ඔය වගේම මම දන්න කැම්පස් ලමයෙක්ට ඔහොම කේස් එකක් ආවා
වටේ පිටේ එවුන් ගෙදර එවුන්ට කියලා ගෙදර එවුන් බලි තොවිල් කරන්න පන්සල් කෝවිල් දේවාල ගානෙ අරන් යන්නම හැදුවෙ . කෙල්ලගෙ අයියා ගෙදර එවුන්ටත් තග දාල හොස්පිටල් අරන් ගියා. කරාපිටියෙ සති 2ක්ද කොහෙද නතරකරගෙන බෙහෙත් කරා
දැන් යස අගේට ඉන්නවා
ඔය ගොඩක් මේ වගේ කතා ලියන එවුන් හිතේ තියන මනස්ගාත ලියන්නෙ
එක්කො වීව්ස් ගන්න නැත්නම් ලයික් ගන්න නැත්නම් ඇඩ් දාල සල්ලි හොයන්නවගේ අරමුණක් ඇතුව
ඔය බුද්ධාගමත් සම්බන්ධ කරලා ලියනවා හේතුව තමයි එතකොට ගොඩක් එවුන් ඕකට විරුද්ධව කතා කරන්නෙ නැති නිසා. ලංකාවෙ එවුන්ගේ තියන අසීමිත ශ්‍රද්ධාව නිසා බුද්ධාගම පටලපු ගමන් ඕන එකක් ඇස්දෙක පියාගෙන විස්වාස කරනවා
මාත් ඔහොම කතා දෙකතුනක් ලියලා තියනවා. ඒවයෙන් එකක් මාරම ප්‍රසිද්ධ වෙලා තියනවා ඒ කතාව එලකිරියෙම හොල්මන් කතාද මොකද්ද ත්‍රෙඩ් එකකත් දාල තියනවා. ඒකෙ කමෙන්ට් දැක්කම කට්ටියගෙ අදහස් දැක්කම ලියපු මට ඇඩෙන්න වගේ එනවා
ෆේස්බුක් එකෙත් හොල්මන් කතා පේජ් එකක ඒ කතාව දාගෙන තියනවා. සමහර එවුන් ඒකට තව අතින් දාලත් ශෙයා කරලා තියනවා දැකලා තියනවා
මම කියන්නෙ බොරු නම් උඹලා ඕනම බොරු කතාවක් හදලා කොහේ හරි දාල බලපනන් ඒක ශෙයා වෙන්න ගත්තම මිනිස්සු ඇත්ත කියලා කමෙන්ට් කරලා තියනවා දැක්කම සමහර එවුන් ඒව වෙනස් කරලා අතින් දාල ශෙයා කරලා තියනවා දැක්කම එන ගැගීම කියලා වැඩක් නැහැ