ආබාධිත දැරියක් මරාගෙන කන්න හදන විශාඛා බාල
ආබාධිත දැරියක් මරාගෙන කන්න හදන විශාඛා බාලිකාවේ කර්නල් රාස්සියක්..!
(ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.08, ප.ව. 1.00) අහිංසක කුඩා දැරියන් මරාගෙන කන රාස්සියන් ගැන අප කුඩා කාලයේ කතන්දර අසා ඇත. එවන් රාස්සියක් ලංකාවේ ප්‍රධාන පෙලේ බාලිකාවක විදුහල්පතිනිය වී ඇති බව අද යලිත් අසන්නට ලැබිණ. අැය එසේ මෙසේ රාස්සියක් නොවේ ගෝඨාභයගෙන් හමුදා තනතුරු ලැබූ ‘කර්නල් රාස්සියකි.‘ නමින් සඳමාලී අවිරුප්පොල ය. කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියයි. මේ කර්නල් රාස්සිය මරාගෙන කන්නට හදන දැරියගේ කතාව මෙසේය.
දැරිය විශාකාවේ අධ්‍යාපනය ලැබුවා ය. ඇය හොඳින් තම අධ්‍යාපන කටයුතු කරගෙන ගියා ය. කලක් යද්දී ඇයට දරුණු අස්ථි අමාරුවක් සෑදී කොර විය. ඇවිද ගැනීමට නොහැකි වූවාය. දෙමාපියන් දැරිය පාසැලට ගෙන අාවේ ඔසවා ගෙන ය. පන්තියට ගෙනැවිත් වාඩි කෙරෙව්වේ ඔසවා ගෙනය. පන්තියෙන් විද්‍යාගාරයට ආදියට ගෙන ගියේ ඔසවා ගෙනය. ගෙදර රැගෙන ගියේ ඔසවා ගෙනය.
ක්‍රම ක්‍රමයෙන් දැරිය වැඩිමහල් වූවාය. දැන් ඇය 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය. දෙමාපියන්ට පවා ඔසවාගෙන යෑමට අසීරුය. අවාසනාවකට මෙන් මේ නව වසරේ ඇයගේ පන්ති කාමරය වෙන් කෙරුණේ පාසැලේ තුන්වන මහලේ ය. දැරිය තුන්වන මහලට ඔසවා ගෙන යෑම දෙමාපියන්ට කිසිසේත්ම කළ හැක්කක් නොවීය.
ඔවුන් විදුහල්පතිනියගෙන් ඉල්ලා සිටියේ මේ පන්ති කාමරය පහත මාලයකට මාරු කරදෙන ලෙස නමුත් විදුහල්පතිනිය ඊට කිසිසේත්ම කැමැති නොවූවා ය. දෙමාපියන් ඇයගේ ඉදිරියේ හඬා වැටී දෙකකුල් අල්ලා වැඳ වැටී කීවේ “අනේ මැඩම් මේ දරුවාට ඉගෙන ගන්න පුළුවන් දරුවෙක් නේ අනුකම්පා කරලා අපිට මේ උදව්ව කරලා දෙන්න“ කියා ය. සඳමාලී යනු විදුහල්පතිනියක් නොව හදවතක් නැති රාස්සියක් බව දැන ගත්තේ ඇය දුන් පිළිතුරෙනි. “ මට කරන්න දෙයක් නෑ. මේ දරුවාගේ ඉරණමේ තියෙන්නේ 8 වෙනි පන්තියට විතරක් අධ්‍යාපනය ලබන්න වෙන්න ඇති.“ කර්නල් රාස්සියගේ පිළිතුර විය.
දැන් දැරිය මේ වසරේ මුල් මාස තුනේම පාසැල් ගොස් නැත. දෙමාපියන් මේ පිළිබඳව අධ්‍යාපන ලේකම්ට කී විට ඔහු ජාතික පාසල් අධ්‍යක්ෂ ලඟට යැවීය. ජාතික පාසැල් අධ්‍යක්ෂ පවසා ඇත්තේ මෙය විදුහල්පතිනිය සමගම බලා ගත යුතු බවයි. ඉහලට පැමිණිලි කිරීම නිසා කුපිත වූ රාස්සිය දැරියගේ පියාට පාසැලට ඇතුළු වීම පවා තහනම් කළා ය.
මේ සියළු අසාධාරණයන් මධ්‍යයේ පියාගේ රැකියාවද අහිමි විය. ඔහු ප්‍රචාරක ආයතනයක රැකියාව කරන ලද අතර දැරියගේ කටයුතු වලට කාලය මිඩංගු කිරීම ගැන උරණ වූ එහි පාලකයෝ ඔහුව රැකියාවෙන් නෙරපා හැරියහ. දැන් ඔහු ත්‍රී වීලරයක් එළවමින් පවුලේ පණ ගැට ගසා ගැනීමට වෑයම් කරයි.
කෙසේ වෙතත් දෙමාපියන් මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ. ආබාධිතයින්ට ගොඩනැගිලිවලට ඇතුළුවීමට පහසුකම් සහිතව ගොඩනැගිලි අනුමත කළ යුතු යැයි නීතියක් තිබෙන රටක ප්‍රධානතම බාලිකා විදුහලක් වන විශාකා විදුහල ආබාධිත දැරියකට සලකන්නේ මෙසේ නම් එය මහා කාලකන්නි තත්ත්වයකි. රාස්සියන්ට ගිය විදුහලකි.
මෙය කියවන යම් අයෙක් මේ අසරන දැරියට යම් උදව්වක් කරන්නට සිතන්නේ නම් දැරියගේ මවගේ දුරකථන අංකය 077 8557563 ට අමතන්න. තවදුරටත් කොමිසම් ගානේ රස්තියාදු වීමට ඉඩ නොතබා යහපාලන ආණ්ඩුවේ බලධාරීන් මේ සම්බන්ධයෙන් ක්ෂනික පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තු වෙමු.