අපිට මුලින්ම වැරදුන තැන තමයි බුද්ධාගම කියන වචනෙ. බුද්ධාගම කියල දෙයක් නැහැ. බුදු හාමුදුරුවො දේශනා කලේ එක්තරා දර්ශනයක්. ඒකට කියන්නෙ බුද්ධ දර්ශනය කියලා. එකෙ තියෙන සරලම තේරුම තමයි අපි පොඩි කාලෙ විද්‍යාවට ඉගෙනගන්න F = ma කියන දේ. ඒකෙන් කියන්නෙ ඕනෑම ක්‍රියාවකට දිශාවෙන් ප්‍රතිවිරුද්ද බලයෙන් සමාන ප්‍රතික්‍රියාවක් ඇත යන්නයි. බෞද්ධ දර්ශනයේ සතුරාට ප්‍රේම කරමු කියල තියෙන්නෙ ලෝකෝත්තර ජීවිතය සඳහායි. ලෞකික ජීවිතයේත් එහෙම කරන්නනම් රටකට ජනාධිපති කෙනෙක්වත්, පොලිසියක්වත්, නීතියක්වත්, උසාවිවත් උවමනා වෙන්නෙ නැහැනෙ. අසාදාරනයක් ඉදිරියෙ ඔලුව නවාගෙන ඉන්න එක නෙවෙයි බෞද්ධකම කියන්නෙ. ඒක මෝඩකම. බුදුහාමුදුරුවො දේශන කරල නැහැ දූශනය කරන්න කියලා. ඒ වගේම දූශනය කරපු කෙනා විදවයි කියලා ඒ කතාව අමතක කරල දාන්න කියල දේශනා කරලත් නැහැ. ඒ රාජකාරිය අයිති රටේ නීතියටයි.
බුදුරජාණන් වහන්සේ මොනම දේශනාවකදිවත් දේශනා කරල නැහැ අහවල් දේ කරන්න, අහවල් දේ කරන්න එපාය කියල. බුද්ධ දේශනා වල තියේන්නෙ මෙහෙම කලොත් මෙහෙම වෙයි, අරහෙම කලොත් අරහෙම වෙයි කියන දේ විතරයි.
මගේ බෞද්ධ යාලුවන්ගෙන් මම ඉල්ලන්නෙ , අපි අදහන්නෙ දර්ශනයක් කියන දේ තේරුම්ගන්න. අපි සියලු සත්වයින්ට මෛත්‍රී වඩන එක්ක ඇත්ත. ඒත් හොරුන්ව,දූශන කාරයන්ව අත ඇරලා උන්ටත් ප්‍රේම කරන්න කියලා වෙන ආගම් කාරයෝ ඉස්සරහා බෞද්ධයෝ කියන්නෙ මහ මෝඩයෝ කියන චින්තනය ඇති කරන්න එපා !!!
අපි එහෙම හොරුන්ටයි,තක්කඩින්ටයි,වලත්තයින්ටයි ප්‍රේම කරනවනම් අපි සියලු පවින් ඈත් වෙලා, මස් මාලු ආහරයට නොගෙන ජීවත් වෙන්න ඕනි. මොකද සත්තු හැදිල තියෙන්නෙ අපිට කන්න නෙවයි. ඒ සත්තුන්ටත් ජීවත්වෙන්න අයිතිය තියෙනවා. අපි එහෙම කරනවනම් වලත්තයින්ටත් ප්‍රේම කරන්න පුලුවන්.
එත් අපි එහෙම ප්‍රේම කලොත් වෙන්නෙ ඒ වලත්තයා තවත් වලත්තකම් කරන්න පෙලබෙන එක විතරයි. ඒකට අනුබල දෙන එක බෞද්ධයෙකුගෙ යුතුකමක් ද??