ආයෙමත් ආදරෙන්

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    හිතුවෙ නෑ මුණගැහෙයි කියල කවදාවත් ම
    කෙස් ගහක් දෙකක් පැහුන ට
    පරණ පෙම් පාටමයි ඇස්වල
    උඩු රැවුලකුත් වවල ඇත්තට
    මතකයි ඉස්කෝල කාලෙ
    තිබ්බ ආසව ඕකට
    කියන්නකො ඉතින් කොහොම ද ?
    නෝනට එහෙම

    ඇයි ඉතින් කඳුලු ඇස් වල
    ඔයා රට යනකොට
    බඩට මාස දෙකයි යන්තමට
    අම්ම ට අහු වුණා
    කනකොට අන්නාසි ගැට
    ඊට පස්සෙ මම හිටියෙ
    අම්පාරෙ ලොකු අම්මලගෙ ගෙදර
    හම්බ වෙනකොට ම නැති උණා
    ඔයාගෙ ලේ උරුමෙ මට
    සමාව දෙන්න රත්තරන්
    මොනා කරන්න ද මම ?

    ඊටත් පස්සෙ ,
    කාලයක් උන්න අංගොඩ
    අම්මවත් ආවෙ නෑ බලන්න
    එහෙන් පැනල යනකොටයි
    හම්බ උනේ "මැඩම්"ව මට
    සලකපු තාලෙට හිතුනෙ ම නෑ
    රත්නෙ නපුරක් මට
    නාඳුනන මිනිහෙක් අතින්
    දෙවෙනි පාරටත් ගෑණියෙක් වෙනකොට
    යන්තම් විසි දෙකයි මට
    නාඩ ඉන්න ඔයා මොනා කරන්න ද
    මගෙ ම කරුමෙ ට

    ගෙදර ගියෙ නෑ ඉතිං
    ආයෙත් මම
    අම්මෝ! අවුරුදු විස්සකට කිට්ටුයි
    මේ වෙනකොට
    බිස්නසුත් නෑ දැන්නම් මට
    ඉඳල හිටල එන කස්ටමර් කෙනෙක් අරුනම
    වෙන වෙන බිස්නස් තමයි වැඩිපුර
    ඒත් රත්නෙ ,
    හීනෙකින් වත් හිතුවෙ නෑ
    ජීවිතෙ හම්බ වෙයි කියල
    හොටෙල් කාමරයක් ඇතුලෙ
    ආයෙමත් මට
    අනේ රත්තරන් ,
    ඔළුව උස්සල බලනව ද
    ඉස්සර වගේ ලස්සන නැද්ද මම
    එකම එක පාරක් අයෙත් කියනව ද
    ආදරෙයි කියල මට......