දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ තිබෙන ආප්පම් ආශ්රයෙන් අපිට දායාද වුණ ආප්ප, කේරළ ආප්පම්වලට වඩා කර කර ගාල හැපෙන ගතියෙන් එහෙමත් නැත්නම් ක්‍රිස්පි ගතියෙන් අනූනයි. ආප්ප පිළිබද අතීතය විස්තර කර ඇත්තේ එය නසරානින් හෙවත් සිරියානු කිතුනුවන් විසින් දකුණු ඉන්දියාවට ගෙන ආ බවය. ප්‍රකට ඇමරිකානු සුපවේදී ගිල් මාක්ස් විසින් පවසා ඇත්තේ කොචින්, මුම්බායි සහ කල්කටා යන නගරයන්හි වාසය කරන යුදෙව් ජාතිකයන් විසින් දකුණු ඉන්දියාවට ආප්පම් හදුන්වා දුන් බවය.
ආප්පය මැදට බිත්තරයක් දමා, බිත්තර ආප්ප ද ආප්ප පිටි මිශ්‍රණයට පැණි දමා, පැණි ආප්ප ද අප මෙතුවක් රස වින්ද ද කාලයේ තාලයට නවීකරණය වෙමින් දැන් ආප්ප වර්ග ගණනාවක් ආහාර වට්ටෝරු පොතට ඇතුල්වී තිබේ. පසුගිය කාලයේදී බොලිවුඩයට ශ්‍රී ලංකාවෙන් පායන ලද නිළි තාරකාවිය ජැක්ලින් µර්ඩිනැන්ඩස් විසින් ආරම්භ කරන ලද කෑම සූත්‍ර අවන්හලේදී රුපියල් දෙසීයට විකිණුන ආප්ප මෙන් මෙම නව ආප්ප වර්ග දැන් තරු පහේ හෝටල්වල දකින්නට තිබේ. එවන් අලුත් ආප්ප වර්ග කිහිපයක් ගෙදරදී සාදා ගන්නා ආකාරයයි අද අපි ඔබට ගෙන එන්නේ...
තාච්චිය පදම් කිරීම
ආප්ප සැදීමේ කලාවේ පළමු රීතිය හොඳ තාච්චියයි. අලුතෙන් ගන්න ආප්ප තාච්චියක් නම් ඒකට වතුර ටිකක් පුරවල ගොරක කෑලි හතරක් පහක් දාල තම්බ ගෙන එය "පදම්" කර ගත යුතුය. තම්බා ගත් ගොරකා කැබලි කිහිපය තාච්චියේ හොඳට අතුල්ලා, තෙල් ස්වල්පයක් පිසදා ගත් රෙදි කැබැල්ලකින් තාච්චිය නැවත පිසදමා ගැනීම කළ යුතුය. යළිත් වරක් තෙල් ස්වල්පයකින් තාච්චිය පිසදා, රත් කරගෙන එයින්ම නැවත පිසදා ගත යුතුය. හොදින් මතක තබා ගතයුත්තේ කිසිවිටකත් තාච්චිය සේදීම නොකළ යුතු බවය. ආප්ප සෑදීම සදහා දැන් තාච්චිය සූදානම්. ඒත් ආප්ප ඇලෙයි කියන බය හිතට එනවා නම්, ආප්ප මිශ්‍රණයට බිත්තරයක් එක් කර ගත හැකියි. ආප්ප පිළිබඳ විශේෂඥ මතය නම් "ආප්ප හදන තාච්චියේ වෙන කිසිම දෙයක් හදන්න එපා" යන්නය.
ආප්ප මිශ්‍රණය
1. සුදු කැකුළු හාල් පිටි කෝප්ප දෙකයි (සුදු හාල් පිටි කෝප්ප දෙකක් වුවද ගත හැකිය.)
2. උකු පොල් කිරි
3. දිය කිරි
4. යීස්ට් තේ හැඳි 3/4
5. සීනි මේස හැන්දයි
6. ලුණු
* හාල් සෝදා, ගරා පැය හතරක් පමණ පෙඟෙන්නට හැර වතුර බේරා ගන්න. ඉන්පසු එය කොටා පිටි බවට පත්කර ගන්න. (වෙළද පොලේ ඇති ක්ෂණික ආප්ප පිටි මිශ්‍රණය සැකසී ඇත්තේ මේ වන තෙක් ක්‍රියාදාමය ඇසුරෙනි.) එය උකු දියරයක් වන සේ, අවශ්‍යම පමණට දිය කිරි එක් කර හොඳින් කලතා ගන්න. මෙයට සීනි සහ යීස්ට් එක් කර පැය හයක් පමණ පියනකින් වසා තබන්න.
* පැය හයකට පසු එයට ලුණු සහ උකු මිටි කිරි එක් කර තෝසේ පදමට වඩා තරමක් දියාරු මිශ්‍රණයක් සාදා පොල් කිරි පෙරනයකින් පෙරාගන්න. (බිත්තරයක් එක් කරනවා නම් මිටි කිරි එක් කිරීමට පෙර එක් කර, පසුව මිටි කිරි එක් කරගන්න.)
1. කිරි ආප්ප
සාමාන්‍යයෙන් මෙය දකුණේ ජනතාව අතර ජනප්‍රිය කෑමකි. ආප්ප මිශ්‍රණය මැදට තරමක් ඝනයට සිටින සේ තාච්චියට දාගන්න. උත්තල හැඩයේ පියනකින් වසා, ආප්පය මදක් පිසීගෙන එන විට උකු පොල් කිරි ටිකක් ආප්පයේ මැදට දමා, නැවත පියනකින් වසා ආප්පය පුළුස්සා ගන්න. කොළඹ ප්‍රදේශයේදී මේ ස`දහා උකු පොල්කිරි වෙනුවට ටින්කිරි යොදාගනු ලැබේ. අවශ්‍ය නම් ආප්පය මැදට කිතුල් පැණි ස්වල්පයක් ද වක් කර ගත හැකිය.
2. ඔම්ලට් ආප්ප
බිත්තර දෙකක් ගෙන බීට් කරගෙන, එයට හීනියට ලියාගත් කැරට්, ලූණුq, ලීක්ස්, ලුනු, ගම්මිරිස් ස්වල්පයක් , පිටි කිරි ස්වල්පයක් දමා කලවම් කරගන්න. ආප්ප මිශ්‍රණය මදේ හෙවත් මැද ඝනකම කොටස නොසිටින සේ තාච්චියට දමා, ඔම්ලට් මිශ්‍රණය ආප්පයට දැරිය හැකි ප්‍රමාණයට දමා, පියනෙන් වසා පිස ගන්න.
3. චීස් ආප්ප
මෙය බිත්තර සහිතව හෝ රහිතව සාදා ගත හැකිය. වෙළඳපොලේ ඇති චීස් වෙඡ් හෙවත් ත්‍රිකෝණාකාර චීස් කැබැල්ලක් ගෙන, එයට ගම්මිරිස් කුඩු, හීනියට කපාගත් ලුණුq, අමු මිරිස් සහ නැවුම් එළකිරි මේස හැඳි දෙකක් එක්කර, මිශ්‍රණය ගෑරුප්පුවකින් හොඳට කලවම් කරගන්න. මේ සඳහා නැවුම් එළකිරි වෙනුවට බිත්තරයක් යොදාගන්නත් පුළුවන්. ඔම්ලට් ආප්පෙ මෙන්ම "මැද හිටින්නෙ" නැති වෙන්න ආප්ප මිශ්රණේ දමා, සාදා ගත් චීස් මිශ්‍රණය එකතු කර ආප්පය සකසා ගන්න.
4. පීසා ආප්ප
කුකුල් මස්වල පපු ප්‍රදේශය හෙවත් බ්‍රෙස්ට් කොටස් හීනියට කපාගන්න. එය ලුණු, ගම්මිරිස් කුඩු යොදා අතගා හෙවත් සීසන් වෙන්නට ඉඩදී පැත්තකින් තියාගන්න. තෙල් ස්වල්පයක් ලිපේ තබා කුකුල් මස් බැදෙන්නට ඉඩ හරින්න. කුකුල් මස් බැදුනු පසු තලාගත් ඉඟුරු සහ සුදු ලූනුqq, හීනියට කපාගත්තු රතු ලූනු, මාළු මිරිස්, තක්කාලි, මිරිස් කුඩු ස්වල්පයක් සහ හැකි නම් ඔරිගානෝ ස්වල්පයක් සමග ලුණුq එක්කර තෙම්පරාදු කරගන්න.
කලින් සේaම මැද නොහිටන සේ ආප්ප මිශ්‍රණය දමා, සාදාගත් කුකුල් මස් මිශ්‍රණය එක්කර එයට උඩින් ගාගත් මොසරැල්ලා චීස් රැළි ද එක් කර පියනකින් වසා ආප්පය පුළුස්සාගන්න.
5. බිත්තර සහ සීනි සම්බල් ආප්ප
පැණි රසට ආප්ප කෑම සඳහා කෙසෙල් ගෙඩි සහ හකුරු උපයෝගී කර ගනියි. ආප්ප සැරට කෑම සඳහා ලුණු මිරිස් ජනප්‍රිය වුවත් ඊට වඩා ආප්පයේ මිහිර දැනෙන්නේ සීනි සම්බෝලයෙන් යෑයි ආප්ප රසිකයන්ගේ මතයය.
බිත්තර ආප්පයක් දමා, බිත්තරේ යන්තම් තැම්බෙන තුරු පියනකින් වසා තබන්න. පසුව එහි මැදට සීනි සම්බෝල ස්වල්පයක් දමා පැණි ආප්ප නවන සේ, ආප්පෙ නවා, හැන්දකින් මදක් තද කරගන්න. මෙය උණු උණුවෙම රස විඳිය හැකි ආප්පයකි.
ඔසිත අත්තනායක







