ආර්ථික ශ්‍රේණිගත කිරීම් තවදුරටත් පහළට - ඉරාකයේ කොංගෝවේ මට්ටම වැටෙයි
ශ්‍රී ලංකාවේ ආර්ථික ශ්‍රේණිගත කිරීම් තවදුරටත් පහළ දැමීමට ජාත්‍යන්තර මූඩීස් ඉන්වෙස්ටර්ස් සර්විස් ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාව රැඳී සිටි B2 මට්ටමේ සිට CA1 මට්ටම දක්වා පහත දමා තිබේ.
ශ්‍රී ලංකාව වර්තමානයේදී අත්පත් කරගෙන ඇති මන්දගාමී ආර්ථික ප්‍රතිසංස්කරණ, අයවැය හිගය, දුර්වල ආර්ථික ක්‍රියාකාරීත්වය වැනි සාධක මේ සඳහා හේතු වී ඇති බවයි එම ආයතනය පවසන්නේ.
ශ්‍රී ලංකාව සමග CA1 මට්ටමේ සිටින රටවල් කිහිපයක් වන්නේ ඉරාකය, කොංගෝව, මාලි, ගැබොන්, බාබොඩස්, ඇංගෝලා වැනි රාජ්‍යයන්ය.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසන්නේ මතුව ඇති තත්වය හමුවේ ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා එක්ව මෙම අර්බුදයට මුහුණදීමට සිදුවන බවයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනකට ශ්‍රී ලංකාව ඇතුළත් කර ගැනීම අනිවාර්ය වන බවත් එසේ නොවුවහොත් තවදුරටත් ආනයන තහනම් කිරීම නොවැලැක්විය හැකි වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මතුව ඇති තත්වය හමුවේ විදෙස් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමද දුෂ්කර වනු ඇති බව ඔහු පවසනවා.
මේ අතර මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙම ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම පුදුමයට කරුණක් මෙන්ම බලාපොරොත්තු සුන්වීමක් ලෙස සැලකිය හැකි බවයි.
https://www.lankanewsweb.net/sinhal...්-තවදුරටත්-පහළට---ඉරාකයේ-කොංගෝවේ-මට්ටම-වැටෙයි

up
එකෙක් මැරෙන්න හැදුවා ලංකාවත් එක්ක ගැම්මට ඉන්න රටවල් ටික බලපන් කිව්වම.

පර සුද්දෝ !