ආර්පිකෝ රථගාලේදී තරුණියක් දෙස බලා ස්වයං &#3520

Feb 15, 2016
532
109
0
ආර්පිකෝ රථගාලේදී තරුණියක් දෙස බලා ස්වයං &#3520

කාන්තා හිංසනය කියන්නේ මේ රටේ සුලභව සිදුවන සිදුවීමක්. බොහෝ කාන්තාවන් හිංසනයට ලක්වන්නේ පොදු ප්‍රවාහන සේවා වලදීය. විශේෂයෙන් කෝච්චියේ සහ බස්රථ වලදී නිතර මෙවැනි සිදුවීම් දැකගැනීමට හැකිවෙනවා. මේ අපි කියන්න යන්නේ පොඩ්ඩක් වෙනස් දෙයක්. එනම්, තම පෞද්ගලික වාහනයේ සිටින අවස්තාවක එක්තරා ත්‍රිරෝද රථ රියදුරෙකුගේ නොහොඹිනා හැසිරීම ගැන. මේ ඇය ගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනේ සිංහල පරිවර්තනයයි.

“අද උදේ මම අපේ අම්මා ආපිකෝ එකේ බඩු අරන් එනකං කාර්පාක් එකේ වාහනේ නවත්ගෙන හිටියා. මම දැක්කා එක මිනිහෙක් ටිකක් අමුතු විදිහට හැසිරෙනවා. ඒත් මං ලොකුවට හිතුවේ නැහැ මොකද මම හිටියේ ආපිකෝ එකේ පාකින්ග් එකේ නිසා. ඒත් මම වැරදි. මගේ වාහනයට එහා පැත්තේ නවත්තලා තිබුන වාහනය ගත්තහම මේ මනුස්සයා එයාගේ ත්‍රිවිල් එක ගෙනත් මගේ කාර් එකට එහායින් නැවැත්තුවා. මම මගේ ෆෝන් එක ඔබාගෙන හිටපු නිසා හොරෙන් වගේ ඔහු දිහා බැලුවේ. වුනේ මොකක්ද කියලා මං කියන්න ඕනේ නැහැ.

වීඩියෝ එක බලන ඕන කෙනෙක්ට ඒක තේරුම් ගන්න පුළුවන්. මුලින් මං හිතුවේ මං ඒක නොසලකා හිටියොත් ඒ මනුස්සයා යයි කියලා. ඒත් අයි කාන්තාවන් වන අපිම හැමවෙලේම පසුබසින්නේ ? මම එවලේම මගේ වාහනේ සවිකරලා තිබුණු කැමරාව අරුගේ පැත්තට හරවලා රෙකෝඩ් කරගත්තා. ඔහු එම සිද්ධිය දැක්ක ගමන් එකපාරටම එතනින් පිටව ගියා. මම එවෙලම අදාළ පුද්ගලයාගේ වාහනේ අංකය අරන් පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. “ ඔයාලා මෙහෙම ඇඳගෙන යන නිසයි මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ “ කියලා කියන අයට මේක හොඳ පාඩමක් වෙයි. අනවශ්‍ය විදිහට මිනිස්සුන්ට චෝදනා කරන එකෙන් බැහැර වෙන්න.

ඔයාලටම පේනවා මම හිටියේ වාහනේ ඇතුලේ. මං සංවර විදිහට ඇඳගෙන හිටියේ. මම මේක බලාපොරොත්තු වුනේ නැහැ. මම නෙවෙයි කිසිම කාන්තාවක් මෙවැනි සිද්ධියක් බලාපොරොත්තු වන්නේ නැහැ. මේ පාර මේ මිනිහා වැරදි කාන්තාව තමන්ගේ ගොදුර බවට පත්කරගැනීමට උත්සහ කරේ. කැමරාවක් වාහනේ සවිකරගෙන ගියපු කාන්තාවකටයි මෙදා පාර ඔහු ගොදුර කරගත්තේ. බොහෝ වෙලාවට අපේ කාන්තාවන් මේ සිද්ධි නිසා පොලිසියට යන්න බය වෙනවා.පැකිලෙනවා. මෙවැනි දෑ නොසලකා හරින්න එපා. කුමක් හරි කරන්න. හැමවෙලේම ඔබේ දුරකථනය අතේ තියාගෙන මෙවැනි සිදුවීමක් සිදුවෙනකොට රෙකෝඩ් කරන්න. ඒක පොලිසියට බාර දෙන්නේ. නැත්තම් අන්තර්ජාලයට මුදාහරින්න. ”

22554755_10155658294272177_7179570742421542424_n.jpg


22730500_10155658294287177_3544518257800470965_n.jpg


22788644_10155658294387177_5047319190713839819_n.jpg


මේ ඇය පළකර තිබු ෆේස්බුක් වීඩියෝව,


 
  • Like
Reactions: DangerMan119

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔය ඩෑල් ඒක මේ ත්‍රෙඩ් එකේම කමෙන්ට් කරලා තියෙනවා දැක්කාම "හුකෑස්" ගෑවුවනා.. පොර ඔය අන්දොස් වෙලා යන ප්‍රශ්න එහෙම අහලා නිතර ත්‍රෙඩ් දාන පොරක්. පුලුවන්නම් ගෙස් කරපල්ලා..:P
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔය ඩෑල් ඒක මේ ත්‍රෙඩ් එකේම කමෙන්ට් කරලා තියෙනවා දැක්කාම "හුකෑස්" ගෑවුවනා.. පොර ඔය අන්දොස් වෙලා යන ප්‍රශ්න එහෙම අහලා නිතර ත්‍රෙඩ් දාන පොරක්. පුලුවන්නම් ගෙස් කරපල්ලා..:P

    බෑ :lol::lol::lol:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඕක මානසික ලෙඩක්. අසහනය උපරිමයටම තියන එකෙක් උනත් ඔය වගේ පොදු තැනක ඔහොම කරන්නේ නැහැ . කාන්තා හිංසනය කියල ඕක ලොකුවට market කරන්න තරම් සුලබ සිද්ධියක් නෙමෙයි ඕක ඇත්තටම කරන්න ඕනේ මේ මනුස්සය හොයාගෙන මානසික වෛද්‍යවරයෙකුට යොමු කරන එක.
     
    • Like
    Reactions: AnuradhaRa