අපි මෙතන මොනවා කතා කලත් විය යුත්ත කාගේ වුවමනාවට හෝ සිදුවෙනවා.
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති වෙනස් කරන්න අවශ්‍ය නෑ.
"පොලීසිය නඩු අසා, පොලීසියම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් රචනා ලියන්නන්ට හොඳ සිහිය ලබා ගැනීමට සේයා දැරිය ඝාතන නඩුව පමණක් සෑහේ යැයි සිතමි.
සේයා ඝාතන නඩුවේදී පොලීසිය පළමුවෙන් සැකකරු ලෙස ඉදිරිපත් කලේ පාසල් දරුවෙකි.
ඔහුගේ පරිගණකය, ඔහු බැලූ නිරුවත් දර්ශන මාධ්‍ය ඉදිරියේ රසකර පෙන්වනු අපට පෙනුනි. සමස්ත සමාජයක් ඉදිරියේ ඔහු දරුණු අපරාධකරුවෙක් බවට පත්විය.
ඒ අනුව පලමුවෙන් ආයුධ පෙන්වීමට රැගෙන යායුතුව තිබුනේ ඔහුය.
දෙවනුව කොණ්ඩයා කරළියට පැමිණියේය.
අවම වශයෙන් ඔහුට කොණ්ඩයා යනුවෙන් අන්වර්ථ නාමයක් හෝ නොතිබුණි.
එහෙත් වැඩේ බරපතලකම සමාජයට පෙන්වීමට අවශ්‍ය නිසා ඔහුගේ නම කොණ්ඩයා බවට පත්කරන ලදී.
කොණ්ඩයා සොහොන් වලවල්වල නිදාගන්නා ආකාරය ,ඔහු අමුමස් ආහාරයට ගන්නා ආකාරය පිලිබඳ උගත් මාධ්‍යවේදීන් ඇඟකිළිපොලා යන වාර්තා ලියුවා පමණක් නොව කොණ්ඩයා විසින් සේයා දැරිය ඝාතනය කල ආකාරය පිළිබඳ ඔහු විසින්ම කලායැයි කියූ ඔහුගේ පාපොච්චාරණයද ඉදිරිපත් කරන ලදී.
DNA වාර්තාව නොවන්නට අදටත් ඔහු අපරාධකරුවෙකි
ඒ මොහොතේ කොණ්ඩයාව ආයුධ පෙන්වීමට රැගෙන ගියේ නම් මුළු ලංකාවම සතුටු වන්නටත් ආයුධ පෙන්වීමට රැගෙන ගිය අය ගැන ප්‍රශස්ති ලියන්නටත් ඉඩ තිබුනි.
නමුත් අවසානයේ සැබෑ අපරාධකරු වූයේ ඒ කිසිවෙකු නොවේ."
Copied from Facebook.