ආමිස පූජාව අත්හළ යුතු ද?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ආමිස පූජාව අත්හළ යුතු ද?

    මේ අදහස මට ගොඩ කාලයක් තිස්සෙ ආපු දෙයක්.
    ඒ කියන්නෙ ආමිස පූජාව වැඩකට ඇති දෙයක් නෙවේය , ප්‍රතිපත්ති පූජාවම උතුම් වන්නෙය කියන කරුණ.

    ඒ කියන්නෙ බුදු පිලිම ඉස්සරහ මල් තියල පහන පත්තු කරල , හදුන්කූරු දල්වල තියන එක නෙවෙයි බුදුහාමුදුරුවො අපෙන් බලාපොරොත්තු වන්නෙ එතුමන් කියල දීපු මාර්ගයේ යන ක තමයි ඇදගත් කියල.

    මේ නිසාම මම පන්සල් යන එකත් වැඩිය කරන්න ගියේ නෑ. මට නිකන් තේරුනේ ඒක වැඩකට නැති වැඩක් කියල. ඕව කරාම් පිට මොනවද ලැබෙන්නෙ කියල. මම නිකන් දැන් විස්තර හොයල බැලුවම මට පහල තියන විස්තරේ හම්බුනා.

    මට වගේම මේක හිතුනු උදවිය මේක කියවලම බලන්නකෝ.



    සිතින්, ගතින් හෝ වචනයෙන් යමෙක් තම ගෞරවය තථාගතයන් වහන්සේ වෙත පුද කරන්නේ නම් එය බුද්ධ පූජාව යි. එම ගරු කිරීම සිදු කරන්නේ චෛත්‍යය අබියස වුවත්, බෝමැඩ අබියස වුවත්, පිළිමයක් අබියස වුවත්, මේ කිසිවක් නැති අන්‍ය තැනක දී වුවත් එය බුද්ධ පූජාව ම ය. බුදු ගුණ සිහි කරමින් මල්, පහන්, සුවඳ වර්ග, ආහාරපාන, බෙහෙත්, සිවුරු, පිරිකර, තූර්යනාද, ධජ පතාකාදියෙන් (පසිඳුරන්ගෙන් ගත හැකි දෙයක්) පිදීම ‘ආමිස පූජාව’ ලෙසත් බුදුගුණ හඳුනාගනිමින් තම මනස තුළ ප්‍රඥාව ආදි ගුණ දියුණු කිරීම ‘ප්‍රතිපත්ති පූජාව’ ලෙසත් හැඳින්වේ.


    බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් ආහාරපාන, මල්්, පහන්, ආදි ආමිසයෙන් පිදීම අර්ථයක් නැති හිස් ක්‍රියාවක් යැ යි සමහර කෙනකු එය පහත් කොට කථා කිරීමට පුළුවන. බුදු රජාණන් වහන්සේ දැනට ජීවමාන ව නැති බැවින් එය නිෂ්ඵල ය යි ද එය දුගියකුගේ කුසගිනි නිවන්නට දීම ඊට වඩා ඵලදායක ය යි ද ඇතැමුන් තර්ක කරනු ඇත.


    පූජා කිරීමට මල් කැඩීමෙන් පරිසරය විනාශ වේ ය යි ද පහන් දැල්වීමෙන් පලඟැටියන් ආදි කෘමීන් නිකරුණේ මැරේ යැ යි ද ඇතැමකු තර්ක කරන්නට පුළුවන. ආමිසයට වඩා ප්‍රතිපත්තිය උසස් යැ යි කියමින් දෙකින් එකක වත් යෙදෙන්නේ නැති ව උදාසීන ව කල් ගෙවන අය ද බහුල ය. මෙබඳු වූ මතවාදවලින් මනස නිදහස් කරගෙන උසස් බුද්ධ පූජාවක් සිදු කරන්නට නම්, බුද්ධ පූජාවේ යථාර්ථයත්, ආමිස පූජාව හා ප්‍රතිපත්ති පූජාවේ හැබෑ අරුතත්, ඒවා නිවැරැදි ව අර්ථවත් ව අන් අයට හානි නොවී සිදු කරන ආකාරයත් මැනැවින් හඳුනාගත යුතු ය.


    බුදු රජාණන් වහන්සේ සියලු බුද්ධ කෘත්‍යයන් නිමවා පිරිනිවන් පෑම පිණිස මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේ පිරිනිවන් මඤ්චකයෙහි සැතපී සිටිය දී දසදහසක් සක්වළ දෙවි-බඹුන් අතුරු-සිදුරු නැති ව පැමිණ අවසන් වරට බුදු රජාණන් වහන්සේට මල්, සුවඳ, තූර්ය නාද ආදි බොහෝ දිව්‍යමය පුජා පවත්වන්නට විය. මෙම කරුණ මුල් කරගෙන බුදු රජාණන් වහන්සේ ආනන්ද තෙරණුවන් අමතා මෙසේ වදාළ හ


    “ආනන්දයෙනි, මෙමපමණකින් (මල්, සුගන්ධය, තූර්යනාද ආදියෙන්) සත්කාර කළේ හෝ ගරු කළේ හෝ පූජා කළේ හෝ නො වෙයි. යම් භික්ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ උපාසක-උපාසිකාවක් හෝ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි, සම්‍යක් ප්‍රතිපත්තියෙහි හැසිරෙයි ද, එය ම තථාගතයන් වහන්සේට කරන උසස් ම සත්කාරයත්, ගරු කිරීමත්, පූජා කිරීමත් වන්නේ ය.” (දීඝ නිකාය, මහාපරිනිබ්බාන සූත්‍රය).


    මෙම ප්‍රකාශය උපුටා දක්වන බොහෝ දෙනා පවසන්නේ තථාගතයන් වහන්සේ ආමිස පූජාව ප්‍රතික්ෂේප කර ඇති බව යි. එහෙත් ඉහත දේශනාවට පසු ව පිරිනිවන් මඤ්චකයේ ම වැඩ හිඳිමින් දේශනා කළ තවත් කරුණක් පිළිබඳ ව ඒ සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු ය.


    අප මහා තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු ආදාහන කෘත්‍යය සිදු කරන්නේ කෙසේ දැ යි ආනන්ද තෙරණුවන් විමසූ විට චක්‍රවර්ති රජකෙනකුගේ ශරීරය ආදාහනය කරන අයුරින් එය සිදු කළ යුතු බව වදාරා, අනතුරු ව මෙසේ දෙසූ හ:



    “ආනන්දයෙනි, ස්තූප තනා වැඳුම්-පිදුම් කිරීමට සුදුසු පුද්ගලයෝ සතර දෙනෙකි. එනම්: සම්මා සම්බුදු රජාණන් වහන්සේ, පසේ බුදු රාජණන් වහන්සේ, තථාගත ශ්‍රාවක වූ ආර්යන් වහන්සේ, සක්විති රජු යන මේ සතර දෙනා ය. ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගතයන් වහන්සේ වෙනුවෙන් ස්තූප තනා වැඳුම්-පිදුම් කිරීම සුදුසු වන්නේ ද? ආනන්දයෙනි, මේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ස්තූපය යි, බොහෝ දෙනා සිත පහදවාගෙන මරණින් මතු සුගතිගාමී වන හෙයිනි.” (දීඝ නිකාය, මහාපරිනිබ්බාන සූත්‍රය).


    ආමිස පූජාව උසස් නොවන බව දේශනා කළ බුදු රජාණන් වහන්සේ චෛත්‍ය ඉදිකොට සර්වඥ ධාතූන් වහන්සේලාට පවා වැඳුම්-පිදුම් කිරීම අනුමත කළේ කුමක් නිසා දැ යි විමසා බැලිය යුතු ය. ආමිසයට වඩා ප්‍රතිපත්තිය උසස් බව දෙසුවේ ප්‍රතිපත්තියට මිනිසුන් නැඹුරු කිරීම පිණිස ම ය. නැවත වැඳුම්-පිදුම් කිරීම අනුමත කළේත් ඒ මඟින් මිනිසුන් ප්‍රතිපත්තියට නැඹුරු කිරීමට මග පාදා දීම පිණිස ම ය. මෙහිදී ප්‍රතිපත්තියේ ඇති වටිනාකම මතු කළා මිස ආමිස පූජාව ප්‍රතික්ෂේප කර නැති බව වටහාගත යුතු ය.


    එලය පමණක් ඇති ගසට වඩා අරටුව ඇති ගස උසස් බව සත්‍යයකි. එහෙත් එම අරටුව රැකෙනු පිණිසත්, වැඩෙනු පිරිසත්, ඒ සඳහා මුල පුරනු පිණිසත් රලය අවශ්‍ය බව ද පිළිගත යුතුª ය. ආමිස පූජාව පිළිබඳ ව සැලකිය යුත්තේත් එසේ ම ය.


    අද ලෝකයේ බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන බොහෝ පුද-පූජාවන් ප්‍රතිපත්තියට අනුබල නොදෙන, භක්තිමාත්‍ර ආමිස පූජාවන් පමණක් බවට පත් ව තිබෙන්නේ මේ අවබෝධය මිනිසුන්ගෙන් ඈත් වී ඇති නිසා ය. අපල දුරු කරගැනීම සඳහා, පින් සිදු කරගැනීම සඳහා, තමනුත් බෞද්ධයන් වන නිසා, බුදු රජාණන් වහන්සේ අපගේ ශාස්තෲන් වහන්සේ වන නිසා, මවුපිය පරම්පරාවෙන් කරගෙන එන හොඳ වැඩක් නිසා හෝ සංස්කෘතික අංගයක් වශයෙන් හෝ පුද-පූජා පැවැත්වීමට අද සමාජයේ බොහෝ දෙනා පෙලඹී සිටින්නේ එහෙයිනි. ඒ එක ම පරමාර්ථයක් හෝ හාස්‍යයෙන් බැහැර කිරීමට ද පුළුවන්කමක් නැත. ඒ සියලු අදහස් ඒ ඒ අයගේ තරාතිරම මත නිවැරදි ය. එහෙත් අප බුදු රජාණන් වහන්සේට පූජා පැවැත්වීමේ මූලික පරමාර්ථය මේ සියල්ලට ම වඩා ගැඹුරු ය.


    අපි සියලු දෙන ම මනුෂ්‍යයෝ ය. ‘මනුෂ්‍යත්වය’ යනු උසස් මනසක් ඇති බව යි. මනස උසස් වන්නේ අන් කිසිවක් නිසා නො ව, ප්‍රඥාව මත යි. ප්‍රඥාව සියලු ගුණධර්මයන් ගේ මිනුම් දණ්ඩ වන නිසා ඕනෑ ම කෙනකු තුළ පවතින ගුණවත් භාවය තීරණය වන්නේ ඒ තැනැත්තාගේ ප්‍රඥාව මත යි. තිරිසනුන් හා අවශේෂ සත්ත්වයන්ගෙන් මිනිසා වෙන් වන්නේ මේ ප්‍රඥාව හා ගුණවත් භාවය නමැති කඩඉම නිසා යි. එම කඩඉම පරයා ගිය විට මිනිසුන් හා තිරිසනුන් අතර වෙනසක් නැත.


    මිනිසාට එම මනුෂ්‍යත්වයේ කඩඉමෙන් පහළට නොවැටී රැකෙන්නට නම් ප්‍රඥාව හා ගුණවත් භාවය රැකගත යුතු ය. එය රකින්නට නම් වඩන්නට නම් මුලින් ම හඳුනාගැනීමත් අගය කිරීමත් (ගරු කිරීමත්) අවශ්‍ය ය. මනුස්සකම රැකෙනුයේත් වැඩෙනුයේත් එපමණට ය. එසේ යමක් හඳුනාගනිද්දී ඒ පිළිබඳ පූර්වාදර්ශය අපට ඉතා වැදගත් වේ. මනස වඩවා ‘මනුෂ්‍යත්වයේ’ අති උත්තරීතර භාවය පිළිබඳ ව මුළු විශ්වයට ම පූර්වාදර්ශය ලබා දුන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ යි. එහෙයින් බෞද්ධ-අබෞද්ධ භේදයකින් තොර ව මනුෂ්‍යත්වය අගයන, මනුෂ්‍යත්වය සුරකින, මනුෂ්‍යත්වය වඩවන සියලු මිනිසුන්ගේ ගෞරවාදරය හා ප්‍රණාමය සියලු කල්හි ම ලබන්නට සුදුසු වන්නේ බුදු රජාණන් වහන්සේ ම ය. එහෙයින් බුද්ධ පූජාවක දී අන්‍ය බොහෝ පරමාර්ථ අප තුළ පැවතියත් බුදු රජාණන් වහන්සේට ගරු බුහුමන්, පුද-පූජා පැවැත්වීමේ පරමාර්ථය විය යුත්තේ මනුෂ්‍යත්වයේ අග්‍ර ඵලයට ගරු කිරීම යි. එය මනුෂ්‍යත්වය රැකගැනීමටත්, උත්තරීතර මනුෂ්‍ය ධර්ම වඩවාගැනීමටත් උපකාරී වන ප්‍රධානම මාවතයි.




    උපුටා ගැනුම - http://www.namaskara.lk/?sid=article&dt=2013/12&id=2013/12/npg23_0
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔබ හරි සහෝ.නම්ගම් කියන්න ඕනේ නෑ ඒවුනාට සෑහෙන්න අය, හාමුදුරුවෝ ඇතුළුව පන්සල් වල ඕකමයි කරන්නේ
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඔබ හරි සහෝ.නම්ගම් කියන්න ඕනේ නෑ ඒවුනාට සෑහෙන්න අය, හාමුදුරුවෝ ඇතුළුව පන්සල් වල ඕකමයි කරන්නේ

    :yes::yes: