[FONT="]බුදුරජාණන් වහන්සේ විසින් බෙදා දුන් දෙය.[/FONT]
[FONT="]වරෙක බුදුරජාණන් වහන්සේ කෝටිගාමයේ වැඩවසන කල්හි භික්ෂූන් අමතා මෙසේ වදාල සේක. [/FONT]
“[FONT="] මහණෙනි, චතුරාර්ය සත්‍ය නොදැනුමෙන් නොපිළවිඳුමින් මා විසිනිදු තොප විසිනිදු දිගු කලක් තිස්සේ සසර සැරිසැරිණි. කවර සතරක්ද යත්, [/FONT]
[FONT="]මහණෙනි දුක්ඛාර්ය සත්‍ය නොදැනීමෙන් නොපිළිවැදුමින් මෙසේ මා විසිනිදු තොප විසිනිදු සසර සැරිසැරිනි.
[/FONT] [FONT="]මහණෙනි දුක්ඛසමුදයාර්ය සත්‍ය නොදැනීමෙන් නොපිළිවැදුමින් මෙසේ මා විසිනිදු තොප විසිනිදු සසර සැරිසැරිනි.[/FONT]
[FONT="]මහණෙනි දුක්ඛනිරොධාර්ය සත්‍ය නොදැනීමෙන් නොපිළිවැදුමින් මෙසේ මා විසිනිදු තොප විසිනිදු සසර සැරිසැරිනි.[/FONT]
[FONT="]මහණෙනි දුක්ඛනිරෝධගාමිණීප්‍රතිපදා ආර්ය සත්‍ය නොදැනීමෙන් නොපිළිවැදුමින් මෙසේ මා විසිනිදු තොප විසිනිදු සසර සැරිසැරිනි.[/FONT]”
[FONT="] (කෝටිගාම සූත්‍රය-සං.නි. 5)[/FONT]
[FONT="]
මේ අනුව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්හි පදනම චතුරාර්ය සත්‍ය වන බව පෙනී යයි. තවදුරටත් උන් වහන්සේ මෙහිදී ප්‍රකාශ කරන ලද ආකාරයට,[/FONT]
“[FONT="] මහණෙනි ඒ මේ දුක්ඛාර්ය සත්‍ය දක්නා ලදි පිළිවිදුනා ලදි, දුක්ඛසමුදයාර්ය සත්‍ය දක්නා ලදි පිළිවිදුනා ලදි, දුක්ඛනිරෝධාර්ය සත්‍ය දක්නා ලදි පිළිවිදුනා ලදි, දුක්ඛනිරෝධගාමිණීප්‍රතිපදාර්ය සත්‍ය දක්නා ලදි පිළිවිදුනා ලදි. භවතෘෂ්ණාව සිඳින ලදුව තෘෂ්ණාවෙන් මිදුන ලදි. දැන් පුනර්භවයක් නැත.[/FONT] ”([FONT="] කෝටිගාම සූත්‍රය[/FONT] )
[FONT="]
බුදුරජාණන් වහන්සේ විසින් තෙවන ආර්ය සත්‍යය වන නිර්වාණය පසක් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍යය අපට උගන්වන ලදි. ඒ තුලින් නැවත නැවතත් ඉපදීම සම්පූර්ණයෙන්ම නැති කරනු ලැබිය හැකි අතර එනිසාම දුකද නැති කරනු ලැබිය හැක. නමුත් ඒ සඳහා සැපරිය යුතු අවශ්‍යතා සැපරිය යුතු වේ. එසේ නොවී දුක නැති කල නොහැක. ඒ බව උන්වහන්සේ විසින් කූටාගාර සූත්‍රයේදී දක්වා ඇත්තේ මෙසේය. [/FONT]
“[FONT="] මහණෙනි යමෙක් දුක්ඛාර්යසත්‍යය තතු සේ නුවණින් නොපිළවිඳ, දුක්ඛසමුදයාර්යසත්‍යය තතු සේ නුවණින් නොපිළවිඳ, දුක්ඛනිරෝධර්යසත්‍යය තතු සේ නුවණින් නොපිළවිඳ, දුක්ඛනිරෝධගාමිණිප්‍රතිදාර්යසත්‍යය තතු සේ නුවණින් නොපිළවිඳ මැනවින් දුක් කෙලවර කරන්නේ යයි කියන්නේද ඒ දේ කල නොහැක. මහණෙනි මම කුළුගෙයක යටභාගය නොකට උඩභාගය කරන්නේය යැයි කීවාට එය කල නොහැකි හෙයිනි.[/FONT]” ([FONT="]කූටාගාර සුත්‍රය-සං.නි. 5) [/FONT]
[FONT="]
මෙයින් පෙන්වා දෙන්නේ පළමු හා දෙවන ආර්ය සත්‍යය සම්පූර්ණයෙන්ම අවබෝධ කර නොගෙන අපට තෙවන ආර්ය සත්‍යය අවබෝධ කර ගත නොහැකි බවයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්ත වන්නාවූ සිව්වැනි ආර්ය සත්‍යය අවබෝධ කරගත හැක්කේ එවිට පමණකි. [/FONT]
[FONT="]
මෙම අවබෝධය ලඟා කරගැනීම සඳහා ඇති එකම මාර්ගය වන්නේ පළමුව සිව්වන ආර්ය සත්‍යය පුහුණු කිරීමයි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධාංගයෙන් සමන්විත වන්‍නාවූ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු කිරීමයි. [/FONT]
[FONT="]
භික්ෂුවකට සීලය ප්‍රාතිමෝක්ෂ වශයෙන් දත යුතු අතර ගිහියන්ට එය පංච සීලය හෝ අෂ්ට සීලය වේ. අපි අප තුල සීලය වඩද්දී, නිසි ලෙස වැඩීමේදී උපචාර සමාධි හා ධ්‍යාන උපදවා ගත හැක. එවිට ප්‍රඥාව වර්ධනය කිරීම සඳහා විදර්ශනා භාවනාවට යොමු විය හැක. විදර්ශනා භාවනාව තුලදී අන්තර්ගත වන්නේ පළමු හා දෙවන ආර්ය සත්‍යයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව අවබෝධ කිරීමයි. මේ ලෙස විදර්ශනාව නියම ආකාරයෙන් හා ගැඹුරින් පුහුණු කල විට පමණක් සතර වන ආර්ය සත්‍යයෙන් දක්වන ආර්ය අෂ්ටාංගික මාර්ගය හා බැඳුන සෝතාපත්ති, සකෘදාගාමී, අනාගාමී හා අර්හත් මාර්ගයන් ලබා ගත හැක්කේය. [/FONT]
[FONT="]
සාරාංශයක් ලෙස දක්වන්නේ නම් සතර වන ආර්ය සත්‍යයේ අරමුණ වන්නේ, පළමු හා දෙවන ආර්ය සත්‍යයන් සම්පූර්ණයෙන් අවබෝධ කරගත් පසුව අවබෝධ කරගත හැකි තෙවන ආර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට මග පෑදීමයි. [/FONT]
