ආයෙමත් ආදරෙන්

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    හොදයි හොදයි නැගල යයි වගේ ගොඩක් දිග්ගස්සන්න එපා දිගටම යමු...රේප්+:love::love:
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    දවස් ගාණක් ගතවුනේ ඔලුව උස්සගන් වත් බැරි වැඩ ගොඩක් එක්ක. ඒත් සති අන්තේ ගෙදර ගිහින් ආවේ ගෙදරට සල්ලි දෙන්නත් එක්කමයි. සඳුදා උදේ ගෙදර ඉඳන්ම වැඩට ඇවිත් හවස නැන්දලගේ ගෙදර යන එක තමයි ක්‍රියාවලිය. ඒත් ඒ සඳුදා විශේෂයක් තිබුණා.නැන්දගේ පුත්‍රයාගේ ඒ කියන්නේ අයියගේ පුංචි එකාගේ බත් කවන එකට පුංචි පහේ වැඩසටහනක් තිබුණා. ඒක නිසා ෂෝට් ලීව් එකක් දාලා ගෙදර ආවා. කැවිලි පෙවිලි එහෙම සූදානම් කරලා පුංචි පහේ සතුට දනවන අවස්ථාවක් බවට නැන්දා ඒක පත්කරලා තිබුණා. අහල පහල හිතවතුන් කීපදෙනෙක්ටත් ආරාධනා කරලා තිබුණා. මමත් පොඩි එකාට මගේ ගානේ තෑග්ගකුත් අරගෙන කලින්ම ගියා.

    මම යනකොටත් වැඩකටයුතු පටන් අරගෙන තිබුනා. පැදුරේ තියලා තිබුණු දේවල් වලින් පුංචි එකා මුලින්ම අරන් තිබ්බේ පැස්ටල් පෙට්ටියක්. එහෙනම් ඉස්සරහට හොඳ චිත්‍ර ශිල්පියෙක් වේවි. කට්ටියම කෑම ටිකක් එහෙම කාලා බීලා සප්පායම් වෙන අතරේ දන්න අඳුනන කීප දෙනෙක්ම හිටියා.

    අල්ලපු ගෙදර පවුලම ඇවිත් තිබුණේ අසල්වැසියාට ප්‍රේම කිරීමේ සංකල්පය භාවිතාවෙන්ම ඔප්පු කරන්න වගේ. අන්කල්,ඇන්ටි සහ මාර දූතිකාවන් යුගලය. ජිත්මි සහ නෙත්මි එක වගේම ගවුම් දෙකක් ඇඳගෙන මල් වාස් දෙකක් තිබ්බා වගේ ඇවිත් හිටියා. ජිත්මිනම් ඉතින් පැත්ත පලාතක් බලන්නේ නැති නිසාද කොහෙද මට හරියට බැලුනෙත් නෑ, ඒත් නෙත්මිනම් ඇවිත් කතාකරලා ගියා.

    “ආ...ඔයා නේද මේ පොඩ්ඩගේ මාමා...මොනාවද බබාට ගෙනැත් දුන්නේ..?“

    “අපෝ ඒවා මොකටද ඔයාට?“

    “මොකක්ද හලෝ කියනවකෝ අපිටත් දැනගන්න...“

    “මම ගෙනැත් දුන්නා පුළුන් කිලෝ එකක්“

    “පුළුන් කිලෝ එකක්....ඒ මොකටද?“

    නෙත්මි ඇස් දෙක නලලේ තියන් මගෙන් ඇහුවේ මම කියපු දේ ඇත්තටම අරගෙන.

    “පුළුන් ගෙනාවෙද...ඇයි දෙයියනේ ඔයා අර අල්ලපු වැටට වෙලා මර විලාප තියන හැටියට පොඩි එකා කොහොමද කණ පරිස්සම් කරගන්නේ..මම පුළුන් ගෙනාවේ පොඩ්ඩගේ කණේ ගහලා තියන්න“

    “අනේ යනවා යන්න...මම මර විලාප තියන්නේ නෑ හරිද...අර ඔයාගේ ලසෝ ගී වගේ“

    “මගේ ලසෝ ගී?..මේ අපහාස කරන්න එපා හරිද“

    ඔහොම ටිකක් වෙලා රණ්ඩු වෙවී ඉඳලා නෙත්මි සහ ජිත්මි අම්මා එක්ක යන්න ගියා. කට්ටිය ගියාට පස්සේ ගෙදරම පාළුයි. පොඩි එකත් නිදාගත්තු නිසා හවස කරන්න දෙයක් තිබුණේ නෑ. හවස් වරුවෙම කාමරේට වෙලා පොතක් බැලුවා. බලන්න බැරිවුණු එකක්. ඒ අතරේ අල්ලපු ගෙදරින් ගීත සද්දයක් ඇහුණා. නෙත්මිගේ නෙවෙයි ජිත්මිගේ හඬින්. එතකොටයි ආයෙත් මතක් වුණේ අයිතිකාරයගේ සිද්ධිය.

    * * * * * * * * * *

    “ නැගිටපන් යකෝ....“

    සෙනසුරාදා පාන්දරම සමීරයා ඇවිත් ධනුෂ්කයා එක්කම. එදා ඩීන් එක නිවාඩු දීලා තිබුණේ හදිසි අවශ්‍යතාවකට. ටිකක් දවල් වෙනකන් නින්දක් දාන්න හදනකොටම ඇවිත් මාරක දෙකක්. අපිට කොහෙද සැප නින්දක පින. කාමරේටම ඇවිත් මෙහෙම ඇහැරවද්දි දෙන්න හිතෙනවා මුන්ට යාළුකම් අමතක වෙන්න.

    “ඇයි යකෝ පාන්දර...තොපිලගේ ගෙවල් තෙමෙනවද?“

    මම කෑගැහුවේ ඇඳේ ඉඳගෙනමයි.

    “එහෙම හරියන්නේ නෑ මස්සිනා උඹ පොරොන්දු වුනා අද ගන්දර නිශාන්තයලගේ ගෙදර යන්න එනවා කියලා..“

    ධනුෂ්කයා එහෙම කිව්වමයි මතක් වුනේ නිශාන්තයව. අපෝ ඔෆීස් එකේ වැඩ කරන කොල්ලෙක් තමයි නිශාන්තය. අලුතින් ගෙයක් හැදුවා අපිට යන්න බැරිවුණා උත්සවේට.ඉතින් අපි සෙට්එක අද යන්න දාගත්තු එක අමතකවුනෙත් මේ නිදහස අත්විඳින්න ගියපු නිසානේ. දැන් මොනවා කරන්නද නැගිටලා ලේස්ති වෙනවා මිසක්.


    සාමාන්‍ය ඩෙනිම් කලිසමකට ලාපාට ටී ෂර්ට් එකකුත් දාගෙන ගමනට සූදානම් වුණ. මම ලේස්ති වෙනකන් සමීරයා නෙත්මි මට බැනපු සිද්ධියයි පස්සේ ඒකි ෂේප් වෙච්ච සිද්ධියයි පණ පිහිටුවලා කියනවා ධනුෂ්කට. මේ හාල්පාරුවා නිසා තමයි මේ සේරම මරගාත.


    “ඒක නෙවෙයි බං...උඹ ඇහුවෙ නැද්ද අල්ලපු ගෙදර පුංචි සූකිරි බෝලෙගෙන් ඒකිගේ අක්කගේ සින්නක්කර අයිතිකාරයා කව්ද කියලා?“


    මම ලේස්ති වෙලා ඒද්දිම සමීරයා ඇහුවා.


    “පිස්සුද යකෝ..ඒපාර උන් හිතාව මම ඇත්තටම අරකිගේ පස්සෙන් යනවා කියලා..ඒක වෙන ක්‍රමේකින් හොයාගන්නවා මිසක් මුන්ගෙන් අහන්නනම් බෑ“


    “ඒකත් එහෙමද?..හා හා උඹේ කැමැත්තක්...හැබැයි හදිස්සි ප්‍රහාරයක් එල්ලවෙලා උඹ රෝහල් ගතකලොත් ගහපු එකාගේ නම අනුමාන කරන්නවත් ඌ කව්ද කියලා හොයලා අපිට කියපන්“


    සමීර අන්තිම නෝන්ඩි හිනාවක් දාලා කියනකොට ධනුෂ්කත් හෙණ කැත හිනාවක් දාලා සමීරගේ පිටට ගැහුවා.


    “අපිට එහෙම ගහන්න අපි වැරදි කරලා නෑ යකෝ“


    මම එහෙම කියලා මුන් දෙන්නත් කතා කරගෙන පාරට බැස්සේ කතාවෙන් කතාව දවසම මෙතනට ගෙවෙන නිසා. යන්තම් පාරට ආපු ගමන් ගාල්ලේ බස් එකක් ආවා “සඳගිරි“ එක. ඉක්මණට ස්ටෑන්ඩ් එකට ආවා. එනකන් අරුන් දෙන්නා කලේ මගේ පලු ඇරපු එක.


    * * * * * * * * * *


    ගන්දර පොලීසිය ගාවින් ඇතුලට යන පාරේ තමයි නිශාන්තලගේ අභිනව නිවහන නිර්මාණය කරලා තිබුණේ. බඩගාන ගන්දර බස් එකේ ගියොත් නිශාන්ත ඊලඟ ගෙදරත් හදනකම්ම අපිට ගන්දරට යන්න වෙන එකක් නෑ කියලා හිතුණ නිසා තංගල්ලේ බස් එකක නැගලා යන්න සෙට් වුණා. මමයි සමීරයි එක ශීට් එකේ, ධනුෂ්ක ඊට ඉස්සරහා එකේ.


    බස් එක දෙවුන්දර පහුකරද්දි නැගිටලා වඳින්න හදද්දිම බස් එකේ දකුණු පැත්තේ අසුන් පේලියේ පිටිපස්සට වෙන්න හොඳට හුරුපුරුදු මූණක් දැක්කා. කොල්ලෙක්ගේ මූණක්. මම හොඳට මතක් කලා කව්ද කියලා.


    “මචං සමීර...අර එහා පැත්තේ පස්සෙම ෂීට් එකට කලින් ෂීට් එකේ මෙහා පැත්තේ ඉන්න එකා දිහා හෙමීට බලපං“


    මම සමීරගේ කණට කරලා කිව්වා. සමීරත් හිමීට බැලුවා.


    “කව්ද බන් ඒ...මම නම් දැකලා නෑ“


    “අන්න ඌ තමයි මචං එදා මට ජිත්මිගේ අයිතිකාරයෙක් ගැන කියලා සද්දෙ දාපු උන් දෙන්නගෙන් එක්කෙනෙක්...එදා ස්කූටියේ පිටිපස්සේ හිටියේ මූ තමයි..හැබැයි මූ මොකුත් කිව්වේ නම් නෑ..“


    “ඒකත් එහෙමද? “


    “ඔව් මචං...මට මේක දෙකෙන් එකක් විසඳගන්න මරු වෙලාව“


    එහෙම කියලා මම ෂීට් එකෙන් නැගිටින්න හැදුවා. සමීරයා අත්දෙකෙන්ම බදලා මාව අල්ලගත්තා


    “බුදු මචං උඹ හදන්නේ උඹත් ගුටි කාලා අහිංසක අපි දෙන්නටත් ලෙසටම කවන්නද..යකෝ මූ කොහේ එකෙක්ද දන්නේ නෑ...මේ පැත්තේ එවුන්ට වචනයක් ඇති බෙල්ල කපන්න..මූ එක කෝල් එකකින් බස් එක නවත්තලා අපිට නෙලාවි සෙට් එකක් ගෙනැල්ලා..බුදු මචං පාඩුවේ ඉඳපන් රත්තරනේ“


    සමීරයා නොවඳිනවා විතරයි. අපේ සද්දෙට ධනුෂ්කයත් හැරිලා බැලුවා. මම සමීරයා ෂේප් කරලා නැගිට්ටා.


    “උඹ පොඩ්ඩක් ඉඳපන්..මම කතාකරලා එනවා“


    මම නැගිටලා පස්සට එද්දි සමීරයත් නිකන් හිටියේ නෑ ඌත් පස්සෙන් ආවා.අපි දෙන්නම එද්දි ධනුෂ්කත් ආවා. බස් එකේ අය හිතුවේ අපි බහින්න සූදානම් වෙනවා කියලා. මම හිමින් ගිහින් අර කොල්ලා ලඟ නැවතුනා.


    “සහෝදරයා...මාව මතකද?“


    මම ඒ කොල්ලගෙන් ඇහුවා. මිනිහා පුදුම වෙලා මම දිහා බැලුවා. මිනිහට මාව එච්චර මතක නෑ වගේ.


    “නෑ මතක නෑ...කව්ද?“


    “දැන් ටික දවසකට කලින් මාකට් පාරෙදි තව කොල්ලෙකුත් එක්ක ඇවිත් මට සද්දේ දාලා ගියේ...අර මඩිහේ කෙල්ලෙක්ගේ පස්සේ යන්න එපා කියලා...ඒකිට අයිතිකාරයෙක් ඉන්නවා කියලා“


    ඒ පාරනම් මිනිහට මිටර් වුනා මම කව්ද කියලා. මගේ පිටි පස්සෙන් අරුන් දෙන්නත් හිටගෙන හිටපු නිසා මිනිහා සිරාවටම ටිකක් බයවුනා. ඒත් ඌ ඒක හංගගෙන කතාකරා.මමත් හෙණ පොර වගේ හිටියා.


    “දැන් උඹලා මට ගහන්නද?“


    මිනිහගේ කතාවට මට හිනාත් ගියා.


    “අපෝ නෑ සහෝදරයා..මොන වරදක් කලාටද...මට දැනගන්න ඕන ඒ වෙලාවේ ඒ කෙල්ලට කව්ද අයිතිකාරයෙක් ඉන්නවා කිව්වා නේද..ඒ අර මට සද්දේ දාපු සහෝදරයගේ යාළුවා වෙන්න බෑ...එහෙනම් කව්ද ඒ“


    මිනිහා ටිකක් කල්පනා කලා. කල්පනා කරලා බොහොම පරිස්සමින් උත්තර දුන්නා.


    “ඒ කව්ද කියලා වැඩක් වෙන එකක් නෑ..හැබැයි තවදුරටත් කෙල්ල පස්සෙන් ගියා කියලා ආරංචියක් ආවොත් ඒ අයිතිකාරයම ඇවිත් ඔයාව මුණගැහේවි...“


    මිනිහා කියපු එක මම හොඳට ඔලුවට ගත්තා. ඒකේ ඇතුලේ තිබුණු තර්ජනෙත් හොඳට තේරුම් ගත්තා.


    “හරි එහෙනම් එච්චරයි“


    එහෙම කියලා අපි තුන්දෙනා ගිහින් වාඩි වුනා.
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    “චූටි පුතා කොහේද යන්නේ“

    ඉරිදා දවසක දෙනියායේ නොයා හිටපු නිසා නැන්දලගේ ගෙදර ඉඳන් එලියට බහිද්දිම නැන්දා ඇහුවා.

    “ටවුන් එක පැත්තට යනවා නැන්නේ“

    “හා එහෙනම් පරිස්සමින් ගිහින් එන්නකො..අයියලත් දෙණිපිටියේ ගියා තාම නෑනේ“

    අයියයි,අක්කයි පොඩි එකයි අක්කලගේ මහ ගෙදර ගිහින්. අයියටත් නිවාඩු ලැබෙන්නේ කලාතුරකින් නිසා එහෙම කොහේවත් යන්න වෙනවා අඩුයි. ගෙදර කව්රුවත් නැතිනිසා දැනුණු කම්මැලිකමත් එක්ක ටවුන් එක පැත්තට යනවා කියලා තීරණය කරේ ඒකයි. ඒ වෙනකොටත් හවස දෙක විතර වෙලා තිබුණා.

    ටවුන් එකට ඇවිත් යන්නේ කොහේද කියලා අදහසක් තිබුණෙත් නෑ. ඒත් එකපාරටම හිතුනේ පරෙවි දූව උපෝසථාගාරය පැත්තට ගියානම් හොඳයි කියලා. මම හිතන්නේ අවුරුදු දෙකකින් විතර යන්න බැරිවුණා එතනට. කොච්චර ලස්සන තැනක්ද. ඒ වගේම මම ගොඩක් ආස කරන තැනක්. හැම පැත්තෙන්ම මුහුදෙන් වටවෙලා රැල්ල ගහන සද්දෙත් එක්ක දැහැනකට සමවැදෙන්න කියාපු තැන


    රණවිරු පිලිමේ ගාව හිටපු අම්මා කෙනෙක්ගෙන් නෙළුම් මල් තුනකුත් අරගෙන හෙමින් හෙමින් වැල් පාලම දිගේ උපෝසථාගාරේ දිහාවට යද්දිම හිත ගොඩක් නිස්කලංක වෙලා තිබුණා. මාතර මිනිස්සුන්ට විතරක් නෙවෙයි ලෝකේ කොහේ ඉඳන් එන ඕනම කෙනෙක්ට ඒක දැනෙන පොදු දෙයක්. වැල්පාලමේ මැදදි ටිකක් නැවතිලා අත් වැටට අත් දෙක තියාගෙන ඈතින් පේන බ්‍රවුන්ස් කඳුවැටියත්, කිලෝමීටර දෙකක් විතර දිග මාතර වෙරළ උද්‍යානයත් ඈත දෙවුන්දර තුඩුවත් දිහා හරියට පිකාසෝගේ චිත්‍රයක් දිහා බලන් ඉන්නවා වගේ පැය ගණනක් බලන් ඉන්න පුළුවන්. විශේෂයෙන්ම හැන්ඳෑ වරුවට වඩාත් ලස්සනයි.

    උපෝසථාගාරයට ඇතුල් වෙලා ලස්සනට හදපු වටදාගෙය සමීපයේ සමාධි බුදු පිලිමෙට මල් තියලා වැන්ඳා, පුරුදු විදියටම හිත ගියේ උපෝසථාගාරයේ පොහොය ගේ පැත්තට. මීට අවුරුදු දෙකකට කලින් ආවට වඩා ටිකක් විතර වෙනස් වෙලා. ඉස්සර ගොඩක් අය ඇවිත් මෙතන ගත කරන්නේ හිත නිසංකලංක කරගෙන යන්න. අදත් ඒ වගේම පිරිසක් සුදු ඇඳගෙන ඇවිත් තිබුණා. ඉරිදා දවසක් නිසා ටිකක් වැඩිත් එක්ක. පොහොය ගේ පිටිපස්සේ බැම්ම උඩ වාඩි වෙලා නිමක් නැති ඉන්දියානු සාගරය දිහා මම ගොඩක් වෙලා බලන් හිටියා. දවස තිස්සෙම කාර්යාලයේ ලිපිගොනු දිහා බලාගෙන සහ බස්වලා තෙරපිලා කොහේදෝ පිම්මක දුවන ජීවිතේ ටිකක් නැවතිලා විවේක ගන්නවා කියලා දැනෙන්නේ මෙහෙම තැනකට ආවම. මෙහෙම හිත නිවන තැනකට හිත විතරක් නෙවෙයි මුළු ශරීරයම නිවන්න පුළුවන්.




    පහුගිය දවස් ටිකේ ජීවිතේ මොන මොන දේවල් වුනාද. සුන්දර දේවල් අසුන්දර දේවල්. ඒ හැමදේම මතක් වුනා. දෙනියායේ එන්සල් වත්තේ හරිම පාඩුවේ අහිංසක ජීවිතයක් ගතකරන පවුලේ අය, නැන්දලගේ ගෙදර අය, යාළුවෝ ටික, ජිත්මි,නෙත්මි හැමෝම කිසි ගැලපීමක් නැතුව මතක් වුණා. හිතට පුදුම සහනයක් දැනෙනකන් එතන හිටියා. හවස හතර විතර වෙනකම් කාලය නැවතිලා වගේ දැනුනා.

    ආයෙත් වෙරළ උද්‍යානෙට ආවට පස්සේ තමයි පියවි ලෝකෙට ආවා වගේ දැනුනේ. ඉරිදා නිවාඩු දවසේ මාතර වෙරළ බොහොම කාර්ය බහුල වෙනවා. ෆයිනස් ගස් හෙවණ යටින් මම පදික තීරුව දිගේ අරමුණක් නැතුව බ්‍රවුන්ස් කඳුවැටිය පැත්තට ඇවිදගෙන ගියා. අන්තිමට එක පාරටම හිතුනේ මයුර එකෙන් සුප් එකක් බිව්වොත් හොඳයි නේද කියලා. මට මේ මයුර එකේ සුප් එක පුරුදු කලේ අයියා තමයි. එදා ඉඳන් මේක අතාරින්නම බෑ.

    මයුර එකට ඇතුල් වෙද්දිම මට මතක් වුනේ එක සැරයක් ජේ.ආර්.පී සූරියප්පෙරුම මහත්තයා කියපු කතාවක්. එතුමා කියනවා මාතර හරහා යද්දි මයුර එකට ගොඩවෙලා මොනවාහරි සප්පායම් වෙලා ගියේ නැත්නම් එතුමට මාතර හරහා ගියා කියලාවත් දැනෙන්නේ නැති තරම්ලු. මාර කතා තමයි ඒවා. කොහොම වුනත් මයුර එකේ සෙනග අතරින් රිංගලා ගිහින් සුප් එකක් ඇණවුම් කරලා වාඩිවෙලා බලන් හිටියා.

    චිකන් සුප් එක රසවිඳිනකොට පිටිපස්සෙන් බොහොම හුරුපුරුදු කටහඬක් ඇහුණා.

    “මාර කේස් එක දිනූ...මම දන්නෑ මොනවා කරන්නද කියලා“

    ඒ හුරුපුරුදු කටඬ කිව්වා. ඒ එක්කම ඒ දිනූ කියලා ආමන්ත්‍රණය කරපු කෙනා උත්තර දුන්නා.

    “උඹ ඔච්චර හිතන්න එපා ජිත්මි...හැමදෙයක්ම හොඳින් විසඳෙන දවසක් තියනවනේ..උඹ ඒ දවස එනකන් ඉවසපන්“

    දැන්නම් සැකයක් නෑ.මගේ පිටිපස්සේ මේසේ ඉන්නේ අපේ අසල්වැසි ජිත්මි කුමාරිය සහ ඒකිගේ යාළුවෙක්. මේ ඉරිදා මුන් පන්ති යනවා කියලා මේවද කරන්නේ. නෑ සමහර විට පන්ති ඇරිලා යන ගමන් වෙන්න ඇති. දැන් පහටත් ලඟයිනේ. ඒත් ජිත්මි ඉන්නේ ලොකු ප්‍රශ්නෙක වගේ. කවදාවත් ගෙදරදි මේ වගේ බිඳුණු හඬකින් එයා කතාකරනවා මට ඇහිලා නෑ. යාළුවත් කතාකරේ හිත හැදෙන්න.

    “ඔව් දිනූ..මට වෙන කරන්න දෙයක් නෑ..එග්සෑම් එක ගැන විතරයි බලාපොරොත්තුවක් තියෙන්නේ..“

    ජිත්මි කිව්වේ බොහොම දිග සුසුමක් හෙලලා. එහෙම කියද්දිම මට ඉබේටම පිටිපස්ස බැලුනා. ජිත්මිත් ඒ වෙලාවෙම ඔලුව උස්සලා මගේ දිහා බලුවා. එයා පුදුම වෙලා වගේ මගේ දිහා බලන් හිටියා තත්පර ගානක් පස්සේ එහෙම්ම බිම බලාගත්තා. විනාඩියකින් විතර සුප් බීලා ඉවර කරපු ජිත්මි යාළුවත් එක්ක යන්න ගියා. ටිකක් යන්න ගියාම මම ඒ පැත්ත බැලුවා. එයාලගේ නිදහසට මම බාධා කලාදෝ කියලා හිතට මහ දුකක් දැනුනා. ඒත් මම එයාලට කරදර කලේ නෑනේද කියලා හිතම සාධාරණීකරණය කලා. මම හිතන්නේ ජිත්මි බයවුණා එයා කියපු දේවල් මට ඇහුණා කියලා.

    මමත් ඒ දේවල් අමතක කරන්න උත්සහ කරා. හිමින් හිමින් සුප් එක ඉවර කරලා යන්න පාරට බැස්සා.

    * * * * * * * * *

    රෑ වෙලා ඉස්තෝප්පුවට වෙලා අයියා එක්ක රට තොට ගැන කතා කර කර ඉඳලා සාලේ මැද්දෙන් යනකොට නැන්දයි අක්කයි මෙගා ටික පාස් කරනවා. අපරාදේ කියන්නේ නැන්දටම හරියන ලේලි. දෙන්නම නිකන් වතාවතක් කරනවා වගේ මෙගා ටෙලි නාට්‍ය ටිකනම් වරද්දන්නේ නැතුව බලනවා.

    මෙගා ටෙලියක අන්තිම හරිය බලලා නැන්දයි ලේලියි මරු ප්‍රකාශ කරනවා.

    “ඒක එහෙම වෙච්ච එක හොඳයි නේද දුවේ?“

    “ඔව් නැන්දේ නැත්නම් අර කොල්ලට යන කලදසාවක් තියෙයිද“

    “ඒකනේ..අර අම්මණ්ඩිත් වලියටමනේ ආවේ“

    “කොහොමෙන් කොහෙමහරි සේරම හොඳින් උනා“

    හරියට ගෙදර දෙයක් ගැන කතාවෙනවා වගේ තමයි. මේ විකාර බලාගෙන ඉන්න එකත් හරි සොමි වැඩක්. මම කාමරේට ආවේ ෆෝන් එක රින්ග් වෙන සද්දේ ඇහිලා. අතට අරන් බලද්දි සමීර...මේ යකා මොකද මේ රෑ..

    “හෙලෝ“

    “හෙලෝ මචං දිස්නක..හරි හුට්ටප්පරයයි බන්“

    “ඇයි මොකද?“

    “අර උඹලගේ අල්ලපු ගෙදර සුර දූතිකාව නෙත්මි...අද බැන්නනේ බන් මට පලු යන්න“

    “නෑ“

    “නෑ නෙවෙයි බං...මම අද දවල් රාහුල හංදියට ගියා ගජනායක එකට..එනකොට හෝල්ට් එකේදී මේකිට අහුවුණානේ..මාව දැක්කගමන් ඇවිත් බැණගෙන බැණගෙන ගියා බන්..ලස්සනම වැඩේ කියන්නේ මට වචනයක්වත් කියන්න දුන්නේ නෑ..ලෙසටම බැන්නා එදා ඇස් ගහපු එකට“

    “හොඳ වැඩේ තොට...ඕකටනේ දැඟලුවේ“

    “මම ඉතිහාසෙට එහෙම කෙල්ලෙක්ගෙන් බැණුම් අහලා නෑ බං දිස්නකයෝ...වහ කාලා ගඟේ පැනලා පීනලා කෝච්චියට බෙල්ල තියන්න හිතයි බං...“

    “ගුටි නොකා බේරුනා ඇති උඹ“

    “යකෝ බැනුම් ඇහුවා හරි ගුටි කෑවා හරි හිත හදාගන්න තිබ්බා...ඊට පස්සේ කියපු ඒවටනේ යකෝ බඩ බොක්ක දන්නේ“

    “ඇයි මොනවද කිව්වේ“

    “ඒකි කියපු...මට කණ පැලෙන්න එකක් නොදෙන්නේ අල්ලපු ගෙදර දිස්නක අයියගේ යාළුවෙක් නිසාලු..ඒ මනුස්සයට සලකලලු මට නොගහන්නේ..මම නිසා ඒ මනුස්සයටත් බනින්න උනාලු ඒකිට...යකෝ ඒ ටික කිව්වට වඩා හොඳයි කණ පැලුවනම්“

    “අන්න දැක්කනේ මස්සිනා..අපි යන තැන බබලවන කොල්ලෝ...තොපි අද ගුටි නොකා ඉන්නේ මම නිසා...දැක්කනේ“

    මම ආඩම්බරෙන් එහෙම කියද්දි සමීරයා නිකං ඒක පිලිගත්තා වගේ චර බර ගෑවා.

    “කොච්චර වුණත් ඒකි බනිනකොට හරි ලස්සනයි බන්...හරියට නිකං...උදාහරණයක් එන්නෙත් නෑ බං..මාර ලස්සනයි බං..බලං ඉන්න ආසයි...“

    “නොදකිං අලුගුත්තේරුවා“

    “නෑ බං...මට ඒකිගෙන් ජීවිත කාලෙම බැනුම් අහන්න ආසයි බන්“
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    හවස් වරුවක මිදුලට වෙලා නැන්දයි,අක්කයි පොඩි එකයි එක්ක දඟලා දඟලා ඉන්න වෙලාවක අල්ලපු ගෙදර වැට ගාවින් එබුනේ නෙත්මි. එයාගේ පුරුද්ද තමයි ඔය වැට ගාවින් හොට දාන එක.

    “ආ ඇන්ටි මොකද මේ ඥාති මුණුපුරෝ එක්ක චක්ගුඩු ගහනවද?“

    අපේ නැන්දත් ඉතින් නෙත්මිට වෙනස් වෙන්නේ වයසින් විතරයි මගේ හිතේ. කටේ නම් කිසිම අඩුවක් නෑ.

    “නෑ පොඩි දුවේ අපි මේ වල කජු ගහනවා“

    නෙත්මිට බකස් ගාලා හිනා ගියා. මගේ අතේ හිටපු පොඩි එකා අක්කගේ අතට දීලා මම නෙත්මි දිහා බැලුවා.ඒ ආපු සද්දයක් නිසා.

    “ෂ්...ෂ්...දිස්නක අයියේ...“

    “ඇයි මොකෝ“

    “පොඩ්ඩක් මෙහාට වර්තනය වෙනවකෝ“

    “ඒ මොකටද..අපෝ ඔයාගේ පලාතේ එන්න බයයි“

    “කිව්වම අහලා එනවා...පොඩි බඩ්ඩක් කියන්න“


    මම හිමීට වැටගාවට ගියා. නෙත්මි වැට උඩින් අත්දෙක තියාගෙන ලොකු කතාවකට සූදානම් වුනා.

    “මේ...අර ඔයාගේ අඹ යාළුවා..අර ඇස් දෙකේ ලෙඩක් තියන එකාට...මම කිව්වා හොඳ දෙකක්“

    “අහා...මට ආරංචියි...බොහොම වටින වැඩක් නංගි ඒකනම්“

    “ඒ මොකෝ ඒ...ඒවා මම දන්නේ නෑ...මිනිහට කන්දෙකේ ඇඟිලි ගහගන්න මම කිව්වා“

    “ඒක තමයි වැදගත් වැඩක් කිව්වේ...අපි කොච්චර කිව්වත් සමීරයගේ ඔය කෙල්ලන්ට විහිලු කිරිල්ල නවතින්නේ නෑ..දැන්නම් හරියාවි ලෙඩේ“

    “මේ ඒක නෙවෙයි...මම ඔයාටත් ලකුණු ටිකක් දැම්මා...ඒකට සලකනනවා හොඳේ අපිට“

    “අහා...ඒකත් එහෙමද...බලමුකෝ අපි“
    එහෙම කියලා අපි දෙන්නා ටිකක් කතාකරකර හිටියා. ඒ වෙනකොට නැන්දයි අක්කයි පොඩ්ඩයි ගේ ඇතුලට ගිහින් හිටියේ. මම ටිකක් විපරම් කරලා ආයෙත් නෙත්මි එක්ක කතා කලා.

    “මේ නංගි...ඔයාට මේ හොඳට සුහදව කතාකරන්න පුළුවන් කම තියෙද්දි මොකද අර ඔයාලගේ අක්කට එහෙම බැරි“

    “අහා...ඒකද ප්‍රශ්නේ..මේකනේ අයියේ ...අපේ තාත්තා හෙණ සයිලන්ට් චරිතයක්...අම්මා ටිකක් කටර් එක...මට අම්මගේ ගතිගුණ පිහිටලා තියනවා...අක්කට තාත්තගේ ගතිගුණ අඩුනැතුව තියනවා“

    “ඒකනම් සහතික ඇත්ත නංගි“

    “මේ අයියේ මම යන්නම් හොඳේ...මල් කඩන්න තියනවා..බායි“

    “බායි“


    * * * * * * * * * * *

    අඟහරුවාදා දවසක දික්වැල්ලේ පැත්තේ මුදලාලි කෙනෙක්ගේ ගනුදෙනුවක ප්‍රශ්නයක් විසඳන්න උදේ වරුවම වැය කලා. දවල් කෑමට කලින් යන්තම් ඒක ඉවර කරගත්තා. හොඳ හුස්මක් ගත්තෙත් කන වෙලාවේ තමයි. කාලා හවස ආයෙත් වැඩ කරන අතරේ කාර්යාලයේ සුළු සේවකයෙක් වෙච්ච සාලිය මගේ ලඟට ආවා.

    “දිස්නක මහත්තයා මුණගැහෙන්න කව්ද ඇවිත්“

    “මාව...මොකද ඩීල් එකක ප්‍රශ්නයක්ද?“

    “ඒකනම් හරියට දන්නේ නෑ...මම එලියෙන් ඉන්න කිව්වා කවුන්ටර් එක ලඟ“

    “හරි මම එන්නම් සාලිය“

    මම කරකර හිටපු වැඩේ නවත්තලා කවුන්ටර් එ ක ලඟට ගියා. එතන හිටියේ උස මහත අවුරුදු විසිපහක් විතර ඇති තරුණයෙක්. සාමාන්‍ය විදියට ඇඳලා හෙල්මට් එකක් අතේ තියාගෙන හිටියා.

    “මේ දිස්නක මහත්මයද?“

    “ඔව් මම දිස්නක තමයි...මොකක්ද මගෙන් කෙරෙන්න ඕන මහත්මයට“

    හීන් හිනාවක් මුහුණට ආවේශ කරගත්තු තරුණයා කතා කරන්න පටන් ගත්තා.

    “මට ඕන සහෝදරයත් එක්ක විනාඩි කීපයක් කතා කරන්න“

    “ඔව් කතා කරන්න“

    ටිකක් වටපිට බලපු තරුණයා ආයෙත් මගේ මූණ දිහා සෘජුව බැලුවා. ඒ මූණේ තිබුණේ කිසිම දේකට සැලෙන්නේ නැති පෞර්ශත්වයක්. ඒ සෘජු මුහුණේ බැල්ම දිහා එක දිගට බලාගෙන ඉන්නත් මට අමාරුවුණා. ඒ කොල්ලගේ ඉස්සරහ මෙච්චර අපහසුවක් මට දැනේනනේ ඇයි කියලා මටම තේරුණේ නෑ.

    “මෙතන බැහැ..නැද්ද වෙන නිස්කලංක තැනක්...නැත්නම් ටිකකට එලියට යමු“

    මේ වගේ වැඩකරන වෙලාවක එලියට යාම ආයතනික නීතිරීතිවලට පටහැනි නිසා වගේම මොකක්දෝ අනතුරක සේයාවක් දැනුන නිසා හිත ඒක ප්‍රතික්ෂේප කලා.

    “හරි...පස්ට් ෆ්ලෝ එකේ විසිටින් රූම් එකට යමු“

    “හොඳයි සහෝදරයා“

    මගේ පිටිපස්සෙන් ඔහු ඇවිදගෙන ආවා. මම අමුත්තන්ගේ කාමරය ඇරලා ඔහුට වාඩිවෙන්න කිව්වා. ඔහු වාඩිවෙලා ආයෙත් මගේ දිහා බැලුවා.

    “මම දිලූප...ගම කොප්පරාවත්ත..“

    “ඉතින්“

    “සිංහල භාෂාවෙන් කියනවනම් මඩිහේ ඉඳලා එන..දිස්නක සහෝදරයා පණ දාගෙන පදින ජිත්මිගේ අනාගත සහකාරයා මම“

    මගේ හිතේ කැකෑරෙමින් තිබුණු ප්‍රශ්න ගණනාකවකටම ඒ ප්‍රකාශයෙන් උත්තර ලැබුණා වගේම තවත් ප්‍රශ්න ගණනාවක් මතුවුණා.

    “මේ දිලූප සහෝදරයා...මට ඔයා කොහේ කෙනෙක් වුනත් කවුරු වුණත් ගැටළුවක් නෑ...ඒ වගේම මතක තියාගන්න තමන් ඉන්නේ වැරදි වැටහීමක...මට ජිත්මි පස්සේ යන්න කිසිම වුවමනාවක් නෑ“

    අතේ තිබුණු හෙල්මට් එක පැත්තකින් තියපු දිලූප මගේ දිහා ආයෙත් සෘජු විදියට බැලුවා.

    “සහෝදරයාගේ ක්‍රියාකලාපය ගැන මම හොඳට දැනුවත්...මම කියලා යන්න ආවේ එක දෙයයි...තමන්ගේ හිතේ මොන බලාපොරොත්තු තිබුණත් ජිත්මි මගේ...සහෝදරයා කරුණාකරලා එයාගෙන් ඈත්වෙලා ඉන්න“

    ඒ කතාවත් එක්ක මගේ ඇඟේ මස්පිඩු නලියන්න පටන් ගත්තා. අදාල නොවන දේකට මාව ගෑවෙද්දි නිදොස් වෙන්න තවදුරටත් උත්සහ කරලා වැඩක් නෑ කියලා තේරුනා..මුලින්ම මාතර කොල්ලෙක් විදියට කටින් සටන් කරන්න පටන් ගත්තා.

    “මේ සහෝදරයා...ජිත්මි තමන්ගේ අනාගත සහකාරිය නම් ඔච්චර එයා ගැන බය ඇයි..එයා තමුන්ට ආදරෙයි නම් කවුරු පැද්දත් ප්‍රශ්නයක් නෑනේ“

    මගේ කටේ සැර වැඩිවීම සහ කතාවේ අර්ථය යථාරූපී වීමත් එක්ක දිලූප ටික්ක සලිත වුණා. කියන්න දෙයක් නැති වුනා.

    “ඒ වගේම දිලූප සහෝදරයා මම දන්න විදියට ජිත්මි කාටවත් ආදරේ කරන්නේ නෑ...“

    ඒපාරනම් මම නොදන්න තැනකට හීයක් විද්දා. ප්‍රතිඵල දැනගන්නකම් මම නොඉවසිල්ලෙන් හිටියා.

    “හරි එයා මට තාම ආදරේ නොකරනවා වෙන්න පුළුවන්...ඒත් ලඟදිම ආදරේ කරාවි“

    අන්න හීය නියම තැනට වැදුනා. මම හිතුවා හරි මේ යකා තාම ජිත්මි පස්සෙන් යනවා විතරයි. ඒකයි කවුරුවත් එයාට ලංවෙනවට බය. බොරු චන්ඩි

    “එහෙනම් ඕනම කොල්ලෙක්ට එයාට ලංවෙන්න සාධාරණ අයිතියක් තියනවා“

    මම කිව්ව කතාවට දිලූපට යකා නැග්ගා.

    “ඒක එහෙමයි කියලා තමන්ට මම කියපු දේ අමතක කරන්න එපා...ජිත්ම අයිති මට...මට විතරයි“

    හිතේ තරහටත් එක්ක මට කටවහගෙන ඉන්න හිතෙන්නෙම නෑ.

    “එහෙම අයිතිවෙන්නේ කොහොමද...එයා මට කැමති වුනොත් එයා මගේ“

    “ඒකත් එහෙමද...හරි අපි බලමු ජිත්මි කාගේ වෙයිද කියලා...මරාගෙන මැරෙන්න වුනත් මම ලේස්තියි දිස්නක සහෝදරයා“

    තීරණාත්මක අවස්ථාවක විවාදයෙන් කීයටවත් පරාදවෙන්න මට හිතුනේ නෑ.

    “මමත් ඕනම දේකට සූදානම් සහෝදරයා...බොරු තර්ජනවලට බය කෙනෙක් නෙමෙයි මම...ඕන ඔට්ටුවක් මට දෙයක් ඕනනම් මම ඒක ගන්නවා“

    මගේ ප්‍රකාශයට දිලූප සලිත වුනා.ඒත් ඒක මූණෙන් නොපෙන්නා ඉන්න උත්සහ කලා.

    “හරි මමත් ඕන ඔට්ටවකට සූදානම්...මාස තුනක් ඇතුලත ජිත්මි මගේ කරගෙන පෙන්නනවා මම සහෝදරයට“

    අධික තරහා පාලනේ කරගෙන දිලූප කිව්වා.

    “මමත් ඕනම ඔට්ටුවකට සූදානම්“

    “හරි එහෙනම් රුපියල් ලක්ෂයක් ඔට්ටුයි...මම මාස තුනක් ඇතුලත ජිත්මි මගේ කරගන්නවා...හරිද“

    දැන්නම් ටිකක් මගේ හිත ගැස්සෙන ත ැනකටත් ආවා. හදිසියට කිව්වට මේ දේවල් තවමත් හීනයක් වගේ මට.

    “හරි මම ඔට්ටුව බාර ගන්නවා..හැබැයි ඔට්ටුව අදාල කාලයේ බලු වැඩ කරන්න බෑ...මැර බලය බෑ“

    “හරි ඒක එහෙම්මයි“

    “හරි ලක්ෂයක් ඔට්ටුයි“

    හැම දෙයක්ම විනාඩි ගාණක් ඇතුලත ඉවර වුනා. මීට විනාඩි ගාණකට කලින් හිටපු දිස්නක සම්පූර්ණයෙන් වෙනස් වුනා. හිතට කලින් කට ඉස්සර වුනා වගේ දැනුනත් අභියෝග මාතර කොල්ලන්ට අමුතු දේවල් නෙවෙයි කියලා හිත කිව්වා.