස් විය යුතු. ඔහු රෝගාබාධාදියෙකින් පෙළෙත් නම් ප්‍රතිකාර සාත්තු සප්පායම් කොට නීරෝග වූ පසුව තමා ගේ භාවනා කාර්යය ඇරඹිය යුතු. නැතහොත් ඔවුනට ප්‍රතිකාර සාත්තු සප්පායම් ආදිය කිරීමට සමත් විශ්වාසි කෙනෙකුට පවරා තමා ඒ බරින් නිදහස් ව භාවනා කර්මයට බැස්ස යුතු.
ආබාධ පරිබෝධය යනු තමාට වැළඳී ඇති ලෙඩකි. එයට ප්‍රතිකාර කොට සුවය ලබා ගත යුතු. සුවය ලැබීම දුෂ්කරවී නම් ‘මම මේ රූප ශරීරයට වහල් නො වෙමි’ යි ඉටා සිතට ධෛර්යය නංවා රෝගය මැඩ කමටහන් වැඩීමෙහි යෙදිය යුතු.
ග්රන්ථ පරිබෝධය යනු ධර්ම ශාස්ත්‍ර ඉගැන්ම යි. ඉගැනීමෙහි යෙදුණකුට ඉඩ ඇති පරිදි ස්වල්ප වශයෙන් භාවනාවක් කට හැකි වා මිස උසස් ප්‍රතිඵල ලැබෙන තරමට දිගට ම එය පැවැත්විය නො හැක්ක. සෑහෙන තරම් දුරට ඉගෙන එයින් පසු කමටහන් වැඩීම පටන් ගත යුතුය. නැතහොත් ඉගෙන ගත් පමණින් සෑහීමට පත් ව, ඉගැනීම නතර කොට, භාවනා කර්මයට බැස්ස යුතු. පොත් පත් ලිවීම් ආදී කටයුතුත් මෙසේ ම අවසන් කොට හෝ නතර කොට භාවනා කර්මයට බැස්ස යුතු.
සෘද්ධි පරිබෝධය යනු විදර්ශනා වැඩීමට බාධක වූ ලෞකික සෘද්ධිය භ. රූපධ්‍යාන වඩා පරසිත් දැනුම් ආදී කිසි සෘද්ධියක් කෙනකු ලබා ගත්තත් එය පිරිහී යෑ නොදී නිතර සමාධියට සමවැදීම් ආදියෙන් දුක සේ රැක ගත යුත්තෙකි. ටික දිනක් සමාධිය වැඩීම අත පසු වුවොත් ඒ සෘද්ධිය නැති වී යයි. කිසි ප්‍රමාදයෙකින් කෝපය හෝ රාගය වැනි අකුසල් දහමක් සිතෙහි මතු වුණත් එය නැති වී යෑ හැකියි. එය රැක ගන්නට සිතා රූපාවචර සමාධිය රැක ගැන්මේ ම ඇලී සිටිය හොත් විදර්ශනා භාවනාවට ඉඩ නො ලැබේ. එබැවින් එ වැනි කිසි සෘද්ධියක් ලබා ඇති යෝගියා එහි ඇල්ම හැර දමා විදර්ශනාව ඇරඹිය යුතු. සෘද්ධිබාධක වන්නේ විදර්ශනා වැඩීමට යි.
කල්‍යාණ මිත්‍රාශ්‍රය. මෙහි දැන් කී පරිදි බාධකයන් දුරු කොට භාවනා වඩනු කැමැත්තහු විසින් කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබිය යුතු. කල්‍යාණ මිත්‍රාශ්‍රයය යනු භාවනා උපදේශ දෙන ගුරුවරයකු ඇසුරු කිරීම යි.
ප්‍රධාන ම කල්‍යාණ මිත්‍රයා, කර්මස්ථාන දෙන ආචාය¸වරයා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේයි. උන් වහන්සේ නැති තැන අසු මහා ශ්‍රාවකයන් ගෙන් කෙනකු ආචාය¸ කැරැගත යුතු. එසේත් කෙනකු නො ලදෝ අන් කිසි රහත් නමක ඇසුර ලැබිය යුතු. රහත් නමක්ද නොලදොත් සකෘදාගාමියකු ද, එසේ වූ කෙනකු නො ලදොත් සෝවාන් වූ කෙනෙකු ගුරු කොට ගත යුතු.
රහත්හු අනාගාමිහු සකෘදාකාමීහු සෝවාන්හු මම මෙනම් අධිගමයක්ලබා ඇත්තෙක්’මි යි අනුන්ට අඟවත් ද? නැත. එහෙත් විමසන්නා විදසුන් වැඩීමෙහි ලැදියාව ඇති කෙනකු බව දැන ගත්තොත්, ඔහු කෙරෙහි කරුණාවෙන් ඔහුට උපදෙස් දෙනු පිණිස තමන් ලබා ඇති ආය¸ තත්ත්වය හෙළි කෙරෙත්. එබැවින් කමටහන් වඩනු රිසි යහුට ආර්ය පුද්ගලයකු ගේ ඇසුර ලබා ගත හැක්ක.
සෝවාන් වූ කෙනෙකුත් සොයා ගත නො හැකි වුවොත් ත්‍රිපිටක ධර්මය අතේ ගැඹුරු දැනුම් ඇති සිල්වත්, ගුණවත්, කාරුණික ආචාර්යවරයෙකු ගේ උපදෙස් ලැබිය යුතු. ඇසුරු කළ යුතු ආචාර්යවරයා ගේ සැටිය විශුද්ධි මාර්ගයෙහි මෙසේ දැක්වේ.
“පියො ච ගරු භාවනිය්‍යො
වත්තා ච වචනක්ඛමො
ගම්භීරං ච කථං කත්තා
නො චාට්ඨානෙ නියෝජයෙ”
ඒ ඇදුරු තෙම සිල්වත් බැවින් කාටත් පි‍්‍රය වූ ගරු කටයුතු සම්භාවනීය කෙනෙකි. උපදෙස් දීමේ නො මැලියෙකි. ශිෂ්‍යයා කොතරම් ප්‍රශ්න ඇසුවත් ඒ සියල්ල ඉවසන කෙරුනෙකි. ගැඹුරු දහම් පද ලිහිල් කොට කියා දීමෙහි හැකියාව ඇත්තෙකි. ප්‍රශ්න කරන ඇසුරු කරන ශිෂ්‍යා නො නිසි අතෙක නො යවන්නෙකි.
මෙහි කී ගුණාංවලින් යුත් උගත් ධර්මධර සිල්වත් ගුරුවරයකු ගේ ම ඇසුර ලබා ඔහු දෙන උපදෙස් අනුව භාවනා වැඩිය යුතු.’
අනාපාන සතිය වඩනු කැමැත්තහු විසින් එය වඩන සැටි ගුරුවරයා ගෙන් අසා දැන ගත යුතු. කොයි හැටියෙකිනුත් ගුරුවරයකු සොයා ගත නො හැකි වුවොත් භාවනා ක්‍රම පිළිබඳ විස්තර සදහන් පොත පත කියවා භාවනා මාර්ගයේ මුල මැද අග හොඳට තේරුම් ගෙන එහි උපදෙස් අනුව බවුන් වැඩිය යුතුය. භාවනාව පටන් ගන්නට කලින් තමා හඳනා පොරෝනා වස්ත්‍රාදිය ශුද්ධ පවිත්‍ර කැර ගත යුතු.
ඊළඟට “අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා” යී කී පරිදි උවදුරු නැති ආරාණ්‍යයකට හෝ කිසිවකුගෙන් සම්බාධ නැති රුක් මූලකට හෝ කිසිම කෙනෙකු නොවසන ගෙයකට හෝ පැමිණිය යුතු. එහි තමා ඉදීමට නියම කොට ගත් තැන අතුපතු ගා ශුද්ධ පවිත්‍ර කොට එහි ඉඳ ගැන්මට තණ ඇතිරියක් හෝ කොහු මෙට්ටයක් වැනි දැයක් හෝ අතුරා ආසනය සකස් කැරගත යුතු යි.
සමහරු දණ නමා බද්ධප¸ංකයෙන් හෝ හසරමිණීය ගොතා ගෙන හෝ වැඩි වේලාවක් ඉඳිනු නො හැක්කෝ ය. පුටුවෙක ඉඳීම ඔවුනට පහසු ය. එවැන්නා කොන්ද කෙළින් සිටුනා ලෙසට හේත්තු වන පුවරුව ඇති පුටුවෙක කුදු නො ගැසී කෙළින් ඉඳ ගත යුතුය. ඇතිරිලියෙක, පැදුරෙක, මෙට්ටයක හෝ පලක් බැඳ හෝ හසරමිණිය ගොතා ගෙන ඉඳ ගන්නහු ද පිටු කොන්ද කෙළින් පිහිටුවා ඉන් ද යුතු ය. “මගේ චිත්ත පාරිශුද්ධිය පිණිස ම මේ භාවනා වැඩීම කරමි”යි අධිෂ්ඨාන කළ යුතු.
මුළු කාලය ම භාවනායෙහි යෙදෙනු නො හැකි අය අඩු ම ගණනේ උදේ පැයකුත් සැන්දෑවේ හෝ රාත්‍රියේ පැයකුත් සෑම දා ම භාවනාවට වෙන් කැරැ ගත යුතු ය.
ආරම්භය
භාවනා වඩන හැම කෙනෙකු විසින් ම පළමු කොට බුද්ධානුස්සතිය, ඊළඟට මෛත්‍රී භාවනාව ද, ඊළඟට අශුභ භාවනාව හෝ කායගතාසතියද, “ඊළඟට මරණානුස්මෘතිය ද ටික ටික වේලා ක්‍රමයෙන් වැඩිය යුතු.
බුද්ධානුස්සතිය යනු බුදු ගුණ මෙනෙහි කිරීමයි. බුදු ගුණ මෙනෙහි කරන්නහු තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් ආදරයක් භක්තියක්, ශ්‍රද්ධාවක් ඇති වෙයි. එයින් සිත නීරෝගී වෙයි. බුද්ධ වචනය පිළි පැදීමෙහි ධෛර්යවත් වෙයි. “මා අත්බව භාග්‍යවතුන් වහන්සේ නමට පරිත්‍යාග කොට උන් වහන්සේ වදාරා ඇති පරිදි ම භාවනාව වඩමි” යි උනන්දු වෙයි.
මෛත්‍රිය වැඩීමෙන් තමා අවට වසන දෙවි මිනිස් හැම දෙනාගේම ගෞරවයට පාත්‍ර වෙයි. ඔවුන් විසින් රකිනු ලබයි. ඔවුන් ගෙන් ඔහුට කිසිදු හිරිහැරයක් ඇති නොවෙයි. අශුභ භාවනාව හෝ කායගතාසතිය වඩන තැනැත්තෝ තමාට දක්නට ලැබෙන දිව්‍ය රූපයෙකින් වත් මුළා නො වෙයි. ඇතැම්විට මාර පාක්ෂික දෙවියකුට භාවනානුයෝගියකු දක්නට ලැබුණු විට ඔහු නො මඟ යවන්නට, දිව්‍ය ස්ත්‍රීන් පෙන්වීම්, දිව්‍ය ස්ත්‍රී වේශයෙන් පෙනී ඉඳ මිත්‍ර වෙන්නට කථා කිරීම ආදියෙන් ඔහු පොළඹ වන්නට සිතෙයි. දුර්වල යෝගියා අතරමං කරන ඊර්ෂ්‍යා සහගත මිසදිටු භූතයෝ ඇත. අශුභ භාවනානුයෝගියා ඔවුනට නො රැවැටෙයි.
මරණාස්මෘතිය වඩන යෝගියා තමා නිතරම මරණය අතට ම ළං වන කෙනෙකු බව සැලකීමෙන් භාවනාවෙහි වඩාත් උනන්දු වෙයි. නොමඟට නො වැටෙයි. කුසිත නොවෙයි.
බුද්ධානුස්මෘති ආදී සතර කමටහන් වැඩීම මෙසේ මහත් අනුසස් ඇති බැවින් ආනාපාන සතිය වඩන්නට කලින් ඒ කමටහන් සතර ගුරු උපදෙස් ලබා ටික ටික වේලා වැඩිය යුතු. එයින් පසු ආනාපාන සතිය වැඩීම පටන් ගත යුතු. ආත්මසන් නිර්යාතනය භාවනා වැඩීමට පළමුවෙන් යෝගියා විසින් තමාගේ ආත්ම භාවය බුදුරජාණන් වහන්සේට හෝ කර්මස්ථාන දෙන ආචාර්ය වරයාට සිතින් පරිත්‍යාග කළ යුතු.
සමහර විට භාවනාවෙහි යෙදී ඉන්නහුට භයානක අරමුණු පෙනෙන්නට වෙයි. ඒ එ බඳු අවස්ථායෙහි දී “මම මගේ ජීවිතය භාග්‍යවතුන් වහන්සේට පරිත්‍යාග කෙළෙමි.”යි හෝ “මගේ ආචාර්යපාදයනට පවරා ඇත්තෙමි”යි නොසලකා බිය නො ගෙන ඒ පෙනුණු දෑ ගැන තැකීමක් නො කොට ඒ අරමුණු නො තකා හැර භාවනාව දිගට ම කැරැගෙන යැමෙහි සමත් වෙයි.
ආනාපාන සමාධිය
ආනා යනු ආශ්වාස වායුව යි. ආපන යනු ප්‍රශ්වාස වායුවයි. මෙය අරමුණු කොට භාවනා වඩන්නහු විසින් පළමු කොට ශීල විශුද්ධිය ඇති කැරැ ගත යුතු යි. භාවනානු යෝගියා ගිහියෙක් වී නම් පන්සිල්, අටසිල්, දසසිල්, යන තමා රිසි ශීලයක් සමාදන් ව ගෙන පිරිසුදු සිල්වතකු විය යුතු යි. පැවිද්දෙක් වී නම් පැවිදි සිල්හි මැනවින් පිහිටා පිරිසුදු වියැ යුතු.
සතිපට්ඨාන සූත්‍ර දෙක්හිත් (මැදුම් සඟියේ) ආනාපාන සති සූත්රයේත්, ආනාපාන සතිය සදහන් කරන අන් තන්හිත් භාවනාරම්භය දක්වන භාග්‍යවතුන් වහන්සේ” සො සතො ව අස්සසති සතො’ව පස්සසති’යි වදාළ සේක. එහි අදහස “හේ සිහි ඇත්තේ ම හුස්ම (ඇද ) ගනී. සිහි ඇත්තේ ම හුස්ම පිට කෙරෙයි’ යනු යි.
මේ පළමු අවස්ථායෙහි ඇතුල් වන හුස්මත්, පිට වන හුස්මත් වැදෙන තැන විමසා දැන එහි සිත පිහිටු වන්නට පුරුදු විය යුතුයි. නාසය දිග අයගේ ඇතුල් වන හුස්ම පළමුවෙන් ම හැපෙන්නේ නාසාග්‍රයේ ය. (නාසයේ අග ය) හුස්ම පිට වීමේ දී අන්තිමට ම හැපෙන්නේ ද නාසිකාවේ අගය.
නාසය හුස්ම (කොට) අය ගේ හුස්ම ඇතුල්වීමේ දී මුලින් ම හැපෙන්නේත්, හුස්ම පිට කිරීමේ දී අන්තිමට ම හැපෙන්නේත් උඩුතොලෙහි ය. යෝගාවචරයා තමාගේ හුස්ම ඇතුල් වීමේ දීත් පිට වීමේ දීත් එය හැපෙන තැන විමසා දැන එය අරමුණු කළ යුතු. හුස්ම ගැනීමට වත්, පිට කිරීමට වත් උත්සාහ නො කළ යුතුයි. ස්වභාවයෙන් ම (ඉබේම) සිදු වන හුස්ම ඇතුල් වීමටත්, පිට වීමටත් එසේ සිදු වන්නට ඉඩ දී තමා ඇසි පියා ගෙන ඒ හුස්ම ඇතුල් වීමේ දී මුලින් ම හැපෙන තැනත්, පිට වන විට අන්තිමට ම හැපෙන තැනත් සිතින් සලකා ගත යුතු.
එහි සිත පිහිටුවා එළඹැ සිටි සිහියෙන් යුතු ව සිතින් එය සැලකිය යුතුයි. සිතට නො දැනී කිසි ම හුස්මක් ඇතුල් වන්නට හෝ පිට වන්නට නොහැකි වනුවට නිතරම එළැඹ සිටි සිහියෙන් මනැසින් හුස්ම දෙස බලා ගත්වන ම හින්ද යුතු. අන් කිසි ම අතකට සිත නො යවා හුස්ම හැපෙන තැන ම සිත පිහිටුවා ගෙන ඉන්ද යුතු. මුල දී ඉඳ හිට අන් අතකට හිත යන්නට පුළුවන. එසේ වන්නේ එළැඹ සිටි සිහිය නැති වීමෙනි.
සිතේ එකග බව දුබල හෙයිනි. සිහිය උපදවා ගෙන යළිත් සිත හුස්ම හැපෙන තන්හිම පිහිටුවිය යුතු. සමහර කෙනෙකුට පැය කීපයකින් ද හුස්ම හැපෙන තන්හි ම කැමැති තාක් කල් සිත තරයේ පිහිටුවා තැබීමට හැකියාව ඇතිවේ. පෙර අත්බව්හි සමාධි වඩා පුරුදු කෙනෙකුට විනාඩි හත අටකින් වුව ද සිත හුස්ම වැදෙන තන්හි ස්ථිර ලෙස පිහිටුවා තැබීමේ හැකියාව ඇත. පෙරැ ළඟ අත් බැවෙක භාවනාවක් පුරුදු නොකළ අයට සිත වික්ෂිප්ත නො වන සේ ටික වෙලාවක් එක් අරමුණෙක පිහිටුවා තැබීමට මාස ගණනක් වුවද ගත විය හැක්ක. හුස්ම හැපෙන තැන සිත පැයක් හමාරක් නොසැලී පිහිටා සිටීම හරි ගිය පසු මේ භාවනාවේ ඊළඟ ක්‍රියා මාර්ගය ඇරඹිය යුතු.
ගණනාව
මීළඟට කළ යුත්තේ හුස්ම වාර ගණන් කිරීම යි. හුස්ම ගන්නා වාර පමණක් හෝ හුස්ම පිට කරන වාර පමණක් ගණන් කළ යුතු යි. ඒ දෙක ම මිශ්‍ර නො කළ යුතු යි. එය කරනුයේ මෙසේ යි.
හුස්ම ඇතුල් වන වාර ගණිනු කැමැති නම් ඇතුල් වන හුස්ම නාසය අග හෝ උඩු තොලෙහි හැපුණු විට “එක “යි සිතින් ගිණිය යුතු. ඊළඟ වාරයේ එ තැන හුස්ම හැපෙන තුරු ම ‘එකයි එකයි එකයි’ සිතින් ගණිමින් එ තැන ම සිත පිහිටුවා ගෙන ඉන්ද යුතු. එ තැනින් වෙන අතකට සිත නො යන ලෙසට එළැඹි සිටි සිහියෙන් යුක්ත විය යුතු. ඊළඟට එ තැන හුස්ම ඛ්ැපුණු විට ‘දෙකයි දෙකයි (සිතින්) කිය යුතු යි.
තුන්වන වර හුස්ම එහි හැපෙන තුරු ම මෙය කළ යුතු. මෙසේ පස් වන වාරය තෙක් හුස්ම හැපෙන වාර ගණන් කළ යුතු. මේ පළමු වටය යි. ඊළඟට නැවතත් “එකයි එකයි” සිතින් කියමින් වන හුස්ම වාරය තෙක් ගිණිය යුතු යි. මේ දෙවෙනි වටය යි. නැවතත් “එකයි “ කියා ගිණීම පටන් ගෙන හත්වන වාරය තෙක් ගිණිය යුතු යි. මේ තුන් වන වටය යි” යළිත් “එකයි එකයි” යන්නෙන් ගිණීම පටන්ගෙන අට වන වාරය තෙක් ම යැ යුතු. මේ සතර වන වටය යි. නැවත එකේ සිට ගිණීම පටන් ගෙන නව වන වාරය තෙක් යෑ යුතු. මේ පස් වන වටය යි. නැවතත් එකෙන් පටන් ගෙන දස වන වාරය තෙක් ගිණිය යුතු. මේ හයවන වටය යි.
හයවන වටය සම්පූර්ණ වූ විට යළිත් මුලට යෑ යුතු යි. පළමු සේම “එකයි එකයි” ගනිමින් වාර පහක් සම්පූර්ණ කළ යුතු යි. ඒ පළමු වටය යි. මෙසේ තවත් වට සයක් ගිණිය යුතු. මේ නයින් වට සයෙන් සය සපුරමින් හැකිතාක් වේලා හුස්ම හැපෙන තැන ම සිත පිහිටුවා ගෙන ඉන්ද යුතු. මේ අන් අතේ යැ නො දී සිත එක් අරමුණෙක ම පිහිටා සිටීම පුරුදු කරවනා උපායෙකි. මේ ගිණිමේ දී ඉඳ හිට සිත අන් අතෙක ගියොත් ඒ තව ම සිතේ සමාධිය හොඳට වැඩි නැති බවට ලකුණෙකි. ගිණිමෙහි යෙදී ඉන්නා තාක් සිත හුස්ම හැපෙන තැන ම නො සැලී සිටී නම් එයින් පසු ගිණිම නතර කොට අනුබන්ධනාව පටන් ගත යුතුයි.
අනුබන්ධනා යනු හුස්ම ගැනීමේදීත්, පිට කිරීමේදීත් ගණන් කිරීමක් නැති ව හුස්ම හැපෙන තැන සිත පිහිටුවා එළැඹ සිටි සිහියෙන් යුක්ත වීම යි. මේ අවස්ථාවෙහි හුස්ම අනුව නාසිකාවෙන් ඇතුළට හෝ නාසිකාවෙන් පිටතට හෝ සිත නො යැවිය යුතුයි.....
....................................................................................................................