මුන්ට විරුද්ධව නඩු විභාගයක් තියල නීත්‍යානුකූලව ජීවිතාන්තය දක්වා හිරේ යවන්න හරි එල්ලුම්ගස් යවන්න හැදුවොත් මුන් හැම දේම වමාරන්න පටන් ගන්නවනෙ. ඊට පස්සෙ ඒවට සම්බන්ධ ඇමතිල මන්ත්‍රීල රජයේ නිලධාරින් ඉන්නවනම් ඔක්කොටම ගස් යන්න වෙනව. ඊට වඩා හොඳයි මූව විතරක් මරල දාන එක. තෝරු මෝරු ටික බේරෙනවා. රටවැසි බයියොත් චූන් වෙනවා.
අනිත් පැත්තෙන් ගොඩක් වෙලාවට අපරාධකාරයෙක් අල්ලගත්තම පොලීසිය කරන්නේ ඒ අපරාධයට සම්බන්ධ ආසන්නම එකා හොයාගෙන ඌට පුලුවන් තරම් ගහලා වද දීලා මොනව හරි එලියට අරන් ඒ පස්සේ යන එක. විද්‍යාත්මකව පරීක්ෂණයක් මෙහෙයවලා උගේ ජාතකේ හොයාගන්න තරම් හැකියාවක් පොලීසියට නෑ. ඒවට ඕනෙ කරන දැණුම තාක්ෂණෙත් නෑ. එහෙම බලද්දි වැඩබැරි පොලීසියකට මුන්ට විරුද්ධව සාක්ෂි හොයාගන්න බැරුව මුන් ආපහු එලියට එනවට වැඩිය හොඳයි මුන්ව ඉවරයක් කරන එක. (තමන්ට දෙයක් වෙනකල් මානව හිමිකම් අරව මේව රටවැසි බයියන්ට අරහංනේ)
අනිත් පැත්තෙන් නීතිය ක්‍රියාත්මක කරවන ආයතන දූෂිතයි කියල ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. අපරාධකාරයන්ට සාක්ෂි නැති කරන්න, නීතිය නවල දෙන්න ඕනෙ තරම් කට්ටිය ඉන්නවා ආයතන ඇතුලේ. එහෙම බලද්දි මුන්ව මෙහෙම මරන්නෙ නැතුවත් බෑ.
අනේ මන්ද බන් කොහොම උනත් මේ විදියට ආයුද පෙන්නන්න එක්කන් ගිහින් මිනිස්සු මරල දාන එක දිගටම කරන් යන්න දෙන්න හොඳ නෑ. රට හදන එකේ නාමයෙන් ලබ්බට තිබ්බ අත පුහුලටත් තියනවාම තමයි.
https://www.latimes.com/world-nation/story/2020-08-27/philippines-zara-alvarez-human-rights