උඹත් එක්ක එකඟ වෙනවා මචන්. නිතිය හැමෝටම සාධාරණ වෙන්න ඕනේ. අනිත් එක අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප ගොඩක් නරක පැත්තට හැරිලා තියෙන්නේ. හැමදාම බැලුවොත් මිනිමැරුම්, දුෂණ, හොරකම්.. එක පැත්තකින් නිතිය ක්‍රියාත්මක වෙන්නේ පොඩි මිනිස්සුන්ට විතරයි. අනිත් පැත්තෙන් මිනිස්සුන්ගේ ආකල්ප හදන්න වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා මදි.
වැරද්දක් වෙලා දඬුවම් දෙනවට වැඩිය මිනිස්සු අතින් වැරදි සිද්ද වෙන එක වලක්වගන්න එකයි මං හිතන්නේ හොඳම දේ.
අනිත් පැත්තෙන් අංගුලිමාල වුනත් වැරදි කලත් අන්තිමේට රහත් වුනා. ඉතින් වැරදිකාරයෙකුට පවා නිවැරදි මාර්ගෝපදේශනයක් දෙන්න පුලුවන්නම් හරි පාරට ගන්න පුළුවන්. හැබැයි ඉතින් දෙවදත්තලත් ඉන්න හින්දා මං කියන්නේ නෑ මිනිමරපු මිනිස්සු නිදහස් කරන්න කියල. ජීවිතාන්තය දක්වා දඬුවම හෝ තනියම වැඩක් පලක් කරන්න බැරි කාලෙට නිදහස් කරන එක තමයි හොඳ. ඒ අතර ඔය ගල් කඩන වැඩ වගේ වැඩ කරන්න දීලා( මිනිහා හොඳ අතට හැරිලා වගේනම් නිරමානශීලිව කරන්න පුළුවන් වැඩ දීල) ඒ එක්කම ඔවුන්ගේ මනස හදන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ.