ආයාචනයේ......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නුඹ නොයෙනා දා....
    නුඹ පතනා මා......
    ආයාචනයේ.....
    අභියස හිදලා......
    හැර යන්නට මා...
    පිළිතුරු සොයලා....
    පවසන්... මට බෑ.. තරහ වෙලා................

    ආයාචනයේ......
    අවසන් දිනයයි.......
    මේ ජීවිතයේ...
    අවසන් සුසුමයි.......//


    සුසුමක් මුසු වූ..
    ඔබෙ ගී රාවේ....
    අවසන් පදයේ...
    මා හද නැවතේ.....
    දසතින් ඇසෙනා...
    ගී හඩ අතරේ...
    මට මා නැති වූ...
    අරුමය නොහැගේ......

    ආයාචනයේ......
    අවසන් දිනයයි.......
    මේ ජීවිතයේ...
    අවසන් සුසුමයි.......//

    පායා එන සේ...
    හෙට හිරු අහසේ....
    ඔබ විශ්වාසයි...
    මා නම් සිතුවේ.......
    ලොව අවමන් මා...
    ලුහුබැද පැමිණේ....
    කිසිදා නෑ මා.....
    වරදක බැදුනේ.....

    ආයාචනයේ......
    අවසන් දිනයයි.......
    මේ ජීවිතයේ...
    අවසන් සුසුමයි.......//

    නිමවේ මෙලෙසින්...
    ඔබෙ ගී රාවේ....
    නවතිම් එතනින්..
    මා හද නාදේ.......
    නොකරම් ඇරයුම්..
    කිසිදින ආයේ.....
    ඔබ හින්දයි මා.....
    මාගෙන් මිදුනේ.....

    ආයාචනයේ......
    අවසන් දිනයයි.......
    මේ ජීවිතයේ...
    අවසන් සුසුමයි.......//
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොන මගුලක්ද ‍යකෝ මේ...... උඹටත් අලි පැට්ටගේ ලෙඩේ බෝවුනාද..........:oo::oo::oo: