ආයෙත් ඉන්දියන් කුණු ලංකාවට
ඉන්දියාවෙන් ණයට බාල දුම්රිය ගෙනවිත් යකඩ ගොඩවල් ගොඩ ගැසීමට ප්‍රවාහන ඇමතියෙක් මොකටද? -සිරිපාලට දුම්රිය වෘත්තීය සමිති සංධානයේ දැඩි විරෝධය
(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.12, ප.ව.11.00) ඉන්දියානු ණය ව්‍යාපෘතියක් යටතේ දුම්රිය මාර්ග ඉදිකිරීමට හා දුම්රිය එන්ජින් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව අද (12) දින දුම්රිය වෘත්තීය සමිති සමග කළ සාකච්ඡාවකදී ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.
දුම්රිය සේවකයින් මුහුණ දෙන ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් හා දුම්රිය සේවයේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වෘත්තීය සමිති සාකච්ඡාවක් පැවැත්වූ අතර, සාකච්ඡා කළ කිසිම ගැටළුවක් සම්බන්ධයෙන් කිසිදු නිශ්චිත විසඳුමක් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යවරයා අපොහොසත් විය.
ඇමරිකානු ඩොලර් මිලියන 500 (රුපියල් කෝටි 7000) කට අධික මුදලක් ණයට ගෙන දුම්රිය එන්ජින් ගෙන ඒමටත්, දුම්රිය මාර්ග ඉදිකිරීමටත් කටයුතු කරන අතර ණය කොන්දේසි අනුව දුම්රිය මාර්ග ඉදිකිරීම සම්පූර්ණයෙන්ම ඉන්දියාවට බාර දිය යුතු බවත්, කොපමණ දුර්වල මට්ටමේ එන්ජින් වුවත් ඉන්දියාවෙන්ම ඒවා මිලදී ගැනීමට සිදු වන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේ ය. වෘත්තීය සමිති කොපමණ විරුද්ධ වුවත්, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවට ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
මෙරට ජනතාව ණයකාරයන් බවට පත් කරමින් ඉතාමත් අධික පොලියට හා දුම්රිය සේවය හානියට පත් කරන ආකාරයේ කොන්දේසි වලට යට වී අති විශාල මුදල් ප්‍රමාණයක් ණය ව්‍යාපෘතියක් යටතේ ලබා ගෙන දුම්රිය ධාවනය කරවීමට ප්‍රවාහන ඇමතිවරයෙක් අවශ්‍ය නොවන බවත්, ප්‍රවාහන ඇමතිවරයෙක් අවශ්‍ය වන්නේ ගුණාත්මක දුම්රිය සේවයක් ලබාදීම සඳහා අපහසු ඉලක්ක සම්පූර්ණ කිරීමට බවත්, ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් මුදල් සොයාගෙන ලෝකයේ භාවිතා කරන නවීන තාක්ෂණය යොදා ගනිමින් දුම්රිය මාර්ග ඉදිකිරීමටත්, දුම්රිය මැදිරි හා එන්ජින් අප රටේම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට බවත් වෘත්තීය සමිති වල අදහස විය.
ඉන්දියානු එන්ජින් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයේ යෙදවිය නොහැකි බවත්, අවශ්‍ය කරන්නේ උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කළ හැකි ගුණාත්මක බවින් උසස් එන්ජින් බවත්, පසුගිය කාලයේ මෙරටට ගෙන්වා ඇති ඉන්දියාවේ නිෂ්පාදිත එන්ජින් ඉතාමත් දුර්වල මට්ටමේ පවතින බවත් වෘත්තීය සමිති පෙන්වා දුන්නද, ප්‍රවාහන අමාත්‍යවරයා වෘත්තීය සමිතිවල එම අදහස සලකා බැලීමක් හෝ නොකළේය.
ගුණාත්මකු දුම්රිය සේවයක් ජනතාවට ලබාදෙනවා වෙනුවට ප්‍රවාහන අමාත්‍යවරයාට අවශ්‍ය කරන්නේ තත්වයෙන් දුර්වල ගුණාත්මක බවින් අඩු දුම්රිය ගෙනවිත් යකඩ ගොඩවල් ගොඩගැසීමට බවද, ඉන්දියාවට වඩා ප්‍රමිතියෙන් උසස් ගුණාත්මක දුම්රිය සේවාවකට අවශ්‍ය දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙන බවද වෘත්තීය සමිතිවල අදහස විය.
දුම්රිය සේවකයින් පෙත්සම් ගහන බව පුන පුනා කී ඇමතිවරයා පෙත්සම් ගැසීමක් නොව දුම්රිය මාර්ග ඉදිකිරීමෙන් හා දුම්රිය ගෙන්වීමෙන් මෙන්ම යකඩ විකිණීමෙන් පසුගිය කාලයේ සිදු කළ වංචා දූෂණ සම්බන්ධයෙන් දූෂණ හෝ වංචා විමර්ශන කොමිෂන් සභාවට ලිපි ගොනු ගණනාවක් භාර දී ඇති බවද වෘත්තීය සමිති පෙන්වා දුන්හ.
වෘත්තීය සමිති වල විරෝධය නොතකා රටේ ජනතාව ණයකාරයන් බවට පත් කරමින් අතිවිශාල මුදල් සම්භාරයක් වැයකර දුර්වල මාර්ග හා සංඥා ක්‍රම ගෙන ඒමේ හා ප්‍රමිතියෙන් තොර දුර්වල දුම්රිය ගෙන ඒමේ එකම අරමුණ දූෂිත මුදල් ගනුදෙනු හා කොමිස් මුදල් විය හැකි බවද, එය දුම්රිය සේවයේ අනාගතයට ඉතා අහිතකර තත්වයක් බවද පෙන්වා දෙමු.
-දුම්රිය වෘත්තීය සමිති සංධානයේ නිවේදනයකි-
---------------------------