අටුවා ටීකා ටිප්පනි කියන්නේ බුද්ධ වචනය අර්ථ දැක්වීම්. ඒ කියන්නේ, එක බුද්ධ වචනයකට ගොඩක් ආකාරයකට අර්ථකථන දෙන්න පුළුවන්.atuwa tika tippani jathaka katha nam
දැන් හිතන්න බුදු හාමුදුරුවෝ කියනවා ..
මේ ලෝකෙ සේරම බොරු - ඇත්ත තමා LIGHT කියලා.
LIGHT කියන එකට තේරුම් ගොඩක් තියෙනවා.
ආලෝකය, විදුලි පන්දම, දැල්වීම, සැහැල්ලු, දීප්තිමත්, බරපතල නොවන දෙයක්, සූර්යාලෝකය මේ වගේ ගොඩක් තේරුම් තියෙනවා.
එතකොට බුදුහාමුදුරුවෝ මොකක්ද ඇත්ත කියලා එතන අදහස් කලේ ?
අන්න ඒ වගේ දෙයක් තමා ඔය අටුවා ටීකා ටිප්පනි වල තියෙන්නේ. බුද්ධ වචනය අර්ථ දැක්වීම. එක එක බෞද්ධ නිකාය බිහි වෙලා තියෙන්නෙත් එහෙමයි, එකම බුද්ධ වචනයට විවිධ අර්ථ දැක්වීම් මත. අපි මේ අනුගමනය කරන, ථෙරවාද බෞද්ධ දර්ශනය කියන්නේ ඒ වගේ එක අර්ථ දැක්වීමක්.
ත්‍රිපිටකය තනියම කියවල කාටවත් තේරුම් ගන්න බෑ. ( සිංහල බුද්ධ ජයන්ති ත්‍රිපිටකය නෙමෙයි, පාලි ත්‍රිපිටකය - එකම පාලි වචනයකට අර්ථ ගොඩක් තියෙනවා )
බණ අහන්න. එතකොට සද්ධර්මය වැටහේ යි.
