ආබාධිත රණවිරුවාගේ දරුවාට මාස 3 ක් ඇතුලත අක#

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    ආබාධිත රණවිරුවාගේ දරුවාට මාස 3 ක් ඇතුලත අක#

    823113235aa_L.jpg


    අක්මාව අකර්මන්‍ය වීම හේතුවෙන් ජීවිතයක් මරණයත් අතර සටනක නිරත වන එකම පවුලේ පුංචි දරුවන් දෙදෙනෙක් පිළිබදව නවගත්තේගම ප්‍රදේශයෙන් වාර්තා විය.

    මේ නවගත්තේගම මහ අන්දරවැව ප්‍රදේශයේ පදිංචි 5 හැවිරිදි ජිනුලි ජින්තරා සහ ඇයගේ 3 හැවිරිදි සහෝදරයා වන චාමික හර්ෂණ එම දරුවන් වෙයි.

    ජිනුලිට සහ හර්ෂණට වැඩිමහල් සහෝදර සහෝදරියන් තිදෙනෙකු සිට ඇති අතර ඔවුන් කුඩා කාලයේදීම අක්මාවේ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.

    ඒ හේතුවෙන් මොවුන් දෙදෙනා ඉපදුණු වහාම වෛද්‍ය පරීක්ෂාවකට යොමු කළ ජිනුලි සහ චාමිකගේ මව්පිටන්ට දැනගන්නට ලැබෙන්නේ මේ පුංචි දරුවන් දෙදෙනාද අක්මාව අකර්මන්‍ය වීමේ රෝගයෙන් පීඩා විදින බවටයි.

    මේ පුංචි දරුවන් දෙදෙනා ජීවත් කරවීමට නම් අක්මා බද්ධ කිරීමක් සිදු කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කළද ආබාධිත රණවිරුවෙක් වන මොවුන්ගේ පියාට හෝ මවට ඒ සදහා වත්කමක් නොමැත.

    වෛද්‍යවරුන් පවසන පරිදි පුංචි ජිනුලිට අවුරුදු එකහමාරක් ඇතුළත අක්මා බද්ධයක් සිදුකළ යුතු අතර එසේම මේ පුංචි චාමිකට අක්මාවක් බද්ධ කිරීම සදහා තවත් ඉතිරිව ඇත්තේ මාස 3ක් වැනි කෙටි කාලයක් පමණි.


    http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=82868
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේවා නම් ගිය ආත්ම වල පවුල් පිටින් කරපු පවු වල ප්‍රතිවිපාක තමා..:( පුළුවන් අය උදවු කරන්න ඉක්මන් සුවය පතනවා