ආයුධ පෙන්වන්න ගිය අක්මීමන සැකකරුවා ඇළට ප&#3536

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ආයුධ පෙන්වන්න ගිය අක්මීමන සැකකරුවා ඇළට ප&#3536

    ගාල්ල, අක්මීමන ප‍්‍රදේශයේදී අට හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මාදොල ඇළට පැන ඊයේ රාති‍්‍රයේ දිවි නසා ගෙන තිබෙනවා.

    නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අදාළ ඝාතනය සදහා යොදාගත් තියුණු ආයුධය සගවා ඇති ස්ථානය පෙන්වීම සදහා පොලිස් ආරක්‍ෂාව යටතේ මෙම සැකකරු එම ප‍්‍රදේශයට රැගෙන ගොස් ඇති බවයි. එම අවස්ථාවේදී සැකකරු මාදොල ඇළට පැන තිබෙනවා.

    ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද මාදොල ඇලට පැන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. කෙසේවෙතත් අදාළ සැකකරු එම අවස්ථාවේදී දියේ ගිලී මියගොස් තිබෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වනවිට කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ල
    බනවා.

    ~nethfm~

    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    "ආයුධ පෙන්වන්න.."
    මට news එක දැක්ක ගමන් හිනා ගියා. :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොලිසියෙන්ම මරලා දාන්න ඇති. මන් නම් කියන්නේ ඕකුන්ව මරන්නේ නැතුව ජිවිත කාළෙම තමන් කරපු වැරැද්ද ගන දුක් වේවි විදව විදව ඉන්න දෙන්න ඕනි. ඔය වගේ උන්ට ඔහොම කරන එක හොද වැඩි. කොහොම හරි ගල ගහලා පාපොච්චාරණය කරවලා ජිවිත කලෙම් හිරේ දාන තියෙන්නේ දුක් විද විද ඉන්න
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    හුකාආආආආආආස්ස්ස්ස්ස්ස් ......දැක්කම හිනහත් ගියා
    ඔය සැගවූ වූ ඒවා හොයන්න ගියා කිවම , විජේවීර කාලේ ඉදන් ඉදන් එන පිට්පතනේ ඕක
    මුව මරන්න තිබ්බේ මෙහෙම නෙවෙයි , ජුන්ඩා කපලා , ලුණු දාලා
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    පොලිසියෙන්ම මරලා දාන්න ඇති. මන් නම් කියන්නේ ඕකුන්ව මරන්නේ නැතුව ජිවිත කාළෙම තමන් කරපු වැරැද්ද ගන දුක් වේවි විදව විදව ඉන්න දෙන්න ඕනි. ඔය වගේ උන්ට ඔහොම කරන එක හොද වැඩි. කොහොම හරි ගල ගහලා පාපොච්චාරණය කරවලා ජිවිත කලෙම් හිරේ දාන තියෙන්නේ දුක් විද විද ඉන්න

    මචන් උබ කියන කතාව හරි. ඒත් උබ දෑක්කද ඒ දරුවන්ගෙ දුප්පත් දෙමව්පියන්ගෙ පවුලෙ තත්වේ....අම්මා දලු කඩලා ජීවත් වෙන්නෙ...ඉන්න හිටින්න තෑනක් නෑ....නඩුවක් කියන එක ඒ මිනිස්සුන්ට ලේසි දෙයක් නෙමෙයි.උබ දන්නවනෙ රටේ නීතිය. අන්තිමට මිනී මරුව නිදහස් වෙනව සල්ලි වියදම් කරලා...ඉතින් මේ තිරිසනා මේක කලා කියලා සෑකයක් නෑති නිසා මෙහෙම උන එක හොදයි...
    :yes:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    "රොනී" අක්මීමන දැරිය ඝාතනයේ සැකකරුගේ ඇඳ ළඟ ලගී

    ගාල්ල අක්මීමන ජනබල ගම්මානයේ පදිංචි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරම්භ කළ පොලිස් පරීක්ෂණ සාර්ථක කර ගැනීමට රොනී නම් පොලිස් සුනඛයා අනගි සහයක් ලබා දී තිබෙනවා. දැරියගේ මරණය සිදුව තිබූ ස්ථානයේ සිට ගමන් කළ රොනී දැරියගේ නිවස ආසන්නයේ පිහිටි අවිවාහක තරුණයකුගේ නිවසක් වෙත ගොස් තිබෙනවා. නිවසේ සිටි 28 හැවිරිදි තරුණයකු රොනීගේ ඉලක්කය වී තිබුණා

    අනතුරුව පොලිස් අත්අඩංගුවටපත් සැකකාර තරුණයා දැරිය දූෂණය කර මරාදැමීම පිළිබඳව පාපොච්චාරණය කර ඇති බවයි නෙත් නිව්ස් වාර්තාකරු පවසන්නේ.

    රොනී නැමති මෙම සුනඛයා මීට නොබෝ කලකට පෙර ඇල්පිටිය නගරයේදී තරුණියක් ඝාතනය කළ අවස්ථාවේදී එම මරණයේ වගකීම භාරගත් මියගිය තරුණියගේ පෙම්වතා හඳුනාගැනීමටද සහය විය.

    Murder-www.nethfm.com001.jpg

    Murder-www.nethfm.com003.jpg

    Murder-www.nethfm.com006.jpg
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වනවිට කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

    මේ පාර නම් ටිකක් තාත්විකයි :rolleyes::rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් උබ කියන කතාව හරි. ඒත් උබ දෑක්කද ඒ දරුවන්ගෙ දුප්පත් දෙමව්පියන්ගෙ පවුලෙ තත්වේ....අම්මා දලු කඩලා ජීවත් වෙන්නෙ...ඉන්න හිටින්න තෑනක් නෑ....නඩුවක් කියන එක ඒ මිනිස්සුන්ට ලේසි දෙයක් නෙමෙයි.උබ දන්නවනෙ රටේ නීතිය. අන්තිමට මිනී මරුව නිදහස් වෙනව සල්ලි වියදම් කරලා...ඉතින් මේ තිරිසනා මේක කලා කියලා සෑකයක් නෑති නිසා මෙහෙම උන එක හොදයි...
    :yes:

    පොල්සියෙන් බන් නඩු දාන්නේ. ඕකුන්ව ඔහොම මරණ එක හොද වැඩි ජිවිත කලෙම් විදවලා තමන් කරපුදේ මොකද්ද කියල විඩාව විඩාව මරෙන්න් දෙන්න ඕනි.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    මචන් උබ කියන කතාව හරි. ඒත් උබ දෑක්කද ඒ දරුවන්ගෙ දුප්පත් දෙමව්පියන්ගෙ පවුලෙ තත්වේ....අම්මා දලු කඩලා ජීවත් වෙන්නෙ...ඉන්න හිටින්න තෑනක් නෑ....නඩුවක් කියන එක ඒ මිනිස්සුන්ට ලේසි දෙයක් නෙමෙයි.උබ දන්නවනෙ රටේ නීතිය. අන්තිමට මිනී මරුව නිදහස් වෙනව සල්ලි වියදම් කරලා...ඉතින් මේ තිරිසනා මේක කලා කියලා සෑකයක් නෑති නිසා මෙහෙම උන එක හොදයි...
    :yes:
    තනි සිද්ධියක් හැටියට ගත්තම කොහොමවුනත් සමාජෙ තියෙන දුර්වලකම් මේවගෙන් එලියට එනව.ඒවගෙ වෙලාවට මරන එක හොඳයි කියන උඹට වුනත් හෙට මේ ටික වෙන්න පුලුවන්:yes:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මා දොල ඇලෙ පැනල කොහොම මරුනද මන්ද :confused::confused::confused:,, ඌ වතුර ගිලෙනකන් හාන්සි වෙලා ඉන්න ඇත්තෙ.:P:P:rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ පාර නම් ටිකක් තාත්විකයි :rolleyes::rolleyes:

    බොරුවට වෙන්න ඇති. :yes: මතකනේ වටරකත් ඉස්පිරිතාලේ ගිය හැටි.
    ඕකට කියන්නේ "වටරක ඉස්පිරිතාලේ ගියා වගේ" කියලයි. මම හදපු අළුත් පිරුළ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,129
    113
    Dubai
    මේ වගේ සහ ගහන අපරාධ වලට ලංකාවේ තවම නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ.. උඹලා ඔය කතා කරන විදියට මූව ජීවිත කාලෙටම හිරේ දාන්න ඔන කියන්නේ උගෙ ජීවිත කාලෙම හිරේ දුක් විදී කියලා හිතලද? නෑ මූ ජීවිත කාලෙම කෙසේ වෙතත් අවුරුද්දක් දෙකක් වැඩිම උනොත් අවුරුදු 10කින් එලියට එයි... මරන දඩුවම දුන්නත් ලංකවේ ක්‍රියාත්මක වෙන්නේ නෑනෙ? ජීවිත කාලේ පුරවටම උ හිර ගෙ.. ඌ ජීවිත කාලෙම හිරේ ඉන්න කල් කන්න දෙන්න ඔන උඹලගෙ අපේ සල්ලි වලින් කියලා අමතක කරන්න එපා
    අපේ කාගේ හරි පවුලේ කාට හරි මෙහෙම අපරාදයක් උනා නම් පොලිසියෙන් මේ ටික කරන කල් අපි ඉවසයිද? පර බල්ලගෙ කැවුත්ත ගලවලා කන්න තරම් තරහක් එන්නේ නැද්ද? මම නම් කියන්නේ පොලිසිය මේ පාර කරපු වැඩේ හරි.. මේ වගේ අධමයොන්ව මේ ලොකෙට බරක් නොකර අයින්ම කරලා දාන්න ඔන.. අහින්සක දරුවොන්ට පාඩුවෙ බයක් සැකක් නැතුව ජීවත් වෙන්න රටක් වට පිටාවක් හදලා දෙන්න ඔන. මේ අපේ රට බාර ගන්න ඉන්න අහින්සක දරු පරපුර. මේ වගේ පාදඩයො අතින් මල් තැලෙන්නේ නැති වෙන්න රජ කාලේ දඩුවම් ලංකාවේ ක්‍රියාත්මක කරන්න ඔන කාලෙ ඇවිල්ලා...
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,456
    113
    Battaramulla, Sri Lanka
    පොල්සියෙන් බන් නඩු දාන්නේ. ඕකුන්ව ඔහොම මරණ එක හොද වැඩි ජිවිත කලෙම් විදවලා තමන් කරපුදේ මොකද්ද කියල විඩාව විඩාව මරෙන්න් දෙන්න ඕනි.

    jeewitha kaletama dana ekak ne ban naduwak dammoth. wedima 25-30 years RI ekak dei. 25 years walin passe appeal karala eliyata ennath puluwan.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මේ වගේ සහ ගහන අපරාධ වලට ලංකාවේ තවම නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ.. උඹලා ඔය කතා කරන විදියට මූව ජීවිත කාලෙටම හිරේ දාන්න ඔන කියන්නේ උගෙ ජීවිත කාලෙම හිරේ දුක් විදී කියලා හිතලද? නෑ මූ ජීවිත කාලෙම කෙසේ වෙතත් අවුරුද්දක් දෙකක් වැඩිම උනොත් අවුරුදු 10කින් එලියට එයි... මරන දඩුවම දුන්නත් ලංකවේ ක්‍රියාත්මක වෙන්නේ නෑනෙ? ජීවිත කාලේ පුරවටම උ හිර ගෙ.. ඌ ජීවිත කාලෙම හිරේ ඉන්න කල් කන්න දෙන්න ඔන උඹලගෙ අපේ සල්ලි වලින් කියලා අමතක කරන්න එපා
    අපේ කාගේ හරි පවුලේ කාට හරි මෙහෙම අපරාදයක් උනා නම් පොලිසියෙන් මේ ටික කරන කල් අපි ඉවසයිද? පර බල්ලගෙ කැවුත්ත ගලවලා කන්න තරම් තරහක් එන්නේ නැද්ද? මම නම් කියන්නේ පොලිසිය මේ පාර කරපු වැඩේ හරි.. මේ වගේ අධමයොන්ව මේ ලොකෙට බරක් නොකර අයින්ම කරලා දාන්න ඔන.. අහින්සක දරුවොන්ට පාඩුවෙ බයක් සැකක් නැතුව ජීවත් වෙන්න රටක් වට පිටාවක් හදලා දෙන්න ඔන. මේ අපේ රට බාර ගන්න ඉන්න අහින්සක දරු පරපුර. මේ වගේ පාදඩයො අතින් මල් තැලෙන්නේ නැති වෙන්න රජ කාලේ දඩුවම් ලංකාවේ ක්‍රියාත්මක කරන්න ඔන කාලෙ ඇවිල්ලා...

    සිරාවටම මචන්. සැකයකින් තොරව ඔප්පු වෙන මේ වගේ හෙන ගහන අපරාද කරන එවුන්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ බන්. මම නම් කියන්නේ මේ වගේ එවුන් වෙනුවෙන් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනේ. නිකන් ඉඩම් ආරවුල් වලට මිනී මරණ එවුන්ට ක්‍රියාත්මක නොකලත්. මට මාර දුකයි බන්. ඒ පොඩි කෙල්ලට මොනවා හිතෙන්න ඇද්ද. :( :(

    ලංකාවේ 90% ක්ම අපරාද නොකර ඉන්නේ හැදිච්ච කම නිසා නෙමෙයි. දඬුවම් වලට බයේ. ඒත් දැන් එල්ලුම් ගහ නැති නිසා මිනිස්සු අපරාද කරන්න බය නෑ. මොකද මේක කරපු එකා වගේ එවුන්ට හිර ගේ සැප වැඩියි ඉන්න ගෙදරට වඩා.

    Hats off to Sri Lankan Police..! :yes::yes::yes::yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පින්නදූවේ 8 හැවිරිදි දැරියක දූෂණය කර ඇයගේ ගෙල ලනුවකින් සිරකර මරාදමා තේ වත්තකට ගෙනත් දැමූ බව කියන 27 හැවිරිදි අසල්වැසි සැකකාර තරුණයා අද (18) රාත්‍රී මාදොළට පැන බේරී පළායාමට උත්සාහ කිරීමේදී දියේ ගිළී මියගොස් තිබේ.

    සැකකරු අපරාධය සඳහා යොදාගත් ඇඳුම් පෙන්වීමට යාමේදි මාදොළට පැන බේරී පළායාමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියයි.

    එම අවස්ථාවේදී සැකකරු බේරා ගැනීමට ගිය අක්මීමන පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු ද වතුර පෙවීම නිසා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

    27 හැවිරිදි ගාමිණි කුමාර සමරවීර නැමැති එම සැකකරු අද පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ රොකි නැමැති සුනඛයාගේ ඉව අනූව ඌ සැකකරුගේ නිවසේ කාමරයේ ඇඳ ළගටම ගොස් නැවතීම නිසාය.

    අත්අඩංගුවට පත්වීමෙන් පසු සැකකරු තමන් සිදුකළ අපරාධය ගැන පොලීසියට පාපොච්චාරණයක් ද කර තිබේ.

    adaderana
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ වගේ සහ ගහන අපරාධ වලට ලංකාවේ තවම නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ.. උඹලා ඔය කතා කරන විදියට මූව ජීවිත කාලෙටම හිරේ දාන්න ඔන කියන්නේ උගෙ ජීවිත කාලෙම හිරේ දුක් විදී කියලා හිතලද? නෑ මූ ජීවිත කාලෙම කෙසේ වෙතත් අවුරුද්දක් දෙකක් වැඩිම උනොත් අවුරුදු 10කින් එලියට එයි... මරන දඩුවම දුන්නත් ලංකවේ ක්‍රියාත්මක වෙන්නේ නෑනෙ? ජීවිත කාලේ පුරවටම උ හිර ගෙ.. ඌ ජීවිත කාලෙම හිරේ ඉන්න කල් කන්න දෙන්න ඔන උඹලගෙ අපේ සල්ලි වලින් කියලා අමතක කරන්න එපා
    අපේ කාගේ හරි පවුලේ කාට හරි මෙහෙම අපරාදයක් උනා නම් පොලිසියෙන් මේ ටික කරන කල් අපි ඉවසයිද? පර බල්ලගෙ කැවුත්ත ගලවලා කන්න තරම් තරහක් එන්නේ නැද්ද? මම නම් කියන්නේ පොලිසිය මේ පාර කරපු වැඩේ හරි.. මේ වගේ අධමයොන්ව මේ ලොකෙට බරක් නොකර අයින්ම කරලා දාන්න ඔන.. අහින්සක දරුවොන්ට පාඩුවෙ බයක් සැකක් නැතුව ජීවත් වෙන්න රටක් වට පිටාවක් හදලා දෙන්න ඔන. මේ අපේ රට බාර ගන්න ඉන්න අහින්සක දරු පරපුර. මේ වගේ පාදඩයො අතින් මල් තැලෙන්නේ නැති වෙන්න රජ කාලේ දඩුවම් ලංකාවේ ක්‍රියාත්මක කරන්න ඔන කාලෙ ඇවිල්ලා...

    :dull::dull::dull::dull:

    100% atta