ආයෝජන අවස්තාවක්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ආයෝජන අවස්තාවක්

    මුලින්ම මේ ත්‍රේඩ් එක කියවලා ඉන්න. .
    http://www.elakiri.com/forum/showthread.php?t=1821543

    මම ඔය සම්බන්දව වයාපාර එක්ක කතාකරා. . එතනදි මගේ හිතවත් ශොප්ස් 3ක් එක්ක මාසෙකට ලක්ශ 150ක් දක්වා යාමේ හැකියාව තියෙනවා. .
    මගේ අදහසක් තියෙනවා මුලින් එකකට ලක්ශ 20 ගානේ ශොප්ස් 3ට ලක්ශ 60ක් දීලා වැඩේ පටන් ගන්න. .

    මම ඒගොල්ලොන්ට දෙන්නේ 3% නිවාඩු දින, පරක්කු දින අතැරියම 2.5% මට ලැබෙනවා. .
    මට ලැබෙන 2.5%න් 1.5% ආයෝජනය කරන අයට ලබාදෙන්න පුලුවන්. . ඒ කියන්නේ වාර්ශික පොලිය 18%ක්. .

    මේ වයාපාරය තාම ආරම්බක අවදියේ තියෙන්නේ. . සම්බන්ද වෙන්න කැමති අය ඉන්නවනම් කියන්න. . කීපදෙනෙක් සම්බන්ද වෙනවනම් වැඩේ පටන් ගන්න පුලුවන්. .
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63

    mcn matath 2 lacks one check ekakata uba denawada.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,737
    113
    Gampaha
    මුදල් පොලියට දීලා සල්ලි හොයන විදි ගැන තියෙන ත්‍රේඩ්ස් කීපයක්ම තිබුනත් ඒ ත්‍රේඩ් වල සදහන් නොවන ක්‍රමයක් ගැනයි කියන්න හදන්නේ. .
    :lol::lol: පොළියට චෙක් මාරු කරන්නෙ ලංකාවෙ කොයි කාලෙක ඉඳන්ද. කොමර්ශල් ක්‍රෙඩිට් එකේ ඕක කොච්චර කරනවද බන්. පොළිය 3% ඕක කරන්න බෑ. ගම්පහ ඕක කරන අය 2107ක් රෙජිස්ටර් වෙලා ඉන්නව. රෙජිස්ටර් නැති අයත් දුසිම් ගනන් ඉන්නෙ. අඩුම පොළිය තමා දැනට 8%. ඕක 3% කරන්න පුලුවන් නම් මෙහේ මෙච්චර කම්පටිශන් එකක් තියෙද්දි මුන් ඕක කරන්නැතුව ඉන්නෙ නෑනෙ. :lol::lol:

    මම කියන ඒව බොරු කියල හිතෙනව නම් දිවුලපිටිය ප්‍රාදේශීය සභාවට ඇවිත් විස්තර ගන්න පුලුවන් ඕන කෙනෙකුට. දිවුලපිටිය හැම එකාම ඕක කරනව.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මුලින්ම මේ ත්‍රේඩ් එක කියවලා ඉන්න. .
    http://www.elakiri.com/forum/showthread.php?t=1821543

    මම ඔය සම්බන්දව වයාපාර එක්ක කතාකරා. . එතනදි මගේ හිතවත් ශොප්ස් 3ක් එක්ක මාසෙකට ලක්ශ 150ක් දක්වා යාමේ හැකියාව තියෙනවා. .
    මගේ අදහසක් තියෙනවා මුලින් එකකට ලක්ශ 20 ගානේ ශොප්ස් 3ට ලක්ශ 60ක් දීලා වැඩේ පටන් ගන්න. .

    මම ඒගොල්ලොන්ට දෙන්නේ 3% නිවාඩු දින, පරක්කු දින අතැරියම 2.5% මට ලැබෙනවා. .
    මට ලැබෙන 2.5%න් 1.5% ආයෝජනය කරන අයට ලබාදෙන්න පුලුවන්. . ඒ කියන්නේ වාර්ශික පොලිය 18%ක්. .

    මේ වයාපාරය තාම ආරම්බක අවදියේ තියෙන්නේ. . සම්බන්ද වෙන්න කැමති අය ඉන්නවනම් කියන්න. . කීපදෙනෙක් සම්බන්ද වෙනවනම් වැඩේ පටන් ගන්න පුලුවන්. .

    මොකක්ද සිකියුරිටි එක. ඉන්වෙස්මනට් එකක් විදිහටද ගන්නේ?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    තමන් වල පල්ලට යනව මදිවට අනික් උන්වත් අරන් පනිනව
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :lol::lol: පොළියට චෙක් මාරු කරන්නෙ ලංකාවෙ කොයි කාලෙක ඉඳන්ද. කොමර්ශල් ක්‍රෙඩිට් එකේ ඕක කොච්චර කරනවද බන්. පොළිය 3% ඕක කරන්න බෑ. ගම්පහ ඕක කරන අය 2107ක් රෙජිස්ටර් වෙලා ඉන්නව. රෙජිස්ටර් නැති අයත් දුසිම් ගනන් ඉන්නෙ. අඩුම පොළිය තමා දැනට 8%. ඕක 3% කරන්න පුලුවන් නම් මෙහේ මෙච්චර කම්පටිශන් එකක් තියෙද්දි මුන් ඕක කරන්නැතුව ඉන්නෙ නෑනෙ. :lol::lol:

    මම කියන ඒව බොරු කියල හිතෙනව නම් දිවුලපිටිය ප්‍රාදේශීය සභාවට ඇවිත් විස්තර ගන්න පුලුවන් ඕන කෙනෙකුට. දිවුලපිටිය හැම එකාම ඕක කරනව.

    ඔතන අදහස් කරලා තියෙන්නේ චෙක් සම්බන්දව එලකිරියේ ත්‍රේඩ් තිබ්බේ නෑ කියලා. .
    ගම්පහ පොලි ප්‍රතිශතය මොරටුවත් එක්ක සම්බන්ද වෙන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න. .

    ලංකාව වටේට චෙක් අරන් පොලියට දෙන එකක් නෙවෙයි කරන්නේ මොරටුවේ ෆර්නිචර් ශොප්ස් කීපයකට චෙක් මාරුකරලා දෙන එකයි කරන්නේ. .

    ගම්පහ 8%ට දෙනවා ඇති මන් ඒක දන්නේ නෑ. . ඒත් මෙහෙ දෙන්න පුලුවන් 3%ට. . ඒක තමා ගාන ඊට වඩා දෙන්න බෑ. .

    රිස්ක් එකක් නැතුවයි මන් මේ වැඩේ කරන්න හදන්නේ. . ලොකු ලොකු පොලී වලට ලොකු රිස්ක් අරන් මිනිස්සුන්වත් අමාරුවේ දාලා මමත් අමාරුවේ වැටෙන්න ඕනේ නෑ. . කරන්න පුලුවන්දේ කියලා තියෙන්නේ. .

    මන් මේ තෝරගෙන ඉන්න ශොප්ස් 3 පාරම්පරික ඒවා. . එකක වත්කම අවම කෝටි 5ක්. . අනිත්දේ මේ 3 දෙනා එක්කම මගේ නෑදැකමකුත් තියෙනවා. .
    දැන් මේ ශොප් වල චෙක් මාරු කරන්නේ පියන්ති කියන කෙනා (කලින් ත්‍රේඩ් එකේ එයා ගැන කිව්වා, මාසෙකට කෝටි 10කට වඩා චෙක් මෙයා මාරු කරනවා) මේ ශොප් 3 මාසෙකට ලක්ශ 150ක පියන්තිට යවන චෙක් තමයි මගේ පැත්තට ගන්න හදන්නේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මොකක්ද සිකියුරිටි එක. ඉන්වෙස්මනට් එකක් විදිහටද ගන්නේ?

    "ලෝයර් කෙනෙක් ලග ගිවිසුමක් ලබාදෙනවා. . ඔබ ලබාදෙන මුදලේ වටිනාකමට චෙක්පතක් ලබාදෙනවා ගිවිසුම් කාලය අවසානයේදි මුදල් + පොලිය ලබාගත හැකි ලෙස. .
    ගිවිසුම් කාලය මාස 6යි. . අයෝජනය කලහැකි අවම මුදල ලක්ශ 10යි. ."

    මට මේ වැඩේට අවම ලක්ශ 60ක් ඕනවෙන නිසා එලකිරියේ කීපදෙනෙක් සම්බන්ද කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. . එලකිරියේ මතයත් අරන් විනිවිද බාවයකින් කරන්නයි ඕනේ මුදල් ගනුදෙනුවක් නිසා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තමන් වල පල්ලට යනව මදිවට අනික් උන්වත් අරන් පනිනව

    මචන් පරන ඇරියස් නැතුව ත්‍රේඩ් එකට අදාලව කොතනක හෝ ප්‍රශ්නයක් තියෙනවනම් පහදලා දෙන එක වටිනවා. .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,737
    113
    Gampaha
    ඔතන අදහස් කරලා තියෙන්නේ චෙක් සම්බන්දව එලකිරියේ ත්‍රේඩ් තිබ්බේ නෑ කියලා. .
    ගම්පහ පොලි ප්‍රතිශතය මොරටුවත් එක්ක සම්බන්ද වෙන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න. .

    ලංකාව වටේට චෙක් අරන් පොලියට දෙන එකක් නෙවෙයි කරන්නේ මොරටුවේ ෆර්නිචර් ශොප්ස් කීපයකට චෙක් මාරුකරලා දෙන එකයි කරන්නේ. .

    ගම්පහ 8%ට දෙනවා ඇති මන් ඒක දන්නේ නෑ. . ඒත් මෙහෙ දෙන්න පුලුවන් 3%ට. . ඒක තමා ගාන ඊට වඩා දෙන්න බෑ. .

    රිස්ක් එකක් නැතුවයි මන් මේ වැඩේ කරන්න හදන්නේ. . ලොකු ලොකු පොලී වලට ලොකු රිස්ක් අරන් මිනිස්සුන්වත් අමාරුවේ දාලා මමත් අමාරුවේ වැටෙන්න ඕනේ නෑ. . කරන්න පුලුවන්දේ කියලා තියෙන්නේ. .

    මන් මේ තෝරගෙන ඉන්න ශොප්ස් 3 පාරම්පරික ඒවා. . එකක වත්කම අවම කෝටි 5ක්. . අනිත්දේ මේ 3 දෙනා එක්කම මගේ නෑදැකමකුත් තියෙනවා. .
    දැන් මේ ශොප් වල චෙක් මාරු කරන්නේ පියන්ති කියන කෙනා (කලින් ත්‍රේඩ් එකේ එයා ගැන කිව්වා, මාසෙකට කෝටි 10කට වඩා චෙක් මෙයා මාරු කරනවා) මේ ශොප් 3 මාසෙකට ලක්ශ 150ක පියන්තිට යවන චෙක් තමයි මගේ පැත්තට ගන්න හදන්නේ. .
    මෝඩ වෙන්න එපා බන්. චෙක් ගනුදෙනු වලට අපරාධ නඩුවක් දාන්න පුලුවන් උනත් චෙක් මාරු කරන්න එහෙම හැම එකාටම බෑ. ඒකට මහ බැංකුවේ ආයතනයක් විදියට රෙජිස්ටර් වෙන්න ඕනෙ. මූල්‍ය ආයතනයක් විදියට පොලියට ගනුදෙනු කරන්න පුලුවන් වෙන්න නම් ලක්ශ 100ක ඩිපෝසිට් එකක් දාන්න ඕනෙ. එහෙම නැතුව ප්‍රාදේශීය සභාවෙ නිකන් රෙජිස්ටර් උනාට ඒක නීතිමය පදනමක් නැහැ වෙන කෙනෙකුට ණයට දෙන්න පුලුවන් වෙන්න. එතකොට පොලු වැටිල නඩු දැන්මත් දිනන්න බෑ. අත්දැකීමෙන් කියන්නෙ.

    අන්න ඒ නිසයි පොළිය 8%, 15% වගේ ලොකු අගයක් තියෙන්නෙ. වැටෙන පොලු පියව ගන්න ලොකු පොළියකින් ගනුදෙනු කරල. නැතුව ඕවට නඩු කියන්න බැරි බව පොළියට දෙන එකත් දන්නව. අනිත් විශේශම දේ කෙනෙක් පොලු තියල ඌ උසාවියේ ඔප්පු කලොත් තමන්ට ගෙවන්න වත්කමක් නෑ කියල උසාවිය කියන්නෙ හම්බෙන විදියට ගෙවන්න කියල. එහෙම මිසක් ඔය නඩු වලට තමන්ගෙ දේපල විකුණල ගෙවපන් කියල තීන්දු දෙන්නෙ නෑ.

    නම්බර්ස් කවදාවත් බොරු කියන්නෙ නෑ. කෝටි 5ක් වතකමක් තියෙන මාසෙට ලක්ශ 100ක ගනුදෙනු කරන ආයතන වලට බැංකු උඩ පැනල ලෝන් දෙන්නෙ. වැඩි පොලියක් ගෙවන්න පුලුවන් එකාට පොලිය අඩු ලෝන් එක ගන්නෙ නැතුව වැඩි පොලියට චෙක් වලට යන්නෙ ඇයි කියල ගනන් හදල බලපන්.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    :lol::lol: පොළියට චෙක් මාරු කරන්නෙ ලංකාවෙ කොයි කාලෙක ඉඳන්ද. කොමර්ශල් ක්‍රෙඩිට් එකේ ඕක කොච්චර කරනවද බන්. පොළිය 3% ඕක කරන්න බෑ. ගම්පහ ඕක කරන අය 2107ක් රෙජිස්ටර් වෙලා ඉන්නව. රෙජිස්ටර් නැති අයත් දුසිම් ගනන් ඉන්නෙ. අඩුම පොළිය තමා දැනට 8%. ඕක 3% කරන්න පුලුවන් නම් මෙහේ මෙච්චර කම්පටිශන් එකක් තියෙද්දි මුන් ඕක කරන්නැතුව ඉන්නෙ නෑනෙ. :lol::lol:

    මම කියන ඒව බොරු කියල හිතෙනව නම් දිවුලපිටිය ප්‍රාදේශීය සභාවට ඇවිත් විස්තර ගන්න පුලුවන් ඕන කෙනෙකුට. දිවුලපිටිය හැම එකාම ඕක කරනව.

    ohhhh
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මෝඩ වෙන්න එපා බන්. චෙක් ගනුදෙනු වලට අපරාධ නඩුවක් දාන්න පුලුවන් උනත් චෙක් මාරු කරන්න එහෙම හැම එකාටම බෑ. ඒකට මහ බැංකුවේ ආයතනයක් විදියට රෙජිස්ටර් වෙන්න ඕනෙ. මූල්‍ය ආයතනයක් විදියට පොලියට ගනුදෙනු කරන්න පුලුවන් වෙන්න නම් ලක්ශ 100ක ඩිපෝසිට් එකක් දාන්න ඕනෙ. එහෙම නැතුව ප්‍රාදේශීය සභාවෙ නිකන් රෙජිස්ටර් උනාට ඒක නීතිමය පදනමක් නැහැ වෙන කෙනෙකුට ණයට දෙන්න පුලුවන් වෙන්න. එතකොට පොලු වැටිල නඩු දැන්මත් දිනන්න බෑ. අත්දැකීමෙන් කියන්නෙ.

    අන්න ඒ නිසයි පොළිය 8%, 15% වගේ ලොකු අගයක් තියෙන්නෙ. වැටෙන පොලු පියව ගන්න ලොකු පොළියකින් ගනුදෙනු කරල. නැතුව ඕවට නඩු කියන්න බැරි බව පොළියට දෙන එකත් දන්නව. අනිත් විශේශම දේ කෙනෙක් පොලු තියල ඌ උසාවියේ ඔප්පු කලොත් තමන්ට ගෙවන්න වත්කමක් නෑ කියල උසාවිය කියන්නෙ හම්බෙන විදියට ගෙවන්න කියල. එහෙම මිසක් ඔය නඩු වලට තමන්ගෙ දේපල විකුණල ගෙවපන් කියල තීන්දු දෙන්නෙ නෑ.

    නම්බර්ස් කවදාවත් බොරු කියන්නෙ නෑ. කෝටි 5ක් වතකමක් තියෙන මාසෙට ලක්ශ 100ක ගනුදෙනු කරන ආයතන වලට බැංකු උඩ පැනල ලෝන් දෙන්නෙ. වැඩි පොලියක් ගෙවන්න පුලුවන් එකාට පොලිය අඩු ලෝන් එක ගන්නෙ නැතුව වැඩි පොලියට චෙක් වලට යන්නෙ ඇයි කියල ගනන් හදල බලපන්.

    මම මේ ත්‍රේඩ් එක දාන්න කලින් කීප පාරක්ම හිතුවා මේක දැම්මට මෙහෙ බින්සස් එක වෙන විදිය කට්ටියට තේරෙයිද කියලා. .
    රිස්ක් එකක් නොගන්න ඕන නිසයි මෙච්චර හොයලා විශ්වාස අයවම සෙට් කරගත්තේ. .
    මන් කියන කට්ටිය පොලු තියලා නම්බුව නැතිකරගන්න අය නෙවෙයි මෙහෙ තත්වේ පිට කෙනෙක්ට තේරෙන්නේ නෑ. .
    උන්ට ලෝන් දෙනවා උන් ලෝන් දදා තවත් ශොප්ස් ගන්න එක කරන්නේ. .
    අනිත්දේ මෙතන සිස්ටම් එකක් තියෙනවා ලී බඩු ගන්න. . ශොප්ස් වඩුබාස්ලගෙන් ලීබඩු ගද්දි මාසේ, දෙකේ චෙක් දෙන්නේ. . උන් තමයි අපිලගට ඇවිත් චෙක් මාරුකරන් සල්ලි කරගන්නේ. .
    අනිත් එක ශොප් වල උන් ලෝන් අරගෙන 3% ගන්න වැඩ වලට සම්බන්ද වෙන්නේ නෑ. . උන්ට ඕවා පොඩි ගනන්. . "අහ් මෙන්න චෙක් එක ඔයා ගිහින් අපේ අම්මගෙන් මාරු කරගන්න" කියලා ඒ පොලියත් උන් ගන්නවා වගේ හිගන වැඩ උන් කරන්නෙ නෑ. .
    චෙක් මාරුකරන වෙනමම කොටසක් ඉන්නවා උන් බෙදාගෙන තියෙන ශොප්ස් කීපයක් තියෙනවා. . උනුත් චෙක් ගේන ගේන එකාට මාරු කරලා දෙන්නේ නෑ විශ්වාස ශොප් වල ඒවා විතරයි කරන්නේ. .

    මට හිතෙන විදියට එලකිරියත් එක්ක මේ වැඩේ කරන්න බෑ ප්‍රායෝගිකව කට්ටිය මේ ගැන දන්නේ නැති නිසා. .
    මගේ ඉඩමක් සේල් කරන්න දාලා තියෙන්නේ. . මන් ඒක සේල් කලාම වැඩේ පටන් ගන්නවා. .
    එතකොට මගේ වැඩේ ගැන මන් කට්ටියට අප්ඩේට් එකක් දෙන්නම්. .